බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කොවුල් හඬක් සේ දවුල් නද නංවන – නුවර පෙරහරේ හේවිසි පරපුර

අවුරුදු 52ක් පෙරහැරේ යන උඩුවෙල පරපුරේ නායකයා කියන අසිරිමත් කතාව

by Lanka Sara Editor
ජූලි 28, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

“මොන දේ වුණත් කරඬුව ළඟ හේවිසිය නතර වෙන්නේ නෑ”

පෙරහරේ අපි නොදන්නා හේවිසි සිරිත් රැසක්

මහනුවර ඇසළ පෙරහැර වීදි සංචාරය කිරීමට ප්‍රථම පෙරහැර කරඬුව සුබ නැකතට අනුව දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පිටතට වඩමවා ගෙන එනු ලබන්නේ දියවඩන නිළමේ තුමන් විසිනි. මුලින්ම තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසන් පෙරහැර කරඬුව දියවඩන නිළමේ තුමන් අත තැන්පත් කරනු ලබයි. ඉන්පසු සක් හඬ මධ්‍යයේ දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් කරඬුව පිටතට වැඩම කෙරෙයි.ඒ සමඟ දළදා මාලිගාවේ රාජකාරී කරන හේවිසි පරම්පරා හතරේ සාමාජිකයෝ හේවිසිය පටන් ගනිති.කරඬුව වැඩමවාගෙන එද්දී බහිරව බලි නඩය නම් හේවිසි පදය වයන අතර ශබ්ද පූජාව අවසන් වන්නේ කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා මත තිබෙන රන්සිවි ගෙය තුළ කරඬුව තැන්පත් කිරීමෙන් පසුය.ඉන්පසු කරඬුව වැඩම වන ඇතා දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් පිටතට පැමිණෙද්දී පටන් ගන්නා හේවිසිය අවසන් කෙරෙන්නේ කරඬුව යළි දළදා සමිඳුන් වැඩසිටින කුටියේ තැන්පත් කළ පසුවය.

හේවිසි කණ්ඩායමකට දවුල,තන්මැට්ටම,හොරණෑව,හක්ගෙඩිය,තාලම්පට හා ගෙජ්ජි වයන ශිල්පීන් අයත්ය.රජ දවස පටන් පැවරුණු රාජකාරී අනුව දළදා මාලිගාවේ තේවා කටයුතුවලට හේවිසි පරම්පරා හතරක සාමාජිකයෝ එක්ව සිටිති.උඩුවෙල,ඉහළ වෙල,මාලගම්මන හා මොළගොඩ යන පරාම්පරා හතරට මෙම රාජකාරී පැවරී තිබේ.දළදා මාලිගා පෙරහැරේ දළ ඇතෙකු පිට මුලින්ම ගමන් ගන්නා පෙරමුණේ රාළට පසුව ගමන් ගන්නේ මේ හේවිසි පරම්පරා හතරේ ශිල්පීන්ය.හේවිසි කණ්ඩායමේ නායකත්වය දරන්නේ මේ පරම්පරා හතරට අයත් දවුල් වාදකයින්ය.පරම්පරා හතරේ නායක පනික්කියන් සිව් දෙනා හේවිසි පන්තියේ මුලින්ම ගමන් කිරීම පෞරාණික සම්ප්‍රදායයි..

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම පරම්පරා හතර අතරින් උඩුවෙල පරම්පරාව නියෝජනය කරන ඕතැන්නේ පනික්කියලෑ ගෙදර කරුණාදාස හේවිසි කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම සමාජිකයායි. මහනුවර ඇසළ පෙරහැරේ වසර පනස් දෙකක කාලයක් ඔහු ගමන් කර තිබේ.වසර තිස් පහක් ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි කණ්ඩායමේ උඩුවෙල පරම්පරාවට නායකත්වය දෙන ඔහු දැන් පසු වන්නේ 66 වැනි වියෙහිය.

 

“මගේ මුත්තා තමයි රජකාලේ මේ රාජකාරිය කරලා තියෙන්නේ.රජ්ජුරුවෝ එදා දළදා තේවාව සඳහා නියම කළ රාජකාරියක් තමයි අපි මේ ඉෂ්ඨ කරන්නේ.මගේ මුත්තා කුසුඹා.එයාගේ පුතා මගේ සීයා.එයාගේ නම සරණා.මගේ තාත්තට කලින් රාජකාරිය කළේ තාත්තගේ අයියා එයා රන්කිරා,පස්සේ මගේ තාත්තා ඇබිත්තා රාජකාරී කළා.දැන් මම තමයි උඩුවෙල පරම්පරාව වෙනුවෙන් මාලිගාවේ හේවිසි රාජකාරි කණ්ඩායමේ නායකත්වය දරන්නේ.මම දැන් අවුරුදු 52 ක් පෙරහරේ යනවා.මුලින්ම 1965 අවුරුද්දේ විෂ්ණු දේවාළ පෙරහැරට තාත්තා එක්ක පන්තේරු ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණා.එදා පෙරහැර 12 ම ගියාට මට රුපියල් 12.00 ක් හම්බ වුණා.ඒ සල්ලි වලින් රුපියල් 6.00 කට මම ඇඳුම් දාන්න ගත්ත ෂූට් කේස් එක තාමත් ගෙදර තියෙනවා.දළදා මාලිගාවේ පෙරහැරට මම සම්බන්ධ වුණේ 1970 දීයි.ඉස්සරවෙලාම ගැහුවේ තාලම්පොට…කරුණාදාස පවසයි.

තම පරම්පරාවේ උරුමයක්වූ දවුල් වැයුමට එතරම් කැමැත්ක් නොදැක්වූ කරුණාදාස මෙම ශිල්ප ඉගෙනීමට යොමුව ඇත්තේ ඔහුගේ පියාවන ඇබිත්තියාගේ බලකීරීමටය.පියාගේ වියෝවෙන් පසු දළදා මාලිගාවේ උඩුවෙල හේවිසි කණ්ඩායමේ නායකත්වයට පත්වූ කරණාදාස එම තනතුරට පත්ව ඇත්තේද අහම්බෙනි.1988 අවුරුද්දේ ජ. වි. පෙ භිෂණ කාලේ.පෙරහැර කරන්න විදිහයක් තිබ්බේ නැහැ.දළදා හමුදුරුවෝ වෙනුවෙන් කරන මේ මංගල්‍යය නවත්වන්න හොඳ නැහැ.මේ හින්දා මාලිගාව ඇතුළේ චාරිත්‍ර කරලා පෙරහැර පැවැත් වූවා.1989 ජූලි 16 වෙනිදා අපේ තාත්තා පෙරහැරට ලෑස්ති වෙනකොට ලෙඩ වුණා.තාත්තා කාටවත් නොකියා ගිහින් අමාරුවට මාලිගාවේ කාමරේ හාන්සි වෙලා.මම ගිහින් කතා කළාම තාත්තා කිව්වා මට ටිකක් අමාරුයි කියලා.මම නිළමේ තුමාට ගහින් කිව්වා.එතුමා ඇවිත් තාත්තව රෝහලට යැව්වා.එදා ඇතුළේ පෙරහැර කළේ මම.ඊට හරියටම අවුරුද්දකට පස්සේ 1990 ජූලි 16 වෙනිදා තාත්තා නැතිවුණා.එදා ඉඳින් මාලිගාවේ තාත්තා කරපු පනික්කි ධූරය දරන්නේ මම.දැන් ගෙවෙන්නේ 28 වෙනි අවුරුද්ද.මාලිගාවේ පරම්පරා හතරේ ප්‍රධාන පනික්කියෝ හතර දෙනෙක් ඉන්නවා.මම ඉන් එක් කෙනෙක්.අපි හතර දෙනා එකතු වෙලා හැමදාම තේවාව කරනවා.පෙරහැරේ ඉස්සරහින් දවුල වාදනය කරමින් යන්නේ අපි හතර දෙනා.ඉස්සරහින්ම යන දවුල් කරුවන්ගේ දවුල් වලට සවරම් හා සවරම් පටි යොදලා තිබෙන්නේ ඒ අය හේවිසි කණ්ඩායමේ නායක පනික්කියන් බව හඳුනා ගන්නයි.මේ නිසා ඒ දවුල් වෙන ඒවාට වඩා කැපී පේනවා.වෙන පනික්කියෝ මේ සවරම දවුලේ බැඳගෙන ගියොත් අත කපලා බෙල්ලේ එල්ලන්න කියලා තමයි ඒ කාලේ රජ්ජුරුවෝ නියෝග කරලා තියෙන්නේ……

දළදා තේවාවේදී මෙන්ම ඇසළ පෙරහැරේදීද කරුණාදසගේ අතින් වැයෙන් දවුලේ නාදය අති මනරම්ය.එහි කෙළ පැමිණි ඔහු තාලයට පාද තබමින් දවුල වයන්නේ ඊට දැහැන්ගතවය……පෙරහැර කරන්නේ අපි සල්ලි බලාගෙන නොවෙයි.දළදා හාමුදුරුවන් වෙනුවෙන් කරන මේ මංගල්‍යයට දායක වෙන්න අපි පෙර පින් කරලා තිබෙනවා.මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ.මම දළදා තේවාවට වගේම පෙරහැරේ යනකොට ගහන්නේ මගේ මේ අත් දෙකෙන් හදපු දවුලක්.දැන් ඒකට අවුරුදු 35 ක් විතර වෙනවා.රත්කීරිය කොටයක් කපලා අතින්ම බොක්ක හාරලා මම මේක හැදුවේ තාත්තාගේ ගුරු හරුකම් ලබා ගෙනයි.මස් මාලු කාලා,කිළි ගෙවල් වල ගිහින් අපි කවදාවත් පෙරහැරට හරි තේවාවට හරි එන්නේ නැහැ.එහෙම කළොත් විපාක දෙනවා…කරුණාදසගේ කතාවෙන්ම ඔහු මෙම රාජකාරිය සඳහා දක්වන කැපවීම පැහැදිලි වෙයි.

මහනුවර ඇසළ පෙරහැර අදද පැවැත්වෙන්නේ පෞරාණික චාරිත්‍ර ගරුකරමිනි.ඊට සම්බන්ධ වන ශිල්පිහුද නිරන්තරව ඒ සඳහා කැපව සිටිති.වලිනඩ සහිත ගමන් මාත්‍රය තමයි පෙරහැර වීදි සංචාරය කරද්දී ගහන්නේ.ඒක වෙනස් කර කර දිගටම ගහනවා.රජ ගෙදර ළඟින් ඇතුළු වුණාට පස්සේ ගහන්නේ හේවිසි පහේ හේවිසිය.එතන ඉඳලා මාත්‍රා ගහන්නේ නැහැ.වාහල්කඩ ළඟට ආවම ඒකත් නතර කරනවා.ඊට පස්සේ ගහන්නේ ගෙවැද්දුම් හේවිසිය.පෙරැහර කරඬුව තැන්පත් කරලා ඝාන්ඨාරය නාද කරන කල් ශබ්ද පූජාව පවත්වනවා.කරඬුව පිටතට වැඩම කරලා ආපහු තැන්පත් කරන කල් මොනදේ උනත් හේවිසිය නවත්වන්න බැහැ.ඒක තමයි නියමය.අලියෙක් කුලප්පු වුණත් අපි කරඬුව තනි කරලා යන්නේ නැහැ.එක පාරක් මහ මළුව ළඟ අලියා කුලප්පු වුණා.කරඬුව වඩමවා ගෙන ආපු ඇතා තමයි කුලප්පු වුණේ.අලියා මෙල්ල කරලා කරඬුව වෙනත් ඇතෙකුගේ පිටේ තැන්පත් කරලා තමයි පෙරහැර පටන් ගත්තේ.අපි හේවිසිය නතර කළේ නැහැ..

කරුණාදාස තම රාජකාරිය දේවකාරියක්සේ ඉටු කරන්නෙකි. තමන් නිරත ක්ෂේත්‍රයේ කෙළ පැමිණියෙකු බව සාක්කි සහිතව ඔහු ඔප්පු කර තිබේ. විධායක ජනපතිවරුන් පස් දෙනෙකු අතින් හේ විශිෂ්ඨතම දවුල් වාදකයාට හිමි සම්මානය ලබා ඇත.මම ආර්.ප්‍රේමදාස,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන යන ජනපතිවරුන් අතින් විශිෂ්ඨතම දවුල් වාදකයාට හිමි සම්මානය ලබා ගත්තා.තාත්තාගේ මරණින් පසු 1990 දී තමයි මම පළමු ජනාධිපති සම්මානය ලබා ගත්තේ.මේ වනවිට මම ජනාධිපති සම්මාන විතරක් 30 ක් ලබා ගෙන තිබෙනවා.අපේ පරම්පාරව ඉස්සරහට ගෙනි යන්න දැන් පුතාව දළදා මාලිගාවේ රාජකාරි වලට සම්බන්ධ කර ගත්තා.එයත් හොඳට දවුල ගහනවා.මේ රාජකාරිය අපෙන් පස්සේ ගෙනියන්න කවුරු හරි නොහිටියොත් පරම්පාරවත් එතනින් නැති වෙනවා.මට ඒ බය දැන් නැහැ..

මම නුවර පෙරහැරේ විතරක් මේ අවුරුදු 52 ට කිලෝ මීටර් 5000 ක් විතර ගිහින් ඇති.කවදාවත් පෙරහැරේදී මහන්සියක් දැනේනනේ නැහැ.දැන් මට අවුරුදු 66 ක් වෙලත් දවුල අතට අරන් පාරට බැස්සම ඇඟට පුදුම ශක්තියක් දැනෙන්නේ.දළදා වහන්සේගේ හාස්කම තමයි මහත්තයෝ මේ…කරුණාදාස කතාව නිමා කළේ එසේ පවසමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩු හේමාමාලාගේ රාජගිරිය රහස් නිවහන එස්ටීඑෆ් වටලයි

Next Post

“අපේක්ෂකයන්ගේ නීතිවිරෝධී වැඩ දැක්කොත් වීඩියෝ කර සමාජ මාධ්‍යවල දාන්න”

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.