බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

භූ චලන නිසා වික්ටෝරියා ජලාශය එකවර සිඳී යාමේ අවදානමක

by editor
දෙසැම්බර් 12, 2020 - Updated on ඔක්තෝබර් 18, 2021
in පරිසරය
Share on FacebookShare on Twitter

සමන්ති වීරසේකර  –

  • වික්ටෝරියා ජලාශය තිබෙන්නේ දියවෙන සුළු හුණුගල් තට්ටුවක් මත.. එය අස්ථාවරයි

  • වික්ටෝරියා ජලාශය ඇතුළෙත් තැන තැන අවිධිමත් හුණුගල් වළවල් දාගෙන හුණු ගල් කඩනවා….

  • ජල බරට හුණුගල් පොලොවේ කුහර හැදෙන් පුළුවන්. ඒ කුහර නිසා එක වරම ජලාශය සිඳී යාවි

 

“මහවැලි කඩිනම් යෝජනා ක්‍රමය යටතේ විශාල ජලාශ ඉදි කරද්දී එම ජලාශ පිහිටි පොළොවේ භූ පිහිටීම ගැන නිසි ලෙස අධ්‍යයනය  කළ යුතුයි. නමුත් එවැනි අධ්‍යයනයක් නිසි ලෙස සිදු නොකොට කොත්මලේ රන්දෙණිගල වැනි කඳුකර ජලාශ නිර්මාණය කළා.  ශ්‍රී ලංකාව  පිහිටි පොළොවේ පමණක් කුඩා භූ පැළුම් 8000ක් පමණ තිබෙනවා. ජලාශ නිර්මාණය කර තිබෙන්නේ මේ පැලුම් මත. ඒවායේ සිදුවන කම්පන වෙනස්කම් නිසි ලෙස අවබෝධ කර ගත යුතුයි. ජලාශයේ ජලයෙහි බර වැඩි වන විට මේ පොළොවට දරා ගත නොහැකිව විවිධ ප්‍රශ්න එන්න පුළුවන්“

මෙය අප 1990 දශකයේ මුල් භාගයේදී  දී  ඇසූ කතාවකි. ඒ කාලයේ විදුසර පුවත් පතේ නිතර නිතර නම කියවෙන ශ්‍රි ලංකාවේ එවකට සිටි ‍ජ්‍යෙෂ්ඨතම භූ විද්‍යඥයකු වන මහාචාර්ය පී.ඩබ්ලිව් විතානගේ  මේ කරුණ බොහෝ වගකිව යුතු තැන්වල  ප්‍රකාශ කළේය. මට මතක හැටියට ඔහු මුලින්ම මේ බව ප්‍රකාශ කරන්නේ  වරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේදී පැවැති මහාචාර්ය ආනන්ද කුමාරස්වාමි අනුස්මරණ දේශනයේදීය.

මේ කතාව අපට යළි යළිත් මතක් වන්නේ පසුගිය දිනවල වික්ටෝරියා ජලාශය ආසන්නයේ පිහිටි ප්‍රදේශ කිහිපයක ගම්වල ජනතාවට පසුගිය මාස දෙකක පමණ කාලය තුළ කිහිප වතාවක්ම පොළොව යටින් අධික ශබ්දයක් සමඟ ගේ දොර සෙළවෙන තරමේ කම්පනයක අත්දැකීම අත් විඳින්නට සිදුවූ නිසාය. ඔවුන් අතරින් මේ පිළිබදව වැඩිම අත්දැකීමක් ඇති ජනතාවක් වෙසෙන්නේ දිගන අලුත්වත්ත ප්‍රදේශයේය. ඔවුන්  පවසන්නේ ඔවුන්ට දැනෙන ශබ්දය පොළොව යටින් ගුවන් යානයක් ගමන් කරනවා වැනි ශබ්දයකි. ඒ සමඟ ඇතැම් විට පිපිරුම් හඬක්ද ඇසී ඇති අතර ඇතැම් නිවාසවල ඉරිතැලීම් පවා සිදු වී තිබිණි.

වික්ටෝරියා ජලාශය ඉදි කළ කාලයේදී එහි භූ කම්පන මාන සවි කරන්නට කටයුතු කෙරුණේ  මහාචාර්ය විතානගේ වැනි භූ විද්‍යාඥයන් දිගින් දිගටම මේ අනතුර පෙන්වා දුන් නිසාය. ඒ අනුව මෙම ප්‍රදේශය ආවරණය වන ලෙස එවැනි මාපක 8ක් සවි කළද අද ඒවා නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නැත. එබැවින් අද සිදුවන්නේ  මෙම ප්‍රදේශයේ පොලොවෙන් ශබ්දයක් නිකුත් වූ පසුව කවුරුත් දින කිහිපයකට කලබල වී එයින් පසුව එය අමතක කර දැමීමය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Digana- Earthquakes
දිගන භූ කම්පනවල ප්‍රතිඵල ලෙස ඉරි තැලුණු නිවසක්… – ඡායාරූපය ශිරෝමි සමරකෝන්.
  • භූ කම්පන ඇති වුණු කෙන්ද්‍ර සොයා ගෙන

අද මහාචාර්ය විතානගේලා  නැතත් ඔවුන්ගේ පරපුරේ වර්තමාන නියෝජිනයක් වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නයෝද නිතර මේ භූ කම්පන පිළිබඳව අවධානය යොමු කරති. ඔහු ද පවසන්නේ  මෙම ප්‍රදේශයේ පොළොවේ අභ්‍යන්තරයේ කිහිප වරක් සිදුවූ කම්පන පල්ලේකැළේ පිහිටි භූ කම්පන මානයනට මෙන්ම ලෝකයේ  අති සංවේදී කම්පන මාපකයන්ට   සංවේදී වී ඇති බවය. මහාචාර්ය සේනාරත්න එහිදී තවත් වැදගත් අනාවරණයක් කළේය.  ඔහුගේම වචනවලින් ඔහු  පැවසුවේ මෙසේය.

“ පසුගිය දවස්වල දිගන ප්‍රදේශයේ සිදුවුණු කම්පන පැහැදිළිවම භූ කම්පන බව කියන්න පුළුවන්. ඒවා ඇත්තටම පොළොවේ කවර ප්‍රදේශකයදී ඇති වුණේද යන්න පවා මේ වනවිට විදේශ රටක සිට භූ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය හදාරන අපේ භූ විද්‍යාඥයන් කිහිප දෙනකු විසින් හඳුනාගනු ලැබ තිබෙනවා. ඔවුන් තම විශ්ව විද්‍යාලවල පවතින අති දියුණු තාක්ෂණයන් ඔස්සේ පසුගිය   කිහිප දිනක සිදුවූ මෙම භූ කම්පන වල කේන්ද්‍රය සොයා ගත්තා. මයිලපිටිය, හාරගම තලාතුඔය සහ කිවුල්ළිඳ ප්‍රදේශයේ පොලොව අභ්‍යන්තරයේ තමයි මෙම ශබ්දයට තුඩු දුන් භූ කම්පනවල අපිකේන්ද්‍රය පිහිටා තිබුණේ. මෙම ප්‍රදේශ ආශ්‍රිතව හටත් කම්පන අලුත්වත්ත, අඹකොටේ ඇතුළු ප්‍රදේශවවලට තදින් දැනී තිබෙනවා. “

මහචාර්ය අතුල සේනාරත්නයන් පවසන්නේ මේ තත්ත්වය කලක පටන් පැවතුණත් මෙවර කෙටි කලක් තුළ කිහිප වරක් මේ භූ කම්පන ඇති වීම හේතුවෙන් වැඩි දෙනෙකුගේ අවධානයට සහ භීතියට හේතු වූ බවය.

  • භූ කම්පනවලට හේතුව කුමක් ද?

මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්න හේතුව කුමක් විය හැකිද යන්නට පිළිගත හැකි මට්ටමේ පිළිතුරක් භූ විද්‍යාඥයො ලබා දෙති. එයින් එක කරුණක් වන්නේ මෙම ප්‍රදේශයේ භූ පිහිටිම් තුළ සුළු පැළුම් ගණනාවක් පැවතීමය. අනෙක වික්ටෝරියා ජලාශය පිහිටි ප්‍රදේශයේ පොළොව හුණුගල් පාෂාණයකින් සමන්විත වීමය.හුණුගල් යන ජලයේ දියවෙන සුළු පාෂාණ වර්ගයකි. මෙම පාෂාණ දියවීම නිසා එක් එක් මට්ටමේ කුහර නිර්මාණය වීමේ ඉඩක් ඇත.

මෙවැනි කුහර නිර්මාණය වී අති බවට පිළිගත හැකි ලක්ෂණ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී හඳුනා ගත හැකිය. මෙම ජලයේ අධික බරත් මෙම හුණුගල් ස්ථරය දියවීමත් සමග යම් කඩා වැටීමකට ලක් වියහැකි බව ඔවුන්ගේ මතයයි. මේ පිළිඳව මහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේ මෙවැනි කතාවකි.

  • වික්ටෝරියා ජලාශයම සැනකින් හිඳේවි

“ ඇත්තටම අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුමයි. මේ ගැන හොඳින් නිරීක්ෂණය කළ යුතුයි. අපි පොළොවට ඇහුම් කන් දිය යුතුයි. අපි දන්නවා වික්ටෝරියා ජලාශය හැදූ ප්‍රදේශවල තිබෙන්නේ හුණුගල් බව. මේ හුණුගල් අද කර්මාන්තයක් වශයෙනුත් මේ පළාත ආශ්‍රිතව සිදුවෙනවා. මේ හුණුගල් දියවීමක් කඩා වැටීමක් නිසා විශාල කුහර හැදෙන්න පුළුවන්. විශාල කුහරයක් හැදුණොත් එක පාරටම මුළු වික්ටෝරියා ජලාශයම හිඳිල යන්න වුණත් පුළුවන්.

දැනයට වාර්තා වෙලා තිබෙන උපරිම කම්පනය රික්ටර් මාපකයේ ඒකක තුනක් සහ ඊට අඩු ලෙසයි දැක්වුණේ. අපිට කියන්න බෑ ඊට වඩා වැඩි කම්පනයක් මේ පාෂාණ කට්ටු කඩා වැටීමෙන් ඇති වෙයිද කියල.  ලෝකයේ එවැනි උදාහරණ තිබෙනවා. වික්ටෝරියා වේල්ල වගේම ලෝකයේ බොහෝ වේලි නිර්මාණය කරන්නේ රික්ටර් මාපකයේ ඒකක 3.5ක් දක්වා භූ කම්පනවලට ඔරොත්තු දෙන ආකාරයට. යම් හෙයකින් ඊට වඩා කම්පනයක් ඇති වුවහොත් එයින් විශාල හානියක් වෙන්න පුළුවන්. අපි මේ ගැන සුළුවෙන් සිතිය යුතු නෑ කියල කියන්නේ ඒකයි. “

මහාචාර්යවරයා පවසන්නේ එය අද හෙට වනවාද තවත් අවුරුදු සිය ගණනකින් සිදුවනවාද යන්න නිසි විමර්ශනයකින් තොරව කිව නොහැකි බවය. ඔහු අවධාරණය කරන්නේ අපි පොළොවේ සිදුවන වෙනස්කම් පිළිබඳව නිරන්තර නිරීක්ෂණයෙන් පසුවිය යුතු බවය.

  • මානව ක්‍රියාකාරකම්

ජලාශ රක්ෂිතයේ හුණු ගල් කොරිය

මෙම හුණුගල් ස්ථතරයේ චලනයන් පිළිබඳව යම් අවධානයකින් සිටිය යුතු සේම මේ ප්‍රදේශයේ සිදුවන මානව ක්‍රියාකාරකම් ද මේ භූ කම්පනවලට හේතු වන්නේද යන්න පිළිබඳව අවධානයකින් සිටිය යුතුය.

අප විසින් සිදු කරන ලද සොයා බැලීමකදී පෙනී ගිය කරුණක් වූයේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හුණුගල් කොරි කිහිපයක්ම පවතින බවය. මෙම හුණුගල් කොරිවලට අමතරව ඩොලමයිට් නිපදවන කර්මාන්ත ශාලා සහ හුනුගල් කඩන ස්ථාන ගණනාවක් පවතී. අපේ හැදෑරීම අනුව මෙම කර්මාන්ත බොහොමයක් පවතින්නේ අලුත්වත්ත ප්‍රදේශයේය. එම ප්‍රදේශයේ හුණුගල් වළවල් 07ක් ක්‍රියාත්මක වන අතර ඩොලමයිට් නිෂ්පාදන  කර්මාන්ත ශාලා 05ක් ක්‍රියාත්මක වෙයි.

එයට අමතරව කුඩා පරිමාණයේ හුනුගල් අඹරන ස්ථානද 10ක් පමණ දැකිය හැකිය. මෙම හුණුගල් වලවල්වලට අමතරව මේ වනවිට වික්ටෝරිටයා ජලාශය තුළද මෙවැනි හුණුගල් වළවල් ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන ඇත. මෙම හුණුගල් වළවල් නිර්දේශිත නිර්ණායක ඉක්මවා යමින් කැනීම් කටයුතු වෙඩි දැමීම ආදිය සිදු කරන බවට සිදු කෙරුණු මූලික නිරීක්ෂණයන්ගෙන් තහවුරු වී ඇත.

එසේ වුවද මෙම ස්ථාන නිසිලෙස නියාමනයකට යොමු වන්නේද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි. එසේම අදාළ නිර්දේශිත පිළිවෙත් නිසි ලෙස අනුගමනය කරන්නේද යන්න පිළිබඳව රාජ්‍ය අංශය මැදිහත් වී සිදු කරන ශක්තිමත් පසුවිපරම් ක්‍රියාවලියක් නම් නොපවතින බව ඉඳුරාම පැහැදිලිය.

කෙසේ වුවද මේ හදිසි භූ චලන පසුපස මේ ක්‍රියාවලීන් පවතින්නේද යන්න පිළිබඳව අපට මත පළ කළ හැකි වුවද ඒවා නිසි ලෙස තහවුරු කර ගත් හැක්කේ නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකින් පසුව පමණකි. එහෙත් මේ වෙනතෙක් එවැනි  ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නැත.

  • කිසිවෙකුගේ නිසි අවධානයක් නෑ…

මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන ආකාරයට මේ පිළිබඳව පසුගිය කාලය තුළ වැඩි අවධානයක් කිසිදු පාර්ශ්වයකින් යොමු වූයේ නැත. වරින් වර මෙම පළාත් වැසියන් තුළ බියක් ජනිත කරවමින් සිදුවන මෙවැනි අදිසි ශබ්ද ගැන අවධානය යොමු වූයේ එම සිදුවීම සිදුවී දින දෙක තුනක් පමණි. එයින් පසු සියල්ලෝම මෙය අමතක කර දැමීම සාමාන්‍ය සම්ප්‍රදාය විය.

එහෙත් මෙවර කිහිප වතාවක්ම ප්‍රදේශයේ භූ කම්පන සිදුවීම නිසාවෙන් මෙන්ම මේ පිළිබඳ මාධ්‍ය අවධානය යොමු වූ නිසාවෙන් ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමේ මඟක් විවර වී ඇති බවට මහාචාර්ය සේනාරත්න බලාපොරොත්තු සහගතව අදහස් දක්වයි. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය, මහවැලි අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශය එක්ව මෙම සිදුවීම් පෙළ සහ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරිමට මේ වනවිට කටයුතු යොදා ඇත.

එසේම භූ විද්‍යා සහ පතල් කාර්යාංශය මෙම ප්‍රදේශයේ යළිත් භූ කම්පන මාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කොට ඇත. අඩුම තරමින් දැන්වත් මේ ගැන අවධානය යොමු කළහොත් ඉදිරියේදී සිදුවිය හැකි මහා විනාශයක් හෝ හානියක් වළකා ගත හැකි වනු ඇත.

ජලාශය තුළ හුණු ගල් කැඩෙන අයුරු…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ හේතුව චම්පික පැහැදිලි කරයි

Next Post

කොවිඩ් වැළඳුණු අම්මයි දුවයි සැඟවී සිටි සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානය වසා දැමේ…

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.