බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

අලි මංකඩ වසා කාබනික පොහොර හදන්න යන කඩවත් හතරේ මෝල්ලු  

by editor
ඔක්තෝබර් 20, 2021
in පරිසරය
අලි මංකඩ පෙන්වන ප්‍රදේශවාසින්

අලි මංකඩ පෙන්වන ප්‍රදේශවාසින්

Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි –

අලි හතලිහක් පමණ එහා මෙහා යන ත්‍රිකුණාමලය, කන්නියා වෙල්ගම් වෙහෙර අලි මංකඩට බාධා කර ඇත.  කොම්පෝස්ට් අංගණයක් සැදීමට යැයි කියා එකී පටු කැලෑ තීරුවෙහි කොටසක් නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව විසින් මේ වනවිට ඩෝසර් කර තිබේ.

අලි මංකඩට යාබදව අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර පවතින කසල අංගණයක් තිබියදි එම බිම කොම්පෝස්ට් සැකසීමට භාවිතා නොකර අලි මංකඩම ‍ඩෝසර් කරන්නේ ඇයි?. ගමේ මිනිස්සු විපිළිසරව සිටිති. නිර්මාණය වී ඇත්තේ  තවත් ඉමක් කොනක් නැති සංකීර්ණ පාරිසරික ගැටලුවකි.

අලි මංකඩ පෙන්වන ප්‍රදේශවාසින්

 

“අලි තිහක් හතලිහක් දවසකට පාර මාරුවෙන අලි මංකඩ හරස් කරලා ඊයේ පෙරේදා ඉඳලා ඩෝසර් කරනවා. ඇහුවම කියනවා කොම්පොස්ට් පොහොර හදන්න එහෙම කරන්නෙ කියලා. අලින්ට පාර මාරුවෙන්න ඉඩ තියලා තමයි වනජීවි එක අලි වැට ගැහුවේ. එක පැත්තකින් අපේ ගම ආවරණය කළා. අනිත් පැත්තෙන් කුණු වල හා කන්නියා ගම ආවරණය කළා.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“වලස් වැව පැත්තෙ ඉඳලා එන අලි පාර මාරුවෙලා උදේ හවස කුණු වල පැත්තට යනවා. ආයේ වලස් වැව පැත්තට යනවා. ඒක උන්ගේ ගමන් මාර්ගය. ඒක අවහිර කළාම වෙන්නේ අලි වැට කඩාගෙන ඔය අලි ටික ගම් වදින්න එන එක.“

“කොම්පෝස්ට් හදන්න අක්කර තිහ හතලිහක කසල අංගණයක් තිබියදී ඒක විධිමත් කර ගන්න බැරි ප්‍රාදේශීය සභාව තවත් කැලේ කපලා අලින්ට තියෙන අලි මංකඩත් අහුරන්නේ කොම්පෝස්ට් හදන්නද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා.“

එසේ කියන්නී වෙල්ගම් වෙහෙර කසල ප්‍රතිචක්‍රීය කරණ අංගණය අසල පදිංචිකාරිණියකි. ඇය   ආර්. එම්. සංජීවනි බණ්ඩාරය.

ආර්. එම්. සංජීවනි බණ්ඩාර සහ ජී. ඒ. සේපාලි වසන්ති

ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ කන්නියා හා වෙල්ගම් වෙහෙර ගම්මාන දෙක මායිමේ   කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය ලෙස නම් කර ගොඩගසා ඇති මෙම කුණු ගොඩ  මේ ගම්මාන දෙකේම   ජන දිවියට හානි කර තිබේ.  අලින්ට මෙන්ම වන සතුන්ට ද මෙම කුණුගොඩ කරන්නේ බරපතල විනාශයකි.  පරිසර ගැටලු රැසක් ඇති කරන රෝග වාහක මධ්‍යස්ථානයක් බවට මේ වනවිට මෙම ස්ථානය  පත්ව තිබේ.

කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියත් සමග ඒ වරද නිවැරදි කරන්නට අවස්ථාව ලැබී තිබේ. එහෙත් මේ අදූරදර්ශී මිනිසුන් කරන්නේ   තවත් මහා විනාශයකි.  දැන් මේ අවනඩුව කාට කියන්නේ දැයි මිනිස්සු අපෙන් අසති.

මේ පිළිබදව අදහස් දැක්වු විල්ගම් වෙහෙර ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජී. ඒ. සේපාලි වසන්ති මෙසේ කීවාය.

“996 වසරේ කොටි ගමට ගැහුවට පස්සෙ අපි ගෙවල් දොරවල් දාලා ගිහින් අනාථ කඳවුරු වල ජීවත් වුණා. යුද්දය ඉවර වෙලා 2010 විතර අපිට එන්න කියලා ප්‍රාදේශීය ලේකම් තුමා කීවම ඇවිත් පදිංචි වුණා. ගමේ පවුල් 30 ක් විතර ඉන්නවා. ඒ කාලේ අලි කරදර තිබුණා. සුසන්ත පුංචි නිලමෙ ඇමතිතුමා අලි වැටක් ගහලා දුන්නා. ඒකත් කැඩිලා ගියා. පස්සෙ වනජීවිය අලි මංකඩ ඉතිරි කරලා ලොකු අලිවැටක් ගහලා අපේ ගම් දෙක ආරක්ෂා කරන්න කටයුතු කළා.“

කොම්පෝස්ට් අංගනය සැකසීම සඳහා අලි මංකඩ ඩෝසර් කර ඇති අයුරු

“මහ දවල්ටත් අලි මාරුවෙන්නෙ මේ අලි මංකඩ හරහා. දැන් ඒ කැලේ ඩෝසර් කරනවා කොම්පෝස්‍ට් පොහොර හදන්න කියලා. කුණු ගොඩක් ගෙනැත් දාලා අපිට මැස්සො පිරිලා. ලිං වල වතුර කලු පාට වෙලා. කුණු පුච්චන ගඳ ඉවසන්න බැරිව තියෙන කොට දැන් අලි මංකඩත් වහන්නයි මේ අය හදන්නේ. “ ඇය කියන්නී වේදනාවෙනි

නිලධාරීන් කියන කතා

අක්කර 32 ක් පුරා පැතිර පවතින කසල බහැර කෙරෙන අංගනයක් තිබියදි ඉන් කොටසක් කොම්පෝසට් සැකසීම සඳහා නොගෙන තවත් අක්කර පහ බැගින්වු බිම් කොටස් දෙකක් මංකිබ්‍රිජ් වන ක්ෂේත්‍ර සහකාර කොට්ඨාශයට අයත් කන්නියා ප්‍රදේශයෙන් කොම්පෝස්ට් පොහොර සැකසීමට යැයි කියා නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව විසින් ඉල්ලා ඇති බව නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ තමන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉල්ලා එවන බිම් කොටස පරික්ෂා කර නිදහස් කරන නමුත් ඒ කුමන කටයුත්තක් සඳහා ද යන්න විමසා බැලීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් වෙල්ගම් වෙහර ප්‍රදේශයේ ජනයා අලිමංකඩ හරස් කර සිදුකරන නව කොම්පෝස්ට් අංගණයට සිය විරෝධය පළ කරනුයේ තමන් තවදුරටත් පීඩාවට පත් කරමින් තිබෙන කසල අංගණය විධිමත් නොකර අලි මංකඩ හරස් කිරිම අලි කරදරයකට ඇද දැමීමක් වන බව කියමිනි.

ත්‍රිකුණාමලය දිසාපති සමන් දර්ශන පාඩි‍කෝරාල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් ‍පොන්නම්බලම් ධනේෂ්වරන් නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ සභාපති සදුන් දර්ශන රත්නායක

මේ පිළිබදව කල විමසුමකට පිළිතුරු දුන් නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් පොන්නම්බලම් ධනේෂ්වරන් මෙසේ කීවේය.

“නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව අපෙන් ඉල්ලීමක් කළා කාබනික පොහොර සැකසීමේ ජාතික වැඩ පිළිවෙලට සහය දෙන්න කොම්පෝස්ට් සකස් කිරීම සඳහා ඉඩමක් ලබා දෙන්න කියලා. එයාලා ඉල්ලුවෙ ඔය ඉඩම. එතැන සොහොනක් තියෙනවා. සොහොන පිටුපස පටු තීරුවක් අක්කර පහක් ව‍ගේ කොටසක්. අපි කිව්වා අදාල ආයතනවල අනුමැතිය හිමිවන්නේ නම් පමණක් අපිට නිදහස් කරන්න පුළුවන් කියලා.“

“නමුත් මේ ඉඩම නිදහස් කරන්න තාම ඉඩම් පරිහරණ කමිටුවට දාලා නැහැ. එයාලා කැලේ සුද්ද කරන එක ගැන මම දන්නෙ නැහැ. මායිම හඳුනා ගන්න පමණක් සුද්ද කරන්න කියලා තියෙනවා. අනිත් ආයතන අවසර දෙන්නෙ නැතිනම් අපිට අවසර දෙන්නත් බැරි වෙනවා“

අලි මංකඩ හරස් කර කැලය කපා ඇති බවත් ඒ සඳහා කිසියම් අවසරයක් ලබා දී ඉඩම වෙන්කර ඇතිද යන්න පිළිබදව කළ විමසුමකට  පිළිතුරු දුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිසාවන නිලධාරි චන්දන අබේසේන මෙසේ කීවේය.

“මෙම ස්ථානය තුළ කොම්පෝස්ට් ව්‍යාපෘතියක් සඳහා සුදුසුද යන්න පරික්ෂා කර බලා වාර්ථාවක් ඉල්ලා තිබෙනවා.  පරිසර සංවේදි කලාපයක් ද එය රක්ෂිතයක්ද යන්න සොයා බලනවා.   අලි මංකඩක් වගේ තැනක් නම් එම ව්‍යාපෘතියට විකල්ප ඉඩමක් ලබා දිමට කටයුතු කරනවා. නමුත් තවමත් අපි අවසර ලබා දි නැහැ “. ඔහු කියන්නේ එසේය.

කොම්පෝස්ට් අංගනය සැකසීම සඳහා අලි මංකඩ ඩෝසර් කර ඇති අයුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ඉඩම් පරිහරණ කමිටුවේ හෝ නිසි අවසරය හිමිව නොතිබියදි මායිම සොයා ගැනීමට යැයි පවසමින් මේ වනවිට අක්කරයකට ආසන්න ප්‍රමාණයක කැලය කපා තිබේ. එය අලි මංකඩක් බව සභාව නොදන්නවා නොවිය යුතුය.

ඔවුන් මින් පෙර කසල අංගණය ස්ථාපිත කළේ ද ජල උල්පත් හා ඇළ මාර්ග සහිත කැළෑවක බව වෙල්ගම් වෙහෙර මිනිස්සු කියති. වැසි කාලයේ දී ඇල හරහා ගලා යන ජලය කලු පැහැයට හුරු බවත් ඒවා සිය නිවාස පිටුපසින් වැටී ඇති ඇළ හරහා වලස් වැවට ගලා යන බව ඔවුන් පවසයි. සභාවට පැවැසුවත් කසල අංගණයේ ගැටලුවට මෙතෙක් විසදුම් ලැබි නැති බව පවසන ඒ මිනිසුන් කියා සිටිනුයේ එසේ තිබියදි තවත් පරිසර හානියක් සිදු කිරීම අපරාධයක් බවය.

මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ සභාපති සදුන් දර්ශන රත්නායක කීවේ මෙවැන්නකි.

“ජාතික ව්‍යාපෘතියක් වන කාබනික පොහොර සැකසීම සඳහා තමයි අපි මේ අක්කර පහ තෝරා ගත්තෙ. මේ සඳහා රාජ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් එක්කෝටි විස්සක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් වෙලා තියෙනවා. ඒ මුදල් ලැබෙන්නෙ මේ දිස්ත්‍රික්කයට. “

“අපි දැනගෙන හිටියේ නැහැ මේ අලි මංකඩක් ය කියලා. ඉඩම මුළුමනින්ම සුද්ද කරලා නැහැ. මායිම සළකුණු කර ගැනීම සදහා පමණක් වටේ සුද්ද කරන්න කිව්වා. ඒ වගේම මේ ඉඩම අපිට දුන්නෙ ඉඩම් පරිහරණ කමිටුවේ නිලධාරින්. ප්‍රාදේශීය ලේකම් තුමාත් පැමිණියා. මේ ව්‍යාපෘතිය සඳහා පරිසර ඇගයීම් වාර්ථාවක් අපි අරන් නැහැ. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්වත් කරලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරියෙන් තමා අවසර ගන්න කියලා ඉඩම් පරිහරණ කමිටුව කියා තියෙන්නේ. අපි ඒ ආයතන වලට කියා තියෙනවා ඇවිත් බලන්න කියලා. “

“ඊට පෙර අලි වැට ඇතුළෙ ඉඩමක් මේ කටයුත්තට ගත්තාම ඒක දිසාපතිතුමා දෙන්න බැහැ කිව්වා. අපිත් කැමැතියි වර්තමාන කසල අංගණය තියෙන කොටසෙන්ම ඉඩමක් දෙනවා නම්.  එතකොට ඉඩම් දෙකක් ඕන වෙන්නෙ නැහැ. අපිටත් වැඩේ පහසුයි. නමුත් පලාත් පාලන ආයතන හා කසල අංගණය භාරව තියෙන පුද්ගලික සමාගම හා ඇති කරගත් ගිවිසුමක් නිසා ඒ කසල අංගණය අපිට ගන්න බැහැ. ඒ නිසා දැන් අපිත් අපහසුතාවට පත්වෙලා තියෙනවා.

මේ කුණු අංගණය නිසා විශාල පාරිසරික හානියක වනවා කියලා ජනතාව කියන කතාව සම්පුර්ණ ඇත්තත. කෙසේ වෙතත් අලි මංකඩක් නම් අපි කිසි විටෙක ඒක අවහිර කරන්නෙ නැහැ. අපි විකල්ප ඉඩමකට යන්න සුදානම්. එම ඉඩම කඩිනමින් වෙන් කර දීම ඉඩම් පරිහරණ කමිටුවයි කළ යුත්තේ“ යැයි පැවැසීය.

අලි මංකඩ අවහිර නොවන සේ කාබනික පොහොර අංගණය ඉදි කිරිමට මින් පෙර ඉඩමක් ඉල්ලා සිටි නමුත් එකී ඉඩම තුල එම කටයුත්ත කිරිමට නොහැකි වුයේ දිස්ත්‍රික් ලේකම් තුමන් එම ඉඩම ලබා දීමට නොහැකි බව පැවැසීම හේතුවෙන් බව ප්‍රාදේශීය සභාව පවසයි. මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාලා මහතා පවසන්නේ මෙම ස්ථානය තුළ පිහිටි අලි මංකඩ අවහිර නොවන සේ කාබනික පොහොර නිෂ්පාදන කටයුත්ත සඳහා අක්කර පහක් ප්‍රාදේශීය සභාව වෙත මුදා හැර ඇති බවයි.“

කසල අංගණයේ කුණු කන වන අලි

‍වන අලි ප්‍රතිපත්තියට අනුව සතුන් ගැවසෙන ස්ථාන හෝ අලින් මාරුවන ස්ථාන අවහිර කිරිම කිසිවකු විසින් නොකල යුත්තක් යැයි වනජිවි දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය වැඩබලන සහකාර අධ්‍යක්ෂක ඩබ්ලියු. ඩී. එම්. ජේ. වික්‍රමසිංහ   පවසයි.

“මේ ස්ථානය අලි මාරුවන අලි මංකඩක්. කුමන හෝ ආයතනයක් එවන් ස්ථාන අවහිර කිරිම නොකළ යුත්තක්. සතුන්ගේ ගමන් මාර්ග අවහිර කිරීම තවත් අර්බුදයකට මග පාදන්නක්. කෙසේ වෙතත් මම මේ පිළිබඳව තවම දැනුම්වත් වෙලා නැහැ“

හෙතෙම වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු වරට ඌරකුගේ වකුගඩුවක් සාර්ථකව මිනිසෙකුට බද්ධ කරයි

Next Post

නෙඩුන්කේණී මෝටාර් තවානට පොලිස් ආරක්ෂාව

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.