අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වසංගතය අස්සෙන් හිස ඔසවන අලුත් ලෙඩේ  – වසංගත විඩාව ( Pandemic Fatigue)

by editor
නොවැම්බර් 21, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ –

කොරෝනා කාලේ ගෙදරටම වෙලා ඉඳල ඇති වෙලා ද? නිතර අත් පිරිසිදු කරගැනීම කරදරයක් කියල හිතෙන්න පටන්ගෙන ද? සමාජ දුරස්ථභාවය පවත්වාගන්න එක, පිරිසක් එක්ක ගැවසෙන වෙලාවට මුව ආවරණ පළඳින එක තවත් නම් කරගෙන යන්න බෑ කියල දැනෙනව ද? ඕනෙ දෙයක් උනාවෙ කියල මෙතෙක් පවත්වාගෙන ආපු මේ සෞඛ්‍ය පුරුදු අතෑරල ඉස්සර වගේ ජීවත් වෙන්න තීරණය කරල ද? එහෙමනම් ඔබ දැනටමත් “වසංගත විඩාවේ”  නැතිනම් “Pandemic Fatigue” තත්වයේ ගොදුරක් වෙලා වෙන්න පුලුවන්. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ Pandemic Fatigue තත්වය හඳුන්වන්නේ “විසඳුමකින් තොරව දිගින් දිගටම ජන ජීවිතය අර්බුදයට පත්කරමින් පවතින ගැටලුවකට ඇතිවන ස්වභාවික ප්‍රතිචාරයක්” එහෙමත් නැතිනම් මේ වගේ වටපිටාවක බලාපොරොත්තු විය හැකි තත්වයක් විදියටයි. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අධෛර්යමත් බවක් පෙන්වීම, වසංගතය ගැන තොරතුරුවලට උනන්දුව අඩු වීම, තමන් රොගයෙන් ආරක්ෂිත කෙනෙක් බව සිතීම වගේම තමන් තනිවූ බවක්/ බලාපොරොත්තු විරහිත බවක් දැනීම වගේ දේවල් “වසංගත විඩාවේ” ලක්ෂණ විදියට හඳුනාගෙන තියෙනවා. අපි හැමෝගෙම ජීවිත අනතුරේ හෙලන, මේ අලුත් වසංගතයෙන් ගැලවෙන විදිය කතා කරන්න කලින් මෙහෙම වෙන්නෙ ඇයි කියල ටිකක් හොයා බලන එක වැදගත් වෙවි. 

2020 පටන්ගන්න කලින් අපි ගතකරපු ජීවිත මිට වඩා ගොඩක් වෙනස්. හිතුන විදියට ගමන් බිමන් ගියා. යාලුවො හිතවත්තු මුණගැහුනා. ප්‍රියා සාද/ උත්සව/මඟුල්/ අවමඟුල්  කැමති තරම් පිරිසක් එකතු කරගෙන පැවැත්වුවා. විශේෂ වෛද්‍ය උපදෙසක් ලැබිල තිබ්බෙ නැතිනම් මුහුණු ආවරණ පළඳින පුරුද්දක් තිබුනෙත් නෑ. කෑමක් බීමක් ගන්නකොට/ වැසිකිලි පාවිච්චිකලාම වගේ වෙලාවක හැර මෙහෙම නිතර නිතර අත් හෝදන සිරිතක් පොදුවෙ තිබුනෙත් නෑ. පොදු මගී ප්‍රවාහන සේවාවල මහ සෙනඟක් එක්ක යනකොට එනකොට කලබල උනේ පසුම්බියෙ ආරක්ෂාව සහ හරිම තැනින් බැහැගන්න එක වගේ කරුණු ගැන විතරයි. එකිනෙකා එක්ක අමුතුවෙන් පරතරයක් පවත්වාගන්න  උනන්දු වුනෙත් නෑ. ඉතින් ඒ ජීවන රටාව එකපාර උඩු යටිකුරු උනාම වැඩි දෙනක් ට ඒක දරාගන්න අපහසු වෙන එක පුදුමයක් නෙවෙයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යම්කිසි අලුත් / වෙනස් හැසිරීමක් ටික දවසකට පවත්වාගන්න එක බොහෝ දෙනෙක් ට ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. නමුත් මානවයෙකුගේ දිගින් දිගටම පවතින පුරුද්දක් නිර්මාණය කිරීම තරමක් දුෂ්කර වගේ ම පියවර ගණනාවක් හරහා ගමන් කල යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බව මේ සම්බන්ධව අධ්‍යයනය කරන විද්වතුන් බොහෝ දෙනෙක් එකඟවන කාරණයක්. කොවිඩ්-19 වසංගතය වගේ දිගින් දිගටම අපේ ශාරීරික/ මානසික සෞඛ්‍යයට වගේ ම ආර්ථිකයටත් තර්ජනය කරන, නිශ්චිත අවසානයක් පිළිබඳව හරියට ම කියන්නට අපහසු අභියෝගයක් එක්ක මේ තත්වය තවත් සංකීර්ණයි. කොහොම නමුත් දවසින් දවස විද්‍යාත්මකව තහවුරු වෙමින් තියෙන කාරණයක් එක්ක අපිට එකඟ වෙන්නම වෙනවා. ඒ තමයි දෑත් පිරිසිදු කිරීම, පුද්ගල දුරස්ථභාවය, නියම විදියට මුව ආවරණ පැළඳීම වගේ ම ගමන් බිමන් සීමා කරල නිවසේ ම රැඳෙන එක වගේ පුරුදු මේ වසංගතයෙන් අපිත් අපේ සමීපතමයනුත් ආරක්ෂා කරන බව. 

කොරෝනා වෛරසය එක්ක ගෙනියන සටනට දිගටම සමජයේ සහයෝගය ලබාගන්න වගකිමෙන් කොටසක් තියෙන්නේ රට රටවල්වල පාලකයින් අතේ.තමන් විසින් ගන්නා පියවර ජනතාවට තෙරුම් යන විදියට පැහැදිලි කිරීම, ඒ ක්‍රියාමාර්ගවල තර්කානුකූල පදනම සරලව තෙරුම් කර දීම, රැකියා සහ එදිනෙදා ජීවිතය පවත්වාගැනීමට සහය දීම, වැඩි අවදානමක් සහිත සහ අව වරප්‍රසාදිත කණ්ඩායම්  ගැන සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම වගෙම අඩු-දැනුමට එහා ගිය වෙනත් ගැටලු (උදා:- පිරිසිදු ජලය හිඟ වීම, දෑත් පිරිසිදුකාරක/මුහුණු ආවරණ වැනි දෑ සපයාගැනීමේ දුෂ්කරතා) නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න අපහසු නම් සුදුසු පියවර ගැනීම වගේ ක්‍රියාමාර්ග අඛණ්ඩ ජනතා සහයෝගයක් ලබාගන්න උදව් වෙනව.

වගකීමේ ඉතිරි කොටස පැවරෙන්නෙ පුරවැසියන් වෙන අපිට.තමන් ගැන, තමන්ගෙ සමීපතමයන් ගැන අවධානයෙන් ඉන්නවානම් අවදානම් හැසිරීම් වලට යොමුවෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්න පුලුවන්. මේ අලුත් සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම පවත්වගෙන යන්න අපිට පුලුවන් උනොත් තව ටික කාලෙකින් ම ලොකු ආයාසයක් නැතුව මේ “නව සාමාන්‍ය” ලොකයේ ජිවත් වෙන්න අපිට පුලුවන් වෙවි. කුඩා දරුවන් වගේ ම පවුලේ අනෙක් අය එක්කත් පුලුවන් තරමින් සමීප වෙන ගමන් තමන්ගෙ මානසික සුවය ගැනත් අමතක නොකර මේ අමාරු කාලය පහු කරගත්තොත් වසංගත කාලෙන් පස්සෙ ආපහු හැගිටින්න අපිට පුලුවන් වේවි.  පොඩි කාලෙ අපි අහපු , කිරි බාල්දියට වැටුන මැඬියො දෙන්නගෙ කතාවෙ උත්සාහවන්ත මැඬියා දිගින් දිගටම පීනල ජිවිතේ රැකගත්තා වගේ, අපිටත් වෙහෙස දරගෙන වැඩකරන්න කාලය ඇවිත්.ගැලවෙන්න වෙලාව එනකල් දිගටම උත්සහ කරනවද? එහෙම නැතිනම් සටන අතෑරල බාල්දිය පතුලෙ ගිලුණ ගෙම්බාගේ ඉරණම භාරගන්නව ද? තීරණය ඔබ අතේ. 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බෝගම්බර බන්ධනාගාරයෙන් පනින් ගොස් මිය ගිය අය ඇතුළු 3ක් කොවිඩ් ආසාදිතයන්….

Next Post

අපවත් වී වදාළ මහ නාහිමිට මැති සබේ ගෞරවය දීම ගැන  සජිත්ගෙන් ප්‍රශ්නයක්  

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.