බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

රමණී බර්තොලමියුස්ගේ මරණය ගැන 34 වසරකට පසු කමල් කියන මෙතෙක් නොකී කතාව…

කවදාවත් ආදරය කරන මිනිහෙකුගෙ ජීවිතය අපායක් කරන්න එපා...

by editor
ජූලි 10, 2021
in කලා, ජීවිතය
Kamal-Ramani
Share on FacebookShare on Twitter
  •  මම එයාට ආදරය කරන්න ගත්තෙ එයා ඇස්වලින් දැකලා නැතිව තියෙද්දි…

  • අපි එකට ජීවත් වුණා. ආර්ථික ගැටලු තිබුණට ඒ ජීවිතය පුදුමාකර විදිහට සුන්දරයි…
  • මා ඇයට නොකිවයුතු ඉතාම නොවැදගත් කතාවක් කිව්වා. ඒ කතාව නොකීව නම් අපේ ජීවිත සපුරා වෙනස් වෙන්න තිබුණා
  • මං පණ වගේ ආදරය කළ ඇය මා විසින් මරා දැම්මා කියන චෝදනාව දෙවන වර මාව බිඳ දැම්මා…
  • මං කුඩු කාරයෙක් සල්ලාලයෙක් කියලා පෙත්සම් එකසිය ගානක් පොලිසියට ඇවිත් තිබුණා…
  • මාසයක් තිස්සෙ රිමාන්ඩ් බන්ධනාගාරයෙ ඉඳලා මාව වරදකරුවෙක් කරන්න කළ සෑම උත්සාහයකින්ම නිදහස් වෙලා ආවමත් මිනිස්සු කිව්වෙ මම සල්ලි දීලා බේරිලා එන්න ඇති කියලා

රමණී බර්තොලමියුස් මියගොස් 34 වසරකි. ඒ කම්පිත මරණයේ වගකීම ඇයගේ පෙම්වතාව සිටි කමල් අද්දරආරච්චි පිට මේ රටේ මිනිස්සු පැටවූහ. එද මිනීමරුවෙක් ලෙස සමාජ ගර්හාවට ලක් වූ කමල් ඒ අතීත පවත සිහි කරමින් සිළුමිණ රසඳුන අතිරේකය සමග පිළිඳරක යෙදී තිබිණි. ඒ ලිපිය මෙසේ උපුටා පල කරමු.

නිහඬව අසා සිටියෙමි. මනුෂ්‍යයෙකුට ඒ තරම් බිහිසුණු දුර්භාග්‍යයකට මුහුණ දී ජීවිතය යථාවත් කර ගත හැකි යැයි මා මෙතෙක් විශ්වාස කළේ නැත. ස්වකීය ජීවිත ප්‍රාර්ථනාව කරගත් ගැහැණිය ඇස් පනා පිට මිය ගිය විට මිනීමරුවෙක් සේ චෝදනා ලැබ ලෝකය හමුවේ කුඩු පට්ටම් වීමට නියම වී සිටි මිනිසෙකුගේ තවමත් නොවියැකුණු අසීමිත වේදනාව ඒ හඬෙහි ගැබී වී තිබිණි.

එකල මේ රටේ මිනිසුන් වශී කළ ග්‍රීක දේව රූපයක් සදිසි ලාංකේය රූ රැජණ, රමණී බර්තොලමියුස්ය. ඇය හදිසි අනතුරකින් මිය ගියේ වර්ෂ 1987 ජූනි මස 30 වැනිදාය. ඇය මියගොස් ගොස් පසුගිය ජූනි 30 දාට තිස් හතර වසරක් සම්පූර්ණ වුනේය. ඒ මරණයට වරදකරුකොට මේ සමාජය විසින් එල්ලා දැමීමට සූදානම් වූ මිනිසා කමල් අද්දරආරච්චි මරණීය වේදනාව සහිත අතීත මතක පාරමින් ස්වකීය ජීවිතාවර්ජනයේ යෙදෙමින් සිටියේය. කමල් අද්දරආරච්චි තවමත් ඒ මියුරු ගැහැණියගේ අසීමිත ප්‍රේමයේ මතක අතර ජීවත් වෙමින් හිඳනු දුටුවෙමි. පසන් කෙළි ලොල් බවින් කිසිදා වියුක්ත නොවන ඔහුගේ හඬ සංවේදී ශෝකාකූල අඳුරක ගිලී යමින් මා සවන් පාරමින් සිටියේය.

ඒ 1985 අවුරුද්ද. එතකොට එයා ලංකාවෙ රූ රැජන කිරුළ දිනාගෙන. ලෝක රූ රැජන තරගාවලියට ඇමරිකාවට ගිහින් ඉන්න වකවානුව. හර්බට් රංජිත් පීරිස් නිශ්පාදනය කළ හිම කුමාරි ටෙලි නාට්‍යයෙ රූගත කිරීම් සිදුවෙමින් තිබුණා. රූගත කිරීම් සිදුවුණේ නුවර. නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවෙ මම. මගෙ පෙම්වතියගෙ චරිතය රූපණය කරන්න හිටියෙ ඇය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ වනවිට මා රමණිව ජීවිතේට මුණ ගැහැලා නෑ. ඇය ඇමරිකාවෙ සිට එනකම් අපි නාට්‍යයෙ අනෙක් රූ ගත කිරීම් කරමින් හිටියෙ. ඒ අතරෙ අපේ කණ්ඩායමේ අය ඇය සහ මා සම්බන්ධ කරමින් අපූරු ප්‍රබන්ධ හදන්න පටන් අරන් තිබුණෙ. මා මේ කතාවලට හරිම කැමැත්තෙන් ප්‍රති උත්තර බඳිමින් හිටියා.  

ෂූටින් පටන් අරන් සති දෙකකට විතර පස්සේ ඇය ලෝක රූ රැජන තරගයට සහභාගී වෙලා ලංකාවට ඇවිත් රූගත කිරීම් කරන ස්ථානයට ආවා. ඒ මොහොත මට අද වගේ මතකයි. ඇත්තටම මට එක්වරම සියුම් තිගැස්මක් කම්පනයක් ඇති වුණා. මට එයාව පෙනුණෙ මා ඒ මොහොතෙ ඇය දිහා බැලුවෙ සාමාන්‍ය මනුස්සයෙක් රූ රැජනක් දිහා බලනවා වගේ නෙමෙයි. හිතේ ඇතිවුණු මහා ගැඹුරු බැඳීමකින්. “

ඔහු කතා කරමින් ගියේය. රමණිට ආකර්ෂණය වෙන්න තරම් ඇය තුළ තිබුණු ඔබ දුටුව විශේෂ ලක්ෂණය මොකක් ද?. මා ඔහුව විමසුවෙමි. ඒ අවධිය ඔහුව ආකර්ශනය කරගැනීමට යෞවනියන් පෙළ ගැසෙනමින් සිටි අවධියක් බව අසා තිබුණු බැවිනි.

“ එයාට තිබුණා ඉතාම ගෞරවණීය වැදගත් පෙනුමක්. ඒක ආඩම්බර කමක් නෙමෙයි. ඒක සරාගී බවින් එපිටට ගිය තේජාන්විත පෞරුෂයක්. නිශ්ශබ්ද වැදගත් චර්යා රටාවක් ඇයට තිබුණා. හැදියාවකින් යුක්ත වූ ගෞරවණීය හැසිරීම් ඇතුළෙ බෙහෙවින්ම විරල ආකර්ශනීය සුන්දරත්වයක් මා දැක්කා.“

“ඇයව හමුවෙන අවධියේ මා පෙම්වතෙක් නොවෙයි. සමහර විට සමාජයෙන් මා සෙල්ලක්කාර චරිතයක් සේ ප්‍රකාශ වුණාට ඒ වකවානුවේ මා නළුවෙක් විදිහට මගෙ ගෞරවය තියාගෙන ජීවත් වුණා. “

ඔවුන් දෙදෙනා අතර ආදරයක් ගොඩනැගීමට අවැසි සියලු පරිසර සාධක නිර්මාණය වී තිබිණි. ඔවුන්ට ඔවුන්ගේ චරිතවලට හැඩ ගැසෙන්නට සිදු විය. මහනුවර ඒ චමත්කාර ජනක පරිසරය තුළ ආදර කතාවක් දළු ලා වැඩෙමින් තිබිණි.

“ අපි නැවතිලා හිටියෙ වෝටර් ෆ්‍රන්ට් කියන ලස්සන නිකේතනයක. පහලින් මහවැලි ගඟ ගලාගෙන ගියා. බොහොම සුන්දර පරිසරයක් තිබුණා. හැමදාම දර්ශන රූගත කරලා හවසට සංගීත සාජ්ජයක් තිබ්බා. හර්බට් රන්ජිත් පීරිස් කදිම රසවතෙක්.“

මේ කාලය අතරෙ අපි දෙන්න බොහෝ දේවල් කතා කළා. ආදරය ප්‍රකාශ කිරීම හැර සමාජය ගැන සාහිත්‍ය කලාව ගැන ලෝකයේ දේවල් ගැන බොහෝ දේ කතා කළා. එක දවසක් මම එයාට මලක් දුන්නා. විශේෂ ප්‍රතිචාරයක් නැතිව එයා ඒක පිළිගත්තා. අපි අතින්වත් අල්ලන්නෙ නැතිව ඇවිද ඇවිද කතා කරමින් හිටියා. මේ බැඳීම වර්ධනය වෙනකොට මා ඇයගෙ කාමරයට ගිහින් අපි දෙතැනක ඉඳන් කතා කරමින් ඉඳලා ආවා. වචනයක් වත් කතා නොකර දෙන්න දෙන්නාගෙ ඇස් දිහා බලාගෙන හිටියා. ආදරය කියන හැඟීම දැනෙමින් තිබුණු මියුරුම කාලයක් ඒක.“

එක දවසක් එයාට හදිස්සි වැඩකට රූ ගතකිරීම් වලින් ඉවතට යන්න සිදුවුණා. මා ඇසුවා එනකොට මට මොනව ද ගේන්නෙ කියලා. එයා සිනාසුනා විතරයි. ගිහින් ආපු දවසෙ ෂූටින් ඉවර වෙලා මම එයා ලඟට ගිහින් ඇහුවා අර ගෙනාපු දේ දෙන්න පුලුවන් ද කියලා. එයා කිව්වා ඇස් දෙක වහගන්න කියලා. මා ඇස් දෙක වහගත්තම එයා මට හාදුවක් දුන්නා. ඒක මහා විසාල දෙයක්. ඒ මොහොත තමයි අපේ ආදරය ජීවිත සමග මුහුවෙලා ආරම්භ වුණු මොහොත.“

ඔබ දන්නව ද මම ඒ මොහොතෙ ඇයට ආරධනා කළා විවාහ වෙන්න. මට අවශ්‍ය වුණා ඒ ලොකේෂන් එක ඇතුළෙ අපේ මංගල්‍යය කරන්න. ඒත් ඇය රූ රැජනක්. ඇය බැඳීම්වලින් යුක්තව හිටියෙ. ඇයට නිදහසේ තීන්දුවක් ගන්න පුලුවන් පරිසරයක් හැදලි තිබුණෙ නෑ. ඒත් ඒක එහෙම වුනානම් අපේ දෛවය මොනතරම් වෙනස් වෙන්න තිබුණා ද කියලා මා තවමත් කල්පනා කරනවා.

ඒ වකවානුව කමල් හා රමණී යනු යෞවනයේ ආදර්ශයන්ය. ඔවුන්ගේ ප්‍රෙමණීය මොඩලය වැළඳගත් යොවුන් සමාජයක් අපට තිබුණේය. එය ඔවුන්ගේ ජීවිත තුළ ඒ අයුරින්ම තිබෙන්නට ඇති ද?. ඔහු මදක් නිහඬව සිට කතාව ඇරඹුවේය.

“ ඇයි එහෙම නොවෙන්නෙ. අපි දෙන්නා අතර කිසිම නොගැලපීමක් තිබුණෙ නෑ. ඒක අසීමිත ආදරයක්. ෂූටින් ඉවර වුණා. එයා කොළඹ ඇවිත් බොරැල්ලේ තැනක එයාගෙ යාළුවො කීපදෙනෙක් එක්ක නැවතුනා. මම ඇයව මගෙ අම්මට හඳුන්වලා දුන්නා. රමණි මං ගැන එයාගෙ ගෙදරට කිව්වා. මං එයාගෙ ගෙදර ගියා. එයා මා එක්ක මගෙ ගෙදර ආවා. ඒත් එයාගෙ වෘත්තීය ගිවිසුම් එක්ක අපිට විවාහය කියන එක යථාර්ථයක් කරගන්න ටිකක් කල් ගත වන වග පෙනුණා. ඒත් අපි මොනතරම් ආදරෙන් ද මේ ඉන්නෙ. මම ඇයට යෝජනා කළා අපි මෙහෙම ඉන්න එක තේරුමක් නෑ. දෙන්න කොහෙ හරි තැනක් අරන් එකට ජීවත්වෙමු කියලා. අපි නාවලින් පොඩි තැනක් හොයා ගත්තා. කාමරයක් කුස්සියක් සහිත පොඩි අනෙක්සි එකක්.“

මේ වැනි පසුගාමී මිනිසුන් සහිත සමාජයක විවාහයකට පෙර එක්ව ජීවත් වීමට තීන්දු කිරීමම හිරි වට්ටන තීන්දුවකි. එවිට නම් ඔහු සිනාසුනේය.

“ මේක තමයි ගැටලුව. මේ ලෝකයට උතත්ර දෙන්නෙ කොහොම ද?. අපේ මුතුන් මිත්තො ජීවිතය පටන් ගත්තේ මානුෂීය ගිවිසුම් උඩ. ඒ තමයි සැබෑ ආදරණීය විවාහය. අපි ජීවත් වුනා. අවුරුදු දෙකක් ජීවත් වුනා. ඒ කාලය හරිම වෙනස් මිහිරක් කැටිවුණු කාලයක්. අපි දෙන්නම තරුණයි. අපිට අසීමිත අගහිඟකම් තිබුණා. අපට ගොඩක් වැඩ කරන්න තිබුණා. අවිවේකී ගතියක් ආවා. සමහර දවස්වල මම දහ අතේ කල්පනා කරනවා. මගෙ අතේ සතේ නෑ. මෙයා රඟපාලා කීයක් හරි අරන් එනකම් මා බලගෙන ඉන්නවා. මා මොනවා හරි කරන් එන එකෙන් එයා ජීවිතේ කළමනාකරණය කරගන්නවා. ඇය ඒ දවස්වල ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා නාට්‍යයෙ රඟපෑවා. මා ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍යය එක්ක ඉන්නවා. වේදකාව කියන්නෙ ලොකූ ආර්ථික පසුබිමක් හදන තැනක් නෙමෙයි. ඒත් අපි සතුටින් දරාගත්තා.

ඒ අතර කමල්ට සිහිනයක් තිබිණි. ඒ තමන්ගේ ටෙලි නිර්මාණයක රමණීට උත්කර්ෂවත් චරිත නිරූපණයකට ඉඩ හරස ලබා දීමය. රමණී ගේ පියා මාරක් බර්තොලමියුස් ලේඛකයෙකි. ඔහුගේ කතාවකින් තිර රචනයක් කර නිර්මාණය කරන ටෙලි නාට්‍යයක් සඳහා කමල් සූදානමින් සිටියේය.

“ ඒ හැම දෙයක්ම නැතිවුණා. එයා රංගන ශිල්පයේ පරිණතියට පැමිණෙමින් හිටියෙ. එයාට හොඳඉවක් තිබුණා. රංගන වින්‍යාසයක් පවත්වාගන්න සහජයක් තිබුණා. අද හිටිය නම් රමණි කියන්නෙ මේ රටේ අග්‍රගණ්‍ය නිළියක්. මට ඒ ගැන සහතික කරලා කියන්න පුලුවන්.“

“ඇය මොනවගේ පෙම්වතියක් ද?.“ මම ඇසුවෙමි.

“එයා බොළඳ පෙම්වතියක් නොවෙයි. හිතින් ගොඩාක් ආදරය කරන කෙනෙක්. හිතට දැනෙන ආවේග ප්‍රකාශ නොකර සඟවා තබා ගැනීමට ඇය හැම වෙලාවෙම උත්සාහ කළා. පුංචි හිත් අමනාපකම් තිබුණා තමයි. නමුත් එයා මාත් එක්ක කේන්ති ගත්තෙ නෑ. අපිට ප්‍රශ්න ඇති කරගන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ, සති අන්තෙ අපි අපේ ගෙදර යනවා. මගෙ අම්මා රමණිට අසීමිතව ආදරෙයි. එයාගෙ ගෙදර ගියාම ඒ අම්මයි තාත්තතයි මට සැලකුවෙ එයාගෙ දරුවෙක් වගේ. අපිට සුන්දර ජීවිතයක් තිබුණා.“

ඒත් ඒ මහා චමත්කාර නැති වී කුඩු පට්ටම් වීමට එක් පුංචි සිතිවිලි මාත්‍රයක් ප්‍රමාණවත් බව ඔහු අපට කියා දෙමින් සිටියේය.

“සමහර දේවල් තියනවා අපි කවදාවත් කාටවත් නොකිය යුතු… එය මා නොකිව යුතු කිසිම වැදගම්මකට නැති කතාවක්. ඒ කතාව මගෙන් පිටවුණා. ඒ කතාව නොකිව්වා නම් අපිට කවදාවත් මේ ඉරණමට මුහුණ දෙන්න වෙන්නෙ නෑ.

එහෙම පිට වෙන්න ඇත්තෙ මගෙ හිතේ ඇය සම්බන්ධව ඇති වුණු සපත්නීරෝෂය කියන හැඟීම නිසා වෙන්න පුලුවන්. එයා එයාගෙ ජීවිතයේ එක්තරා සිදුවීමක් මට කිව්වා. ඒ සිදුවීම පිළිබඳ කතාව මං හිතන්නෙ මාව ගොඩක් පෑරුවා. ආදරය කරනකොට එහෙම දේවල් වෙනවා. එවැනි අවස්ථාවක එයින් මිදෙන්න ඊට වඩා වැඩි යමක් කියැවෙන එක පිරිමින්ගෙ ස්වරූපයක් වෙන්න ඇති. ඔවුන්ගෙ අතින්ත තමන්ගෙ අගය වැඩි කරගන්න එහෙම දේවල් කියැවෙනවා. මා එක්තරා සිදුවීමක් ඇයට කිව්වා. අතිශය නොවැදගත් මගෙ ජීවිතයට අදාල නැති සිදුවීමක්. මා කිව්වෙ මා කළ වරදක් නොවෙයි. මට මුහුණ පාන්න සිදුවුණු අත්දැකීමක්. මා කියපු චරිතය සම්බන්ධව ඇයත් දැනගෙන හිටියා. ඇය නිහඬව අහගෙන හිටියෙ. නමුත් කවදාවත් මා හිතුවෙ නෑ එය ඔස්සේ ඇය මහා මානසික පීඩාවකට පත් වෙලා මාව අනියතේ සැක කරන්න ගනී කියලා.“

1987 ජූනි 28ට ආසන්න දිනයක සිදු වූ ඒ අඳුරු සිදුවීමේ මතකාවර්ජනය මා සිත ද තියුණු ලෙස කම්පනය කරමින් තිබිණි. ඔහු ඒ සිදුවීමේ පෙළ සිද්ධියෙන් සිධිය අමුණමින් සිටියේය.

එදා උදේ ඉඳන් අපි දෙන්න හරිම සැහැල්ලුවෙන් හිටියෙ. උදේ මගෙ යාළුවෙක් ආවා. අපි තුන්දෙනාම දවල්ට කාලා අපේ ගෙදර ගියා.  හවස එන ගමන් මම එයාට ඩ්‍රයිවින් පුරුදු කරන්න ගියා. එයා ආසාවෙන් ඒක ඉගෙන ගත්තා.

එදා රෑ මට යන්න තිබුණා ජයන්ත චන්ද්‍රසිරිගෙ පොඩි වැඩකට. මම හවස හතට විතර ගියේ දහය දහය හමාර වෙනකොට එන්න බලාගෙන. ඒ ජංගම දුරකථන නැති කාලයක්. අපි ඉන්නෙ කොහෙද යන්නෙ කොතැන්ට ද කියලා නිරන්තරව දැනුම් දෙන්න පුලුවන් කමක් නෑ. වැඩේ දිගටම පැවැත්වුණා. අපි යාලුවො ටික ඒ හමුව සාදයකට හරවා ගත්තා. මම ගෙදර එනකොට පාන්දර වෙලා.

ඇය හිටියෙ නුරුස්සනා හැඟීමෙන්. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඇය මගෙ අතින් අල්ලනකොට ඇයගෙ නියපොතු මගෙ ඇඟට ඇතුළුවෙනවා මට දැනුනා. ඇය හිටියෙ ආවේගෙන්. කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ප්‍රතිචාරයක්. අපි අතරෙ බහින්බස්වීමක් වුණා. ඇයට මා කී කතාවේ සිද්ධි සමග ඇය යම් කිසි දෙයක් තුළ බරපතල සැකයක සිටි වග මට තේරුණා. මට අවශ්‍ය වුණා ඒ අවස්ථාව සමහන් වෙනකම් යළිත් නිවසින් පිටවෙලා ටික වෙලාවක් ඉන්න. මා යන්න සූදානම් වනකොටම ඇයත් වාහනයට නැග්ගා. ඒක මම තුන් හිතකින්වත් හිතුව දෙයක් නොවෙයි. ඇය රූප සුන්දරියක්. ඇය ඇයගේ මුහුණට ඇඟපතට හිතා මතා හානියක් කරගනී කියන එක මා කවදාවත් විශ්වාස කළේ නෑ. ඒත් ඒ දේ සිද්ධ වුණා. ඇය වාහනයෙන් විසිවෙලා ඔලුව වැදිලා තිබුණා.“

“ඇය හිටියෙ සිහි විසංඥ වෙලා. ඇය දැඩි සත්කාර ඒකකයෙ දින තුනක් හිටියා. අවසානයේ ශල්‍යකර්මයක් කළා. ඔබ විශ්වාස කරන්න. ඒ වේදනාව. මම ඒ දවස් තුනේම වතුර ටිකක්වත් බිව්වෙ නෑ. එයා මාව දාලා ගියා.“
ඒ මොහොතෙ ඇතිවුණු අපේක්ෂා භංගත්වය, හිස් බව, කාලකණ්ණි හැඟීම කියලා ඉවර කරන්න බෑ. ඒ මරණය මාව කම්පනයට පත් කළ තරමටම මා පණ වගේ ආදරය කළ ඇයගෙ මිනී මරුවා මං කියලා සමාජය සැක කිරීම මට දරාගන්න බැරිවුණා. මා මුළුමනින්ම බිඳවැටුණා. ජීවිතය එපා වුණා. “

“මාසයක් පොලිස් අත්අඩංගුවෙ හිටියා. මාව අනේක වාරයක් ප්‍රශ්න කළා. මං කුඩු කාරයෙක්, හෙරොයින්වලට ඇබ්බැහි වෙච්චි එකෙක්, සල්ලාලයෙක් කියලා පෙත්සම් එකසිය ගණනක් පොලිසියට ඇවිත් තිබුණා. මාසයක් තිස්සෙ පොලිසිය මාව රඳවගෙන හැම උත්සාහයක්ම ගත්තා කුමක් හෝ සාක්ෂියක් හොයාගෙන නඩු දාන්න. ඒත් විද්‍යාත්මක සාක්ෂි හරහා මා කියන්නෙ ඇත්ත කියලා තහවුරු වුණා. අධිකරණය පිළිගත්තා සිදුවුනේ හදිසි අනතුරක් කියලා.“
මම එළියට ආවා. රමණිගෙ තාත්තා මට කිව්වා පුතේ.. මට මට ඔයාව තේරේනවා. ඔයා කවදාවත් රමණිට වරදක් කරලා නැති බව මම දන්නවා කියලා. මට ඒ වචන ටික ප්‍රමාණවත් වුණා ජීවිතයට මුහුණ දෙන්න. ඒ තාත්තා දැන් ජීවතුන් අතර නෑ. රමණිගෙ අම්මා මගෙ අම්මා වගේ තවමත් මං ගැන බලනවා. කතා කරනවා. මගෙ අම්මා රමණිගෙ අම්මා බලන්න යනවා.

ඒත් මේ රටේ මිනිස්සු තවමත් මට චෝදනා කරන්නෙ මං මිනීමරුවෙක් කියලා. මං පොලිසියට අධිකරණයට සල්ලි වියදම් කරලා බේරුණා කියලා. අදත් මට එහෙම කියන අය ඉන්නවග දන්නවා. තමන් ජීවිතයේ අන්ත අසරණ කරන නොමරා මරණ උදවියව විචාර බුද්ධියක් නැතිව අන්ධ විශ්වාසයෙන් අදහමින් බලයට පත් කරන බහුතරයක් ඉන්න රටක මිනිස්සුන්ගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ. මං වරදක් කලා නම් මම කවදා හරි ඒ වැරැද්දට වන්දි ගෙවිය යුතුයි. ඒත් ඒ එහෙම දෙයක් වුණේ නෑ. මම ඒ හැඟීමෙන් නිදහස්“

ඔහු නිහඬ වුනේය. මද වෙලාවකින් මම විමසුවෙමි.

“ඒ මොහොත මගහැරගන්න තිබුණෙ කියලා ඔබට හිතෙන්නෙ නැද්ද? “

ඇත්තටම තිබුණා. එහෙත් ඒ වග මම දන්නෙ එයා නැතිවෙලත් මාස දෙකක් විතර ගියාට පස්සෙ. අපි නැවතිලා හිටිය නාවල ගෙදර හිමිවෙලා තිබුනේ ජයසූරිය කියලා වයසක යුවලකට. ජයසූරිය මහත්මිය රමණි නැතිවෙලා මාස දෙදකට විතර පස්සෙ මට කතාවක් කිව්වා.

“පුතේ… එදා රමණි හිටියෙ හරි කලබලෙන්. එයා මෙහෙට ඇවිත් තැනකට කතා කළා. ඔයාව ඇහුවා. ඔයා නෑ කිව්වා. ඊට පස්සේ අංකල්ට කතා කරලා ඔයා ගැන අහන්න කිව්වා. “ කියලා.

මම හිටියෙ මගෙ යාලුවො ටිකත් එක්ක. ඒ කතාව එයාට නොකියා ඉන්න තිබුණා…
නැවතත් දීර්ඝ නිහඬියාවකි.

“ එයා නැතිව මං පත්වුණු තත්වය කිසිම මිනිහෙකුට ඇති වෙන්න එපා. ආදරය කියන එක ඇතිවෙලා නැතිවෙන්න පුලුවන්. මම තවමත් මගෙ ජීවිතයේ මගේ ධර්මයට අනුව මා කරන යම් කුසලයක් තියනවා නම් ඒ හැම වෙලාවෙම රමණියි එයාගෙ තාත්තයි සිහි කරල ඒ පින් අනුමෝදන් කරනවා.“

“ ඒත් එකම එක දෙයක් මේ සමාජයෙන් ඉල්ලා සිටින්න ඕන. කවදාවත් තමන් ආදරය කරන කෙනාගෙ ජීවිතය අපායක් කරන කිසිම දෙයක් කරන්න හොඳ නෑ.“

මට ඇසී නෑසී යන්නේ ජීවිත කාලය පුරා වේදනාව සඟවාගන සිනාසෙමින් සිටින්නට උත්සාහ කරන සංවේදී මිනිසෙකුගේ හදවතේ විලාපය බව තේරුම් ගතිමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සයිනෝවැක් චීන එන්නතේ මාත්‍රා දෙකක් දී මදිවෙයි – ඉන්දුනීසියා සහ තායිලන්තය තෙවැනි මාත්‍රාවකට සැරසෙයි

Next Post

සමාගම් මට්ටු කරන්නට බැරිවුණොත් වෙළඳ ඇමති හා කෘෂිකර්ම ඇමති තනතුරු අත්හරින්න සැරසෙයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

Comments 1

  1. upali weerasekara says:
    වසර 5ක් ago

    කමල්ගෙ රමණී ගෙ කතාව නැවතත් කියන්නෙ කමල් නිර්දෝශි කරන්නද .කතා නොකර ඉන්න තිබුණ්.මා තමයි රම්ණි සමග අවසන් වතාවට සම්මුඛ සාකච්ඡා වක් කලේ .

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.