බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රජ්ගම සුදු හාමුදුරුවන් මැරුවා ? මැරුණා ද?…

විද්‍යාත්මක සාක්ෂි එළඹුමකින් එන අවසන් නිගමනයකට පෙර නිවේදන ඔස්සේ චෝදනා එල්ල වන්නේ ඇයි?

by editor
දෙසැම්බර් 12, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද -ගාල්ල,  ජයකාන්ත ලියනගේ – බළපිටිය

රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ භූමදාන කටයතු ඊයේ (11) සවස රත්ගම, කිරිමැටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (10) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විණ. කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වර්ෂාහැන්නදි    විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදුන් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමටද පියවර ගෙන තිබුණි.  එම නිසාම මෙම ස්වාමින් වහන්සේගේ දේහය ආදාහනය නොකර භූමදානය කිරීමට පියවර ගෙන තිබුණි මේ තවමත් අභිරහසක්ව පවතින එම මරණය පිළිබඳ කෙරෙන විමසුමකි.

පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනය වු කලි   රත්ගම කළපුවේ  දුපතක පිහිටි පින්බිමකි. මෙම සේනසුනේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි පවා  වැඩසිටියහ.    අදටත් දෙස් විදේස් භික්ෂුන් වහන්සේලා  ත්‍රිපිටක  ධර්මය අධ්‍යයනය කරමින් මෙහි භාවනායෝගිව වැඩවසති. වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන පොල්ගස්දුව ආරණ්‍යය  ස්විස්ටර්ලන්ත ජාතිකයකු විසින් රන්පවුම් 75කට මිලදිගෙන  ඤාණාතිලෝක හිමියන් වෙත පුජාකොට ඇත්තේය. පොල්ගස්දුව  ආරණ්‍යයේ ආදි කර්තෘ වර්යානන් වහන්සේ ඥාණාතිලෝක හිමියන්ය. උන්වහයන්සේ ජර්මන් ජාතිකයෙකි.

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියෝ

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියෝ ද මෙම ආරණ්‍යයේ බවුන් වඩමින් උන්හ. ප්‍රදේශවාසීහු උන්වහන්සේට යැයි කීහ.    සුදු හාමුදුරුවන්  ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. උන්වහන්සේ     සැම දිනකම    හිමිදිරියේ ඔරුකඳක නැගි රත්ගම කළපුව වටා ඇති තොටුපෙළවල්වලට වැඩම කොට පිණ්ඩපාත චාරිකාවේ  නිරතවෙති. සුදු හාමුදුරුවෝ  පිඩුසිඟා වැඩිම සඳහා එක් තොටුපොළකට වැඩම කරන්නේ  සතියකට එක් දිනකි. උන්වහන්සේ සතියේ දින බෙදාගෙන තොටුපොළවල් වලට ගොස් පිඩු සිගා වඩිති .  තොටුපොළට වැඩම කරනතෙක් දායකයො ද පෙරමග බලති. උන්වහන්සේට සිංහල භාෂාව එතරම් කථාබස් කිරිමට නොහැකි වුවද   තෙරුවන් සරණයි. සුභ උදැසනක් වේවා  යනුවෙන් දායකයින්ට ආමන්ත්‍රණය කරති.

හිමිදිරියේම පිඩුසිගා වැඩිම සදහා වැඩම කරන  සුදුහාමුදුරුවෝ  උදෑසන හත අට පමණ වනවිට  නැවත තම භාවනා කුටියට වැඩම කරති. කළපුව ආසන්නයෙම උන්වහන්සේ වැඩසිටින භාවනා කුටිය පිහිටා ඇත්තේය. උන්වහන්සේ සිත දියුණුකරගැනිම සදහා  විවිධ භාවනාක්‍රම පිළිබද අධ්‍යයනය කරමින්  කටයුතු කරණ සිල්වත් හිමි නමක් බව කියැවිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නෙදර්ලන්තයේ ජනවංශ හිමියෝ

සුදුහාමුදරුවන්ගේ උපන් රට නෙදර්ලන්තයේය.  නෙදර්ලන්තයේ ජිනවංශ නමින් 19 හැවිරිදි වියේ දි එතුමෝ පැවිදි බිමට පිළිපන්හ.   ජිනවංශ සුදු හාමුදුරුවෝ පැවදි දිවියට පිවිසෙන්නෙත් ජිවිතයේ වැඩිකාලයක් භාවනායෝගිව වැඩ ඉන්නේත් තායිලන්තයේය.  ජිනවංශ සුදුහාමුදුරුවන්ට චතුරලෙස තායි භාෂාව කථා කළහැකිය.

ජිනවංශ සුදු හාමුදුරුවෝ 2007 වර්ෂයේ දි මෙරටට වැඩම කළහ.  මේ අතර උන්වහන්සේට පොල්ගස්දුව ආරණ්‍යසේනාසනය ගැන  දැන ගැනිමට ලැබුණි. 2011 වර්ෂයේ දි එතුමෝ පොල්ගස්දුව ආරණ්‍යයට වැඩම කළහ.

ජිනවංශ සුදුහාමුදුරුවෝ වසර 09කට අධික කාලයක්  මෙකි පිංබිමේ  බමුන් වඩමින් සිටියහ. උන්වහන්සේ ගත කරනු ලැබුවේ අල්පෙච්ඡ දිවිපෙවතකි.  උන්වහන්සේ සසර දවසේ වැඩිකාලයක් තම කුටියට වි භාවනායෝගව වැඩසිටියහ. එතුමන් අල්ප කතා ඇති හිමිනමකි. එතුමෝ  හුදකලාව දැඩි ලෙස ප්‍රියකළහ. එතුමන් අනික් කුටිවල වැඩවසන හිමිවරුන් පවා හමුවුයේ  විනය කර්මයන් සිදුකළ දිනවල හා පෝයදිනවල පමණි.

පිණ්ඩපාත චාරිකාව සදහා වැඩම කරණ ඇතැම් අවස්ථාවලදි උන්වහන්සේ අවට  විහාරස්ථානවල හිමිවරුන් සමග වචනයක් දෙකක් කථාකිරිමට ද අමතක  නොකළහ.   පිඩුසිගා වඩින අවස්ථාවකදි දායකයෙකු විසින් බිස්කට් පැකැට්ටුවක් පුජා කළවිට උන්වහන්සේ  බිස්කට් පැකැට්ටුවම ලබානොගෙන ඉන් බිස්කට් දෙන තුනක් ලබාගනිති. පිඩුසිගා වැඩිමට කළපුව හරහා ගමන් කිරිම සඳහා උන්වහන්සේට ඔරුකදක් තිබු  අතර ඒ ඔරුකඳ කුටිය අසල ගැටගසා තිබුණි.

ඔරුකඳ පාවෙයි.. සුදු හාමුදරුවන් අතුරුදන්

මිට දින දෙක තුනක සිට. උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ දි වැඩමකරණ ඔරුකඳ පොල්ගස්දුව ආරණ්‍යයට ආසන්නයෙන් ඇති පරක්කුදුව දුපත අසල පාවෙමින් තිබුණි.  සුදු හාමුදුරුවෝ පිහිනිමට දක්ෂහිමිනමකි. ඔරුකඳ ගසාගෙන ගොස් පාවෙමින් තිබෙන අවස්ථාවලදි උන්වහන්සේ  පිහිනා ගොස් ඔරුකඳ යලි භාවනා කුටිය අසලට රැගෙන විත් ගැටගසති. මේ  නිසා උන්වහන්සේ භාවනායෝගිව කුටිය තුළ වැඩවසන බවට අනිකුත් හිමිවරු විශ්වාස කළහ.

විනයකර්මයක් කරන අවස්ථාවකදි  ආරණ්‍යයේ භාවනායෝගිව වැඩවසන හිමිවරුන්  දැනුවත් කිරිමට කටයුතු කරති. ඒ අනුව  සුදු හාමුදුරුවන්ගේ කුටිය අසලට ගොස් උන්වහන්සේ දැනුවත් කිරිමට කටයුතු කළහ. එහෙත් උන්වහන්සේගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවිය.

මේ අතර සුදු හාමුදුරුවන්ගේ මෘත දේහය  පසුගිය අගහරුවාදා පරක්කුදුව දුපත අසල තිබි සොයාගනු ලැබිය. ඒ වනවිටත් උන්වන්සේගේ මෘතදේහය නරක් වි තිබුණි.   මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ලණුවකින් ගල්දෙකක් ගැට ගසා තිබු  අතර එක් පාදයක ගැට ගසා තිබු ගලක් ගැලවි ගොස් තිබුණි.

පාවෙමින් තිබූ සිරුර ගොඩට රැගෙන පැමිණි අවස්ථාව

අබිරහස් මරණය ගැන සේනාසනාධිපති හිමි  කී කතාව

සුදු හාමුදුරුවන්ගේ අභිරහස් මරණය පිළිබද මේ වනවිට  භික්ෂුසමාජය අතර මහත් කැලඹිමට හේතුවි  ඇත. පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනාධිපති  රජ්ගම විවෙකවිහාරි හිමියෝ මෙසේ පැවසූහ.

“ මට හිතාගන්න බැහැ මොකක්ද මේ  හාමුදුරුවන්ට වුනේ කියලා.   මේ සුදුහාමුදුරුවෝ  කුටියට වෙලා බණ භාවනාකරමින් විවේකිව ගතකළ හිමිනමක්. උන්වහන්සේ අපිට හමුවන්නේ පෝය දිනවලදි නැතිනම් විනයකර්මයක් සිදුකොට ආරෝචන කරන අවස්ථාවකදි පමණයි.

විදුලිය නැති ඇතැම් අවස්ථාවලදි උණුවතුර  රැගෙන යන්න  සංඝාවාසය වෙත වැඩම කරනවා. මේ හාමුදුරුවන්ගේ ඔරුව කළපුවේ පාවෙමින් තිබෙන බව මට දැන ගන්නට ලැබුනා. පසුව ආණ්‍යසේනාසනයේ ඉන්න ළමයෙකුට මා කිවා උන්වහන්සේගේ කුටිය වෙත ගොස් මේ ගැන දැනුම් දෙන්න කියලා. නමුත් උන්වහන්සේ ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. අපි හිතුවා උන්වහන්සේ එගොඩට  වැඩම කරන්න ඇති කියලා. පසුදින විනයකර්මයක් තිබුනා සිමාවේ. සිමාවට ගොස් අපි විනයකර්මය කළා. විනයකර්මය කළවිට ආරණ්‍යයේ වැඩවසන  භික්ෂුන්ට දන්වන්න  අවශ්‍යයි නේ. මේ සුදු හාමදුරුවන්ට විනයකර්මය ගැන දැන්විමටගිය විටදිත් කුටිය තුළ ඉදලා නැහැ.

ඔරුවේ ගැන සොයා බලනවිට එහි හබල තිබුනා. පසුව මේ ගැන මා රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් දැනුවත් කොට පැමිණිල්ලක් දැමිමට කටයුතු කළා. උන්වහන්සේ වැඩහිටපු කුටියේ  පාත්තරය  විසිවෙලා තිබුණා. පසුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ආවා. ඇවිත් උන්වහන්සේ වැඩසිටි කුටිය පරික්ෂා කළා.

සේනාසනාධිපති රජ්ගම විවෙකවිහාරි හිමියන්

පිණ්ඩාපාතය සඳහා උන්වහන්සේ අසල දුපතක පිහිටි හෝටලයක් වෙත වැඩම කරණවා. අපි ඒ  පොලිස් නිලධාරින් සමග එම ස්ථානයට ගිහින් සුදු හාමුදුරුවන් ගැන සොයා බැලුවා.  උන්වහන්සේ මිට දින තුනකට පෙර  පිණ්ඩපාතය සදහා වැඩම කර පිණ්ඩපාතය කරගෙන යලි බොට්ටුව වැඩම කරලා ආපසු හැරිලා ඇවිත්  කොරෝනාවල රෝග ලක්ෂණ  ඇසුවා කියලා හෝටලයේ මහත්තයා කිවා.

පසුව අපි සුදුහාමුදුරුවන්ගේ ඔරුව තියෙන තැනට ආවා. ඔරුව අසල උන්වහන්සේගේ දේහය පාවෙලා තිබෙනු දැක්කා. එක් පාදයක ගලක් ගැට ගසා තිබුනා. අනික් පාදයේ ගැට ගසා තිබු ගල ගැලවි තිබුනා. අත්දෙක ගුලිකරගෙන හිටියේ.

මා  වසරක් පාසා උන්වහන්සේගේ විසා බලපත්‍රය අත්සන් කරලා දුන්නා.  මේ සිද්ධියෙන් පසු  උන්වහන්සේගේ සමකාලින හිමිනමක් වන නෙදර්ලන්ත ජාතික අසාන්මේදි නෝ  හිමියන් ආරණ්‍යයට වැඩම කළා. උන්වහස්සේ අපේ හාමුදුරු කෙනෙක් සමග කිවා මිට වසර 20කට පෙර   මේ හාමුදුරුවන්  විශාදය නැමති  අසනිප තත්වයකින් පෙළුනා කියලා. එකත් අපි දැන ගත්තේ ඒ හාමුදුරුවන්ගෙන්“. රජ්ගම විවෙකවිහාරි හිමියන් කිහ.

මේ අතර නෙදර්ලන්ත ජාතික මෙම භික්ෂූන් වහන්සේගේ අපවත්වීම සියදිවි නසා ගැනීමක් බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ මහ නායක ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය තහවුරු වූ බවත් එහිදී එය සෘජුව ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබා දී තිබෙන බවත් උන් වහන්සේගේ නිවේදනය කරති. එසේ තිබියදී මෙය ඝාතනයක් බව හුවා දැක්වීමට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවටද ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියෝ සිය නිවේදනය මගින් ජනමාධ්‍ය ආයතන වෙතද බරපතල චෝදනාවක් කරති.

මැරුවා ද සිය දිවි හානි කරගත්තා ද?

සැබවින්ම මේ සුදු හාමුදුරුවන්ගේ මරණය සිදුවුයේ කෙසේද? උන්වහන්සේ දියේ ගිලි මිය ගියාද,? නැතිනම් කිසිවකු විසින් දියේ ගිල්වා මරණයට පත්කළාද යන්න පිළිබද  සොයා බැලිම සඳහා මේ වනවිට පුළුල් විමර්ශනයක්  ආරම්භකොට ඇත. සුදු හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය  ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි  විසින් සිදුකළාය. පශ්චාත් මරණ පරික්ෂණයකින් බලාපොරොත්තුවන්නේ මරණයට හේතුව සොයාගැනිමයි. පශ්චාත් මරණ පරික්ෂණයේ දි ලබා දි ඇත්තේ විවෘත තින්දුවකි. මෙකි සුදු හාමුදුරුවන්ගේ  මළ සිරුර හමුවි ඇත්තේ දින දෙකකට පසුව වන අතර මළ සිරුර සාමාන්‍ය වශයෙන් නරක් වි තිබු බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

සුදුහාමුදුරුවන්ගේ සිරුරේ අභ්‍යයන්තරයේ  තුවාල  නොතිබු බව ද  පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි  ඇත.  උන්වහන්සේ මියගිය ආකාරය පිළිබද සොයාගැනිම සදහා සිරුරේ ඉන්ද්‍රයන් හා අක්මාකොටස් මෙන්ම  රුධිර සාම්පල් රජයේ රසපරික්ෂක වරයා වෙත යොමුකිරිමට  කටයුතු කර ඇත. පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට පෙර පි.සි.ආර් පරික්ෂණයක් ද සිදුකොට ඇති අතර   උන්වහන්සේට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට අනාවරණය වි තිබේ.

පොලිස් පරීක්ෂණ

 

පොලිස් පරීක්ෂණ සිදුවමෙින් තිබුණු අයුරු

දකුණු දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා  විසින් මෙම මරණයේ සුලමුල සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙයින් එක් කණ්ඩායමක් රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා යටතේත් තවත් කණ්ඩායමත් ගාල්ල කොට්ඨාස භාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා යටතේත් යොදවා තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා  ප්‍රකාශ කළේය.

එයට අමතරව නියෝජ්‍යය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද කොළඹින් ගෙන්වාගෙන පරික්ෂණ ආරම්භකර තිබෙන බවද දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලය කියයි. ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම පරීක්ෂණ සදහා මැදිහත්ව තටයුතු කරන බව දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එයට අමතරව මෙම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩමකළ නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඝාතනයට ලක් වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචිමාර්ග සදහන් කළේය.

තවම උන්වහන්සේ අපවත් වූ ආකාරය සම්බන්ධව නිශ්චිත විද්‍යාත්මක නිගමකයකට එළඹී නැත. දීර්ඝ කාලීන විශාදයෙන් පෙළුණු බවට හිමි නමක් ප්‍රකාශ කර ඇතත් ඒ සඳහා වූ ප්‍රතිකාර විධි හා ඖෂධ භාවිතයන් පිළිබඳ පරීක්ෂණ කර නැත. මේ පෙළ ගැසුනේ ඝාතන සිද්ධියක් පිළිබඳව මුලින්ම සැක කළේ පොලිසිය ය. පොලිස් විමර්ශන දියතු වූයේ ඒ ඔස්සේය. තවමත් ඒ සැකය පොලිසියට තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි. ඒ පසුබිම තුළ රටේ ප්‍රභූ යැයි ප්‍රකට හිමිවරු මරණයට නිගමන දෙමින් නිවේදන නිකුත් කිරීම වෙනම විමසිය යුතුව තිබේ. එය තම තමන්ගේ විචාර බුද්ධිය ප්‍රකාරව මේ රටේ මිනිසුන් විසින් තෝරා ගත යුත්තකි.

අවසන් කටයුතු සිදුවෙමින් තිබුණු අයුරු
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිතයන් 27500 ඉක්මවයි… අද වාර්තා වන ප්‍රමාණය 762යි…

Next Post

රජයට අයත් ව්‍යාපාරවල ප්‍රචාරණ වියදම්වලට ජනපති සීමාවක් පනවයි  

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.