අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

by editor
මාර්තු 27, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාලු කොටුවට ගොස් අසංක ගැන අහන්න…  ඔහු ගැන නොදන්නා කෙනෙක් නැත.   අසංක ජනප්‍රිය වන්නේ විශේෂ හේතුවක් නිසාය.    තම දරු පවුලේ බඩවියත රැකගැනිම සදහා ගාලු කොටුපවුර මත සිට කරණම් ගසමින් මුහුදට පනින ප්‍රධාන පිමිකාරයා ඔහුය.  

දිවි පරදුවට තබා අසංක තමන්ගේ රැකියාවට  පනින මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයෙත් ජනප්‍රියය.    ගාලුකොටුපවුර මත පිහිටි ඉපැරණි ප්‍රදිපාගාරය අසල කොඩිගල මත සිට  අසංක, චතුර බුද්ධික හා ලක්ෂිත යන මිතුරන් තිදෙනා කරණම් ගසමින් මුහුදට පනිති.  අසංකලා මුහුදට පනිනු ලබන ස්ථානය  දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. මෙම ස්ථානය කොඩිගල යනුවෙන්  මිට පෙර හැදින්වුවද මේ වනවිට එම ස්ථානය ගාලු කොටුවේ ජම්පින් සෙන්ටර් යනුවෙන්  වැඩිදෙනෙක් හඳුන්වති.

අඩි 42ක උසක සිට කරණම් ගසමින් අසංකලා කරනු ලබන මෙම පැනිල්ල දැක බලා ගැනිම සදහා දෙස් විදෙස් සංචාරකයින් දක්වන්නේ  දැඩි කැමැත්තකි.  විදේශිය රටවල හමුදා ප්‍රධානින් ඇතුළු ප්‍රභුවරු ද  අසංකලාගේ මෙම පැනිම දැකබලා ගැනිම සදහා ගාලුකොටුපවුර මතට පැමිණ ඇත. පවුලේ බඩවියත ගැට ගසාගැනිම සඳහා අසංකලා කරනු ලබන මෙම පැනිල්ල අවදානම් වුවත්  එය අසංකලාට නම් ත්‍රාසජනක හෝ අවදානම් දෙයක් නොවේ. අසංකලා  පැනිමට  හොද පළපුරුදුකාරයන්ය.   දක්ෂ කිමිදුම්කරුවන්ය. 

අසංකලා මේ රස්සාව සිදුකරන්නේ දැනට වසර 14ක කාලයක සිටය. පැනීම  ආවාට ගියාට කළ  නොහැකිය. ඒ සදහා පුරුදු පුහුණු විය යුතුය. ගාල්ල මාගාල්ලේ පදිංචි අසංක කුඩා කාලයේ සිටම මහ මුහුද සමග ඔට්ටුවු අයෙකි. අසංකගේ ජිවිතයත් මහ මුහුදත්   වෙන් කළ නොහැකි තරමට සමීපය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

 කොරෝනා වසංගතය නිසා  සංචාරක කර්මාන්තයේ නිරත වුවන්ට පමණක්  නොව අසංකලා‍ට ද යන එනමං නැති විය. කොරෝනා වසංගතය අසංකලගේ පැනිමටද වැටකඩොලු දැම්මේය. මේ වනවිට ඒ ත්‍රාසජනක පැනිලි කාරයෝ  කොටුපවුර මතින් ඉවත් වී මාළු අල්ලන්ට මුහුදු යති.   ඒ කොයිහැටි වෙතත් අසංකලා  දිනකට එක් වරක්වත් මෙම ස්ථානයට එමට අමතක නොකරති. මක්නිසාදයත් අසංකලාගේ පැනිල්ල දැක ගැනිමට කිසිවෙකු හෝ  පැමිණිය හැකි බවට ඔවුන් තුළ ඇති බලාපොරොත්තුව  නිසාය.

දැනට  අසංක තිස් හැවිරිදිවියේ පසුවෙයි. ඔහු අපිත් සමග කථා බවට වැටුණේ පාසල් කාලයද සිහිපත් කරමිනි.  

“අපිට ඉස්සෙල්ලා අයියලා  කිහිපදෙනෙකු කොටුපවුර මතින් පැනලා ඒ ත්‍රසජනක අත්දැකිම් නරඹන්නන්ට ලබා දුන්නා. දැන්  ඒ අය මේ කාර්ය කරන්නේ නැහැ. ඒ කාලයේ කොටුපවුර මතින් පනින එක මෙතරම් ප්‍රසිද්ධ වුනේ නැහැ. දැන් අපි කරණ දේ දෙස් විදෙස් සංචාරයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. “

“ මගේ ගම මාගල්ලේ. මම පවුලේ හතරවැනියා. මා විවාහකයි. මට දරුවෙක් ඉන්නවා. මාගාල්ල  සුදර්මා විද්‍යාලයෙන් තමයි මම ඉගෙනුම ලැබුවේ. පාසල් යන කාලයේ හවසට මුහුදේ නාන්න යනවා. එතකොට මගේ වයස අවුරුදු 15ක් විතර ඇති. එහෙම ගිහින් තමයි ටික ටික කොටුපවුර මතින් පැනලා  මේක  රැකියාවක් විදියට කරන්න පුරුදුවුනේ.“

“අපේ ජිවිත මහ මුහුද සමග හැඩගැහිලා තිබුණේ. ජම්ප් එක දමන්න නම් අවුරුද්දක් විතර පුරුදුවුනා. ඒ ඉස්කොලෙ යන කාලෙ. මුලින්ම අපි කොඩිගල මත ඉඳන් පහළට බහින්න පුරුදුවුනා.   ඇත්තටම  බහින කොට  සිරුරේ සමබරතාවය ආරක්ෂා කරගන්න ඕන. වදින්න නැතිවෙන්න පනින්න  ඕන.   

“අඩි 42ක උස සිට තමයි කරණම් ගසමින් මුහුදට පනින්නේ.  අපි පනින ස්ථානයේ අඩි 04ක උසට තමයි ජලය තියෙන්නේ. යට කොරල්පර තියෙනවා. හිස වදින්නේ නැති වෙන්න   කරණම ගහන්න ඕන.“

“වෙනත් රටවල කරණ ජම්ප් යු ටියුබ්වල  තියෙනවා අපි දැකලා තියෙනවා. ගැඹුරු ජලයට තමයි ඒ අය පනින්නේ. පනිනකොට පාද තමයි වතුර යටට යන්නේ. නමුත් අපේ ජම්ප්  එක එහෙම නෙමෙයි. ගැඹුර අඩි 04ක් පමණ තියෙන ජලයට තමයි පනින්නේ. හිස යටට දමාගෙන තමයි පනින්නේ. අපිට නම් අවදානමක් නැහැ. එක අපේ හැකියාව හා දක්ෂතාවය. වෙන අයෙකුට අවදානමක් වෙන්න පුළුවන්.“  

ඉන්දියාවේ හමුදාපති, පකිස්ථානයේ හමුදාපති, චිනයේ අගමැති මාලදිවයිනේ ජනාධිපති , හිටපු පොලිස්පතිවරයකු වන ඉලංගකෝන් මහත්තයා ඇතුළු ප්‍රභුවරු රැසක් අපේ ජම්ප් එක බලන්න කොටුපවුර මතට ආවා. මේ වගේ දෙයක් කරන්න පුළුවන් අතළොස්සකට පමණයි. කිසිදු ආධාරයක් නැතිව තමයි අපි ගලදිගේ ඉහලට නගින්නේ.

ලංකාවේ ගොඩක් තැන් තියෙනවා ජම්ප් දමන්න පුළුවන් ස්ථාන. අපි කවුරුහරි අතහිත දෙනවානම් ගොඩක් වටිනවා. අපේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ .මගේ  ආශාවක් තියෙනවා. චෝපර් එකකින් ගිහින් කිසිදු ආධාරකයක් නැතිව අඩි 500ක පමණ උස සිට මුහුදට පනින්න. පුංචි ලෝකන්තයෙන් බහින්නත් ආශාවක් තියෙනවා. මේ ගැන යුධහමුදාවේ මහත්තයෙකුට  අපි කිවා. නමුත් පලක්වුනේ නැහැ. අපිට  ඒ අභියෝගය  ජයගන්න පුළුවන්. මට හිතෙනවා පුංචි ලෝකාන්තයෙන් විනාඩි 15කින් බහින්න පුළුවන් කියලා. ඒවගේ ටැලන්ට් එකක් මට තියෙනවා .නමුත් අපිට කවුරුවත් අත හිත දෙන්නේ නැහැ.

අපේ ජම්ප් එක බලන්න විදේශිකයකුගෙන් ඩෙලර්20ක් විතර අය කරණවා. නමුත් කොරෝනාවෙන් පසු කිසිදු ජම්ප් එකක් දමන්න බැරිවුනා. දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මුහුදු රක්ෂාව කරණවා. අනික් දෙදෙනාගෙන් එක් අයෙක් පොඩි වෙළඳාමක් කරනවා.   අපි තුන්දෙනා වෙන වෙනම තමයි ජම්ප්  එක දමන්නේ. මුලින්ම ආපු එක්කෙනා මුලින්ම ජම්ප් එක  දමනවා. ඒ  විදියට තමයි ජම්ප් එක දමන්නේ. අපේ ජම්ප් එක බැලිමට පැමිණි ඇතැම් ප්‍රභුවරු  අපිට ගොඩක් පොරොන්දු දිලා ගියා.  අපිට මෙ ස්ථානයෙන් ගෞරවාන්විත විදියට මේ කටයුත්ත කරන්න අවස්ථාව  උදාකරලා දෙන්න කියලා බලාධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.“

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි කණු හදන්න ලෙකෝ නටපු අමුතු නැටුමක් විගණනයෙන් හෙළි වේ…

Next Post

අත් අඩංගුවටපත් ගුරුවරන් සිටි මද්‍රසා පාසලේ දේශන සඳහා සහරාන් ඇවිත්..

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.