බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මම විරහ වේදනාව ඕනවටත් වඩා විඳපු ගැහැනියක්… වීනා ජයකොඩි

by editor
සැප්තැම්බර් 21, 2021
in කලා
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

  • සිනමාවට සම්බන්ධ වුනේ අම්මා නිසා… මුලින්ම කැමරාවක් ඉස්සරහාට එනකොට වයස මාස පහයි…

  • ගාමිණී ෆොන්සේකා මහත්තයා තමයි රංගනයේ තියන ගැඹුර ගැන අවබෝධ කරලා දුන්නෙ… ඔහු එක්ක දිගටම ප්‍රධාන චරිත රඟපානකොට කට කතා හැදුණා

  • ජීවිතයේ විරහව ඕනවටත් වඩා වින්දා…විවාහ දෙකක් අසාර්ථක වුනා. තුන්වන විවාහය සැමියා මිය ගිහින් නිමා වුණා… ජීවිතය අවබෝධ කරගෙන නිස්කාංසුවෙ ජීවත් වෙනවා…

වීණා ජයකොඩි… ඇය  මහා චින්තන පරාසයක් සහෘදය රසිකයන් වෙත විවර කළ නිර්මාණ ගණනාවක සාධනීය රූපණ කාර්යයක යෙදුණු  විශාල රංගන පෞරුෂයක්.  මේ වනවිට නිර්මාණ ක්ෂේත්‍රයේ සිල්ලරට සිදුවන වාණිජමය අවකල් ක්‍රියා ඉදිරියේ තමන්ගේ අභිමානය ආරක්ෂා කරගෙන රූපණ කාර්යයෙන් ඈත් වෙලා ඉන්න ඇය පසුගිය දිනක ඇයේ ජීවිතයේ මතක සමග කෙටි පිළිසඳරක යෙදුනා.

අසීමිත දුක්ඛ දෝමනස්ස, විරහව සහ පීඩාවන් මහපොළොව සේ දරාගන්නා ආකාරය ඇය අපට කියලා දෙනවා.

ඇය සංවාදයට ප්‍රවේශ වුනේ තමන් මේ වනවිට හතු පිපෙන්නාක් සේ බිහිවෙන නිර්මාණවලට දායක නොවෙන හේතුව මොකක් ද කියලා පැහැදිලි කිරීමක් කරමින්.

“දවසක් පාදුක්ක පැත්තේ ටෙලි නාට්‍ය රූගත කිරීමකට උදේ පාන්දර මාව ගත්තා. ඒ වාහනෙන් ම අයිරාංගනී සේරසිංහ මහත්මියවත් එක්ක ගෙන ගියා. එතුමියගේ රූගත කිරීම් පටන්ගන්න තිබුණේ රෑ නවයට විතර. උදේ ඉඳන් පුටුවක් උඩ වාඩිවෙලා ඉඳලා රූගත කිරීම් පටන් ගනිද්දි එතුමියට හොඳටම මහන්සියි. අනික ඇය රංගන ක්ෂේත්‍රයේ අපට සිටින වටිනා සම්පතක්. නැති කාලෙක ගුණ ගී ගයලා වැඩක් නෑ. ඉන්න කාලේ හොඳින් රැකබලා ගන්නේ නැතුව. ඇයගේ වයස, වැඩිහිටිකම ගැනවත් හිතන්නේ නැතුව රෑ තියෙන වැඩේට උදේ පාන්දර ඉඳලා ඇයව අරන් ගිහින් තියාගෙන හිටියා.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මට හරි ම තරහයි ඒ වැඩේට. මං බැන්නා හැමෝට ම. සල්ලි පිරිමහගන්න එහෙම වැඩ කරන එක මට නම් බලා ඉන්න බෑ. මට කට වහගෙන ඉන්නත් බෑ. කතා කළා ම අන්තිමට මං විතරයි. සමහරු තමන්ට ඊළඟ අවස්ථාව නැති වෙයි කියලා හැම දේම ඉවසගෙන ඉන්නවා. මට එහෙම බෑ. “

“සල්ලි හොයන ටෙලි නාට්‍ය තමයි දැන් වැඩිපුර තියෙන්නේ. කලාත්මක නිර්මාණ අඩුයි.  නිකන් ප්‍රශ්න ඇති නොකර ගෙදරට වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුණා. හරියට, පිළිවෙළට කෙරෙන හොඳ වැඩක් ලැබුණොත් බාරගන්නවා. එහෙම නැතුව යන්නේ නෑ. මම කාටවත් පන්දම් අල්ලලා ආව කෙනෙක් නෙවෙයි. මම බොහොම කැපවීමෙන් මගේ රංගන ජීවිතය ගොඩ නගාගත්ත කෙනෙක්. තුට්ටු දෙකට මගේ ආත්මයත්, රංගනයත් පාවා දෙන්න මට බැහැ.”

මෑත කාලයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පැවති ගැටලුකාරී මෙන් ම නිර්මාණශීලී බව පසෙකලා සිදු කළා වූ ව්‍යාපාරික ස්වාභාවය නිසා ඇති වී තිබෙන පරිහානිය පිළිබ‍ඳ ව ඇය තුළ ඇත්තේ කළකිරීමක්.

සිනමා අධ්‍යක්ෂවරියක වූ සිය මව නිසා ම ඇය සිනමාවට පිවිසෙනවිට මාස  පහක බිළිඳියක්. සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය ආදි ක්ෂේත්‍රයන්හි සම්මානනීය කෞෂල්‍යයන් පෑ ඇය විදෙස් නිර්මාණ රැසකට ද රංගනයෙන් දායක වුණා.

ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා  වෙත සිය මව විසින් ඇය ව හඳුන්වා දීම ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂ ගමනක ඇරඹුමක් වුණා.

“මම හරිම දඟකාර කෙනෙක්. බැලුවොත්   ගහක් උඩක තමයි වැඩිපුර ම හිටියේ. සාගරයක් මැද චිත්‍රපටයේ රූගතකිරීම් අතරේ මම කොණ්ඩෙ බැඳලා, සාරියකුත් ඇඳගෙන, අම්මාගේ චරිතය නිරූපණය කරමින් රූගත කිරීම්වලට සහභාගී වෙමින් හිටියා. ඒ දර්ශන තලයේ කෙළවරක  අඹ ගහක අඹ ගෙඩි තියෙනවා මට පේනවා. මට ඉස්පාසුවක් නෑ. රූගත කිරීම් අතරේ පුංචි ඉඩක් ලැබුණා. සාරියත් පැත්තකින් උස්සගෙන දුවලා ගිහින් අඹ ගහට නැගලා අඹ කැඩුවා. ඒ වෙලාවේ ගාමිණී ෆොන්සේකා   අඹ ගහ ළඟට කෙනෙක් ව එවලා ‍‍’අර ගෑනිට බහින්න කියනවා බිමට’ කියලා පණිවුඩයක් එව්වා.“

“  දර්ශන තලයකදී චරිතයේ ඒකාත්මික බවත්, නිර්මාණ කාර්යයේ ගරුත්වයක් රැකගෙන ඉන්න අපට ඉගැන්නුවේ ගාමිණී ෆොන්සේකා මහත්මයා යි. මම පසුකාලෙක ජාත්‍යන්තර තලයේ නිර්මාණවල රූගත කිරීම්වලට සහභාගී වෙද්දි නිර්මාණ කාර්යයක ගරුත්වය කියන දේ හොඳට ම අත්දැක්කා.  ගාමිණී මහත්මයා ඒ වටිනාකම් අපට උගන්වන්න ගොඩාක් මහන්සි වුණා. එතුමා එක්ක වැඩ කරද්දී මං හොඳට බැනුම් අහලා තියෙනවා. කඳුළු එන්න බනිනවා. මම එතුමාගේ නිර්මාණා රාශියකට සම්බන්ධ වුණා. එතුමා සමඟ ප්‍රධාන චරිත රඟපාන්න ලැබුණාම මට කතන්දර පවා හැදුනා. මං මුලදී ඒවාට ගොඩාක් සැලුනා. මං රඟපාන්න බෑ කිව්වා. අම්මා දිගටම ක්ෂේත්‍රයේ සිටි නිසා ඇය මාව දිරි ගැන්නුවා. පස්සේ මං දිගටම එතුමා සමග වැඩ කළා.”

වීණා ඒ අභිමානවත් අතීතය සිහි කළා.

සිනමාපටයක තිර කතාවක් වැනි වූ ඇගේ ජීවිත කතාව ද ඇය කීවේ කාන්තාවක් හැටියට ජීවිතය ජය ගත යුත්තේ කෙසේද යන පාඩම තරුණ පරපුරට පෙන්වාදීම උදෙසා යි.

“තරුණ කාලෙම පණ වුණත් දෙන්න කියලා හිතලා ප්‍රේමයක පටලැවිලා විවාහ වුණා. දරුවෝ තුන්දෙනෙක් ලැබුණා. පණටත් වඩා ආදරය කළාට විවාහය දෙදරා ගියා. ළමයි එක්ක තනියම ජීවත්වෙන්න අමාරුයි කියලා හිතලා දෙවන විවාහයක් කර ගත්තා. ඒකත් අසාර්ථකයි. මං හිතට ධෛර්යය ගත්තා. ළමයි තුන්දෙනා හොඳට හදාගත්තා. ඉගැන්නුවා.“

“ඉස්සර ම මම සිනමාවට සම්බන්ධ වෙන්නත් කලින් මට විවාහ යෝජනාවක් ආවා. එයා ගොඩක් සැර පරුෂ කෙනෙක් නිසා මම ඒ කාලෙ කැමැති වුණේ නැහැ. ඊට අවුරුදු 30 කට විතර පස්සේ අපි නැවත හමු වුණා. මම ඔහු සමග දෙදහස් එකේදි මගේ දරුවන්ගේ කැමැත්ත ඇතිව විවාහ වුණා. ඔහු සමඟ විදේශගතවත් ටික කාලයක් බොහොම සතුටින් හිටියා. මීට වසර දෙකකට විතර කලින් ඔහු පිළිකා රෝගයකින් මිය ගියා. දැන් මම දෙවියන් වහන්සේට සමීප ව ජීවිතයේ යථාර්ථය අත් දකිනවා. උදේ හවස දෙවියන් වඳිනවා.“

“ගෙදරට වෙලා ගහ කොළ සොබාදහම දකිමින් නිදහසේ ඉන්නවා. අල්ලපු ගෙදර මගේ දුව ඉන්නවා. මගේ දරුවන්ගේ දරුවෝ හය දෙනෙක් ඉන්නවා.   දුවලා දුවලා හති වැටිච්ච මිනිස්සුන්ට පොඩ්ඩක් නැවතිලා ‘අපි මොනවද මෙච්චර කල් කළේ’ කියලා   බලන්න මේ කාලේ සොබාදහමෙන් ඉඩක් දීලා තියෙනවා. හුස්ම ටිකත් සල්ලිවලට ගන්න සිද්ධ වෙලා. මේ පාඩම දැන්වත් මිනිස්සු ඉගෙන ගත්තෙ නැත්නම් ආයි කවදාවත් ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ.”

ඇය දිගු  කතාවක් මහා ගැඹුරක් සහිතව සංක්ෂිප්ත කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෛත්‍රීපාල දෙබිඩ්ඩෙක්…   රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ අස්ගිරි අනු නා හිමිට කියයි!

Next Post

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.