බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අවුරුද්දක දී කුඩු ටොන් එකක් රටට ගෙනා දෙමටගොඩ රුවන්ගේ ගෙදරට සී.අයි.ඩි. ය අද උදේ ගිය ගමන…

by editor
ඔක්තෝබර් 29, 2021
in සමාජ
Dematagoda-Ruwan-Home

තහනම් කළ බව කී දෙමටගොඩ රුවන්ගේ වත්කමක්... ඔහුගේ බොරැල්ලේ නිවස...

Share on FacebookShare on Twitter

පහුගිය ජනාධිපතිවරණයේ දී   ප්‍රධානතම අපේක්ෂකයෙකුගේ   මැතිවරණ සටහන මෙහෙයවීම සඳහා දෙමටගොඩ හන්දියට නුදුරින් තුන්මහල් ගොඩනැගිල්ලක  ප්‍රධාන මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන ගියේය.  ඒ සඳහා එම ගොඩනැගිල්ල ලැබී තිබුණේ කුලියට නොව, ව්‍යාපාරිකයෙකුගේ ප්‍රදානයක් වශයෙනි.

අනතුරුව මහ මැතිවරණයේ දී පොහොට්ටුවේ ප්‍රබලම වියත් තරුණ දේශපාලකයෙකුගේ මැතිවරණ කාර්යාලයක්   ගොඩනැගිල්ලේම පවත්වාගෙන ගියේය. ඒ දේශපාලකයා පාර්ලිමේන්තු ගියේය. ඔහුට අවශ්‍ය  කාර්යාල පහසුකම සැලසුවේත් මුලින් කී ව්‍යාපාරිකයා විසිනි. ඒ මුදල් අයකරගැනීමකින් තොරවය.

සමාජයට මහා දානපතියෙක් සේ පෙනී සිටි  මේ තුන්මහල් ගොඩනැගිල්ල හිමි ව්‍යාපාරිකයාගේ   දෙමටගොඩ පිහිටි මාලිගාවක් වගේ නිවස අද (29) උදේ සී.අයි.ඩී. ය වැටලුවේය.

ඒ ව්‍යාපාරිකයාට කීවේ කවුරුත් කීවේ දෙමටගොඩ රුවන් කියාය. දෙමටගොඩ රුවන් දෙමටගොඩ චමින්දගේ සහෝදරයා ය. දෙමටගොඩ චමින්ද මේ වනවිට මරණීය දණ්ඩනය හිමි වී මහඋළුගෙදරය. ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමදන්ද්‍ර ඝාතනයට වරදකරු වී මෙනි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

දෙමටගොඩ චමින්ද ප්‍රසිද්ධව සිටියේ කුඩු ජාවාරමටය.  දෙමටගොඩ රුවන් ද එසේමය. දන්නෝ සියලු දෙනා මේ දෙසෝයුරන්ගේ පැටිකිරිය   දැනගෙන සිටියහ. රටේ දේශපාලකයන් බැලන්ස් කරගෙන පොලිසියේ ඉහළම නිලධාරීන්ට “මචං“ වහරින් ආමන්ත්‍රණය කරමින්  ඔවුන්ට ඇති තරම් මුදල් වියදම් කරමින් දෙමටගොඩ රුවන් කරන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන සී.අයි.ඩි. ය සිටියේ දීර්ඝ විමර්ශනයකය.  ගහන්නම් වාලේ ගසා අත් පය පුච්චා ගන්නට පමණක් නොව බෙල්ලත් කපා ගන්නට සූදානම් නොවූ සී.අයි.ඩී. විමර්ශකයන් දෙමටගොඩ රුවන්ගේ  විමර්ශන පෙළ ගස්වන්නේ ඉතාම සීරුවෙනි‍.

අසීමිත වත්කම්

දෙමටගොඩ රුවන් අසීමිත වත්කම් සහිත වූවෙකි.  ඔහුගේ අධි සුඛෝපභෝගී වාහන ගණනාවක්   විමර්ශකයෝ අධ්‍යයනය කළහ. ඒ සමහර වාහන පාවිච්චි කළේ පොලිසියේ ලොක්කන්ය. තවත් වාහන පන්සල්වල නායක හාමුදුරුවරුය. සමහර වාහන ස්ථානගත කර තිබුණේ කොළඹින් පිටය.  ඔහුට කොළඹ වටා අධි සුඛෝපභෝගී මහල් නිවාස තිබිණි. වතු තිබිණි. ඔහු ජීවත් වූයේ මාලිගාවක් වැනි නිවසකය.

මේ වත්කම් පිළිබඳ විමර්ශකයෝ නීත්‍යානුකූලව ඔහුව ගෙන්වා ප්‍රශ්න කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු ගණනාවක් ලැබෙමින් තිබුණ් හෙයිනි. ඔහු ඒ සඳහා සී.අයි.ඩී.ආවේ බදු ලිපි ගොනුත් සමගය. දෙමටගොඩ ඔහු සතුව අවන්හලක් ඇත්තේය. ඔහු ඉදිරිපත්කළ වත්කම් සියල්ලම එම අවන්හලෙන් කළ ඉපැයීම්ය. ඒ සඳහා ඔහු බදු ලේඛනත් ඉදිරිපත් කළේය. එම බදුගෙවීම නිවැරදිවම කළ ආකාරය ලිපි ලේඛනවල තිබිණි. ඒ ගෙවූ බදු ප්‍රමාණය කොළඹ තරු පන්තියේ හෝටලයක්වත් නොගෙවන තරම් විය. රුවන් කොටුවන්නේ මෙතැනිනි.

විමර්ශකයෝ අදාල බදු ලේඛන ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා නැවත විමසා බැලූහ. චමින්ද ඉදිරිපත් කළ සියලුම ලිපිගොනු ව්‍යාජ ඒවා බව තහවුරු වූයේය. විමර්ශනය ශක්තිමත්ව ගොඩනැගෙන්නේ මේ තහවුරු කරගැනීමෙන් පසුය.

මින් පෙර අවස්ථාවක කළ වැටලීමක දී  රුවන්ගේ වාහන පරීක්ෂාවක්…

රුවන්ගේ ගෙදර

රුවන් සොයාගෙන විමර්ශකයන් ඔහුගේ නිවසට යන්නේය. නිවස පිටතින් ලොකු ලකයක් නැති බව පෙනුණත් ඇතුළනම් මාලිගාවකි.  නිවසේ අවට සහ අභ්‍යන්තරයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට සී.සී.ටී.වී ආවරණයක් පැවතුනේ බලකොටුවක මෙනි. ඉහළම මාලයේ ලංකාවේ ඇති සුපිරිම  ජිම් එකකි. එම පහසුකම් සලසා දී තිබුණේ රුවන්ගේ සහ චමින්දගේ දරුවන්ට ක්‍රීඩා කිරීමටය.

වත්තේ නවතා තිබූ අති සුඛෝපභෝගී වාහන පන්තිය කෝටි 12ක් ඉක්මවීය.   බැංකු කීපයකම සේප්පුවල ඔහුගේ රන් බඩු තැන්පත් කර ඇති බව හෙළි වී තිබේ. නිවසේ සේප්පුවලද කෝටි ගණන් රන් බඩු සහ මුදල්ය.

විමර්ශකයන් කියන්නේ ඔහු පසුගිය වසර තුළ පමණක් රට තුළට ගෙනා කුඩු ප්‍රමාණය කිලෝ 1000ක් ඉක්මවා ඇති බවය. එනම් කුඩු ටොන් එකක් ගෙන්වා ඇති බවය. ඒ මුදල් භාවිතයෙන් ඔහු රටේ දේශපාලනය මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ද හසුරුවා ඇති බවය.

මේ වනවිට රුවන්ගේ කුඩු සල්ලිවලින් නැටූ රූකඩ දේශපාලකයින් මෙන්ම රුවන්ගේ මචංලා වූ පොලිස් ලොක්කන් ද , රුවන්ගේ කුඩු ඩීල් කළ හමුදා නිලධාරීන් ද නම් පිටින් දැන් සී.අයි.ඩී ලයිතුවලය.

දියවූ දේශපාලන හයිය!

දෙමටගොඩ රුවන්  මින්  පෙර අවස්ථා කීපයක දීම දේශපාලනයට ප්‍රවේශ වීමට උත්සාහ කළේය. පසුගිය රජය සමයේ දී ශ්‍රී.ල.නි.ප බොරැල්ලේ ප්‍රබලයෙක් හරහා පොදුජන එක්සත් පෙරමුණෙන් බොරැල්ල නගර සභාවට එන්නට හැදුවේය. එය අභ්‍යන්තර විරෝධය නිසා වැලකිනි. අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ බොරැල්ල කොට්ඨාසයක සංවිධායක තනතුරක් සිය පුතාට ලබා දීමට කටයුතු කර එහි කටයුතු කරගෙන යද්දී මතු වූ විරෝධතාවයක් නිසා මග නැවතුනේය.  ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට පොදුජන පෙරමුණේ පහසුකම් සපයන ව්‍යාපාරිකයෙක් ලෙස ඔහු මතුවන්නේ ඉන් අනතුරුවය.

එහෙත් මෙතෙක් තිබූ දේශපාලන හයිය රුවන් නොසිතූ ලෙස රුවන්ගෙන් ඉවත් වෙමින් ඇත. ඒ හේතුව නොපෙනේ. මින් පෙර දී දෙමටගොඩ රුවන් රටේ හිටපු ඉහළම පොලිස් නිළධාරියත් තමන්ගේ මත් කුඩු ගනුදෙණු බේරාගන්නට කඩේ යැවිය හැකි බලයක් සහිතව සිටියේය.

වර්ෂ 2010 දී දෙමටගොඩ රුවන්ගේ කුඩු තොගයක් හලාවත සිට කොළඹ රැගෙන එන විට පොලිස් විමර්ශකයින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය. එදිනම රාත්‍රියේ දී පොලිසියේ ඉහළම නිලධාරියා විමර්ශකයන් සොයා ගියේය. ගොස් ඔහුගේ නිරීක්ෂණය යටතේම අදාලා ලිපි ලේඛන වෙනස් කළේය. කුඩු තොගය උසාවි ගියේ කේරල ගංජා ලෙස වෙනස් වීමෙනි.

එවැනි බලයක් සහිතව සිට, මෑතක්වන තුරුම දේශපාලකයන් හා පොලිස් නිලධාරීන් සිය මුදල්වලින් නැටවූ දෙමටගොඩ රුවන්ට එරෙහිව පොලිස් විමර්ශකයන් නැගී සිට ඇත.

මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට නඩු පවරා ඔහුගේ දේපල , වත්කම් රාජ සන්තක කිරීමේ කටයුත්ත ක්‍රියාත්මක වෙමින් තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අප කටයුතු කරන්නේ අපේ රටේ නීතිය යටතේයි… මහජන බැංකුව චීනයට ප්‍රතිචාර දක්වයි!

Next Post

සියයට 98ක් දක්වා විභාග ෆේල්… රුහුණු සරසවි තාක්ෂණ පීඨයේ වාර්තාගත බැරිකම විගණනය හෙළි කරයි..

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.