අප රටේ වසරකට ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි මිලියන 600කට ආසන්න ප්‍රමාණයක් පරිසරයට බැහැර වන බව ද මෙය මසකට හැඳි මිලියන 50ක් වන බවද බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
පරිසර අමාත්‍යාංශය විසින් අප රටේ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත එක්වරක් පමණක් භාවිතා කර බැහැර කරන භාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත්කිරීමට කටයුතු යොදා ඇතැයි ද මෙම භාණ්ඩ සියල්ලම පාරිසරික දූෂණයට වැඩි කිරීමට දැඩි බලපෑමක් එල්ල කරන බව හදුනාගෙන ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.
බහුල වශයෙන් භාවිතා කරන භාණ්ඩයන් වන මෙම හැඳී, සැෂේ පැකට්, දිරාපත් නොවන ලන්ච්ෂීට්, ඉඳිආප්ප වට්ටි, ප්ලාස්ටික් හැඳි, ආහාර කළතන, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා , සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ, ප්ලාස්ටික් හැඳි හා බීම බට ද ඊට ඇතුළත් වේ.