සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

by editor
ජනවාරි 10, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

කොවිඩ් එන්නත පිළිබඳව රටේ මිනිස්සු බලාපොරොත්තු සහගතවය. සෞඛ්‍ය ඇමතිවරිය ජනතාවගෙන් අඩකට එන්නත ලබා දීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී  සහතික වූවාය. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළහොත් ඒ් ෆයිසර්ලා ගේ කොවිඩ් එන්නත සම්බන්ධවය.

වෛරසයක ජාන කේතයෙන් කොටසක් වෙන් කරගෙන නිෂ්පාදනය කරන,  RNA  ගණයට අයත් මේ නව එන්නත් පිළිබඳ ලෝකය පුරා ඇති වී තිබෙන්නේ බරපතල විසංවාදයකි. ජාන විකෘතියකින් නිපදවන මෙම එන්නත මානව සංහතියටම කරන කරන මහා ව්‍යසනයක් බව ප්‍රකාශ කරන්න මානව වාදී බලවේග ලෝකය පුරා මතුවෙමින් ඇත. ලොව පුරා සිටින විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වත්හු මේ සම්බන්ධව ඵලදායී සංවාද නිර්මාණය කරති.

එහෙත් අපේ රටේ   විද්වතෙක් යැයි ප්‍රකාශිත එක වෘත්තිකයෙක්වත් ඒ ගැඹුරු සංවාදයට එක් වී නැත. අඩුම තරමින් මේ එන්නත අපට ප්‍රායෝගිකව ගැලපෙනු ඇතිද නැද්ද යන්න පිළිබඳ වචනයක් කතාකර නැත.

මේ කෙටි ලිපියේ අරමුණ අතිශය සරල ලෙස වහරන ‌මේ රටට එන්නත්‌ ගෙන්වීම හා  ජන සමාජය එන්නත්කරණය කිරීම පිළිබඳ යථාර්ථය  විමසා ලැබීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එන්නත් ගෙනාවත්?

මේ මොහොත වනතුරු අප එන්නතක් ලබා ගන්නා රටක් ගැන එහි ඵලදායීතාවයන් ගැන එහි පිරිවැය ගැන නිශ්චිත තක්සේරුවක නැත. මේ වනවිට සියයට 95කට වඩා ඵලදායීතාවත් ඇති ව කියන   කියන එන්නත් ගණනාවක්ම නිපදවා වී ඇත.   ඒවායින් බොහොමයක්  එන්නත් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සිදු කළ යුතු වන්නේ සෙල්සියස් අංශක ඍණ 70 – 80 වැනි අධි ශීත තත්වයන් තුළය.  මෙම එන්නත්වල මිල පිළිබඳව අදහසක් පළ කළ මහාචාර්යවරියක සුගියදා පැවසුවේ ඒවායේ මිල පරාසය රුපියල් හාර දහසත් දොළොස් දහසත් අතර රැඳෙන බවය. මේ එම එන්නත් ගබඩා කිරීම්, ප්‍රවාහනය කිරීම් සඳහා වැයවන මිලට අමතරවය.

මෙම කොවිඩ් එන්නත් ප්‍රතිශක්තිකරණය ඇති කරන කාලය, ලබා ගත යුතු මාත්‍රාව, අඛණ්ඩව ලබා ගත යුතු ද නැති ද යන වගට වූ සහතිකය, අතුරු ආබාධවල ස්වභාවය, දීර්ඝ කාලීන අබාධ ඇතිවේ ද නැද්ද යන්න ලෝකයටත් අදහසක් නැත. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගට එන්නත් ගෙන්වීම සම්බන්ධීකරණ වගකීම පවරා හෙට එන්නත් නැවක් කොළඹ වරායට පැමිණෙන ආකාරයට අප කතා කරමින් සිටින්නේ මේ පරිසරය තුළය.

බොහෝ එන්නත් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සිදු කළ යුතු වන්නේ සෙල්සියස් අංශක ඍණ 70 – 80 වැනි අධි ශීත තත්වයන් තුළය

ලංකාවට කොවිඩ් එන්නත ඵලදායී ද

ඉහත සියලු අර්බුදයන් විසඳාගෙන අප අපේ රටට එන්නත රැගෙන ඒමට කටයුතු කරනවා නම් එය මොනතරම් දුරට ප්‍රායෝගික ද යන්න සම්බන්ධව මේ පිළිබඳ කටයුතු කරන වෘත්තිකයන්ට අවංක තක්සේරුවක් තිබිය යුතුය.

කොවිඩ් වෛරසය භීතියක් වන්නේ ලෝකයේ ප්‍රකට වුණු ප්‍රතිඵලත් සමගය. එය ආසාදනය වූ ප්‍රතිශතය වැඩි වූයේය. ඒ හේතුවෙන්ම ඉතාලිය ඇමරිකාව වැනි රටවල මහලු නිවාස ඇතුළු වැඩිහිටි ප්‍රජාව විෂයෙහි වේගවත් අහිතකර බලපෑමක් ඇති කළේය. මරණ ප්‍රමාණය වැඩි විය.

මේ වනවිට අපේ රට තුළ කොවිඩ් වෛරසය සමාජගත වී හමාරය. සමාජයෙන් රෝගීන් හමුවන්නට ආරම්භ වන විට එහි හඳුනා ගන්නා ප්‍රමාණයට වඩා දෙගුණයක්වත් අප්‍රකටව පැවතීම පිළිගත් සත්‍යයකි. මේ ලියන මොහොතවනවිට අප හඳුනාගෙන සිටින්නේ කොවිඩ් වෛරසය ආසාදිත වූවන් 44000කට මදක් වැඩි ප්‍රමාණයකි. ඉන් මරණ වාර්තා වන්නේ 229කි. සියයට දශම පහකට අඩු ප්‍රමාණයකි. මේ මිය ගිය රෝගීන්ගෙන් අතිශය බහුතරය නිධන්ගත රෝග සහිත වැඩිහිටියන්ය. නැතිනම් ඉතාම අසීරු රෝගී තත්වයන්ගෙන් පෙලුණු පිරිස්ය. එවැනි ගණනයක දී සැබෑ මරණ ප්‍රතිශතය දශම දෙකකට ආසන්න අගයකි.

ඇත්ත නම් ඉන්ෆ්ලුවන්සා වැනි වෛරස් පැතිරෙන සාමාන්‍ය අවස්ථාවක   මීට වඩා මරණ ප්‍රමාණයක් සිදුවන බවය. මේ සිදුවී ඇත්තේ සාමාන්‍ය වෛරස් උණක් පැතිරී යන අවස්ථාවක සිදුවන මරණ ප්‍රමාණය ය.

සමස්ථයක් ලෙස මේ වසංගතයට අප ඵලදායී ලෙස මුහුණ දෙමින් සිටිමු. ඒ අවස්ථා කළමනාකරණය කරගෙන සබුද්ධිකව පැවතීම වෙනුවට මේ අවස්ථාවේ රටේ ආර්ථිකයට දරා ගත නොහැකි එන්නතක්  ගෙන්වීම සඳහා සැලසුම් සකස් වෙමින් ඇත. අප ඉදිරියේ ඇත්තේ ඖෂධ සමාගම් හා කෙරෙන ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියකි.

වෛරසයක් පාලනය කිරීම සඳහා රටක ජනතාවගෙන් සියයට හැත්තෑවක් ඊට ප්‍රතිරෝධී විය යුතු ආකාරය හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය දා පැහැදිලි කළේය. එම ප්‍රතිශක්තිය ඇති විය යුත්තේ වෛරසය වැළඳී සුව වීමෙනි. නැතිනම් එන්නත් කරණයෙනි. මෙපමණ ප්‍රමාණයක් එන්නත් කරණ සැලසුම අඩුම තරමින් වසර තුනක් දක්වා දිවෙන්නක් වන ආකාරයත් ඔහු පෙන්වා දී තිබිණි. සබුද්ධිකව විමසීමට කරුණු ස්වල්පයක් පෙළ ගස්වමු.

  1. මේ වසර තුන තුළ වෛරස් ප්‍රභේද වෙනස් වීමේ නියත ඉඩක් පවතී. ඒ අනුව වෙනස් වෙනස් වෛරස් ප්‍රභේද සඳහා අනාගතයේ එන එන්නත් විද ගත යුතුය. එය සංසාරය වගේ දිග චක්‍රයක් වන ආකාරය තේරුම් ගත යුතුය.
  2. මූලික සැලසුම රටේ ජනතාවගෙන් සියයට විස්සක් සඳහා මූලික වටයේ එන්නත් රැගෙන ඒමය. එසේ නම් දැනට ඇති සැලසුම අනුව එහි ප්‍රමුඛත්වය සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල, කොවිඩ් රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසට හිමි වේ. මේ පිරිස අතරින් කොවිඩ් ජනතාවට බෝ කළ අය නැත. කොවිඩ් නිසා මිය ගිය අය නැත. එසේ නම් මුලින්ම මේ පිරිවැය දරනුයේ සමාජයට කොවිඩ් පැතිරුවේත් නැති, කොවිඩ් නිසා මිය ගියේත් නැති, මේ වෛරසය සමග ගනුදෙනු කිරීමේ විද්‍යාත්මක දැනුම සහිත අඩු බලපෑම් කණ්ඩායමක් වෙතය.
  3. එමෙන්ම එන්නතක් ලබා දුන් නිසා අනෙක් සෞඛ්‍ය වියදම් අඩු වන්නේත්  නැත. මුව ආවරණ පැළඳිය යුතුය. ආරක්ෂිත ඇඳුම් පැළඳිය යුතුය.  අත් වැසුම් පැළඳිය යුතුය. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරගත යුතුය. අනෙක මේ එන්නත ලබාදීමෙන් ජීවිත කාලයම ප්‍රතිශක්තිකරණය ලබා දිය නොහැකි නිසා නැවත නැවත එන්නත ලබා දිය යුතුය.
  4. යෝජිත ආකාරයට සියයට විස්සකට එන්නත ලබා දුන් සැනින් රටේ ආර්ථිකය සුපුරුදු රිද්මයට ලගා කර ගත නොහැකිය. කොවිඩ් පොකුරු නිර්මාණය වීම වැළැක්විය නොහැකිය.
  5. ලබා දෙන එන්නත මගින්  වෛරසය ආසාදනය වීම සහ එහි පැතිරීම පවා නතර වේද, නැතහොත් එම වෛරසය නිසා පුද්ගලයෙක් ගිලන් වීම පමණක් නතර වේද යන්න පිළිබඳව කිසිවෙක් දන්නේ නැත. මෙය විවිධ වයස් කාණ්ඩයන් සඳහා කෙතරම් ඵලදායී වේද යන්න පවා අප තවමත් දන්නේ නැත. ඩොලර් බිලියන ගණනින් ණය  වී කරන්නට හදන ව්‍යාපෘතිය අප තවම නොදන්නා දෙයකි.

කොවිඩ් වසංගතයට වඩා බරපතල ව්‍යසනයක් අප හමුවේ මැවෙන්නට නියමිතය. සඳුදා සිට රට විවෘත වන්නේ කිසිම සැලසුමක් ඇතිව නොවේ. සියලු දෙනා පෙර පරිදිම රාජකාරි සඳහා කැඳවා ඇත. මිලි මීටරයක පරතරයවත් නැතිව බස්වල කෝච්චිවල තෙරපෙමින් ගොස් රාජකාරිවලට වාර්තා කිරීමට මිනිසුන්ට සිදුවී තිබේ. ලබන මාස කීපය තුළ රට කොවිඩ් රෝහලක් බවට පත් වීමට නියමිතය. එන්නත් ගෙන්වීම සාධාරණීකරණය කරන්නට හදන්නේ මේ වටපිටාව තුළ නම් තූ නොදකින් කියනවා හැර වෙන යමක් කියන්නට නැත.

ඉදිරියේ දී ලෝකයට ණය වී ලබා ගැනීමට යන  සල්ලි කන්ද හා ඖෂධ සමාගම් සමග ඩීල්වලට සැරසී සිටින අශික්ෂිත ව්‍යාපාරත්, මේ මජර දේශපාලනයත් ජාතියක මරණය හමුවේ නිර්දය සූදුවකට සූදානම් වෙමින් ඇත. මේ රටේ කොන්දක් සහිත එක වෘත්තිකයෙක් ඉන්නවා නම්, මේ පොළොවට ආදරය කරන එකම එක විද්වතෙක් ඉන්නවා නම් රට මේ අගාධයට තල්ලු කරන අතාර්කික අපරාධයට ඉඩ දී මුනිවත රකින්නේ නැත. එහෙත් අප ජීවත් වන්නේ වීරයන් මරා දැමූ සමාජයකය.

කොත්තමල්ලි වතුර ටිකක් බී සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරගැනීමේ විනය සහිතව ජීවත් වීමේ වගකීම සහිතව රටක් ලෙස මේ සූදුවට එරෙහි වීම මේ රටේ පුරවැසියන් ලෙස පුද්ගලිකව අප සතු බව පමණක් වටහා ගත යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චරිත දෙකේ කතාවට ජනපති දැක්වූ ප්‍රතිචාරය ගැන හරීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Next Post

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන්න ගුවන් යානා පහක්

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.