බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කාශ්‍යපට පෙර සීගිරිය ගැන පුරාවිද්‍යාත්මක විමර්ශනයක්

by editor
මැයි 18, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු –

සීගිරිය යන්න ඇසූ පමණින් අපගේ මතකයට නැගෙනුයේ, කාශ්‍යප රජුය. කාශ්‍යප රජු පිළිබඳව විවිධ කතා ප්‍රවෘත්තීන් අප අතර ප්‍රචලිතව ඇතිවා සේම සීගිරිය පිළිබඳව ද විවිධ අදහස් පවතී. ඒ අනුව සීගිරිය බලකොටුවක්ය යන්න මෑතක් වනතුරුම මුල් බැස තිබූ අදහසක් වන අතර තවමත් එය බොහෝ දෙනෙකුගේ සිත්සතන් තුළින් ගිලිහී නොමැත්තකි.

පොතාන ලෙනෙන් හමු වු මානව ඇට සැකිල්ලක්

එහෙත් සීගිරිය බලකොටුවක් නොව, මනාව ආරක්ෂා වී ඇති අතිශයින් සැලසුම්ගත නාගරික සංකීර්ණයක් බව පසුකාලීන පර්යේෂණ ඇසුරෙන් සනාථ වී තිබේ. දිය අගල්, ප්‍රාකාර, රාජකීය උද්‍යානය හා පර්වතය මුදුනේ මාළිගය ඇතුළු අනෙකුත් ගොඩනැගිලිවලින් සැදි යථොක්ත නාගරික ව්‍යුහය අපගේ ඉපැරණි නාගරික සැලසුම්කරණයෙහි විශිෂ්ටත්වයට කදිම නිදසුනක්ද වෙයි.

මෙම නාගරික සංකීර්ණයට අයත් ජල, ශිලා හා මාලක වශයෙන් ත්‍රිවිධාකාර වන උද්‍යාන, දැනට දකුණු ආසියාවේ ශේෂව ඇති පැරණිම ඓතිහාසික උද්‍යාන අතරට අයත් වන බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාගේ අදහසයි. සියලු නාගරික අංශයන්ගෙන් පරික්‍ෂිප්ත සීගිරි සංකීර්ණයෙහි ප්‍රධාන ඉදිකිරීම් කටයුතු සහ ජාත්‍යන්තර වශයෙන්ද චිර: ප්‍රසිද්ධියට පත්ව ඇති බිතු සිතුවම්ද අයත් වනුයේ ක්‍රි.ව. 477-495 දක්වා කිරුළ දැරූ ෂ වන කාශ්‍යප රජ සමයටය.

මේ කෙසේ වෙතත්, සීගිරියෙහි ඉතිහාසය ආරම්භ වනුයේ කාශ්‍යප රජ සමයෙහි සිට යැයි කිවහොත් එය සාවද්‍ය අදහසක් වෙයි. දැනට අප හමුවේ ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව, ඊට සියවස් ගණනාවකට පෙර පටන්ම සීගිරිය විවිධ මානව ක්‍රියාකාරීත්වයන් සඳහා ප්‍රයෝජනයට ගැනුණු ස්ථානයක් ලෙස හඳුනාගත හැකි වේ. භූ රූප විද්‍යාත්මකව, සීගිරිය ශේෂ කඳු හෙවත් ඉන්සෙල්බර්ග් ගණයට අයත් වන්නකි. එය ප්‍රාග් කේම්බ්‍රියය භූ යුගයේ ප්‍රොටෙරෝසොයික අවධියට අයත් උස් බිම් සංකීර්ණයේ නයිස් පාෂාණයෙන් නිර්මිත වූවකි. ඒ අනුව වසර මිලියන 2500 ක පමණ භූ විද්‍යාත්මක ඉතිහාසයක් සීගිරි පර්වතය හා බැඳී පවතී. මෙම පර්වතය පාමුල තවත් ගල්කුළු රැසක්ම විසිරී පවත්නා අතර වර්තමානයේ එම කොටස ශිලා උද්‍යානය නමින් හැඳින්වේ. මෙම ගල්කුළුවල ස්වභාවික පිහිටීම අනුව නිමැවී ඇති ගල්ලෙන්, සීගිරි ඉතිහාසයෙහි මූලාරම්භක පරිච්ඡේදය පිළිබඳව වැදගත් සාධක රැසක්ම සපයයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සීගිරියට උතුරින් හඳුනා ගත් උනළුගල මෙගලතික සුසානයේ ගල් සොහොනක් කැණීමෙන් පසු

දැනට කර ඇති පර්යේෂණ අනුව, සීගිරියේ මානව ක්‍රියාකාරීත්වයන් පිලිබඳ ඉතිහාසය, ප්‍රාග් ඓතිහාසික අවධිය දක්වාම දිවයන බව හඳුනාගත හැකි වේ. සීගිරි පර්වතය පාමුල, නැගෙනහිර දෙසට වන්නට පිහිටි ර්‍ණඅලිගල” නමින් හැඳින්වෙන කුඩා පර්වතය ආශ්‍රිතව පිහිටි ගල්ලෙනක්, 1989-90 වර්ෂවලදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ සංස්කෘතික ත්‍රිකෝණ සීගිරි ව්‍යාපෘතිය එක්ව කැණීමකට භාජනය කරන ලද අතර ඒ අනුව එය ප්‍රාග් ඓතිහාසික මානවයින් විසින් ප්‍රයෝජනයට ගන්නා ලද බවට පැහැදිළි සාධක රැසක්ම හඳුනාගත හැකි විය.

එම ලෙනෙහි පහළ පස් තට්ටුවලින් හමු වූ ශිලා මෙවලම්, අස්ති මෙවලම්, සත්ත්ව ඇටකටු හා ගොළුබෙලි කටු දැනට සීගිරිය සංකීර්ණය ඇතුළතින් හමු වී ඇති පැරණිම පුරාවස්තු ලෙස සඳහන් කළ හැකිය. එසේම ඉහළ පස් තට්ටුවලින් ඊට පසුකාලීන ජනාවාස පිළිබඳ සාධකද හඳුනාගත හැකි විය.

ඉහත ලෙනෙන් හමු වූ පුරාවස්තු කාබන් 14 (C 14) ක්‍රමයට කාලනීර්ණයට ලක් කර ඇති අතර ඒ අනුව එහි ප්‍රාග් ඓතිහාසික මානව කටයුතු ක්‍රි.පූ. 3516-3270 සිට ක්‍රි.පූ. 2362-2119 දක්වා කාල පරාසයට අයත් බව හඳුනාගෙන තිබේ.

සීගිරියට සමීප ස්ථාන කීපයකින් ද ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් තවත් සාධක ලැබී ඇති අතර පොතාන නම් ස්ථානයෙන් ප්‍රාග් ඓතිහාසික මානව ඇටසැකිලි දෙකක් ද හමු වී තිබේ. කාබන් 14 කාලනීර්ණය අනුව, මෙම ඇටසැකිලි, ක්‍රි.පූ. 3913-3721 හා ක්‍රි.පූ. 3916-3707 කාලවලට අයත් වන බව හඳුනාගෙන තිබේ. දැනට එම ඇටසැකිලි දෙකෙන් එකක් සීගිරිය කෞතුකාගාරයේ ද අනෙක කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රාග් ඓතිහාසික මැදිරියෙහි ද ප්‍රදර්ශනයට තබා තිබේ.

“අලිගල” ලෙනෙහි ප්‍රාග් ඓතිහාසික පස් තට්ටුවලට ඉහළින්, කාල-රක්ත වර්ණ වළං කැබලිති(Black & Red Ware) ද හමු වී ඇති අතර ඒ අනුව මෙම ලෙන, ප්‍රොටෝ ඓතිහාසික අවධියේදී ද වාසස්ථානයක් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිළි වේ. එම පස් තට්ටුවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාධක ක්‍රි.පූ. 10-9 සියවස්වලට අයත් වන බව හඳුනාගෙන තිබේ. දැනට ප්‍රෝටෝ ඓතිහාසික අවධියට අයත් තවත් ස්ථාන කීපයක් ද සීගිරිය අවටින් හඳුනාගෙන තිබේ. ඒ අතරින් ඉබ්බන්කටුව, රොටවැව, උනළුගල, දිගම්පතහා යන ස්ථානවලින් හමු වූ මහාශිලා සංස්කෘතියට අයත් සුසාන භූමි විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

යථොක්ත, පුළුල් පූර්ව ඓතිහාසික කාලපරිච්ඡේදයෙන් අනතුරුව, සීගිරිය පිලිබඳව පුරාවිද්‍යාත්මක සාධක ලැබෙනුයේ ක්‍රි.පූ. 3 වන සියවසෙහි සිටය. ඒ අනුව මහින්දාගමනයත් සමග දිවයිනේ බොහෝ පර්වත ආශ්‍රිතව බිහි වූ ලෙන් අතරට සීගිරියද එක් වී තිබේ. එලෙස ඇරඹුණු සීගිරියේ මුල්ම ආරාමික අවධියේදී, පර්වතයට බටහිර හා උතුරු දෙසින් පිහිටි ගල්ලෙන්වල කටාරම් කොටා, භික්ෂූන් වහන්සේලාට පුජා කොට තිබේ.

සීගිරිය ශිලා උද්‍යානයේ මූල බ්‍රාහ්මී ලෙන් ලිපියක්

එම ගල්ලෙන් අතරින් ලෙන් අටක ශිලා ලේඛන දක්නට ලැබෙන අතර ඉන් ලිපි හයක්ම ක්‍රි.පූ. 3 – ක්‍රි.ව. 1 සියවස වලටත් (මූල බ්‍රාහ්මි ලිපි), ලිපි දෙකක් ක්‍රි.ව. 1-2 සියවස්වලටත් (අපර බ්‍රාහ්මි ලිපි) අයත් වේ. සමකාලීන සමාජයෙහි විවිධ තරාතිරමේ දායක දායිකාවන් විසින් භික්ෂූන් වහන්සේලාට එම ලෙන් පූජා කිරීම පිළිබඳ පුවත් හැරුණු විට, එම ලිපිවලින් වෙනත් කිසිඳු ඓතිහාසික තොරතුරක් අනාවරණය නොවේ. එවේ වුවද, සීගිරි ඉතිහාසය ගොඩනගා ගැනීමේදී මෙම ලිපිවලින් ලැබෙනුයේ ඉමහත් පිටිවහලක් බව කිව යුතුය. පූර්ව බ්‍රාහ්මි ශිලා ලේඛනවලට අනුව, “සීගිරි ආරාමයට” මුල්වරට ලෙන් පිදුවන්, පරුමකවරු, පරුමකවරුන්ගේ පුත්‍රයින් හා උපාසක – උපාසිකාවන් වශයෙන් සරලව වර්ග කළ හැකි වේ.

ඒ අනුව, “සීගිරි ආරාමය” බිහි වූ අවධියේදී ලෙනක් පූජා කර ඇත්තේ එක් පරුමකවරයෙකි. ඔහු නගුලිය නම් වේ. දැනට “නයිපෙණ ගුහාව” නමින් හැඳින්වෙන්නේ ඔහු පිදූ ලෙනයි. මොහු පිළිබඳව වෙනත් කිසිදු තොරතුරක් හෝ ඥාති සබඳතාවක් සීගිරියේ වෙනත් ශිලා ලේඛනයකින් හෙළි නොවෙතත්, සීගිරිය ව්‍යාපෘතියේ පර්යේෂණ කණ්ඩායම විසින් 1996 දී සීගිරියට නුදුරු කළුවාගල කන්ඳෙන් සොයාගත් පූර්ව බ්‍රාහ්මි ලෙන් ලිපි දෙකකම“පරුමක නගුලිය” නැමැත්තෙකු පිළිබඳව සඳහන් වේ. එම ලිපි දෙකෙහිම සඳහන් වන පරිදි ඔහු “උතක” නම් නගරයෙහි පාලකයා (උතක නගර බොජක) ද වෙයි. “උතක නගරය” කුමක්දැයි අවිනිශ්චිත වුවත් සමකාලීනව සීගිරියට සමීපව පිහිටි වැදගත් නාගරික මධ්‍යස්ථානයක් ලෙස සිතිය හැකිය. මෙම ලිපිවල සඳහන් “පරුමක නගුලිය” බොහෝ විට එක් අයෙකු විය හැකිය.

සීගිරිය ශිලා උද්‍යානයේ කටාරම් කෙටූ ගල් ලෙනක්

සීගිරියේ මූල බ්‍රාහ්මි ලිපිවලින් හෙළිවන පරිදි, ලෙන් පූජාවට දායක වී ඇති පරුමකවරුන්ගෙන් පුත්‍රයින් තිදෙනෙකි. ඉන් එක් අයෙක් නම්, බ්‍රහ්මදන්ත (බඹදත) යි. ඔහු පරුමක තිස්සගේ පුත්‍රයාය. අනෙක් තැනැත්තා, පරුමක තිරිගේ පුත්, අභික්‍ධියයි. ඒ හැරුනු විට පරුමක කඩියගේ පුත්‍රයාද ලෙනක් පූජා කර ඇතත් ඔහුගේ නම සඳහන් කර නොමැතිය.

සමකාලීන සමාජයෙහි කැපී පෙනුණු භූමිකාවක් නිරූපණය කළ පරුමක පැලැන්තිය හැරුණු විට, සීගිරි ලෙන් පූජාවට දායක වී ඇති උපාසක යුවලකි. එනම්, උත්තර උපාසක (උපාශක උතර) හා තිස්සා උපාසිකාව (උපතිශ තිශය) යි. උත්තර උපාසක එක් ලෙනක් තනිව පූජා කර ඇති අතර තවත් ලෙනක් දෙදෙනාම එක් වී සාමූහික දානයක් ලෙස පූජා කර තිබේ. මූල බ්‍රාහ්මි ලිපිවලින් හෙළි වන යථෝක්ත තොරතුරු හැරුණු විට, අපර බ්‍රාහ්මි ලිපි දෙකෙන්ද ලෙන් පූජාව පිළිබඳ තවත් තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. ඒ අනුව, එක් ලෙනක් පූජා කර ඇත්තේ පරුමකවරයෙකු හා ඇමතිවරයෙකි. පරුමකවරයා අබලක නම් වේ. ඔහු මලදව නම් ගමෙහි දක නැමැත්තාගේ පුත්‍රයාය. ඇමතිවරයා, භද්‍ර නම් වේ. සීගිරි ශිලා ලේඛන අතරින් නම් සඳහන් එකම රාජ්‍ය නිලධාරියා වනුයේ ද භද්‍ර අමාත්‍යවරයාය.

අනෙක් අපර බ්‍රාහ්මි ලිපියෙහි සඳහන් වනුයේ, ප්‍රදේශ දෙකකින් පැමිණි දෙදෙනෙකු විසින් කරන ලද ලෙන් පූජාවකි. ඉන් එක් තැනැත්තෙක් නම්, “අබලව” නම් ග්‍රාමයෙහි ‘‘බරසල” ය. අනෙක් තැනැත්තා “වෙසියෙහි” තිස්ස නැමැත්තාය. මෙහි සඳහන් “අබලව” නම් ග්‍රාමයෙන් පැමිණියෙකු විසින් රචිත කුරුටු ගීයක්ද :206* සීගිරි කැටපත් පවුරේ වෙයි. පූර්වෝක්ත ලෙන් ලිපිවල සඳහන් මලදව, අබලව හා වෙසිය සමකාලීන සීගිරියට සමීපව පිහිටි ප්‍රදේශ විය හැකිය.

කෙසේ වෙතත්, ක්‍රි.ව. 5 වන සියවසේදී කාශ්‍යප රජු සිය රාජකීය නගරය නිර්මාණය කිරීම සඳහා සීගිරිය තෝරාගන්නා විට, සීගිරියෙහි බිහිව තිබූ ආරාමය සක්‍රියව පැවති බවට සාධක නොමැතිය. ඒ අනුව එය අත්හැර දැමූ තත්ත්වයක පැවතියේ යැයි සිතිය හැකිය. කෙසේ වෙතත, ලෞකිකත්වයට වඩාත් නැඹුරු වූ රාජකීය පරිසරයක, ආරාමයක පැවැත්ම ද කිසිසේත්ම සමගාමී නොවන්නකි.

ඒ අනුව, සිය රාජකීය නගරයට වඩාත් සමීපව පිහිටි, පිදුරංගල විහාරය හා මහානාග පබ්බත විහාරය, කාශ්‍යප රජුගේ අනුග්‍රහයට ලක් වී තිබේ. මේ අතරින් පිදුරංගල විහාරය, සීගිරි විහාරය හා සමකාලීනව බිහිවී ඇත්තකි. එහෙත් එය වඩාත් සංවර්ධිත තත්ත්වයට පත්ව ඇත්තේ ක්‍රි.ව. 5 වන සියවස හා සමකාලීනව බව පෙනේ. මීට කාශ්‍යප රජුගේ අනුග්‍රහය ලැබුණු බවට පැහැදිලි සාක්ෂියක් නොමැති වුවත්, ඉදිකිරීම් ආශ්‍රිතව හමු වී ඇති ශිලා ලේඛනවල කාලය අනුව, එලෙස පිළිගැනීම වඩාත් යුක්තිසහගතයැයි හැඟේ. කෙසේවෙතත්, කාශ්‍යප රජුගෙන් පසුව සීගිරිය, රාජකීය පරිසරයෙන් අත්මිදී යළිත් ආරාමයක් බවට පත් වී තිබේ. ඒ ක්‍රි.ව. 6-7 සියවස්වලදීය. ශිලා උද්‍යානයෙහි දක්නට ලැබෙන බෝධිඝරය, දාගැබ හා වෙනත් ආගමික නිර්මාණ සියල්ලම මෙම දෙවනි ආරාමීය අවධියේදී බිහි වූ ඒවා වෙයි.

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු
කෞතුකාගාර පාලක
ජේතවන කෞතුකාගාරය
බාහිර කථිකාචාර්ය
පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
මිහින්තලේ

 

 

 

 

Share267Tweet43
Previous Post

හෙට රණවිරු දිනයේ දී හමුදාවේ 14 617කට උසස්වීම්

Next Post

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න වෙල්ලමුල්ලිවයික්කාල් ගිය විග්නේස්වරන් හරවා එවයි

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.