බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

නත්තලේ අරුත රූපණය කරන විචිත්‍රාංගවල අතීත පවත

by editor
දෙසැම්බර් 25, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

අසිරිමත් නත්තල අදය.  ලෝකයම නත්තල සමරනු ලබන්නේ මෙතෙක් පවත්වාගෙන පැමිණි සංස්කෘතික සම්ප්‍රදායන් පවතින උවදුරු සමයට අනුව සංස්කරණය කරගනිමිනි. එහෙත් නත්තලෙහි පැවති චිරාගත සම්ප්‍රදා   ඌණනය වී නැත. මෙම කෙටි ලිපිය නත්තල අරුත් ගන්වන ප්‍රධාන සම්ප්‍රදායික අංග කිහිපයක මූලයන් ගැන විමසා බැලීමය.

  • ගවලෙන

ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර් ය. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයත් වී  තිබුනෙ රෝම අධිරාජ්‍යයට ය. රෝම රාජ්‍යයේ සංගණනයක් කිරීමට ඔගස්ටස් සීසර් තීරණය  කරන්නේය. මේ සංගණනය සඳහා හැමෝම තම තමුන්ගේ උපන් ගම්වලට යා යුතු බවට නීතියක් පැනවෙන්නේය.

මේ කාලෙ වෙනකොට මරියතුමීට ජේසුව ලැබෙන්න හොඳටම කිට්ටුය. නමුත් නීතියට පිටුපාන්න බැරි නිසා මරියතුමීත් ජුසේතුමාත් (ජේසුස් වහන්සේගේ සුරැකි පියා) ජුසේතුමාගේ උපන් ගම වූ බෙත්ලෙහෙම් නගරයට පැමිණියහ. බෙත්ලෙහෙමට පැමිනියත් නවතින්න තැනක්  නැත. විශාල  සෙනඟක් බෙත්ලෙහෙමේ සංගණනයට පැමිණි සිටි  නිසා එක තානායමකවත් නිවසකවත් ඉඩක් මේ යුවලට ලැබෙන්නේ නැත. නමුත් අවසන දී එක තානායමකට අයිති ගව මඩුවක නවාතැන් ගැනීමට මේ යුවලට ඉඩ කඩ ලැබේ. එදා මධ්‍යම රාත්‍රියේදී ජේසුස් වහන්සේ ඉපදෙන්නේය.

එවිටම අහසේ වල්ගා තරුවක් පාය ලෝකෙට ජේසුගේ උපත දන්වන්නේය.. දේව දූතයෝ ගිහින් මේ පණිවිඩය රෑ ගිනිමැලයක් ළඟ සිට එඬේරුන්ට කීහ. මේ ආරංචියට එඩේරුත් වල්ගා තරුව දුටු පෙරදිග  රජවරුත් (සමහර තැන්වල කියවෙන හැටියට ජොතීරවේදීන්) ජේසුස් වහන්සේව බැහැදැකීමට පැමිණියහ.  සංක්ෂිප්තව කිවහහොත් නත්තලේ  කතාව එයය. කිතුනු බැතිමතුන් ගවලෙනක් නිමවන්නේ ඒ කිතු උපතේ සමස්ථ ආගමික සමාජයීය හා අධ්‍යාත්මික අර්ථය රූපණය කිරීම සඳහාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුලින්ම ගවලෙනක් හැදුවේ කවුද? –  අසීසියෙ ශු. ප්‍රැන්සිස් තුමා   මුලින්ම මේ සංකල්පය කරලියට ගෙනැවිත් ඇති බවට සාධක පැනේ.   අසීසියේ ප්‍රැන්සිස් තුමා  තමන් ජීවත්වන    ජනතාවට නව නත්තල් අත්දැකීමක්  ලබා දෙනු රිසිව ගව මඩුවක් නිරමාණය කර තිබිණි.  එහි චරිත නිරූපණය කරන්න නළුවන් යොදා ගෙන තිබිණි. ගවමඩුවෙ ගවයනට යොදාගෙන තිබුණේ සැබෑ ගවයන්ය.

අනතුරුව ඒ අසල නත්තල් දා රාත්‍රී පූජාව පවත්වා ඇත. ජනප්‍රවාදවල දැක්වෙන ලෙස නම් එතැන ප්‍රාතිහාර්යක් සිදු වී ඇත.  එනම් ජේසු බිළිඳුන් ඒ ගවලෙනට පැමිණ තිබේ. මේ සිද්ධියත් සමග මුලු ගම්මානයටම මහා ප්‍රීති ජනක නත්තලක් උදාවී ඇත. එම නිසා එතැන් පටන් හැම නත්තලකම ගවලෙනක් තම නිවෙස් වල හදන්න ජනතාව පුරුදු වී තිබේ. මිනිසුන් හා සතුන් වෙනුවට මැටිවලින් හැදූ සුරුවම් ( පිළිම ) යොදාගෙන තිබිණි. මේ ආකාරයෙන් පැමිණි ගවලෙන නිරමාණය කිරීම ලෝකය පුරාම පැතිරී තිබිණි.

  • නත්තල් බැති ගී

නත්තල් බැති ගී ඉතා උත්කර්ෂවත් ලෙස 18 හා 19 වන සියවස්වල බිහි වූ අතර එම යුගයේ අතිවිශිෂ්ට නත්තල් බැතිගීය ලෙස අවිවාදයෙන් පිළි ගැනෙන්නේ ” සයිලන්ට් නයිට්”  Silent Night ගීය ය. මෙය මුලින්ම ලියවුනේ ජර්මන් භාෂාවෙනි. එය ” ශ්ට්ල්ල නාහ්ක්ට්” (stille Nacht) වේ. එය ලෝකයේ භාෂා 200 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර සෑම නත්තලකම ( අනිවාඅර්ය නොවුනත්) බෙහෙවින් ගැයෙන එකම නත්තල් ගීය වී ඇත.

මෙම නත්තල් ගීය 1816 ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් ප්‍රාන්තයේ “සල්සාහ්” නදියට මුහුණලා පිහිටි ‘ඕබන්ඩොර්ෆ්’ නම් කුඩා ගම්මානයේ සාන්ත නික්ල්ස් දෙව් මැදුරේදී ජොසෆ් මෝ(ර්) නම් පියතුමා විසින් ලියා ඇත. ඊට සංගීතය සැපයුවේ හාන්ස් ග්‍රෑබර් නම් ඔස්ට්‍රියානු ජාතිකයාය. එය මුල් ම වතාවට ඌබන්ඩෝර්ෆ් හි ගායනා කරන ලද්දේ 1818 දී ය.

සෑම දෙසැම්බර් 24 දාක ම සවස ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් දුම් රිය ස්ථානයේ සිට ඌබන්ඩෝර්ෆ් දක්වා විශේෂ දුම් රියක් ගමන් කරයි. ලොව විවිධ දිශාවලින් පැමිණෙන බැතිමත්හු සහ ගායනා කණ්ඩායම් එදින මැදියම් රැයේ දී සයිලන්ට් නයිට් කුඩා දෙව්මැදුරේ හා ඒ ඉදිරිපිට සිට විවිධ භාෂාවලින් එම නත්තල් බැතිගී ගයති.

මෙම නත්තල් බැතිගීයේ  සිංහල පරිවර්ථනය ගරු මර්සලින් ජයකොඩි පියතුමන් විසින් 1968 දී නිර්මාණය කරන ලදි. එය නම් ” නිසසල ඒ මිහිරි රැයේ”

  • නත්තල් ගස

නොවැම්බර් මාසය උදාවත්ම යුරෝපීය රටවල් හිමෙන් වැසී යන බැවින් බැලු බැලූ අත පෙනෙන්නේ සුදු පාට හිම කැටි පිරුණු පරිසරයකි. මේ හිම කැට අතරින් කඳු මුදුන්වල ඇති ළා කොළ පාට සයිප්‍රස්‌ ගස්‌වල දලු ඉතාම විචිත්‍රව හිමෙන් උඩට මතු වී පෙනෙයි. සුදු පරිසරයෙන් නැඟී ආ ළා කොළ පාට සයිප්‍රිස්‌ ගසක අත්තක්‌ ඉතා අලංකාර ලෙස සැරසීමට පසු කාලයකදී මිනිසුන් උනන්දු වූහ. විවිධ රටවල් තම සංස්‌කෘතියට අනුව නත්තල් ගස්‌ විවිධාකාරයෙන් සරසති.

නත්තල් ගසක්‌ මුල් වරට දක්‌නට ලැබී ඇත්තේ ක්‍රි.ව. 1500 දී පමණය. ජර්මනියේ උපත ලද මුල්ම නත්තල් ගස මුලින්ම යුරෝපය පුරාම ජනප්‍රිය විය. නත්තල් ගස ඇමරිකාවට හඳුන්වා දී ඇත්තේ ඇමරිකාවේ පදිංචියට ගිය ජර්මන් ජාතිකයන්ය. ක්‍රි.ව. 1842 දී බ්‍රිතාන්‍යයේ නත්තල් ගස පිළිබඳ සංකල්පය ව්‍යාප්ත විය.

එංගලන්තයේ කිරුළු දැරූ “තුන්වන ජෝර්- රජතුමා” සරණ පාවා ගත්තේ ජර්මන් ජාතික කුමාරිකාවකි. ඇය ජර්මනියේ සිට එංගලන්තයට සම්ප්‍රාප්ත වී ඇත්තේ අලංකාර නත්තල් ගසක්‌ද සහිතවයි. ක්‍රි.ව.1841 දී එංගලන්තයේ ඇල්බට්‌ කුමරු හා වික්‌ටෝරියා රැජන නත්තල් ගස සූකිරි හා කේක්‌ එල්ලා ඉතා අලංකාරව සැරසූ බව සඳහන් වේ. නත්තල් ගස විවිධ අයුරින් සැරසීම මුලින්ම ඇරඹුවේ ඇමරිකානු සොල්දාදුවන් පිරිසක්‌ විසිනි. විවිධ විසිතුරු භාණ්‌ඩ එල්ලමින් ඔවුන් නත්තල් ගස සරසා තිබේ. නත්තල් ගස සැරසීම සඳහා මුලින්ම “ඉටිපන්දම් යොදා ගෙන තිබෙන්නේ ‘මාටින් ලුතර්’ නැමැත්තා විසිනි. නත්තල පවතින්නේ සිසිර සමයේ ඉතා අඳුරු රාත්‍රින්වල බැවින් හා එකල විදුලි ආලෝකයද නොතිබූ නිසා ‘ඉටිපන්දම්’ ද නත්තල් සැරසිල්ලක්‌ බවට පත් විය.

නත්තල් ගස භාවිතයට පැමිණි ආකාරය පිළිබඳව තවත් අපූරු කතාවකි මේ

මධ්‍යකාලීන යුගයේදී නත්තල වෙනුවෙන් යුරෝපීය දේවස්‌ථානවල ඡේසුතුමන් පිළිබඳව නාට්‍ය පැවැත්වීම සිරිතක්‌ විය. මෙම නාට්‍යවලදී සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් ලෝකයට මුලින්ම මවන ලද ‘ආදම් හා ඒවා’ “ඊඩින් උද්‍යානයෙන්” පිටමං කිරීමේ සිදුවීම ද රඟ දැක්‌වුණි. මෙහිදී ඊඩින් උයන සංකේතවත් කිරීමටත් කිතුනු බැතිමතුන් නත්තල් ගස භාවිත කිරීම ඇරඹුණු බවටද මතයක්‌ තිබේ. කතෝලිකයන් මුල් කාලයේදී පලතුරු වර්ගද, ඉන්පසු සූකිරි, කේක්‌, චොක්‌ලට්‌, වැනි රසකැවිලි වර්ගත් පසුව ඉටිපන්දම්, තාරකා, හැඩතල, සත්ව රූප, දේව රූප ආදියත් නත්තල් ගස සැරසීමට යොදාගත්හ. සමහර බටහිර රටවල් නත්තල් සීයා සම්බන්ධ කර ගනිමින් විවිධ සෙල්ලම් බඩුවලින් නත්තල් ගස්‌ සරසති. කේතුධර, ෆයින් වැනි සදාහරිත ගස්‌වල අතු බොහෝ රටවල් නත්තල් ගස සඳහා යොදා ගනිති.

  • නත්තල් සීයා

Santa Claus එනම් නත්තල් සීයා ලෙස හදුන්වනු ලබන්නේ ශු. නිකලස් තුමාවයි. මේ ලෝකයේ විවිධ  වාණිජමය පරමාර්ථයන් මත ගොඩනගා විකෘති කර ඇති Santa Claus දෙස බලනවාට වඩා ඔබ සියලුදෙනාට ම අද දින ආරාධනා කරන්නේ ශු. නිකලස් තුමා නම් රදගුරුතුමා දෙස බලන්නටයි.

එතුමා 4 වන සියවසේ ජිවත් වුණු, මිරාහි රදගුරුතුමා ය. (වර්තමානය මිරා යනු තුර්කියට අයත් ප්‍රදේශයකි).කුඩා කාලයේ දි තමන්ගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසුව එතුමාව බලා ගනු ලැබුවේ එතුමාගේ මාමා වන පටාරාහි රදගුරු තුමා විසිනි. කුඩා කල සිටම දයාවේ ක්‍රියාවන් වලට මහත් උනන්දුවක් දැක්වු එතුමා දෙවියන් වහන්සේගේ කැදවිම තුළ පුජාත්වරය ලබා සමිදු මිදි උයනේ සේවය කළේය. එතුමා තුළ වු ශ්‍රද්ධාව කැපී පෙණුන සුවිශේෂ ලක්ෂණයක් වුණි. ඒ  ශ්‍රද්ධාවෙන් ගලා ආ කොන්දේසි විරහිත ආදරයෙන් පිරුණු එතුමාගේ හදවත නිසා එතුමා බොහොමයක් මිනිසුන්ට විවිධ අයුරින් උපකාර කළේය. ඒ නිසාම ජනතාව එතුමා ට බෙහෙවින් ආදරය කළහ.

පසුව එතුමා මිරාහි රදගුරු තුමා ලෙස පත් වුණි. කුමන බාධාවන්, අභියෝගයන්, කරදර, පීඩාවන් පැමිණුනත් නිතරම ජේසුස් වහන්සේව ජිවත් කරමින් එතුමා තම ජනතාවගේ හදවත් කොන්දේසි විරහිත ආදරයෙන් පිරෙව්වේය. තම ජනතාවගේ මුහුණට සිනහව ගෙන දුන්නේය. තම ජනතාව ජේසුස් වහන්සේගේ බලාපොරොත්තුවේ ප්‍රිතියෙන් පිරෙව්වේය.

ග්‍රික් බසින් ‘නිකලස්’ යන නමේ අර්ථය වන්නේ ‘ජනතාවගේ ජයග්‍රහණය’ වේ. එතුමා නිතරම කටයුතු කළේ තමන්ගේ ජනතාවගේ ජයග්‍රහණය උදෙසාය. ඒ මේ ලෝකය වෙනුවෙන් කරන ලද ජයග්‍රහණයකට වඩා ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් කරන ලද ජයග්‍රහණයකි.

වාණිජමය පරමාර්ථයන් මත ගොඩනගා ඇති Santa Claus ට වඩා ශු. නිකලස් තුමා දෙස බලා එතුමා ව  ආදර්ශයට ගැනීම අද සමාජයට වැදගත්ය.

ශු.නිකලස් තුමා මෙන්,

  • අනුන්ගේ මුහුණට සිනහව ගෙන දෙන තෑග්ගක් වන්න.
  • අනුන්ගේ හදවත් වලට ප්‍රිතියක් ගෙන දෙන තෑග්ගක් වන්න.
  • අනුන්ව ජිවිතයේ ජයග්‍රහණයේ මාවතට යොමු කර දෙන තෑග්ගක් වන්න.

සාමාන්‍යයෙන් ශු. නිකලස් තුමාගේ පින්තූරවල කුඩා ළමුන් දක්නට ඇත. මන්ද එතුමා කුඩා ළමුන්ට බෙහෙවින් ආදරය කළේය. ඒ පුංචි හදවත් වලට ජේසුස් වහන්සේගේ කොන්දේසි විරහිත ආදරයේ ප්‍රිතිය ගෙන දුන්නේය. විශේෂයෙන්ම අද දින සියලුම දෙමව්පියන්ට මතක් කරන්නට කරුණක් ඇත. ජේසුස් වහන්සේගේ කොන්දේසි විරහිත ආදරය මත ඔබේ දරුවන්ගේ ජිවිත ගොඩනගන්න. ඔබ ඔබේ දරුවන් ට ජේසුස් වහන්සේ නම් මේ විශ්වයේ විශිෂ්ටතම තෑග්ග නොදි, මේ ලෝකයේ මුදලින් මැන ලබා දෙන වටිනා තෑගි දුන්නට කිසිම වැඩක් නැත. එබැවින් ඔබේ දරුවන් ට ජේසුස් වහන්සේ නම් මේ විශ්වයේ විශිෂ්ටතම තෑග්ග ලබා දෙන්නට අමතක නොකරන්න

( Sri Lankan Catholics ෆෙස්බුක් පිටුව  හා  Love is the Answer ෆෙස් බුක් පිටුව ඇසුරිනි.)

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

අද දවසට මරණ 01යි.. ආසාදිතයන් 588යි

Next Post

මෙවර නත්තල් දේව මෙහෙයේ දී පැළඳීමට රදගුරුතුමන්ලාට දේශීයව සැකසූ විශේෂ ලෝගුවක් හා මකූඨයක්

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.