ලලිත් චාමින්ද –
භාණ්ඩ ආනයන ආයතන 89ක් විසින් 2019 වසරේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලය තුළ අවස්ථා 1014 දි දුඹුරු සිනි ගෙන්වා තිබු අතර ඉන් කිසිදු නිෂ්පාදකයකු ශ්‍රිලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි අනුකුලතා සහතිකයක් ලබාගෙන නොතිබු බවත්, විස්තරාත්මක නියදි පරික්ෂාවක් සිදුකර තිබුණේ අවස්ථා 49ක දී පමණක් බවත් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මින් තොගය පරික්ෂා කිරිමකින් තොරව විකිණිමට හෝ භාවිතයට ඉඩදෙනු ලබන අවස්ථා 04කටම අනුකුලනොවි දුඹුරු සිනි තොග ගෙන්වා තිබු අවස්ථා 31ක් වාර්තා වි තිබුණි.
එසේ ඇමරිකානු ඩොලර් 23,91,388.95ක් වටිනා සිනි මෙට්‍රික්ටොන් 6323.3ක දුඹුරු සිනි නියැදි පරික්ෂාවකින් තොරව නිදහස්කර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම 2019 ජනවාරි සිට 2021 ජුනි දක්වා නිෂ්පාදන ආයතන 36කින් අවස්ථා 1522කදි සන්නම් නාම 48ක් යටතේ ටින් මාළු ගෙන්වා තිබුණි. ඉන් නිෂ්පාදකයින් 05 දෙනෙකු සන්නම් නාම 20ක් සඳහා පමණක් ලියාපදිංචිවි තිබුණි.
ලියාපදිංචි නොවු අනික් ආයතන 31 යටතේ ද ඇමරිකානු ඩොලර් 92,205,253.54 වටිනා ටින්මාළු බහාළුම් 4,395,416 ගෙන්වනු ලැබුවද එම ටින් මාළු සදහා විස්තරාත්මක නියැදි පරික්ෂාවක් සිදුකර නොතිබුණි.
ආනයනින භාණ්ඩ වෙළදපොළට නිකුත් කරණු ලබන්නේ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය මතය.
ප්‍රමිති ආයතනයේ පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ වෙළඳපොළට නිකුත්නොවන බවට තහවුරුකරගැනිම අධික්ෂණය කිරිමට සුදුසු මාර්ගෝපදේශයක් හෝ ක්‍රමවේදයක් ආයතනය සතුව නොමැති බව නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ.