බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එහෙ පවුලයි… මහෙ පවුලයි… ඉන්නත් බැරි එන්නත් බැරි ලෙබනනයේ ශ්‍රි ලාංකිකයන්ගේ අවුල…

by editor
ඔක්තෝබර් 20, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 7,600 ක්  මේ වන විට ලෙබනනයේ  රැඳි සිටින බවත් දිනෙන් දින උත්සන්නවන යුධ තත්ත්වයක් ඇති නමුත් බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දැඩි මිල්ටරි ප්‍රහාරයකට ලක්වන ලෙබනනය හැර යනවා ද, නැතහොත් එහිම රැඳී සිටිනවා ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පවසන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ආපසු සිය රට බලා යාමට අකමැති බවය. පවතින තත්ත්වය බලමින් තවදුරටත් ලෙබනනයේ රැඳී සිටීමට ඔවුන් තීරණය කර ඇති බවය.

ඔවුන් ලෙබනනය හැර නොයන්නේ ඇයි?

“දශක ගණනාවක් තිස්සේ මෙහි ජීවත් වූ සමහර දෙනාට ශ්‍රී ලංකාවේ පවුල සමඟ සබඳතා නෑ…, සමහර විට ඔවුන් වෙනත් සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සමඟ ලෙබනනයේ දි ඔවුන් තමන්ගේම පවුල් ආරම්භ කරලා තියනවා. ලෙබනනය ඒ අයගේ දෙවන නිවස වෙලා,” තානාපතිවරයා පැවසීය.

“එසේ වුනත් ඔවුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට නීත්‍යානුකූලව ලෙබනන් සමාජයට අන්තර්ග්‍රහණය කළ නොහැකියි. ඔවුන්ට රජයේ පාසල් අධ්‍යාපනය ලැබිය නොහැකියි. කෆාලා ක්‍රමය යටතේ ඔවුන් ලෙබනනයේ රැඳී සිටින්නේ ඔවුන්ගේ සේවායෝජකයාගේ අභිමතය පරිදි පමණයි…” තානාපතිවරයා පැහැදිලි කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට ආරක්ෂිත ස්ථානවල පදිංචිව සිටින සංක්‍රමණිකයන්ට සහාය දක්වන නමුත් සංක්‍රමණික ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රජා සංවර්ධන සේවා අධ්‍යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් අනතුරු ඇඟවූයේ නවාතැන්වල තත්වය නරක අතට හැරෙන බවය.

” විශේෂයෙන් වේගයෙන් රෝග පැතිරී යනවා. ලෙබනනයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැනටමත් කඩන් වැටිලා තියෙන්නේ. “ලෙබනනයේ පෞද්ගලික රෝහලක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ රෝහල්වල සෞඛ්‍ය  සේවා මිල අධික බැවින් බොහෝ සංක්‍රමණික සේවකයින්ට, විශේෂයෙන් කල් ඉකුත් වූ වීසා මත සිටින පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා ලබා ගත හැක්කේ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව පමණක් බවය.

බොහෝ දෙනෙකුට නැවත ලංකාවේ නිවෙස්වලට යන්න බෑ

තත්ත්වය නරක අතට හැරුණහොත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ඔවුන්ගේ අදහස වෙනස් විය හැකි බව ප්‍රජා සංවර්ධන සේවා අධ්‍යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් පැවසීය. කෙසේ වෙතත් ලෙබනනයේ මෙතෙක් සාපේක්ෂව නිදහස් මෙන්ම අනීතික ජීවිතයක් ගත කළ බොහෝ දෙනෙකුට, නීත්‍යානුකූල ලේඛන නොමැති වීම ආපසු ලංකාවට යාමට විශාල බාධාවක් ඇත. ඔවුන් බොහෝ විට ලංකාවේ ද පවුල් ජීවිත ගත කරඇති පිරිසක් බැවින් නව පවුල් සහ දරුවන් සමග රටට යෑමට ඇති අවස්ථාව තෝරා ගැනීම ද ඉතාම අවම මට්ටමක පවතී.

එමෙන්ම ප්‍රජා සංවර්ධන සේවා අධ්‍යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් පවසන්නේ ඇතැම් සංක්‍රමණිකයන් ලෙබනනයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර හෝ සංචාර වීසා මත බවය. තවත් අයගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන්ගේ හාම්පුතුන් ලඟ තිබිය දී ඔවුන් සේවා ස්ථානවලින් පැන ආ පිරිස්ය.

බොහෝ දෙනෙක් ලෙබනනයේ දශක ගණනාවක් තිස්සේ ජීවත් වී ඇති අතර, බොහෝ දුරට පලස්තීන හෝ සිරියානු සරණාගතයින් සමඟ ජීවත් වී දරුවන් ද හදාගෙන ඇත. විදේශිකයන් දෙදෙනෙකුට ලෙබනනයේ විවාහයක් ලියාපදිංචි කළ නොහැකි බැවින්, මෙම දරුවන් විවාහයෙන් පිටත උපත ලැබූ දරුවන් ලෙස සලකනු ලබන ලබයි. ඇන්ඩෘ සැමුවෙල්ට අනුව ඔවුන්ගේ ලේඛන පිළිවෙළට ගැනීම වඩාත් සංකීර්ණ වේ.

හදිසි අවස්ථාවක සියලු දෙනා ගෙන්වන්න සූදානම් – රජය කියයි

කොළඹදී විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ සිසිර සෙනෙවිරත්න සිටියේ හදිසි අවස්ථාවකදී සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ ලියකියවිලි නොසලකා “ඉහළම ප්‍රමුඛතාවයක්” ලබා දෙන බවය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන නිසි පරිදි නොමැති වුවද තාවකාලික සංචාරක ලියවිල්ලක් සඳහා පුද්ගලයන් නිර්දේශ කිරීමට බේරූට් තානාපති කාර්යාලයට බලය ඇති බව ඔහු පැවසීය.
පුද්ගලයන් තානාපති කාර්යාලයෙන් සම්මුඛ සාකච්ඡාවකට ලක් කෙරෙන අතර අදාල නිර්දේශ කිරීමට පෙර ඔවුන් ලෙබනනයට පැමිණියේ ශ්‍රී ලංකාවේ කොහේ සිටද සහ ඔවුන්ගේ පවුලේ අය කවුරුන්ද යන්න පිළිබඳව විමසනු ඇත. මෙම දත්ත පසුව ප්‍රාදේශීය පොලිසිය සහ ග්‍රාම සේවක හරහා තහවුරු කළ හැකි බව ද ඔහු කීවේය.

Readmission Case Management System ලෙස හැඳින්වෙන මෙම ක්‍රමය හරහා නිලධාරීන්ට “මානුෂීය ආකල්පයක්” සහිතව දරුවන්ගේ උපත් ලියාපදිංචි කර නොතිබූ සංකීර්ණ අවස්ථාවන්හිදී පවා ක්‍රියා කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැහැදිලි කළේය.

“මෙවැනි හදිසි අවස්ථාවක අමාත්‍යාංශය, තානාපති කාර්යාලය, ආගමන දෙපාර්තමේන්තුව, ග්‍රාම සේවක, බුද්ධි අංශ නිලධාරීන්, පොලිසිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) එක්ව කටයුතු කළ යුතුයි,” ඔහු පැවසීය. “රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය මත අපට පළමුව දරුවන් ගෙදර ගෙනැවිත් පසුව ලියාපදිංචි කළ හැකිය.” ඔහු පැවසුවේය.

දශක ගණනකට පසු යළි සිය රටට එන මෙම සංක්‍රමණික ශ්‍රමිකයින්ට සමාජ හා ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇති බවට පුරෝකථනයක් ඇත. විශේෂයෙන්ම ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක් වූ කාන්තාවන්ට තම නිවසට පැමිණීම අභියෝගයක් විය හැකි බව ඇන්ඩෘ සැමුවෙල් පවසයි.

“විශේෂයෙන්ම ඔවුන් විදේශිකයන් සමඟ සබඳතා පවත්වා ඒ සබඳතාවල ප්‍රතිඵල සමඟ ආපසු එන්නේ නම් ශ්‍රී ලාංකික සමාජය ඔවුන්ට අනුකම්පා නොකරනු ඇති…”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජංගම දුරකථනයක බැටරියක් පිපිරී ගිනි ගන්නා හැටි සීසීටීවී කැමරාවක…

Next Post

හදිසියේ රෝගාතුර වූ මාවෙයි සේනාධිරාජා යාපනය පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.