සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බඩගින්න…

by editor
ජූලි 4, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

බඩගින්න ඇවිලෙන සමාජයක මුලින්ම මැරෙන්නේ පරාර්ථය ය. මේ සමාජය පණ ගැහෙමින් තිබූ මානව ගුණය මේ මොහොත වනවිට මිය යමින් ඇති අයුරු දකිමු.  තමන්ගේ දරු පැටවුන්ට කන්නට යමක් දීමට නොහැකිව මහ මග හඬා වැටෙන තාත්තාලාගේ කඳුළු මාධ්‍යයේ මාර්කට් වෙමින් තිබේ. ඒ වියරු පීඩාවෙන්  සමාජය   වළක්වා ගත හැකි සාධනීය වැඩ පිළිවෙළක් තවමත් පෙනෙන තෙක් මානයේ නැත.

එවැනි සමාජය වටපිටාවක සතා සිව්පාවා ගැන ලියන්නට ඉඩක් ඉතිරි වන්නේ  නැත. එහෙත් අසරණ සතුන්ගේ කුසගින්න නිවා දීමට මහා සටනක් කරන පිරී ඉතිරිනෙ ලතෙත් බවින් යුතු ආදරණීය ගැහැණියක් දුටුවෙමු. ඇය රෝෂිණී ගුණරත්නය.  ඇය තැබූ සංවේදී සටහන උපුටා ගන්නේ අප විවිර නොකළ හැඟීම් පරාසයක ඇය සැරිසරන බැවිනි.

මේ මොහොතේ මිනිස්සුන්ට කන්න නෑ… මම ඒ ගැන හොඳටම දන්නවා

නමුත් රටට මේ වගේ අහේනියක් ඇති වෙයි කියලා කවදාවත් මම හිතුවේ නෑ.  ඒ නිසයි මේ පාර දමලා යන බලු පැටවුන්ට කෑම වේලක් දෙන්න මම ඉදිරිපත් වුණේ.  වසර ගානකට කලින් ගෙලිඔය ප්‍රදේශයට ගංවතුරක් ආවා.  ඒ වෙලාවෙ බැල්ලියෙක් පැටව් තුන්දෙනත් එක්ක අපේ ගේ මිදුලට ආවා. ඒ පැටවුන්ට රැකවරණයක් දෙන්න අපි ඉදිරිපත් වුණා. මේකෙ ආරම්භය එතන.

ඉන්පස්සෙ දාලා යන බලු පැටව් ගෙදරට ගේන්න මම පුරුදු වුණා. එහෙම කළේ වෙන මොනවත් නිසා නෙවෙයි, ඒ සත්තුන්ට රැකවරණයක් නැති නිසා. මහ පාරේ බල්ලෙක් නිකං ගියත් මිනිස්සු පුරුදු වෙලා හිටියේ ගලකින් ගහන්න… පයින් ගහන්න… නැත්නම් පොල්ලක් කඩාගෙන එලව එලව ගහන්න. මේවා දැක්කහම මට දරා ගන්න හරි අමාරුයි. සත්තු මිනිස්සු අතර තියෙන වෙනස අද මේ බොහොමයක් මිනිස්සු දන්නෙ නැහැ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සත්තුන්ටත් හොඳ දැනීමක් තියෙනවා. උන් දන්නවා ආදරේ කරන්නේ කවුද කන්න දෙන්නෙ කවුද ගහන්න බනින්න එළවන්නෙ කවුද කියලා. මේ සත්තු උනත් උන්ගේ උවමනාවට මේ ලෝකෙට බිහිවෙච්ච එවුන් නෙවෙයි. ඒ සතාගේ බඩ පිරෙන එක මට ලොකු සතුටක්.

මේ මෑතක් වෙන තුරුම මේ සත්තුන්ට කන්න දෙන එක මහ ලොකු දෙයක් වුනේ නැහැ.

අද වෙනකොට සත්තුන්ට තියා මනුස්සයෙකුටවත්  තුන් වෙල කාලා ඉන්න බෑ… බඩු මිල අහස උසට … කිරි ටිකක් බොන්න නෑ … හාල් ඇටයක් ගන්න විදිහක් නෑ… ඒත් මේ සත්තු බඩගින්නෙ තියන්නේ කොහොමද?. දැන් සේරම සුනඛයෝ 95ක් ඉන්නවා.

මම පදිංචි ගෙලිඔය.  දුරකථන අංකය 0763721226   දන්න හැමෝම වගේ මාව හොයාගෙන මට කතා කරනවා. ඒ කතා කරන්නේ සතෙක් වාහනයකට හැප්පිලා පාරේ වැටිලා හිටියොත්,  කවුරු හරි ගහලා කකුලක් කැඩිල හිටියොත්,   බලු පැටවු පාරේ දාලා ගිහින් තිබුනොත්,  වගේ කාරණා වලට තමයි..

ඒ වෙලාවට ඒ සතාව අරගෙන ඇවිල්ල ප්‍රතිකාර කරලා බලාගන්න මම පුරුදු වුණා. පුරුද්දක් විදිහට දිනපතාම උදේට හවසට මේ සතුන්ට කෑම වේලක් දුන්නා ඒත් දැන් මං අන්ත අසරණයි මේ සත්තුන්ට කෑම වේලක් දීගන්න මට විදිහක් නෑ හෝටල්වලින් ඉවත දාන දෙයක් වත් දැන් දෙන්නෙ නෑ.  මස් මාළු කඩවල් වලින් ඉවත දාන මාළු ටිකක් මස් කටු ටිකක්වත් දැන් දෙන්නේ නෑ…

පශු වෛද්‍යවරයෙකු ගේ සහායිකාවක් ලෙස  මා දැනට වැඩ කරනවා. ගැහැණු සත්තු වනධ්‍යකරණයට ලක් කරන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා සත පහක්වත් අය කරන්නේ නෑ.

මා ඔබෙන් කාරුණිකව යමක් ඉල්ලා හිටිනවා ඔබ සතෙකුට ආදරේ නැත්නම් සත්තු ඇති කරන්න එපා. ගැහැණු සතෙක් ඉන්නවා නම් අපට කතා කරලා සැත්කම කරගන්න. ඒ හැර ඒ සතාව පාරට ගිහින් අතාරින්න එපා.

හැකි කවුරුහරි ඉන්නවනම් මේ සත්තු ටික ට කෑම වේලක් දෙකක් දෙන්න මට උදව් කරන්න…

 

මම රෝෂිණී ගුණරත්න

Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

Next Post

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.