සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගාල්ලේ වෘක වෙස් ගත් මෙඩිකල් රෙප් කල්ලියක්..

by editor
අගෝස්තු 28, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

  • රවටා ගෙන්නවාගෙන නිරුවත් කර ගස් බැඳ පහර දීලා…
  • පහර දුන් පිරිස අතර කාන්තාවන් 2ක්… එක් කාන්තාවක් පහර  කෑ අයගේ රන් මාලය පැහරගෙන..
  • පහර දීමෙන් පසු පොලිසියට පැමිණිලි නොකරන බවට මුද්දරයක් පිට අත්සන් අරගෙන…
  • මේ සියලු දෙනාම ඖෂධ ප්‍රවර්ධක නිලධාරීන්…

දකුණු පළාතේ ශෛල්‍ය හා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් බහුතරයකට ඖෂධ හදුන්වාදෙන නිලධාරියකු බද්දේගම, අගලිය ප්‍රදේශයේ නිවසකට සැලසුම් සහගතව ගෙන්වා නිරුවත් කර අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව බද්දේගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ පහරදීමේ සිද්ධිය වීඩියෝගත කළ මැරයන් එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 13 දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර තිබේ. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා බද්දේගම මහේස්ත්‍රාත් හරිත් පල්පොල  විසින් රුපියල් ලක්ෂය (1,00000/-) බැගින් ශරීර ඇප මත සහ අනෙක් සැකකරුවන් 11 දෙනා බද්දේගම පොලීසිය විසින් පොලිස් ඇපමත පසුගිය බ්‍රහස්පතින්දා (27) සහ බදාදා ((26) දිනයන්හි මුදාහැර තිබේ. සිද්ධියට අදාලව තව දුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මීට අදාල නඩුව 2020 නොවැම්බර් 03 වන දින නැවත කැඳවන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ඖෂධ හදුන්වාදීමේ නිරත 13 දෙනෙකි. ප්‍රහාරයට ලක්ව ඇත්තේ  බද්දේගම බටපොල, සාදමුල්ල ප්‍රදේශයේ   පදිංචි ජී තුෂාර ප්‍රසන්න පෙරේරා වික්‍රමසිංහ (28) නැමැති ඖෂධ ප්‍රවර්ධක නිලධාරියෙකි.   

පසුගිය 19 වන දා රාත්‍රි 9.00 ට පමණ ඔහුව රවටාගෙන ගෙන්වා මෙම අමානුෂික පහරදීම කර ඇත්තේ තවත් එවැනිම ඖෂධ ප්‍රවර්ධකයන් පිරිසකි. 

19 වන දින රාත්‍රි 8.40 ට පමණ බද්දේගම, අගලිය ප්‍රදේශයේ හඳුනන මිතුරකු බද්දේගමට පැමිණ සුහදව   තමන්   නිවසකට කැඳවාගෙන ගිය බවත් එම නිවසේ සැඟව සිටි ඹෟෂධ ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පිරිස සමඟ එක්ව අනතුරුව ඔහු පහර දීම කළ බවත් පහර කෑමට ලක් වූ අය විසින් බද්දේගම පොලීසියට ප්‍රකාශ කර තිබේ. පහර දීම සිදුකර ඇත්තේ මෙම පුද්ගලයාව අඩ නිරුවත් කිරීමෙන් අනතුරව ගසක බැඳ දමාය. පහර දීම වීඩියෝගත කර එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවා මෙම පුද්ගලයා නිවස හිමි අයගේ බිරිය සමග අනියම් සබඳතාවත් පවත්වා ඇතැයි අභූත චෝදනාවක් ද එල්ල කර ඇති බවත්, පහරදීමෙන් අනතුරුව තමන් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි නොකරන බවට හා රෝහල්ගත නොවන බවට සහතික කර ලියවිල්ලකට අත්සන් ගත් බවත් පහරකෑමට ලක් වූ අය පොලිසියට පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පහර දීමට පිරිමි පුද්ගලයින් 20 ක පමණ පිරිසක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වී තිබේ. එයින් එක් කාන්තාවක් තමන් පැළඳ සිටි පවුන් 04 ක් පමණ වන රන් මාලය පැහැර ගත් බවත් තවත් රුපියල් 25,000/- ක් පමණ වු මුදල් පසුම්බියේ තිබූ බවත් පහර කෑමට ලක් වූ තරුණයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

රන් මාලය පැහැර ගැනීමේ අවස්ථා ඇතුළු පහර දීමේ අවස්ථාවන්ගේ වීඩියෝ දර්ශන පොලිසියට ලැබී ඇත. ඒ පිළිබඳවත් විශේෂ විමර්ශනක් අරඹා ඇත.

පහර කෑමට ලක් වූ මෙම තරුණයා දකුණු පළාතේ ප්‍රධාන රෝහල්වල ශල්‍ය හා කායිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු සෙසු වෛද්‍යවරුන් සමඟ වෘත්තිය සම්බන්ධකම් පැවැත්විම මෙන්ම ඔහුගේ සේවා කාර්යක්ෂමතාවය මීට හේතු වී තිබේද යන්න තව දුරටත් පොලිස් පරික්ෂණ සිදු කරන බව බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු   අප කල විමසීමක දී ප්‍රකාශ කළේය.  .   මෙම තරුණයා මේ වන විට ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා එයින් පිටත්ව ගොස් ඇත.
“ මා පෞද්ගලික ඖෂධ ආයතනයක ඖෂධ හදුන්වාදීමේ නිලධාරියකු ලෙස වසර 09 කට අධික කාලයක සිට සේවය කරමින් සිටිනවා.   ඖෂධ ක්ෂේත්‍රයේම වැඩ කරන කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් තමයි මේ පහරදීම කළේ. පහර දුන්නට පස්සේ තවත් මේ රටේ වැඩ කරන්න හිතන්න එපා, උඹ ගත්ත කාර් එක විකුණල ඕන රටකට පලයන්…“ කියලා මට තර්ජනය කළා.    අවසානයේ සිද්ධිය පොලිසියට පැමිණිලි නොකරන බවට හා රෝහල් ගත නොවන බවට සහතික කරලා මුද්දරයක් පිට අත්සන් කරපු ලිපියක් ලබා ගත්තා.“
 
“මේක සැලසුම් සහගත පහර දීමක් . සැකකරුවන් 13 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇපමත මුදාහැර තිබෙනවා. මේ සියළු දෙනාම ඖෂධ හඳුන්වාදීමේ නිරත වන අයයි. පහර දුන්, මම හඳුනාගත් තවත් සැකකරුවන් 03 දෙනෙක් ඉන්නවා. ඒ පිලිබඳවත් මම බද්දේගම පොලීසියට දැනුම් දුන්නා. නමුත් ඔවුන් අත් අඩංගුවට ගෙන නැහැ. නොහඳුනන තවත් සිව් (04) දෙනෙක් ඉන්නවා. පහර දීමේ සිද්ධිය වීඩියෝ ගතකර සමාර ජාලා වෙත මුදාහැර තිබෙන්නේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවායි. ඒ සම්බන්ධයෙන් පවා පියවරකි අරන් නැහැ“  යනුවෙන්ද ප්‍රකාශ කළේය.

බද්දේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් දේශබන්දු  ගේ උපදෙස් මත පොලිස් පරික්ෂක දර්ශන,  පොලිස් කොස්තාපල් වරුන් වන වසන්ත (68179) සහ සඳකැලුම් (89380) ඇතුලු නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂයෙන් නොදරුවන් නෑ කියන මගේ සාමාජිකත්වය මෙන්න

Next Post

ළමා අපචාර චෝදනා ලද ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.