අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

පුරාවිද්‍යා භූමියක් ලෙස රජය ගැසට් කරන්නේ වර්ෂ 1933 දි...

by editor
ජනවාරි 21, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කුරුන්දමලෙයි කැණීම් ආරම්භ කළ ප්‍රදේශය බෞද්ධ පුරා වස්තු සහිත ප්‍රදේශයක් නොවන බවත් එය හින්දු ජනතාව අනාදිමත් කාලයක  සිට වන්දනාමාන කළ ආදී අයියනාර් කෝවිලට අයත් භූමියක් බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්න්බලම්  පවසයි.

පක්ෂය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරණ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටින්නේ මුලතිව් අධිකරණය මගින් පළාතේ හින්දු බැතිමතුන්ට  එම ස්ථානයේ වන්දනාමාන කිරීමට අවසරය ලබා දී ඇත්තේ මෙම පෞරාණික උරුමය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවය.

මේ පිළිබදව පාර්ලිමේන්තුවේදී හඬක් නැගීමට තමන්  තම පක්ෂයේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පැවරූ බවත් රජය  යුද හමුදාව හා පුරා විද්‍යා නිලධාරීන් යොදවා  උතුරේ හින්දු දහමට අයත් ප්‍රදේශ බලහත්කාරයෙන් බෞද්ධකරණයකට ලක් කිරීම වහාම නවතාලන ලෙස ඒ මගින් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කරයි.

දැනට පුරා විද්‍යා නිලධාරීන්  යුද හමුදාවේ ආරක්ෂාව ඇතිව කැණීම් ආරම්භ කොට ඇති ප්‍රදේශයේ කිසිදු කලෙක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ සිංහල ජනතාව වාසය කොට නොමැති බව පවසන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්  හින්දු ප්‍රදේශ බෞද්ධ උරුමයන් ලෙස හුවා දැක්වීම රජයේ බලපුලුවන්කාරකම පෙන්වීමක් හා  හින්දු දහම යටපත් කිරීමක් බවද පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උතුරු පළාත යනු ලංකාවේම කොටසකි. එම ප්‍රදේශයත් රටේ ඉතිහාසයේ රිද්මය ගලා යන රටාවට ඇතුළත්ය. කුරුන්දිමලෙයි පුාවිද්‍යා ස්ථානය  ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා නොදැන සේ මග හැර යන ජාතිවාදී මජර දේශපාලනයට එපිටින් වන සාධනීය ශාස්ත්‍රීය කාරණාවකි. 

වංසකතා කියන ඉතිහාස කතාව

මේ ස්ථානයේ පිහිටන්නේ වංශකතාවන්හි හා අට්ඨතාවන්හි පැනෙනා කුරුන්දාවශෝක විහාරයයි.  මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවති ජනාවාසකරණය සම්බන්ධව විද්‍යාත්මක සාධක සහිතව හෙළි කරන පුරාවිද්‍යා භූමි අතරින් වැදගත්ම භූමිය කුරුන්දාවශෝකාරාමය ය. මහාවංසයේ 33වැනි පරිච්ඡේදයේ 32 වැනි ගාථාවෙන් දැක්වෙන ලජ්ජිතිස්ස රජුගෙන් පසු ලංකාද්වීපයේ රාජ්‍යත්වයට පත්වූ ඛල්ලාටනාග රජු ( ක්‍රි.පූ.110 – 103) විසින් ඉදිකළ කුරුන්දපාසක විහාරය මෙය බව හඳුනාගෙන තිබේ. මෙම විහාරයට අනුබද්ධව කුරුන්දචුල්ලක නම් පිරිවෙණක් වී යැයි වංසකතාවන්හි සඳහන්ය.

සමන්තපාසාදිකා විනයාට්ඨ කතාවේ කුරුන්දි අට්ඨකතා ගැන වාර 75කට වඩා සඳහන්ය. එම අටඨකතා සම්පාදනය කළේ කුරුන්වේලු විහාරයේ දී බව සාහිත්‍ය කෘතිවල පැනේ. පළමුවන අග්බො රජු ( ක්‍රි.ව. 571-604) මෙම විහාර භූමියේ නවකම් කළහ. මේ පෙදෙස කුරුඳුවැව වූ බවත් පළමු අග්බෝ රජු කළ කුරුඳුවැව වත්මන් තන්නිමුරුප්පු වැව බවත් නිකසල් කියයි.

ඉතිහාසය පුරාම මෙම විහාරය ඇසුරෙහි සිදුවූ සංවර්ධන කටයුතු වංසකතා කරුවෝ වාර්තා කරති. හතරවන අගබෝ රජු ( 667-683), තුන්වන මිහිඳු රජු ( ක්‍රි.ව. 801-804), මෙම විහාරයට කළ මැදිහත්වීම් මහාවංසය දක්වයි. පළමු විජයබා රජු  ( ක්‍රි.ව. 1055-1110) මෙම විහාරය නැවත පිළිසකර කළ අයුරු පැනේ. දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී ( ක්‍රි.ව. 1236 -1270)  කාලිංග මාඝ ගේ සහ ජයබාහුගේ ද්‍රවිඩ සේනාව විසින් බිඳ දමන ලද කඳවුරු 15න්  එකක් වූයේ කුරුන්දි විහාරය ය. පූජාවලිය, නිකාය සංග්‍රහය, වැනි පැරණි ග්‍රන්ථවල කුරුඳු රට, කුරනන්දුගම්මු රට, කරුන්දක හා කුරුන්දිරට්ඨ ආදී නම්වලින් හැඳින්වෙන්නේ  ද මෙම ප්‍රදේශය බව පුරාවිද්‍ය වාර්තාවල දැක්වේ. 

වර්ෂ 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවට අනුව මේ භූමියේ සෙල් ලිපියක් පිහිටා තිබී ඇත. හෙන්රි පාකර්ට අනුව උතුරු පළාතේ ඇති විශාලම නටබුන් සංකීර්ණය කුරුන්දාශෝක විහාරයය.  මෙම භූමිය වර්ෂ 1933 දී 1933-05-12 දිනැති අංක 7981 දරන ගැසට් නිවේදනය ගමින් අක්කර 78 රූඩ්1පර්චස් 62ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොච්චර නීති දැම්මත් බඩු මිල පාලනය කරගත නොහැකි ඇයිදැයි රාජ්‍ය ඇමති ලසන්ත කියයි

Next Post

ඉන්දියානු “AstraZeneca එන්නත රට තුළ භාවිතය පිළිබඳ පරීක්ෂණ අරඹයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.