බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රෝද පුටුවේ සිට වසරේ ඔස්ට්‍රේලියානුවා කිරුළ පැළඳූ ලංකාවේ උපන් ජීවකයා

නීතීඥයකු සේම වෛද්‍යවරයකු වන වෛද්‍ය දිනේෂ් පලිපානගේ දිරිය කතාව

by Lanka Sara Editor
නොවැම්බර් 27, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

• ඉපදුණේ මහනුවර
• ඔස්ට්‍රේලියාවට ගියේ අවුරුදු දහයේදී
• රිය අනතුරක් නිසා සදාකාලිකව රෝද පුටුවට
• නොහැකියාව කියන්නේ නිකම්ම නිකං සිතිවිල්ලක් විතරයි

ශ්‍රී ලංකාවේ උපත ලබා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා පසුගියදා 2020 වසර සඳහා වන “ක්වින්ස්ලන්තයේ වසරේ ඔස්ට්‍රේලියානුවා යන කීර්ති නාමයෙන් පිදුම් ලබා තිබේ. එම ප්‍රාන්තයේ පළමු වරට බිහි වූ පළමු ආබාධිත තත්ත්වයෙන් පෙළෙන වෛද්‍ය උපාධිධාරී සහ වෛද්‍ය පුහුණුව ලැබූ අයකු ලෙස වෛද්‍ය පාලිපාන මහතා සම්මානයට පාත්‍ර වූයේ බ්‍රිස්බේන් හිදී පැවති විශේෂ උත්සවයකදී ය.

ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ වීම සහ සාධාරණ ලෙස සැලකීම වෙනුවෙන් පෙනී සිටින වෛද්‍ය පලිපාන දැන් ගෝල්ඩ් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු වන අතරම ඔහු සුදුසුකම් ලත් නීතිඥවරයෙකු ද වේ. ඔහු පිළිබඳව පසුගියදා ඩේලි මිරර් ඉංග්‍රිසි පුවත් පතේ පළ වූ කලනී කුමාරසිංහ විසින් කරන ලද සාකච්ඡාවකින් උපුටා ගත් අනුවාදයක් මෙසේ පළවේ.

අපට මුලින්ම කියන්න ඔබේ මේ ගමනේ ආරම්භය ගැන?

මම ඉපදුණේ මහනුවර. මගේ තාත්තා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් නිසා අපි එකතැනක හිටියේ නෑ ගොඩක් එහාට මෙහාට ගියා. මට වයස අවුරුදු දහයේදී අපි ඕස්ට්‍රේලියාවට ගියා. එතැන් සිට මම මෙහි තමයි හැදී වැඩුණේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔබට හැමදාමත් ඕන වුණේ වෛද්‍යවරයෙක් වෙන්න ද?

නැහැ. ඇත්ත වශයෙන්ම නැහැ. මම මුලින් නීතිය හැදෑරීමට ගියා. මගේ නීති උපාධිය අවසන් කළ නමුත් පසුව වෛද්‍යවරයකු වීමට අවශ්‍යයි කියලා මට හිතුණා. මම සෞඛ්‍ය ගැටලු කිහිපයක්ම අත්විඳ ඇති නිසා මම මානසික අවපීඩනයෙන් පෙළෙන කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටියේ. එය මට අඳුරු කාලයක් වුණා. නමුත් ඒ කාලය තුළ මට ජීවිතය ගැන මඳක් සිතා බැලීමට අවස්ථාවක් ලැබුණා. මගේ ජීවිතය සමඟ මට කුමක් කිරීමට අවශ්‍යද යන්න ගැන මම කල්පනා කළා. එවිට මට වෛද්‍යවරයකු වීමට අවශ්‍යයි කියලා මම තීරණය කළා. මම බොහෝ වෛද්‍යවරුන් හමුවුණා. එවැනි අවස්ථාවකදී තමයි මට අවබෝධ වුණේ එමගින් ඔබට අන් යමෙකුගේ ජීවිතයේ විශාල වෙනසක් කළ හැකි බව. මම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කළේ එලෙසයි. මම නීතිය අවසන් කර වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටියා. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නාම මට ස්ථානයක් ලැබුණා.

අනතුරක් ඔබේ ජීවිතය වෙනස් කළේ කොහොමද?

මෙම අනතුර සිදු වූණේ 2010 දී, මට වයස අවුරුදු 24 ක් හෝ 25 ක් වගේ වෙද්දි. මගේ මෝටර් රථය තෙත් පාරක යද්දී පාලනය කර ගත නොහැකි වුණා. එය පෙරළී ගොස් කාර් එක පෙරළීම නැවතුණු විට මගේ කකුල් දෙකේ දැනෙන්නට හෝ චලනය කිරීමට නොහැකි වුණා. මට මගේ ශරීරය දැනෙන්නෙ නැතුව මගේ ඇඟිලි චලනය කිරීමට නොහැකි වුණා.
තත්ත්පරයකින් මගේ ජීවිතය සදහටම වෙනස් වුණා. එය පැහැදිලිවම මා මෙතෙක් මුහුණ දුන් අසීරුම අත්දැකීම කිවොත් නිවැරදියි. මගේ ශරීරය විතරක් නෙවෙයි, මගේ පවුලත් කඩා වැටුණා. අපට අපේ නිවස අහිමි වුණා. සෑම දෙයක්ම ඉතා දුෂ්කර වුණා.
මම මාස 7 ක් හෝ 8 කට ආසන්න කාලයක් රෝහලේ ගත කළා. මම සතියක් පමණ දැඩි සත්කාර ඒකකයේ සිටියා. මුලදී මට සම්පූර්ණ වාක්‍යයක් කථා කිරීමට හෝ දැන් මෙන් මගේ දෑත් චලනය කරන්නවත් පුළුවන් වුණේ නෑ. මට සිහිය නැති නොකරගෙන වාඩි වෙන්නවත් බැහැ.

එතරම් බරපතළ තත්ත්වයකට ඔබ සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද?

එය ඇත්තෙන්ම අමාරුයි. එය පැහැදිලිවම මට මෙතෙක් මුහුණ දීමට සිදු වූ අමාරුම දෙයයි. මම වාසනාවන්ත වූයේ මට හොඳ මිතුරන් හා මගේ අම්මා සිටි නිසයි. මා අවට සිටි අය ගමන පහසු කළා. නමුත් එය දුෂ්කර වුණා. මම ඒ වෙලාවේදී තේරුම් ගත්ත දෙයක් තමයි ඔයාට දිගටම යන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. එක්කෝ අත්හැර දැමිය යුතුයි නැතහොත් ඉදිරියට යා යුතුයි කියලා. මම කඩේ දිගටම අතාරින්නෙ නැතුව ගිය එක. නමුත් එය අමාරුයි. මගේ හිත ඇතුළේ හැඟීම් හරියට කතුරු ඔන්චිල්ලාවක් වගේ. ඒත් ඒක සමනය වෙන්න බොහෝ කාලයක් ගත වුණා.

එසේ තිබියදීත් ඔබ දිගටම ඉගෙන ගන්න තීරණය කළා?

මට අනතුර සිදුවුණෙ 2010 දී. වසර හතරකට ආසන්න කාලයක් ගත වුණා. අවුරුද්දකට ආසන්න කාලයක් රෝහලේ හිටියා. පසුව මට තවත් සංකූලතා ඇති වුණා. ඊළඟ අවුරුදු දෙක තුළ අපි තවත් හතරක් හෝ පහක් රෝහලේ ගත කළා. මගේ අම්මටයි මටයි හොඳ යාළුවෝ හිටියා. අපට අපගේ මුදල් හොයාගන්න සිදු වුණා. අපි බොහෝ තැන්වල යන්න වුණා. ඒ වසර දෙක ඉතා අභියෝගාත්මකයි. නමුත් මට ඇත්තටම ආයෙත් ඇවිත් වෛද්‍යවරයකු වීමට අවශ්‍ය වුණා. මොකද මා එයට බෙහෙවින් ආදරය කළා.

2014 දී මම ආපසු ආ නමුත් එය පහසු වුණේ නෑ. වාසනාවකට මෙන් විශ්ව විද්‍යාලය ඉතා සහයෝගය දැක්වූවා. නමුත් මගේ මේ තත්ත්වයත් එක්ක මම වෙද නළාව රඳවා තබා ගැනීම, රෝගියෙකු පරීක්ෂා කරන ආකාරය ඉගෙන ගැනීම වැනි බොහෝ දේ කිරීමට මට ඉගෙන ගැනීමට සිදු වුණා. ඒ සඳහා විශාල වැඩ කොටසක් අවශ්‍ය වුණා. මම පාන්දර 3 ට අවදි වී රාත්‍රී 11 ට නින්දට ගිය අවස්ථා තිබුණා. නැවත නැඟිට පාඩම් කිරීමට පෙර පැය කිහිපයක් නිදාගත්තා.

2016 දී මම වෛද්‍ය විද්‍යාලය අවසන් කළා. මම 2017 දී වැඩ කිරීමට පටන් ගත්තා.

වැඩ පරිසරය ඔබට උපකාරයක් වුණේ කොහොමද?

මම දැන් තරමක් ස්වාධීනයි. මම මගේ වැඩවලින් බොහොමයක් කරන්නේ මමමයි. මම සේවය කරන්නේ ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම හදිසි දෙපාර්තමේන්තුව වන හදිසි ප්‍රතිකාර අංශයේ. අපිට නියම කණ්ඩායමක් ඉන්නවා. එය ඉතාම නැඹුරු කණ්ඩායම් පරිසරයක් බැවින් එය වැඩ කිරීම පහසු කරනවා, නමුත් බොහෝ දුරට මම තරමක් ස්වාධීනව වැඩ කරනවා. මම බොහෝ දේ තනිවම කිරීමට ඉගෙන ගත්තා. නමුත් මේ සියල්ල කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට විශ්ව විද්‍යාලය සහ සියලු දෙනා ඉතා සහයෝගයක් දුන්නා.

ඔබ ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ වීමේ පහසුකම් පිළිබඳව පෙනී සිටිම ආරම්භ කළේ කෙසේද?

ඒ මගේම අත්දැකීම් තුළින්. මම වෛද්‍ය විද්‍යාලය අවසන් කළ පසු මගේ පළමු රැකියාව ලබා ගැනීම ඉතා අසීරු වුණා. මම හිතන්නේ ලොව පුරා විවිධ හැකියාවන් ඇති පුද්ගලයින් ඔවුන් මුහුණ දෙන විවිධ අසාධාරණකම් නිසා අරගල කරනවා. ඔවුන්ට කළ හැකි හා කළ නොහැකි දේ පිළිබඳ අදහස් තිබෙනවා. නමුත් මම අද වෛද්‍යවරයෙක්. මම හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කරනවා. මට කොඳු ඇට පෙළ තුවාල වී තිබෙනවා. මට මගේ ඇඟිලි පාවිච්චි කරන්න බැහැ. නමුත් තවමත් මම වෛද්‍යවරයකු ලෙස වැඩ කර මේ සියලු දේ කරනවා. ඉතින් ඇයි වෙන කාටවත් බැරි ඔවුන්ගේ සිහින ලුහුබඳින්න. කිසිම හේතුවක් නැහැ. මිනිසුන්ගේ භෞතික වෙනස්කම් කුමක් වුවත් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ජනවාර්ගිකත්වය කුමක් වුවත් අප සමාජයට ඇතුළත් විය යුතුයි. එයයි නිවැරදි දෙය. එපමණක් නොවේ. තවත් බොහෝ ප්‍රතිලාභත් ලැබෙනවා.

ඔබ ක්වීන්ස්ලන්තයේ වසරේ ඕස්ට්‍රේලියානුවා මේ පිළිබඳව ඔබට හැඟෙන්නේ කෙසේද?

එය ගෞරවයක්. මගේ ජීවිතයට මගේ අම්මාට සහ ප්‍රජාවට මම සැබවින්ම කෘතඥ වෙනවා. මෙයින් අදහස් කරන්නේ මෙම සන්ධිස්ථානය කරා ළඟා වීමට බොහෝ දේ ඇති බවයි. අපගේ ප්‍රජාවේ පුද්ගලයින් වෙනුවෙන් තවත් බොහෝ දේ කිරීමට එය මට ඉඩ දෙයි යැයි මම බලාපොරොත්තු වෙනවා. එය පුදුම සහගත ලැබීමක්.

ඔබ උපන් ශ්‍රි ලංකාවේ වැසියන්ට දෙන පනවිඩය කුමක්ද?

ආබාධිත පුද්ගලයින් සඳහා එක්සත් ජාතීන්ගේ ගිවිසුම තුළ ඇති ආකාරයට ප්‍රතිපත්ති හා නීති රාශියක් ඇති බව මම සිතනවා. නමුත් එය සැබවින්ම අප සෑම කෙනෙකු මතම රඳා පවතින්නක්. ඔබ සේවා යෝජකයෙක් නම් කායික වෙනස්කම් ඇති අයකුට වුණත් එසේ නොමැති අයෙකු ලෙස සමාන සැලකිල්ලක් දක්වන්න. ඉඩදෙන්න. ඔබ විශ්ව විද්‍යාලයක හෝ පාසලක උගතෙක් නම්, ඔබේ මනස විවෘත කර සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලබා දීම සහ සෑම කෙනෙකුටම අවස්ථාවක් ලබා දීම ගැන සිතන්න. අධ්‍යාපනය එතරම් බලවත් හා වැදගත් නිසා. ඔබ ප්‍රජාවේ සාමාජිකයෙකු වුවද ඉන් පිටත සිටින පුද්ගලයින් පවා ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. ඔබට ලෝකයේ සියලුම නීති සහ සියලු ප්‍රතිපත්ති තිබිය හැකියි. නමුත් මිනිසුන් නිවැරදි දේ නොකරන්නේ නම් එය අර්ථ විරහිතයි. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම විශ්වාස කළ යුත්තේ නිවැරදි දේ කිරීමටයි.

තමන්ට කළ නොහැකි දේ ඇතැයි හැඟෙන කෙනෙකුට ඔබ කියන්නේ කුමක්ද?

කළ නොහැකියි කියන්නේ මනසේ තියෙන දෙයක්. එය නිශ්චිත නොවේ. කළ නොහැකි වන්නේ එය කළ නොහැකි යැයි ඔබ සිතන්නේ නම් පමණි. කළ නොහැකි දෙයක් නැත. හැකි දේ ගැන මදක් සිතා බලන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල්දෙණිය හෝටලයේ නිරෝධායනය කළ නළු නිළි පිරිසට කොවිඩ් නෑ…

Next Post

ශානි IDH රෝහලට මාරු කරයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.