ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක දෙහිවල-ගල්කිස්ස මහා නගරසභාව.
ගෝවා පවුලේ එළවළු වර්ග ෆෝලේට් සහ විටමින් K, A, C වැනි විටමින් වර්ගවලිනුත් ඛනිජ ලවන වලිනුත් පොහොසත්.
තද කොළ පැහැති ගෝවා පවුලේ එළවළු විශේෂයෙන් විටමින් A සහ C වලින් බොහොම සරුයි. ඒ වගේම ගෝවාවල සෞඛ්‍යයට වටිනා කියන ෆයිටොනූට්‍රියන්ට් රාශියක්ම අඩංගු වෙනවා. ඒවා, පිළිකා ඇතුලු බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන ශාක පදනම් වූ සංයෝගයන් .
ගෝවා පවුලේ එළවළුවල සුලභව තියෙන ග්ලූකෝසිනොලේට්ස් (Glucosinolates) කියන ශාක රසායනික සංඝටක වර්ග ඉන් සුවිශේෂී ඒවා වෙනවා. ග්ලූකෝසිනලේට්ස් විශේෂයෙන් මහා බඩවැලේ පිළිකා, පුරස්ථි පිළිකා, පියයුරු පිළිකා සහ හෘදයාබාධ වැනි බරපතල රෝගවලින් මිනිසාට ආරක්ෂාව සපයන බව අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා.
ඒ වගේම ග්ලූකෝසිනලේට්ස් අක්මාවේ විස හරණ එන්සයිම සක්‍රී කිරීමටද දායකවන බව සොයාගෙන තිබෙනවා.
ගෝවා හොඳ කෑමක් උනත් වැඩිපුර කෑමෙන් කෙනෙකු අමාරුවේ වැටෙන්න පුලුවන් කියලත් මතක් කරන්න ඕන.
- ගෝවා පවුලේ එළවළු වල තියෙන ග්ලූකෝසිනලේට්ස් වල බලපෑමෙන් වැඩිපුර ආහාරයට ගත්තොත් අයඩීන් ඌණතාවයට හේතු වෙන්න පුලුවන්. එහෙම වුනාම තයිරොයිඩ් ග්රන්ථියේ ආබාධ වලට හේතු වෙන්න පුලුවන් . (hypothyroidism)
- ගෝවා පවුලේ එළවළු වල අධිකව තියෙන විටමින් K, රුධිර කැටි ගැසීම වැළැක්වීමට ඖෂධ ලබා ගන්නා රෝගීන්ට එච්චර හොඳ නෑ.
- ගෝවා අමුවෙන් ටිකක් වැඩිපුර ගත්තොත් ආහාර අජීර්ණ වෙන්න පුලුවන් . ගෝවාවල තියෙන දිරවීමට පහසු නැති Riffinose කියන පොලිසැකරයිඩ නිසා තමයි එහෙම වෙන්නේ.
- පිලිකා රෝගයට ප්රතිකාර ලබන , විශේෂයෙන් කීමෝ තෙරපි ලබන රෝගීන් ගෝවා ආහාරයට ගැනීමෙන් වලකින එක යහපත් වෙන්න පුලුවන් . කොහොම උනත් ගෝවා රස ගුණ සපිරි කෑමක්. හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන කාරණාව දැනගෙන කෑවොත් තමයි හොඳ.
–