සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මහ මුහුද මැද ජීවිතය සමග පොරබදද්දී ගුවන් මෙහෙයුමකින් දිවි ගලවා ගත් ධීවරයින් හමුවන්න ගියෙමු!

by editor
ජූනි 1, 2025
in ජීවිතය
User comments

User comments

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය

බළපිටිය, හරස්පල ධීවර වරායෙන් රස්සාවේ ගිය ධීවර යාත්‍රාවක් ධීවර කටයුතුවල යෙදී සිටියදි ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිරුපද්‍රිතව බේරා ගෙන බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළේ සිකුරාදා (30) සවසය.

නො 9/සී, අඹගහපිටිය පංසල පාර, පාතේගම, බලපිටිය ලිපිනයේ පදිංචි මැදදුවගේ ජානක (47) හරස්පල, බලපිටිය පදිංචි අප්පුවාදුර සුමිත් රංගන (50) සහ හරස්පල, බලපිටිය පදිංචි ලහිරු සම්පත් මෙන්ඩිස් (34) යන ධිවරයින් තිදෙනා මෙසේ බේරාගෙන රෝහල් ගතකර තිබුණි.

අප්පුවාදුර සුමිත් රංගන, මැදදුවගේ ජානක,  ලහිරු සම්පත් මෙන්ඩිස්

මරණය අත්දැක යළි ජීවිතයට පැමිණීමේ අත්දැකීම පුංචි එකක් නොවේ. මහා සාගරය මැද බිහිසුණු රළ පතර අතරේ පුංචි බෝට්ටුවක් තුළ ජීවිතය සමග පොරබදමින් සිටි ඒ මිනිසුන් තිදෙනාගේ අත්දැකීම දැනගැනීමට ඔවුන් සොයා ගියෙමි.

අප හා මුලින්ම සිය කතාව කියන්නේ ආපදාවට පත් බෝට්ටුවේ ස්පීකර් (බෝට්ටුව පදවන්නා) ය. ඔහු අඹගහපිටිය පන්සල පාර, බළපිටිය ලිපිනයේ පදිංචිව සිටින මැදදුවගේ ජානක (47)ය.

අපි, බ්‍රහස්පතින්දා (29) සවස ගිහින් දැල් දැම්මා. දියඹේ ගල් වටකරල දැල් දාල, ගල්මාළු, පරව් අල්ලන්න පුළුවන්. සිකුරාදා (30) උදේ ගියේ දැල් එකතු කරල, දැලට අහුවෙලා ඉන්න මාළු ටික අරන් එන්නයි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

දැල බෝට්ටුවට අරන්, එන්න හදන විට බෝට්ටුවේ එන්ජිම නතර වුණා. අපි දැල බෝට්ටුවට ගත්තේ එන්ජිම ස්ටාර්ට් කර ගෙනයි. එවිට බෝට්ටුව කෙලින් තියා ගන්න පුළුවන්. නැතිනම් සුලං වැඩි වෙලාවට බෝට්ටුව පෙරලිලා ඇතුළට වතුර දාන්න ගන්නවා. එන්න හදන විට එන්ජිම නැවතුනා. කොපමණ උත්සාහ කලත් එන්ජිම ස්ටාර්ට් වුණේ නැහැ. පස්සේ බෝට්ටුවේ තිබෙන ගල මුහුදට දාල බෝට්ටුව ගැටගහගෙන හිටියා. අපි ගලක් අරන් යන්නේ එන්ජිම ස්ටාර්ට් නැති වුණාම, බෝට්ටුව සුලඟට පා වෙලා යන එක වලක්ව ගන්න ගැටලහල තියන්නයි.

එන්ජිම නතර වුණාම ගෙදර මතක් වුණා. අපි හිටියෝ කිලෝ මීටර් දෙකක් විතර දියඹට වෙන්න. මගේ දරුවෝ දෙන්නෙක් විවාහ වෙලා. අනික් දෙන්නා ස්කෝලේ යනවා. ජීවත් වෙන්න පුළුවන් වෙයිද? කියල හිතුණා. තවත් එක එක දේවල් හිතුණා. නෝනා දරුවෝ බලා ගන්න විදියත් හිතුණා. නමුත් අපි නොහිතපු විදියට ගුවන් හමුදාව අපි බේරා ගත්තා.”

බලපිටිය පදිංචි අප්පුවාදුර සුමිත් රංගන (50) සහ ලහිරු සම්පත් මෙන්ඩිස් (34) මේ බෝට්ටුවේ ගිය අනික් ධිවරයින් දෙදෙනාය. ‘මරණ බිය දැනුණා මහත්තයෝ’ රංගන, කතාව ආරම්භ කළේ එසේ කියමිණි.

“බ්‍රහස්පතන්දා (29) දැල් දාන්න ගියෙත් අපි තුන් දෙනාමයි. මම වසර 25 ක් විතර ධීවර රස්සාවේ යනවා. එදා හොඳට වලාලේ තිබුණා. (මුහුද සැර නැතුව තිබීම හදුන්වන්නේ වලාලේ යනුවෙනි) නැත්නම් අපි දැල් දාන්න යන්නේ නැහැ. සිකුරාදා (30) උදේ මුහුද ටිකක් සැරට තිබුණා. ටික වේලාවක් බලලයි, අපි මුහුදු ගියේ. අපි දැල් බෝට්ටුවට අරන් එන්න ලෑස්ති වෙන විටයි, එන්ජිම නැවතුණේ. ”

“සවස 1.00 ට විතර අපි බේරා ගන්නා විට අපිට සතුටු කදුළු ආවා. ගුවන් හමුදාවේ මහත්වරු අපිට මොකුත්ම කිව්වේ නැහැ. ඉතා හොදින් කතා කරල අපිව ගත්තා. රෝහලට ඇතුල් කරන විට 2 විතර වුණා. අපි පැය 02 ක් පමණ එන්ජිම නැවතිලා මුහුදේ හිටියා. අපි ඉස්පිරිතාලේට ගේන විට අපිට සියළු පහසුකම් සකස් කරල තිබුණා. කාර්යය මණ්ඩලය ඉතා හොදින් ඒ සදහා සූදානම් වෙලා හිටියා.”

“අම්බලන්ගොඩ පොලිස් ක්‍රීඩාංගණයට හෙලිකොප්ටරය බස්සන විටත් ඇම්බියුලන්ස්, ප්‍රථමාධාර සියල්ල සූදානම් කර තිබුණා. අපේ සහෝදර ජනතාව, ආරක්ෂක හමුදා, පොලීසිය, රෝහල් කාර්යය මණ්ඩලය ගැන ඒ වෙලාවේ ඇතිවුණ සතුට කියා නිම කරන්න බැහැ. අපිත් අපේ ජිවිත කාලයේ අනුන්ට උදව් කරන්න ඕනෑ කියන අදහස හොදින්ම ඇති වුණා. මට ඉන්නේ දුවලම තුන් දෙනෙක්. එක් අයෙක් රස්සාවක් කරනවා. දෙවැනි දුව පාඨමාලාවක් හදාරණවා. තුන්වැනි දුව තවම ඉස්කෝලේ යනවා. බිරිදටත් රැකියාවක් නැහැ. මට මොනවා හරි වුණානම්, මේ අය අනාතයි, නේද? රංගන හැගුම්බරව ප්‍රකාශ කළේය.”

ලහිරු සම්පත් මෙන්ඩිස් (34) හමුවන විට ඔහු සිටියේ සිය මිතුරෙකු සමග කතා බහ කරමින්ය. තමා රස්සාවේ ගිය බෝට්ටුව ආපදාවට ලක් වූ බව ඇසීමෙන් ඔහුගේ මවට හෘදයාබාධයක් ඇති වී තිබිණි. මේ වනවිට ඇය ප්‍රතිකාර ගන්නේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ලහිරුගේ බිරිය සහ දෙහැවිරිදි දරුවා කරාපිටිය රෝහලට ගොස් සිටියහ. ඒ ලහිරුගේ මව බලන්නටය.

“මම බළපිටිය රේවත ජාතික පාසැලේ අපොස උසස් පෙළ හදාරල උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා තිබෙනවා. කලා විෂය ධාරාවෙන් නිසා විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ. පස්සේ පෞද්ගලික ආයතන දෙකක රස්සාව කළා. මුහුදු යන්න පටන් අරන් වසර 03 ක් පමණ වෙනවා. මට මුහුදු රස්සාවේ යන්න එපා කියල හැමදාම අම්මා, පවුලේ අය කියනවා.”

“අපි දැල් පීස් 11 ක් ගැටගහල දැම්මා. දැල ගනිද්දි දැල ගලක පැටළුණා. පස්සේ අපි බෝට්ටුවේ එන්ජිම ස්ටාර්ට් එකේම තියාගෙන දැල කපල බෝට්ටුවට ගත්තා. ආපසු එන්න හදන විටයි, එන්ජිම නැවතුනේ ” ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් හමුදා කණ්ඩායම

ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීම මත රත්මලාන හමුදා කඳවුරේ හතරවෙනි බලඝනයේ ගුවන් හමුදා නිලධාරීන් වන ෆ්ලයි ලුතිනන් එරංග ඒකනායක, කෝප්‍රල් ප්‍රභාත් කුමාර, ස්කොඩ්‍රන් ලීඩර් ඉෂාන් සිල්වා, කෝප්‍රල් ලසන්ත කුමාර, ස්කොඩ්‍රන් ලීඩර් සම්පත් රත්නායක, සාජන් කුමාර ද සිල්වා යන නිලධාරීන් බෙල් 412 හෙලිකොප්ටරය යොදාගෙන මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොට්ඨාසය පැරදුනාට පස්සේ හනීෆා කොළඹ නගරාධිපති නියෝජිතයා ලෙස නම් කරන්න බෑ… අලුත් කෙනා දැන්ම කියන්නේ නෑ… සජබ කියයි!

Next Post

බැංකොක් නුවර පතායා හිදී ලිංගික ගනුදෙනුවක් කතා කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට සංක්‍රාන්තික ලිංගික කාන්තාවකගෙන් ලේ විසිවෙන ප්‍රහාරයක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.