බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කලාපයේ අවුල් ලිහන ඉ=න්දු ජපන් හවුල

by Lanka Sara Editor
මාර්තු 20, 2023 - Updated on අප්‍රේල් 1, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

 

 

ගෝලීය දේශපාලන සමතුලිතභාවය අද වන විට වෙනත්ම මානයකට ගෙන යමින් මෙතෙක් පැවති ජාත්‍යන්තර සබඳතා අලුත් කිරීමට සමත්ව තිබේ.

ඒ අනුව මෙතෙක් කාලයක් ගෝලීය බලවතා බවට පත්ව සිටි ඇමරිකා එක්සත් ජනපදයට තමන් අත්පත් කරගෙන සිටි බලය සහ ගෝලීය සමතුලිත  භාවයට බලපෑම් කිරීමට ඇති හැකියාව අඩුවී තිබේ. මෙම තත්වයත් සමඟම තවත් සාධක සහ බලවේග කීපයක්ම ගෝලීය වශයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින බවටද නිරීක්ෂණය කිරීමට හැකියාව පවති.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙම නෑගීඑන නව බලවේග අතර චීනය ප්‍රමුඛ සාධකයක් බවට පත්ව තිබේ. එහිදී පසුගිය දශක කීපයේදී චීනය විසින් අත්පත් කරගත් සුවිශේෂී ආර්ථික වර්ධනයද ඊට විශාල රුකුලක් වී ඇත. එම වේගවත් ආර්ථික වර්ධනයක් සමඟම චීනය අද වන විට ලොව දෙවන විශාලතම ආර්ථිකය බවටද පත්ව තිබේ.

චීනයේ මෙම ආර්ථික වර්ධනයත් සමඟ ඔවුන් විසින් තමන්ට ජාත්‍යන්තර සමබරතාවයට බලපෑම් කිරීමට ඇති හැකියාවද වාර්ධනය කරගැනීමට සමත්ව ඇත. එම වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස චීනය විසින් සිය යුධ ශක්තිය වර්ධනය කරගැනීමටත් පියවරගෙන තිබිණි.

තමන් සතු සුවිශේෂී ආර්ථික ශක්තියත් එමගින් වර්ධනය කරගත් යුධ ශක්තියත් සමඟ ලොව විශාලතම නාවික හමුදාව තමන් සතු කරගැනීමට චීනය සමත්ව තිබේ. මෙලෙස ලොව ප්‍රබලතම නාවික හමුදාව තමන් සතුවීමත් සමඟම චීනය විසින් දකුණු චීන මුහුද සහ තමන්ට අයත් බවට නිරන්තරයෙන් පවසන තායිවානයට ආසන්න මුහුදු කළාප වල ක්‍රිකාකාරකම් වැඩි කිරීමට කටයුකු කරන අයුරුද දැක ගැනීමට හැකිවිය.

 

ඒ අනුව මෙම තත්ත්වය ආසියානු කළාපයේ තවත් ප්‍රබලයින් දෙදෙනෙකු වන ඉන්දියාවට සහ ජපානයට බලපෑම් එල්ල කිරීමට සමත්විය. මෙහිදී විශේෂයෙන්ම ජපානයට සිය නිෂ්පාදන ගෝලීය වෙළෙඳ පොළට රැගෙන යන සහ තමන්ට අවශ්‍ය බලශක්ති අවශ්‍යතා සපුරා ගන්නා ඉන්ධන ප්‍රවාහනය කරන මුහුදු කළාපය දැඩි අවධානම් සහගත තත්ත්වයකට පත් කරනු ලැබීය.

චීනය විසින් තායිවානය ආසන්න මුහුදේ ක්‍රියාකාරකම් වර්ධනය ජපනායට සෘජු බලපෑම්ක් එල්ල කළ අතර ඉන්දියාවට චීනයේ නැගී එන මිලිටරි බලය සෘජු තර්ජනයක් විය. එහිදී ඉන්දියා සහ චීනය සිය දේශසීමා බොදා ගන්නා ආකාරයද යම් තර්ජනයක් විය.

 

මෙහිදී චීනය විසින් ඉන්දු චීන දේශ සීමා වලට දැඩි ආක්‍රමණශීලී ස්භාවයිකින් කටයුතු කළ අතර එය පසුගිය කාලයකදී ගැටුමක් බවටද වර්ධනය විය. චීනය විසින් ඉන්දීය දේශසීමාව අසාන්නයේ මිලිටර් ඉදිකිරීම් වර්ධනය කළ අතරම එමගින් ඉන්දීය සෛවරීයභාවයටත් භෞමික අඛණ්ඩභාවයටත් සෘජු තර්ජනයක් එල්ල කලේය.

චීනය ඉන්දියාවට දේශසීමාව වශයෙන් තර්ජනයක් එල්ලකරන අතරතුරදීම ඉන්දීය සාගර කළාපය තුල සිය ක්‍රියාකාරකම් වර්ධනය කිරීම මගින්ද සිය සබ්මැරීන් දියත් කිරීමද සාගර කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නාර්ථයක් මතු කිරීමට සමත් විය.

 

උද්ගතවී ඇති මෙම තත්ත්වය පිළිතුරක් වශයෙන් ඉන්දියාව සහ ජපානය එක්ව කටයුතු කිරීමටත් තම පොදු හතුරාට සාර්ථකව මුහුණ දීමට කටයුතු කළේය. එහිදී කොඩ් එකමුතුව මගින්ද චීනයෙන් එල්ල වි හැකි බලපෑමට ඉන්දියාව සහ ජපානය එක්ව කටයුතු කිරීමට පියවරගෙන තිබිණි.

 

මෙම වැඩසටහන් වල එක් ප්‍රතිඵලයක් ලෙස ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා ඉන්දියාවේ සුවිශේෂී සංචාරයක් නිතරවිය.  ජපාන අග්‍රමාතවරයාගේ මෙම සංචාරයේ මූලිකම අභිප්‍රාය වූයේ ජී7 සහ ජී20 අතර සහයෝගීතාව වර්ධනය කිරීමයි.

 

එහිදී ජපානය ජී7 හි සභාපතිත්වය දරණ අතර ඉන්දියාව ජී 20හි සභාපති ධූරය දරණ බැවින් සිය හවුල්කාරීත්වය උපාය මාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය වර්ධනය කිරීමට දැඩි අවධානයක් යොමු කර තිබණි. එහිදී නිදහස් සහා සුරක්ෂිත ඉන්දු පැසිපික් කලාපයක් බිහිකිරීමද අපේෂිත අරමුණක්විය.

 

මෙම සංචාරය අතරතුරදී ජපාන අග්‍රමාත්‍යවරයා විසින් ඉන්දු පැසිපික් කළායේ වැදගත් කමත් එහිදී ඉන්දියාව සහ ජපානය අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමේ වැදගත් බවත් ඊට අවශ්‍යකරනු ලබන වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවටද පෙන්වා දුන්නේය.

නව දිල්ලිය සහ ටෝකියෝ පාලනයන් ද්විපාර්ශ්විකව මෙන්ම ක්වොඩ් සාමාජිකයින් වශයෙන් ද ශක්තිමත් සබඳතා භුක්ති විඳිති. ජපානයේ නව දිශානතිය ආර්ථික හා යුධ ක්ෂේත්‍ර දෙකෙහිම ඉන්දියාවට අවස්ථා ලබා දී තිබේ.

එමගින් අධි තාක්‍ෂණික කර්මාන්තයන්  චීනයෙන් ඉවතට ගෙනයාමේ ජපන් ප්‍රයත්නයන් මෙන්ම ආරක්‍ෂිත සහ අභියෝගවලට ඔරොත්තු ඉන්දු පැසිපික් ඛලයේ දෙන සැපයුම් දාමයන් පිහිටුවීම සඳහා බිහිකිරීමටද ඉන්දියාවට මෙහිදී ඉඩකට සලසා දී තිබේ.

ජපානය විසින් පසුගිය කාලයේදී සිය ආරක්ෂක වියදම් වර්ධනය කිරීමටත් එමගින් ඉන්දියාව සමඟ සිය ආරක්ෂක වැඩසහන් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබිණි. එහිදී පසුගිය කාලය පුරාවටම දෙරට විසින් ඒකාබද්ධ යුද පුහුණු රැසක් ක්‍රියාත්මක කළ අතර එමගින් චීනයෙන් එල් ලවිය හැකි අභියෝග වලට සාර්ථිකව මුහුණ දීමට දෙරටේ ආරක්ෂක අංශ සූදානම් කිරීමක් ලෙසටද දැකිය හැකිය.

 

මේ අතර අද වන විට ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩියෙන්ම ලබන්නා බවට පත්ව ඇත්තේද ඉන්දියාවයි. මෑත වසරවලදී, ජපානය ඉන්දියාවේ ඊසානදිග කලාපයේ මාර්ග, පාලම්  කළමනාකරණය සහ ධාරිතා ගොඩනැගීමට අදාළ සංවර්ධන ව්‍යාපෘති යටතේ  ප්‍රවර්ධනය කිරීමට පියවරගෙන ඇත. මෙහිදී ජපානය විසින් සිය මෙට්‍රෝ දුම්රිය සේවාව ඉන්දියාවට ලබාදීමට පියවරගැනීම අදවන විට ඉන්දියාවේ ප්‍රවාහන අවශ්‍යතා කඩිනමින් සපුරා ගැනීමට විශාල පිටිවහලක් වී තිබේ‍.

 

මෙහිදී ඉන්දියාව සහ ජපානය හුදෙක් සිය ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධකනය කරගැනීමට අවධානය යොමුකිරීමෙන් ඔබ්බට ගොස් සිය කළාපීය මිතුරන් හටද සහය වීමට කටයුතු කරමින් සිටියි. එහිදී මේවන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමටද ඉන්දියාව සහ ජපානය ඉදිරිපත්ව ඇත.

 

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සිය විදේශ සංචිත සිදීයාමට මුහුණ දුන් අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ඉදිරිපත් වූයේ ඉන්දියාවයි. එහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබාදෙමින් සැබෑ අසල්වැසියෙකුගේ කාර්ය ඉටුකිරීමට ඉන්දියාව සමත්විය.

 

ඉන් අනතුරුව ජපානයද ශ්‍රී ලංකාවේ සහයට පැමිණි අතර එහිදී ජපානය ශ්‍රී ලංකාවට සපයා ඇති ණය ප්‍රතිව්‍යුහගත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලබා ගැනීම අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කළේය.

මෙහි සුවිශේෂිත්වය වන්නේ පසුගියදා ජපාන අග්‍රමාත්‍යවරයා ඉන්දියාවේ කළ සංචාරය අතරතුරදී ඉන්දිය අග්‍රමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් සහ ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබීමයි.

 

මෙම තත්ත්වයන් සමඟ ඉන්දු ජපාන සම්බන්ධතා දෙරටට මෙන්ම කළාපීය වශයෙන්ද අංශ රැසකින් වැදගත්වන අතර එය ඉදිරියේදී ගෝලීය බලවේග වලින් ඉන්දු පැසිෆික් කළාපය ආරක්ෂාක කිරීමටද ප්‍රබල සාධකයක් වනු ඇත.

Share69Tweet43
Previous Post

නීතියට ගරු නොකරන විධායකයට එරෙහිව වෘත්තිකයින් පෙළ ගැසිය යුතුයි… නීතිඥ සංගමය

Next Post

පසුගිය වසරේ පමණක් පාසල් දරුවන් 411ක් මාර්ග අනතුරුවලින් මහ මග මිය ගිහින්!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.