බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

හුදෙකලාවේ වැඩ හිඳින නල්ලූර් කෝවිලේ දෙවියෝ

by editor
මැයි 21, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ නල්ලූර් කෝවිල

මැයි මාසයේදී තුන් වන  බදාදා යාපනයේ නල්ලූර් කෝවිලේ පැවැත්වුණු විශේෂ දේව පූජාවට මෙවර සහභාගී වූයේ බැතිමතුන් දහ අට දෙනෙකු පමණි.

ඊට පෙර දිනයේ යාපනයේ බ්‍රාහ්මණ වංශික පවුලක විවාහ මංගල උත්සවයක් මේ කෝවිලේදී පැවතියත් ඊට සහභාගී වූයේ දොළොස් දෙනෙකි.

සාමාන්‍ය දිනයකදී නල්ලූර් කෝවිලේ උදෑසන පූජාවට සහභාගී වන පිරිස දෙදහසක් පමණ වෙති. යාපනයේ රජයේ කාර්යාල වල සේවයට යන පිරිස්ද යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු හා සිසුවියන්ද මේ නල්ලූර් කෝවිලේ ආශිර්වාදය උදෑසනම ලබා ගෙන සිය රාජකාරී සඳහා යාම සිරිතක් කරගෙන තිබෙන්නේ අනාදිමත් කාලයක සිට පරම්පරාවෙන් පරම්පරාවට ලද දායාදයක් වශයෙනි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

දෙස් විදෙස් සංචාරකයින් අතර පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මේ යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලට මේ නැස්පැත්තිය උදා වී ඇත්තේ කොරෝනා වෛරස් රෝග වසංගතය නිසාය.

කතරගමට අධිපති කතරගම දෙවියන් යාපනයේ වල්ලිට පෙම් බැදීමේ ප්‍රතිපලයක් ලෙසින් ඇති වූයේ යැයි කියන නල්ලූර් කෝවිලට බැතිමතුන් නොපැමිණෙන්නා සේම කතරගමටද දිවයිනේ සෙසු දේවස්ථාන වලටද බැතිමතුන් පැමිණීම අඩු වී තිබේ.

නල්ලූර් කෝවිල් බාරකාර මණ්ඩලයේ කුරුක්කල්වරයෙකු වන පී.තිරුවඥාණම් කුරුක්කල්වරයා කියා සිටියේ මහා යුද්ධ සමයේදීවත් නල්ලූර් කෝවිලට බැතිමතුන් පැමිණීම සීමා නොවූ බවයි.

” සාමාන්‍යයෙන් මැයි මාසයේ තුන් වන බදාදා නල්ලූර් කෝවිලේ පැවැත්වෙන විශේෂ දේව පූජාව යාපනයේ වැසියන්ට ඉතාම වැදගත් පූජාවක් වෙනවා. කෘෂිකාර්මික කටයුතු සාර්ථක වීම නිසා ඒ සහල් වලින් දෙවියන් පිදීමත් මිනිසුන්ට දාන දීමත් සිදුවන්නේ මේ විශේෂ පූජාවත් එක්කයි.

මීට පෙර මේ පූජාවට දස දහසක් පමණ දෙනා සහභාගී වෙනවා. දානය ගැනීමට යාචකයින් පමණක් දෙදාහක් විතර එකතු වෙනවා. ඒත් මෙවර ඔක්කොම උන්නේ දහ අට දෙනයි. දානය දීමක් සිදු වුණේ නෑ. පූජාව විතරක් සිරිතට වගේ කළා.

යාපනයට මහා යුද්ධය තිබුණු කාලෙදිවත්  නල්ලූර් කෝවිලට මෙහෙම සෙනග අඩු වුණේ නැහැ. ඒත් පන්දාහක් විතර ආවා.

කොරෝනා රෝගය නිසා පනවා තිබෙන නීති රීති එක්ක මිනිස්සු එන්න බයයි. ඒක පලවෙනි කාරණාවයි. ඒ වගේම තමයි යුද්දෙට වඩා මිනිස්සු මේ වෛරස් රෝගයට බයයි .යුද්ධයේදී සතුරා දැක ගන්නට ලැබුණා. පෙනෙන්නට හිටියා. නමුත් මේ වෛරසය පෙනෙන්නේ නෑ. ඒක නිසා මිනිස්සුන්ගේ බය වැඩියි.”

මිනිසුන් තුළ දේවවාදයට වඩා විද්‍යාත්මක චින්තනය හා තර්කනය කෙමෙන් කෙමෙන් ඉස්මතු වීමට කොරෝනා වෛරස්  වසංගතය සමත් වූ බව මැනවින් කියා පෑමට යාපනයේ නල්ලූර් කෝවිලේ පූජාවන්ට බැතිමතුන් නොපැමිණීමේ සිද්ධිය කදිම උදාහරණයකි.

වෙනදා මේ කෝවිලේ දෙවියන් ඉදිරියේ බිඳින පොල් ගෙඩි වල කැබලි එකතු කර ගෙන යාමට පැමිණෙන කොලු කුරුට්ටන් සියයකට වඩා දැකිය හැකි වෙයි. වෙළෙන්දෝ හයසීයක් පමණ යාපනයේ නල්ලූර් කෝවිලට එන බැතිමතුන්ට කුමක් හෝ අලෙවි කොට  ජීවත් වූහ. මේ වන විට ඒ කිසිවක් ක්‍රියාත්මක නොවේ.

යාපනය නල්ලූර් කෝවිලේ පැවැත්වෙන පූජාවන්ට මතරව එහි විවාහ මංගල උත්සවයක් ගැනීමද අසීරුම කාරණයකි. කුල භේදය ඉතා තදින්ම පවතින යාපනයේ එවැන්නක් කළ හැක්කේ බ්‍රාහ්මණ වංශික මෙන්ම තවත් උසස් කුල කීපයක සීමිත පුද්ගලයින් පිරිසකට පමණකි.

කවර කුලයක කුමන ජගතෙකු වූවද නල්ලූර් කෝවිලේ සාම්ප්‍රදායට ගරු කිරීමට නොහැකි නම් ඒ කෝවිල තුළට ගොස් හමාරය. පිරිමි පුද්ගලයෙකු කෝවිලට ඇතුලු විය යුත්තේ උඩුකය ඇඳුම ගැලවීමෙන් පසුවය. විවාහ මංගල දිනයටද මේ නීතිය ඇතුලු අනෙක් නීතීන් වලංගුය.

මහා වංශිකයින්ගේ විවාහ මංගල උළෙලකදී ඔවුන් දෙපලගේ ඇදුම් ආයිත්තම් හා පූජා භාණ්ඩ රැගෙන යාම සඳහා තරුණ තරුණියෝ විස්සක් පමණ සැදී පැහැදී ඔවුන්ද එකම ඇඳුමකින් සැරසෙයි. නමුත් කොරෝනා වෛරස් වසංගතය මැද පැවති විවාහ  මංගල උත්සවයට සේරම කිරීමට සිටියේ විස්සකට වඩා අඩු පිරිසකි. එහෙත් මංගල්ලය සිදු වුණි.

මැයි මාසයේ තුන් වන බදාදා දේව පූජාවද සිදු වුණි. නමුත් මහා බෙර වැයුම් කන් බිහිරි වන අන්දමේ නාද ස්වරම් නලා හඩ හා ශබ්ද වාහිනී යන්ත්‍රවල හඩක් නල්ලූර් කෝවිලෙන් අසන්නට නොලැබුණි. කොරෝනා වෛරස් උවදුරත් සමග ඇති වූ මේ විපර්යාසය පරිසරය සුරැකීමට විශාල පිටිවහලකි. නමුත් මිනිසාට රෝග බිය හමාර වූ විගසම යළිත් මේ සියල්ල විනාශ කොට දමනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇඳිරි නීතිය කාලෙ පරන්තන් සිසුවෙක් කාර් එකක් හදලා

Next Post

ජනාධිපතිගෙ කතාවෙන් ඔවුන් කළ යුද අපරාධ වසන් කළා

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.