සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රාගික මවගේ අනාචාරී හැසිරීම තරුණ පුතාගේ ජීවිතය පෝරකයෙන් කෙළවර කළ හැටි…

අම්මා කළ විනය ගැන විවෘත අධිකරණයේ දී පුතා හඬා වැටෙමින් කියයි...

by editor
සැප්තැම්බර් 14, 2023
in සමාජ
death
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සිද්ධිය අවුරුදු 08ක් පැරණිය.  සිය මව සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය අනියම් සැමියා  හමුවී එම ඇසුර නවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට   22 හැවිරිදි තරුණ පුතෙක් අදාල පුද්ගලයාගේ නිවසට ගියේය.  එහිදී මෙම අනියම් සැමියා සමග තරුණ පුතා බහින්බස් විය. තරුණයා අතේ තිබුණු හෙල්මට් එකෙන් මවගේ අනියම් සැමියාට පහර දුන්නේය. ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය.

ඒ තරුණ පුතාට ඊයේ මරණ දණ්ඩනය හිමි විය. ඒ වනවිට එහු 30 හැවිරිදි දෙදරු පියෙකි. තම මවගේ අනාචාරී හැසිරිම තමන්ගේ ඉරණම වෙනස් කළ ආකාරය ගැන විවෘත අධිකරණයේ හඬා වැටෙමින් ඔහු කළ කතාව උසාවියේ සිටි සියල්ලන්ගේම දෙනෙත් තෙත් කළේය.

ඒ සිදුවීම මෙසේය. 

වසර 08කට පෙර හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේදී හෙල්මට් එකකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ බවට චෝදනා ලද 30 හැවිරිදි දෙදරු පියෙකුට හම්බන්තොට මහාධිකරණය ඊයේ (13) සවස මරණීය දණ්ඩණය නියම කළේය. 

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ උඩමලල, හම්බන්තොට ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.සංජිව ගුණසේකර නැමති 30 හැවිරිදි දෙදරු පියෙකුටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චුදිත පුද්ගලයා සිය මවගේ අනියම් සැමියා බව කියන වැලිගත්ත, බඳගිරිය පදිංචි දෙදරු පියෙකු වු සැම්සන් වන්නිගම නැමති අය සමග 2015.04.03 වන දින ආරවුලක් ඇති කරගෙන තිබුණි. එම ආරවුල ඇතිව තිබුණේ චුදිත පුද්ගලයා තවත් ඥාති පුද්ගලයෙකු සමග මරණකරුගේ නිවසට ගොස් සිය මව සමග ඇති අනියම් සබධතාවය නවත්වන ලෙසට ඉල්ලීමක් කිරිමට ගොස් තිබු අවස්ථාවේදිය. 

එම අවස්ථාවේදී මරණකරු හා චුදිත පුද්ගලයා අතර බහින් බස්විමක් සිදුව ඇති අතර එය දුරදිග ගොස් චුදිත පුද්ගලයා විසින් ඔහු අතෙහි වු හෙල්මට් එකකින් මරණකරුට පහර දි තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබිණි.   පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණි. එහිදී හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී තුවාල කරු 2015.04.10 වන දින මියගියේය.

ඒ අනුව එම සිද්ධියට අදාලව ඒ වන විට 22 හැවිරිදි වියේ පසු වු චුදිත පුද්ගලයා හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිත පුද්ගලයාට හා ඔහු සමග එම අවස්ථාවට ගිය ඥාති පුද්ගලයාට එරෙහිව 2017.12.22 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වදර යටතේ අධිචෝදනා ගොනු කරන ලදි. 

එහිදී ඉදිරිපත් වු සියළු සාක්ෂි සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු වරයා පළමු චුදිත වු ඩබ්ලිව්.ඒ.ආර්.සංජීව නැමති අයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වි නොතිබීම හෙයින් පළමු චුදිත අදාල චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කෙරුණි.

දෙවන චුදිත වු ඩබ්ලිව්.සංජිව ගුණසේකර නැමති 30 හැවිරිදි පුද්ගලයාට එරෙහිව පැමිණිල්ල විසින් නගා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට පැමිණීල්ල සමත්ව තිබූ හෙයින් දෙවන චුදිත පුද්ගලයාට මහාධිකරණ විනිසුරු වරයා විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණි.

චුදිත පුද්ගලයාට මරණීය දණ්ඩනය නොපැමිණ විමට හේතු ඇත්නම් එය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලෙසට අධිකරණය චුදිත පුද්ගලයාට දැනුම් දුන් අවස්ථාවේ චුදිත පුද්ගලයා විවෘත අධිකරණයේ විත්ති කූඩුවේ සිට හඩා වැළපෙමින් කියා සිටියේ තමන්ගේ සිය මව පවත්වාගෙන ගිය අනියම් සබධතාවය නවත්වන ලෙසට ඉල්ලීමක් කිරිමට තමන් මරණකරු හමුවට ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිදුවිම සිදු වු බවත්,සිය මවගේ වැරිදි හැසිරිම් හේතුවෙන් අද තමන්ට මෙලෙස මරණීය දඩුවම හිමි වු බවත්ය.

අනතුරුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු වරයා තීන්දුව ප්‍රකාශ කල අතර, ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන දිනකදී, ස්ථානයකදී, වේලාවකදී චුදිත පුද්ගලයා බෙල්ලෙන් එල්ලා මරණයට පත්කරන තෙක් චුදිත පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට නියෝග කෙරුණි.

නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් වන අලියෙක් දුම්රියට බිලි… එකම ස්ථානයේ දි දවස් තුනක් තුළ බිලිගත් 02 වන අලියා…

Next Post

වර්ජනය නිම කළ දුම්රිය රියදුරන් සාමාන්‍ය පිරිදි සේවයට… හවස සිට දුම්රිය ධාවනය යථාවත් වෙයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.