සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බිස්නස් මරු… අවුරුද්දේ සතුට කලින්ම ඉතිරෙන යාගොඩමුල්ල රසකැවිලි ගම්මානයට ගියෙමු!

by editor
අප්‍රේල් 11, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

බක් මාසය එළඹී ඇත්තේය. ඒ අපූරුව අලුත් අවුරුද්දක් පිළිබඳව සන් කරන්නේය. අතීතයේ මේ කාලය කැවුම් කොකිස් සුවඳින් හාත්පස පිරී යන අවධිය ය. එහෙත් ඒ මියුරු සුවඳ සහිත අපව අලුත් කරන හැඟීම දැන් අපේ ගෙවල්වලින් ඉවත් වී ගොස්ය. දැන් ඒ සුවඳ එන්නේ යාගොඩමුල්ල ගමෙනි. රටටම කැවිලි හදන පාරම්පරික කැවිලි ගම්මානය පිහිටා ඇත්තේ යාගොඩමුල්ලේය.

යාගොඩමුල්ල රසකැවිලි ගම්මානයට ඉතිහාසයක් තිබේ. මේ ගැමියන් රසකැවිලි කර්මාන්තය ප්‍රගුණ කරගෙන පවත්වාගෙන එන්නේ පරම්පාරවෙන්ය. ඔවුන්ගේ ප්‍රධානම ජීවිකාව වන්නේද රස කැවිලි නිෂ්පාදනයය. අවුරුදු කෑම මේසය රස ගන්වන්නට හැඩ කරන්නට වෙළඳපොළෙන් අප රැගෙන යන රස කැවිලි බොහෝමයක් යාගොඩ මුල්ල රස කැවිලි ගම්මානයේ පාරම්පරික රස කැවිලි නිපදවන්නන්ගේ දෑතින් හදපු ඒවා බව අප බොහෝ දෙනෙක් දන්නේ නැත.

ඒ ගම්මානය රටේ ආර්ථිකයේ සමාජ පරිසරයේ, වෙනස්කම් හොඳටම කියැවෙන මීටරයක් බඳු තැනකි. කොවිඩ් වකවානුව, බිඳවැටුණ ආර්ථිකය සහිත බංකොලොත් රට, රටම මළගෙයක් කළ පාස්කු ඛේදවාචකය ඇතුළු කැවිලි තබා බත් කන්නටත් එපා කළ වකවානුවක් දරාගෙන පැමිණි මිනිස්සු යාගොඩමුල්ලේ දී අපට මුණ ගැසේ.

අද මේ මිනිස්සු ඉන්නේ සතුටිනි. වසර ගණනකට පසු දෙයියන්නේ පිහිටෙන් ඔවුන්ගේ අතමිට සරු වී ඇත. මෙවර සිංහල අලුත් අවුරුදු සමය ආරම්භයේ සිටම රස කැවිලි අලවිය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව මිනුවන්ගොඩ යාගොඩ මුල්ල පාරම්පරික රස කැවිලි නිෂ්පාදකයෝ කියා සිටිති.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඉතා රසවත් මෙන්ම ගුණාත්මක බවින් යුතු රස කැවිලි යාගොඩමුල්ල රස කැවිලි ගම්මානයේ නිපදවන බව මේ ව්‍යාපාරයේ සිටින රටේම වෙළෙඳ ප්‍රජාව දනී. එමෙන්ම අවට මිනිස්සු ද දනිති. රට වටේ ව්‍යාපාරිකයින් මෙන්ම වැසියන් ද තොගයට මෙන්ම සිල්ලරට රස කැවිලි මිලදී ගන්නත් අවුරුදු කාලයට යාගොඩමුල්ල කැවිලි ගමට රොක් වන්නේ ඒ නිසාය.

දොදොල් ,මස්කට්, රුළං ,පොල් කේක්, කොණ්ඩා කැවුම්, අති රස, කොකිස්, මුං කැවුම්, ආස්මී, අග්ගලා, සවු දොදොල් ඇතුළු බොහෝ රස කැවිලි වර්ග යාගොඩ මුල්ල රස කැවිලි ගම්මානය තුළ තොග වශයෙන් නිපදවයි . මුළු වසර පුරාම ඔවුන්ගේ රස කැවිලි වලට ඉල්ලුමක් පැවතියද සිංහල අවුරුදු සමයේදී රස කැවිලි සඳහා පවතින අධික ඉල්ලුම නිසාම මෙම ගම්මානයේ රස කැවිලි නිෂ්පාදකයෝ ඉතා කාර්යබහුල වෙති . ඒ අසිරිය දකින්නට අපි යාගොඩමුල්ලට ගියෙමු.

“මහත්තයෝ මේ සැරේ නම් බිස්නස් නියමයි. හදපු කෑම සේරම ඉවරයි . අපි මේ ආයෙ කෑම හදනවා.” ගමට ඇතුළුවනවිටම අප පිළිගත් ගැමියෙක් කීවේය. කැවිලි වර්ග මිලදී ගන්නට වෙනත් වසරවලට වඩා විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව ඔහු කියන්නේ අමන්දානන්දයෙනි.

අපි එතැන් සිට එකින් එක නිවෙස් කරා ගියෙමු. සෑම නිවසක්ම පුංචි රසකැවිලි නිශ්පාදනාගාරයකි. දැන් අප සමග කතා කරන්නී ගීතිකා සඳමාලිය.
“මේ සැරේ සිංහල අවුරුද්දට අපේ බිස්නස් හොඳටම හොඳයි . අමුද්‍රව්‍ය වල මිල වැඩි වුණාට අපි මේ පාර රස කැවිලි වල මිල වැඩි කළේ නැහැ . පැරණි මිලටම දෙන්නේ . අපේ රස කැවිලි ගන්න තොග වෙළඳුන් වගේම සිල්ලර වෙළෙන්දොත් එනවා. අනෙකුත් පාරිභෝගික ජනතාවත් අඩුවක් නැතුව එනවා. විශේෂයෙන් සිංහල අවුරුදු කාලෙට නෑගම් යනකොට අරගෙන යන්න අපේ රස කැවිලි මිලදීගන්න ගොඩක් දෙනෙක් කැමතියි. ඒ නිසාම අපි හදන මස්කට්, රුලං, ගල් මස්කට් , වගේ රස කැවිලි වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව අවුරුදු කෑම මේසයට ගන්න රස කැවිලිවලටත් මේ කැවිලි වර්ග ගන්න නිසා මෙදා සැරේ අවුරුද්ද රස කැවිලි අලෙවිය අතින් අපට හොඳයි. ඇය කියන්නී සිනාසෙමිනි.

තවත් පාරම්පරික රස කැවිලි නිෂ්පාදකයෙකු වන පද්මසිරි වෙල්ලාලගේ ද කියන්නේ සතුටු හිතන කතාවකි.

“මෙදා බිස්නස් හොඳයි. බිස්නස් එච්චර හොඳ වෙයි කියලා අපි හිතුවේ නැහැ. නමුත් අපි හිතුවට වඩා හොඳයි. අපේ රස කැවිලි හොඳ අලෙවියක් තියෙනවා.”

“රස කැවිලි හදන්න ගන්න පොල්තෙල් පොල් මිල වැඩි වුණාට අපේ රස කැවිලි මිල වැඩි කරලා පාරිභෝගිකයන් රිදෙව්වේ නැහැ . මෙදා සැරේ සිංහල අවුරුද්දට වෙනත් වසරවල වගේම නෑගම් යනකොට අරගෙන යන්න පුළුවන් විදියේ රස කැවිලි අසුරන ලද විශේෂ රස කැවිලි බඳුන් පාරිභෝගිකයන්ට ඉතාමත්ම පහසුවෙන් මිලදී ගන්න පුළුවන් මිල ගණන්වලට අප සූදානම් කළා. ඒ සඳහා තොග සහ සිල්ලර වෙළඳුන්ගෙන් මෙන්ම අනෙකුත් පාරිභෝගික ජනතාවගෙන්ද විශාල ඉල්ලුමක් තියෙනවා. දැන් පවතින බිස්නස් ඉදිරි දින කීපයේදී තවත් වැඩිවෙන බව හොඳටම විශ්වාසයි.” ඔහු කියන්නේය.

රේණුකා කල්‍යාණි අප හඳුවන්නේ ශිල්පිනියක ලෙසය. ඇය පාරම්පරිකව කැවුම් ,කොකිස්, අතිරස ,ආස්මී, නිපදවීම අතින් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන යාගොඩමුල්ලේ සංකේතයක් බඳු තැනැත්තියකි.

“මෙදා සැරේ සිංහල අවුරුද්දට වෙනත් අවුරුදු වලට වඩා කැවිලි වර්ග වලට තියන ඉල්ලුම ගොඩක් වැඩියි ඒ. ඒ ඉල්ලුම ලබා දෙන්න බැරිවයි. මම අපහසුතාවයට පත්වෙලා ඉන්නේ.”

“මට ලැබෙන කැවිලි ඉල්ලුමට දවසකට කොණ්ඩ කැවුම් ආස්මි මුං කැවුම් කොකිස් කියන කැවිලි වර්ග විතරක් එක වර්ගයකින් දාහක් බැගින් අවශ්‍යයි . අද සිටින නව පරපුර මෙම කැවිලි වර්ග හදන්න දන්නේ නැති නිසාත් ඇතැම් අය කාර්යබහුල නිසාත් මෙම කැවිලි වර්ග අපෙන් මිලදී ගන්න බොහෝ ජනතාව පැමිණෙනවා.”

“මම හිතන්නේ වෙනත් වසර වලට වඩා මේ වසරේ ජනතාවට අවුරුද්ද ගොඩක් ජයයි වගේ කියලා. අපෙන් රස කැවිලි මිලදී ගන්න එන ජනතාව දැක්කහම අපිට එහෙම හිතෙනවා.” ඇය කියයි.

විජිතා වීරසිංහ කියන්නේත් බිස්නස් මරු බවය. ඇය පවසන පරිදි ඇය හදන නාරං කැවුම් කොණ්ඩා කැවුම් සහ මුං කැවුම් සඳහා විශාල ඉල්ලුමක් ඇත.

“අවුරුද්දට කලින් දවසේ ඉඳන් කේක් හදන්න පටන් ගන්නවා. කිසිම රස කැවිලි වර්ගයක හෝ කේක්වල මිල අපි වැඩි කළේ නැහැ.

එව්.ඩී. ඥානවතීත් කියන්නේ සතුටු හිතෙන කතාවකි. ඇය කියන්නී ඉල්ලුමට සරිලන සැපයුමක් කරගත නොහැකි අකරතැබ්බයක් ගැනය.

“කැවිලි ඉවරයි. දැන් අපි ආයෙ අලුතෙන් හදන්න පටන් ගත්තා . කොණ්ඩ කැවුම් අති රස මුං කැවුම් කොකිස් සඳහා ලොකු ඉල්ලුමක් තියෙනව‍ෙ. මිනිස්සු මේ කෑම සල්ලිවලට ගන්නේ අවුරුදු කෑම මේසෙට. අපි පුලුවන් උපරිම ප්‍රමිතියෙන් ඒ කෑම ටික දෙන්නෙ ඒ නිසා. මේව සද් භාවයෙන් කරන්න ඕන ව්‍යාපාර. නැතිනම් වස් වදිනවා වගේ වෙනවා. මම එක දෙයක් කියන්නම්. මිනිස්සු මේ සැරේ ඉන්නේ නම් ගොඩාක් සතුටින්…”

ඉරෝෂ් රණසිංහටත් සතුටුය. ඔහු කියන්නේ බිස්නස් නැගලා යන බවය.
“අවුරුදු බිස්නස් නියමයි . දොදොල් වර්ග මස්කට් වර්ග රුළං ඉතා හොඳින් අලෙවි වෙනවා . ඒ වගේම පොල් කේක් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. අප්‍රේල් මාස ලබන කොටම බිස්නස් හොඳ වුණා.” ඔහු කියන්නේ රටට හොඳ බවය.

එක දෙයක් පැහැදිලිව ඇත. මිනිසුන් මොකක්දෝ බැම්මකින් නිදහස් වූ සෙයකි. අවුරුදු කන්නට අතට මහා ලොකු මුදල් එකතු වී ඇතැයි අපට සිතෙන්නේ නැත. එහෙත් අවුරුදු කන්නට තරම් මානසික නිදහසක් මිනිස්සුන්ට ඇති වී තිබෙන බව නම් පෙනෙන්නේය. අප මුලින් කී පරිදි යාගොඩමුල්ල රසකැවිලි ගම්මානය සමාජ ආර්ථික හැසිරීම කියවිය හැකි මීටරයකි. ඒ මීටරය හොඳ අතට කැරකැවෙමින් කියන්නේ යම් පරිවර්තනයක් ගැන නොවේදැයි අසමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අධිකරණයෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලන තැනට පත් කළ දේශබන්දුගේ වියරුව!

Next Post

ආණ්ඩුවටත් කෙළවෙන අවදානමක් සහිතව විජේපාලගේ උපදේශක විකෘතිය නඩත්තු කරන්නේ ඇයි?…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.