බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

දූෂකයා ගෙවිය යුතුය  නියමය සහ විල්පත්තුවේ නඩු තීන්දුව

by editor
නොවැම්බර් 17, 2020
in පරිසරය
Share on FacebookShare on Twitter
  • කැළේ යළි වවන වියදම ගෙවන්න බදූර්දීන්ට මාස තුනක්වි
  • යදම ඇස්තමේන්තු කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට
  • පදිංචි පුද්ගලයන්ට වෙන්නේ කුමක්ද?.  තීන්දුව ඇතුලේ ගැටලුවක්…
  • පූර්වාදර්ශ මත දුන් නඩු තීන්දුවක්

විල්පත්තුව අපේ රටේ අතිශයින්ම වැදගත් පාරිසරික කලාපයක් වුවද එය ඊටත් වඩා අද කතා බහට ලක් වන්නේ දේශපාලන තලයේය. ඒ වගේම මේ කාලයේ දී විල්පත්තුව  කී සැණින් මේ රටේ බොහෝ දෙනාගේ මතකය “පත්තු“ වන නමක් වන්නේ රිෂාඩ් බදූර්දීන්ය. ඊට හේතුව මෙරට වැදගත් ජාතික වනෝද්‍යානයක් වන විල්පත්තුව මායිමේ එය වට කර ගත් කල්ලාර, මරිච්චකට්ටුව, කරදික්කුලි රක්ෂිත කලාපයේ නීති විරෝධී ආකාරයෙන් අවතැන් ජනතාව පදංචි කරවීම පිණිස එළි පෙහෙළි කිරීමය. මෙය පාරිසරික මෙන්ම දේශපාලනික මට්ටමේ දැවැන්ත විරෝධයකට මඟ පෑදුවේ මේ නිසාය. ඒ නිසාම මෙය හැම ආණ්ඩුවකටම දෙකොණ දැල්වෙන විලක්කුවක් ම විය.

නඩුවට පාදක වූ වන විනාශය

නඩු පැවරීම

විල්පත්තුවේ වන විනාශයට එරෙහි ව හඬ නැගූ විවිධ පුද්ගලයන් අතර මෙරට පාරිසරිත යුක්තිය වෙනුවෙන් දශක කිහිපයක් තිස්සේ කැපවන පරිසර සංවිධානයක් වන පාරිසරික යුක්ති කේන්ද්‍රය විය. එම කේන්ද්‍රය මේ ව්‍යසනයට එරෙහිව නඩුවක් පැවරුවේය. එම කේන්ද්‍රෙය් සභාපති නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ සහ විධායක අධ්‍යක්ෂ පරිසර වේදී හේමන්ත විතානගේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මේ පරිසර විනාශයට එරෙහිව ඔවුහු අධිකරණය හමුවට ගියහ.

ඒ අනුව අභියාචනාධිකරණයේ විභාග වූ සුප්‍රකට විල්පත්තු නඩුවේ තීන්දුව ඊයේ එනම් 2020 නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් විය.  නඩුවේ සාරාංශ තීන්දුව ගැන මේ වනවිට රටම දනී. එනම් සිදු කළ වනාන්තරයේ විනාශ කළ ගස් වෙනුවට හිටපු ආමත්‍ය රිෂාඩ් බදූර්දීන් විසින් තමන්ගේ වියදමින් එම ගස් සිටුවිය යුතු වීමය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඊයේ රටම දැනගත් මේ තීන්දුව පසුබිම් කරගෙන අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා   විසින් සකසන ලදුව බන්දුල කරුණාරත්න විනිසුරුවරයා විසින්ද තහවුරු කරන ලද නඩු තීන්දුව තුළ සඳහන් වන කරුණු මොනවාද යන්න පිළිබඳව ද සැකෙවින් හෝ දැන ගැනීම මෙරට පරිසරය පිළිබඳව උනන්දු වන්නන්ට මෙන්ම තමන්ගේ දේශපාලන අවශ්‍යතා හො වෙනත් අවශ්‍යතා මත පරිසරය වැනසීමේ පිඹුරුපත් තබන හාල් පාරුවන්ටද වැදගත්ය.

හත්වන වගඋත්තර කරු

පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම නඩුව පවරන්නේ 2019 වසරේදීය. ඔවුහු මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඉඩම් කොමසාරිස්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා, හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් සහ නීතිපතිවරයා නම් කළහ.

ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් යනු මෙහි හත් වැනි වගඋත්තකරුවාය. පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම නඩුව ගොනු කළේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය  වටා ඇති සංරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කරන ලද කල්ලාර රක්ෂිතය, මරිච්චකට්ටු සහ කරඩික්කුලම සංරක්ෂිත ප්‍රදේශ තුළ සිදුකර ඇති වන විනාශය සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා ලෙසය.

මෙම වන විනාශයට පදනම් වූයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ නායකත්වයෙන් යුතුව මන්නාරම දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයේ පදිංචි කරවීම සඳහාය. විශේෂයෙන් 1990 වසරේ දී කොටි සංවිධානය උතුරු පළාතේ වැසියන් පළවා හැරීමෙන් අවතැන් වූ ජනතාවය. මේ අනුව මෙම එළි පෙහෙලි කරන ලද සංරක්ෂිත කලාපය තුළ පවුල් 15000ක් පමණ පදිංචි කරවා ඇති බව අනාවරණය විය.

ගොනු කෙරුණු නඩුවේදී පාරිසරික යුක්ති කේනද්‍රය විසන් පෙන්නවා දෙන ලද කරුණක් වූයේ රිෂාඩ් බදූර්දීන් ගේ මැදිහත්වීමෙන් එලි පෙහෙළි කරන ලද ප්‍රදේශය වන සංරක්ෂිත කලාපයක් බවට 2012 වසරේ ඔක්තෝබර් මස 10 වැනි දින ප්‍රකාශයට පත් කොට ඇති බවය. ඒ අනුව මෙම ගැසට් නිවේදනයේ එම වසෙරේ ම ඔක්තෝබර් මස 20 වැනි දින සිට  බලාත්මක වී ඇත. පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් පෙන්වා දෙන ලද්දේ 2009 වසර් අංක 65 දරණ වන සංරක්ෂණ ආඥා පනත ට අනුව මෙම ප්‍රදේශයට  ඇතුළු වීම නව ඉදි  කිරීම්, එලි පෙහෙලි කිරීම  සපුරා නීති විරෝධී බවය.

නඩු විභාගය

2019 වසරේ ජූලි මස 31 වැනිදා සිට විභාග වුණු මෙම අභියාචනාධිරණ නඩුවේදී වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණක් වූයේ මෙම ප්‍රදේශයේ ජනතාව පදිංචි කිරීමට ගත් තීරණය රජය මගින් ගත් එකක් බවය. විශේෂයන් 1990 වසරේදී උතුරු පළාතෙන් එල්.ටී.ටී ඊ සංවිධානය විසින් පළවා හරින ලද අභ්‍යන්තරිකව අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ අරමුණින් එය සිදු කළ බවය. එමෙන්ම මෙම තීරණය ගැනුණේ 2009 වසරේ කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව පත් කෙරුණු උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම විසින් සිදු කරන ලද නිර්දේශයන්ට අනුකූලව බවය. මෙම නිර්දේශ ක්‍රියාක්මක කිරීම පිළිබඳව පත් කෙරුණු විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් මඟින් ගන්නා ලද තීරණයකට අනුව මෙම යළි පදිංචි කිරීම් සිදු කොට ඇති බව වගඋත්තරකාර පාර්ශව කරුවෝ දැක්වූහ.

විනිසුරුවන්ගේ තීන්දුව

එසේ වුවද නඩු තීන්දුවේදී මෙම කරුණු අභියෝගයට  ලක් කරන විනිසුරුවන් පවසා තිබුණේ ත්‍රස්තවාදය නිසා අභ්‍යන්තරිකව අවතැන් වූ පුද්ගලයන්ට යළි තම ජීවිත  සකස් කර ගැනීම සඳහා පදිංචි වීමට ස්ථානයක් සැපයීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්  එකඟ වුවද එය සිදු කළ යුත්තේ රටේ පවතින නීති උල්ලංඝනය කරමින් නොවන බවය.

මේ සම්බන්ධයෙන් ඇති අතීත අධිකරණ පූර්වාදර්ශයන්ද හුවා දක්වමින් මෙම තීන්දුව ප්‍රකාශය ට පත් කරන විනිසුරුවන් පවසා ඇත්තේ සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන ලද බිමක කිසිදු ලෙසකින්වත් ඉදිකිරීම් කටයුතු සිදු නොකළ යුතු බවය.

එසේ ශ්‍රි ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි ව්‍යවස්තාවට අනුව රජයේ ප්‍රතිපත්තිවලට මූලිකව කටයුත කළ යුතු  බව පෙන්වා දී ඇති අතර ව්‍යවස්ථාවේ 27 (14 0) වැනි වගන්තිය ට අනුව රජය පරිසරය ආරක්ෂා  කිරීමට බැඳී සිටින බව දක්වා ඇත. එමෙන්ම මේ වනවිටත් මෙම සංරක්ෂිත ප්‍රදේශයේ විශාල වපසරියක් එළි පෙහෙළි වී ඇති බව පිළිගන්නට සිදුව ඇති බව තීන්දුවේ සඳහන් කොට ඇත.

එසේම උතුරේ නැවත පදිංචි කිරීම පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මෙන්ම එම කාර්ය සාධක බලකාය විසින් පත් කරන ලද කමිටුව නිර්දේශ කළ බව සඳහන් වුවද අධිකරණය ඉදිරියේ එම තීරණ සනාථ කිරීමේ කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අදාල වගඋත්තරකාර පාර්ශ්වවලට හැකියාවක් ලැබී නැති බවද එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවන් සඳහන් කර තිබේ.

කෙසේ වුවද 1990 අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳ අන්තර් ආයතන කමිටුව වාර්තා මෙවැනි යළි පදිංචි කිරීමක් සඳහා 2012 වසරේ ඔක්තෝබර් මස 15 වැනි දින තීන්දුවක් ගෙන තිබුණද ඒ වනවිට එම වසරේ ඔක්තෝබර් මාසයේ 20 වනදාට මෙම සංරක්ෂිත ප්‍රදේශ බලාත්මක වන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

දූෂකයා ගෙවිය යුතුයි

මේ කරුණු මත තම තීන්දුව ලබා දෙන විනිසුරන් එහිදී භාවිත කර ඇති එක් මූලධර්මයක් වන්නේ දූෂකයා ගෙවිය යුතුය යන මූලධර්මයයි.

දූෂකයා විසින් ගෙවනු ලැබිය යුතුය (Polluter pays principal) 1992 වසරේ දී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී පැවති ලෝක මිහිතල සමුළුවේදී ප්‍රකාශයට පත් වුණු රියෝද ජනයිරෝ ප්‍රකායනයේදී එකඟ වූ මූලධර්මයකි. එහිදී සිදුවන්නේ අදාළ පරිසර දූෂණයට සෘජුව සම්බන්ධ වුණු පාර්ශ්වය මගින් එම හානිය ප්‍රතිපූර්ණය කරගැනීමය. මේ පිළිබඳව පසුගිය කාලයේ පූර්වාදර්ශ කිහිපයක්ම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වී තීන්දු ලැබුණු බව විනිසුරුවන් පෙන්වා දී ඇත. එසේම ඉන්දීය අධිකරණ විනිසුරන් විසින් මෙම දූෂකයා විසින් ගෙවිය යුතුය යන මූල ධර්මය අර්ථ දක්වා ඇත්තේ යම් පරිසර දූෂණයක් හමුවේ එහි හානිය ගෙවිය යුත්තේ අදාළ පරිසර දූෂණයේ වින්ඳිතයන්ට පමණක් නොව එම පරිසරය යතා තතත්වයට පත් කිරීම සඳහා වැය වන සම්පූර්ණ වියදමද දැරිය යුතුය යන්නය.

ඒ අනුව මෙම තීන්දුවට අනුව පරිසර දූෂකයා වන්නේ නඩුවේ හත් වැනි විත්තිකාර රිෂාඩ් බදූර්දීන්ය. අවතැන් පුද්ගලයන්ට සංරක්ෂිත ප්‍රදේශයක ඉඩම් ලබා දීමේ ක්‍රියාවලියේදී ඔහු තීරණාත්මක පුද්ගලයා වන හෙයින් ඔහු මෙම පරිසර දූෂණය නිවැරදි කිරීමට අදාළව එනම් විනාශ කරන ලද වනාන්තරය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට අදාළ සම්පූර්ණ වියදම දැරිය යුතු බවට අභියාචනාධිකරණය තීන්දු කොට තිබේ.

නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් පෙන්වා දුන් පරිදි මෙම සංරක්ෂිත කලාපයේ සිදුව ඇති වන විනාශය හෙක්ටයාර 3000කට අසන්නය. අභියාචනාධිකරණය මෙම තීන්දුවෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තීන්දු කොට ඇත්තේ මාස දෙකක් ඇතුළත මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වැය වන වියදම් ගණනය කොට අදාළ වගඋත්තකාර රිෂාඩ් බදූර්දීන් වෙත එම මුදල පිළිබඳව ඇස්තමේන්තුව ලබා දිය යුතු බවය. එම දැනුම් දීමෙන් මාසයක් තුළ රිෂාඩ් බදුර්දීන්ට මෙම මුදල ගෙවන ලෙස නියෝග කොට තිබේ.

විල්පත්තුව
ඉිදි කර ඇති නිවාස…

මෙම තීන්දුවට අනුව මෙම නීති විරෝධී පදිංචි කිරීම් ඉවත් කිරීමට සිදුවනු ඇත. එසේ වුවද අධිකරණ තීන්දුව අවසානයේ විනිසුරුවන් අවධාරණය කරන කරුණක් වන්නේ අභ්‍යන්තරිකව අවතැන් වූ ජනතාව හැකි තරම් තමන් කලින් ජීවත් වූ ප්‍රදේශවලම පදිංචි කළ යුතු බවය. එහෙත් එය සිදු කළ යුත්තේ රටේ ව්‍යවස්ථාවට අනුව සකසන ලද නෛතික රාමුවට යටත්ව බව පෙන්වා දෙන විනිසුරන් පෙන්වා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයවැය යෝජනා: ජාතික ආරක්ෂාවට අමතර මිලියන 2500ක්

Next Post

අයවැය යෝජනා: දුෂ්කර විහාර සංවර්ධනයට මිලියන 250ක්

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.