සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ආරූඪය, දේව වරම හා සම්බන්ධ සුව කළ හැකි මනෝ ව්‍යාධිය

දේවාරූඪය හා වරම් සම්බන්ධව කෙරෙන මානෝ විද්‍යාත්මක විග්‍රහයකි.

by editor
දෙසැම්බර් 19, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

පැණිය බොන්නට පෙර වෙදමහත්තයා මනෝ වෛද්‍යවරයෙක් වෙත ගෙනියන්න…

කොවිඩ් – 19 රෝගයට ප්‍රතිකාරයක් ලෙස හඳුන්වා දුන් පැණිය පිළිබඳ කතිකාවත නව මානයකට යොමු වූයේ එහි සම්භවය කාලි මෑණියන්ගේ නම හා සම්බන්ධ වීම සමඟ ය. තමා කාලි මෑණියන්ගේ වරමක් ඇත්තෙක් බව එම වෙද මහතා පවසයි. වරම් හා එහි ප්‍රතිඵලය වන ආරූඪ ගැන විද්‍යාත්මක විග්‍රහයක් කිරීමට මෙය කදිම අවස්ථාවකි. කොවිඩ්  පැණිය කෙසේ වෙතත් වරම් හා ආරූඪ නිසා මානසික රෝගීන්ට වන ආතතිය යම් ප්‍රමාණයකට අවම කිරීම මෙම ලිපියේ අරමුණයි.

ආරූඪවීම මානව ඉතිහාසයේ මුල සිටම හඳුනාගත හැකි මානව සිද්ධාන්තයකි. මෙය ප්‍රාදේශීය සංස්කෘතිය හා තදින් බැඳී පවතී.  උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සමහර උප සංස්කෘතීන් තුළ ආරූඪ  වඩා ප්‍රචලිත වීම දැක්විය හැක.  ආරූඪයෙන් සංස්කෘතික වලංගු භාවය රැකගැනීමට උප සංස්කෘතිය පමණක් නොව පොදු සංස්කෘතියේ මාධ්‍ය භාවිතය (ඉලෙක්ට්‍රොනික හා සමාජ මාධ්‍ය) හා පිළිගත් චරිතවල (දේශපාලකයන් සමහර විද්වතුන් ආගමික නායකයන්) හැසිරීම ද හේතු වේ .

ඒ අනුව රාජ්‍යය තුළ වරම් හෝ ආරූඪ ගැන විශ්වාස අඛණ්ඩව පවත්වා ගැනීම දේශපාලනමය හෝ වාණිජමය අවශ්‍යතාවක් ලෙස සමහර අංශ හඳුනා ගෙන ඇති බවක් ද පෙනේ.

සෞඛ්‍ය ඇමතිනියගේ පැණී පානය… රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමනයෝ ද පසෙකින් වෙති…
  • තාවකාලික ආරූඪය…

තාවකාලිකව ආරූඪයකින් පොදුවේ සිදුවන්නේ යම් බාහිර බලවේගයක් පුද්ගල ශරීරය ආක්‍රමණය කර අත්පත් කර ගැනීමය. මෙම බලවේගය මියගිය ඥාතියෙක්, දෙවි කෙනෙක්, යක්ෂයෙක් හෝ මිථ්‍යා සත්වයෙක් විය හැකිය.  සමහර ආරූඪ සමාජය පිළිගන්නා අතර සමහර ආරූඪ සමාජය පිළි නොගනී. වරමකදී වන්නේ සමාජය පිළිගන්නා ආරූඪයකි. එහි ස්වරූපය පුද්ගලයාගේ යම් පාලනයකට යටත්ව නැවත නැවත ඇති කර ගැනීමට හැකිවීමය. මෙම බෙදීමට සමගාමීව සමහර ආරූඪ පුද්ගලයා පිළිගන්නා අතර සමහර ආරූඪ පුද්ගලයා ප්‍රතික්ෂේප කරයි. ආරූඪයක දී පුද්ගලයා වෙනස් වෙනත් භාෂාවකින් හෝ වෙනස් වූ කට හඬකින් කථා කරන අතර යම් සම්මත අංග චලනයක් පෙන්වයි. ආරූඪය නිම වූ පසු එම කාලය පුද්ගලයාට අමතක වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • ඇත්තෙන්ම ආරූඪයක දී බාහිර බලවේගයක් ශරීරය ආක්‍රමණය කරයි ද?

වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ මෙයයි. උත්තරය නැත යන්නයි.

ආරූඪයකදී සිදුවන්නේ මනස තුළ මනෝ විද්‍යාත්මකව පහදා දිය හැකි වෙනසක් පමණි. සියලු පුද්ගලයන් තුළ සිහිය මතකය, සිය අනන්‍යතාව (Self ….) නව බාහිර සංවේදනය  (perception ) අතර අන්තර් සම්බන්ධයක් ඇත. තාවකාලිකව මෙම අන්තර් සම්බන්ධය බිඳ වැටීම (විශේෂයෙන් බාහිර සංවේදනය හා අනන්‍යතාව අතර) ආරූඪයකට හේතුවෙයි.

  • ආරූඪ ඇතිවීමට හේතු

ආරූඪ ඇතිවීමට මානසික රෝග, මානසික ගැටුම් (Cou..) සංස්කෘතික හැඩගැන්වීම්, ආගමික විශ්වාස ආදිය හේතු වෙයි. එසේම ආරූඪයක් ලැබුණු පසු බාහිරයෙන් ලැබෙන වාසි (ආර්ථිකමය සමාජ පිළිගැනීම පවුල තුළ ඇතිවන වරප්‍රසාද) එම තත්ත්වය දිගින් දිගට පැවතීමට හේතු වේ.

ආරූඪ හා බැඳෙන තත්ත්ව පහත ලෙස වර්ග කළ හැක.

  1. මනස තුළ ඇතිවන ගැටුමක් ප්‍රතිඵලයක් ලෙස

අප මනස තුළ නොයෙක් ගැටුම් ඇතිවේ. මෙම ගැටුම් අප තුළ මානසික ආතතියක් ඇති කරයි. මෙම ගැටුම් නිරාකරණය කරගැනීමට හා ඊට මුහුණ දීමට අසාර්ථකවන යම් අය ආරූඪයකට පත් විය හැක. ඉන් ඔවුන්ගේ මානසික ආතතිය අඩුවී යයි. උදාහරණයක් ලෙස විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති වන ආකර්ෂණය හා දෙමාපිය ආදරය යන අංශ දෙක අතර මානසික ගැටුමකට ලක්වන යෞවනියකට කලු කුමාර දිෂ්ටිය ඇතිවිය හැකිය. එම මානසික ගැටුම හඳුනාගෙන එය නිරාකරණය කර ගැනීමට උපකාර වීමෙන් මෙම ආරූඪ පහසුවෙන් සුවකළ හැක.

  1. මානසික රෝගවල අංගයක් ලෙස

භීනෝන්මාදය මායා රෝග විශාදය ආදී මානසික රෝගවල ලක්ෂණයක් ලෙස ආරූඪ ඇති විය හැක. හේතු වූ මානසික රෝගයට ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්ත්වය සුව කළ හැක.

  1. ආගමික උත්සවවලදී ඇතිවන තාවකාලික ආරූඪ තත්ව

යම් ආගමික උත්සව වටපිටාවක අන්‍යයන්ගේ මතයන් යෝජනාවන් මත පහසුවෙන් වෙනස් වන පෞර්ෂත්ව ඇති පුද්ගලයින්ට තාවකාලික ආරූඪ ඇතිවිය හැක.

  1. ආගමික හෝ සංස්කෘතික වටපිටාවක වරම් ලැබීම.

දිගින් දිගට ආරූඪ වෙමින් එම ආරූඪ ආර්ථිකමය හා සමාජයීය වාසි ලබා ගැනීමට යොදා ගන්නා අය මේ කොටසට අයත්ය. මින් සමහරක් බොරුවට ආවේශ වන්නන් විය හැකි අතර සමහරක් සත්‍ය  වශයෙන්ම ආවේශ වනවා විය හැක. සැලකිය යුතු ජනතාවක් මෙම පුද්ගලයින් විශ්වාස කිරීම නිසා දැඩි ආර්ථික පාඩු ඇති කර ගනියි. විශේෂයෙන් සමහර මානසික රෝගීහු මොවුන් නිසා නිසි ප්‍රතිකාරවලට යොමු නොවී සිටිති. රටක දේශපාලනමය සංවර බව, ප්‍රඥාව හා අවංක බව වැදගත් වන්නේ ඔවුන්ගෙන් පොදු ජනතාව බේරා ගැනීමටය.

අවසානයේ නැවත මතක් කළ යුත්තේ ආරූඪ කුමන වර්ගයට අයත් වුවත් එය ඇති වන්නේ මනස තුළ ඇතිවන සංසිද්ධියක එක් ප්‍රතිඵලයක් ලෙසින් බවය. කිසිදු බාහිර බලයක් ඊට අදාළ නොවේ. එය පිළිගැනීම පොදු ජනතාවගේ සෞඛ්‍ය හා සාක්ෂරතාව ඉහළ නැංවීමට හේතු වනු ඇත.

මනෝපුබ්බංග මා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා

( මනස සියලු දෙයට මුල් වෙයි. ධම්මපදය – යමක වග්ගය )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබ් රථයක් වව්නිකුලම් වැවට පෙරළී දරුවෙක් සහ රියදුරු අතුරුදහන්….

Next Post

අද කොවිඩ් මරණ 06ක්… සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171ක්….

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.