බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

පුවත්පත් චිත්‍ර කලාවෙ වෙනසක් කළේ කවුරුත් එළපු පාවඩ පිට ගිහින් නොවෙයි…

ශාන්ත කේ හේරත්

by editor
ඔක්තෝබර් 1, 2020 - Updated on ඔක්තෝබර් 2, 2020
in කලා
Shantha-K-Herath

ශාන්ත කේ. හේරත්

Share on FacebookShare on Twitter
  • පුවත්පත් කලාවේදීන් ලෙස අපි හැමෝම අසාර්ථකයි… අපි වැඩ කරන ආයතන සියල්ල බිඳ වැටිලා

  • ආයතන ප්‍රධානීන් තවමත් විකුණන්න හදන්නෙ “සෙක්ස් ඇන්ඩ් ක්‍රයිම්“.   ඔවුන් ඒ තරම් රසිකත්වයෙන් මොටයි… තර්ක ඤාණයක් නෑ

  • මේ මොහොතෙ පුවත්පත්වල  ඉන්නෙ බලය ඇති එකාගෙ පස්සෙන් යන, බලය ඇති එකාට නැමිලා ඌත් කාගෙන තමනුත් විනාශ වෙන මඩගොහොරුවක වැටුණු අය…

ශාන්ත කේ. හේරත් යනු මේ රටේ සම්භාවිත චිත්‍ර සම්ප්‍රදාය තුළ නිශ්ඡිත අනන්‍ය සලකුණක් තැබූ නූතන ශිල්පියෙකි. පුවත්පත් චිත්‍ර කලා සම්ප්‍රදායක් බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ශාන්තගේ ශාස්ත්‍රීය භාවිතයන් පිළිබඳව බොහෝ විධග්ද සංවාද ඇති වී තිබිණි. මේ සමාජ රටාව තුළ හමා එන දේශපාලනික, ආර්ථික සුළි කුණාටු හමුවේ ස්වකීය මතවාදය වෙනුවෙන් පෙනී සිටිමින් අරගල කරමින් චිත්‍ර කලා සම්ප්‍රදායේ ගෞරවය හා වෘත්තීය භාවය මෙන්ම ශාස්ත්‍රීය අගය රක්ෂා කරගැනීමට පෙනී සිටින ශාන්ත කේ හේරත් නැමැති මේ විශිෂ්ට ශිල්පියා පසුගිය 15 වැනිදා අඟහරුවාදා ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී චිත්‍ර කලාව වෙනුවෙන් පිරිනැමෙන “සෝලියස් මෙන්දිස්“ සම්මානයෙන් පිදුම් ලැබීය.

ලංකාසර අප මෙවර ඉඩ හසර වෙන් කරන්නේ මේ විශිෂ්ට චිත්‍ර ශිල්පියා සමග කෙරෙන කෙටි සංවාදයක් වෙනුවෙනි.

Shantha-k-Herath
ශාන්ත කේ. හේරත්

ඔබ නූතන චිත්‍ර කලා සම්ප්‍රදායන් ඇසුරු කරමින් එහි අභාසය හා පරිචය සහිතව නිර්මාණකරණයේ යෙදෙන ශිල්පියෙක්. එහෙත් ඔබ පිදුම් ලබන්නේ අපේ මහා චිත්‍රකලා සම්ප්‍රදායෙ නූතන විධග්ධ ලකුණ වූ සෝලියස් මෙන්දිස් නමින් පිදෙන සම්මානයකින්. 

මම සෝලියස් මෙන්දිස් නමින් නම්කරන ලද සම්මානයකින් පිදුම් ලබනවා. මා හිතන්නෙ මේ ප්‍රශ්නය ඔබ නගන්නෙ මා සම්බන්ධ කරගෙන පමණයි. මීට පෙර මේ සම්මානයෙන් පිදුම් ලැබූ අය ගැන වැටහීමක් ඔබට තියනව නම් මේ ප්‍රශ්නය මතු වෙන්නෙ නෑ. එහෙත්   ඇතිවෙලා තියන මේ සංවාදයට මම ගොඩක් කැමතියි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔබ මාව දකින්නෙ සහ හඳුනා ගන්නෙ නූතන චිත්‍ර සම්ප්‍රදායන් ඇතුළෙ හැසිරෙන ශිල්පියෙක් විදිහට. එහෙත් මා අපේ සංස්කෘතික චිත්‍ර සම්ප්‍රදායන් තුළ පරිචයක් ලැබූ ඉන් මගේ දැක්ම හා පදනම ගොඩ නගා ගන්න භාග්‍යයක්  ලැබුණු නිර්මාණකරුවෙක්.

මගෙ ගම නුවර හාරස්පත්තුවෙ මැදවෙල ගමේ. මම ඉපදුනේ මැදවල ගමේ මැද්දෙ ගෙදර. මැදවල විහාරය පාමුල තමයි ගෙදර පිහිටලා තිබුණෙ. මට මගේ චිත්‍ර ගුරුවරයා වුනේ, මගේ චිත්‍ර කලාවෙ දර්ශනය ගොඩනැගුවෙ, විහාරය පිහිටි  කඳුගැටය මුදුනෙ තිබුණු මැදවල පුරාණ ටැම්පිට විහාරය.

චිත්‍ර පමණක් නොවෙයි  විහාර ගෙට යන්න තියන ගල් පෙඩිපෙළ , ඒ අවට භූ දර්ශනය, ටැම්පිට විහාරය අරින විශාල යතුර, ඒ ඇතුළෙ තියන අන්ධකාරය, මේ සියල්ලම ඉතාම විචිත්‍ර චිත්ත රූප මැව්වා. මා කුඩා කලයේ විදුලිය තිබුණෙ නෑ ගමට.    විහාරයට ඇතුළු වුනේ පෙට්‍රල්මැක්ස් ලාම්පුවක් එක්ක.  . විහාරයට පිරිසක් ඇතුළු උනාට පස්සේ ලොකු හාමුදුරුවො හෝ පොඩි හාමුදුරුවො බලාගෙන ඉන්නවා දොර ලඟ.  මේ හැම දෙයක්ම හරිම විචිත්‍රයි.

ඊලඟට මේ විහාර සිතුවම්වල නිරූපිත චරිතයන්හි   ලක්ෂණ දැක්ක.   අවුරුදු ගානකට කලින් අපේ සම්ප්‍රදායෙ ඇතුලෙ සමාජයට හිතන්න සලස්වන්න පුලුවන් රූපණයන්  තිබුණා බව මට පසුකාලීනව අවබෝධ වෙන්නෙ මේ නිරීක්ෂණ එක්ක.

ජූජක බමුණට දරුවො දන් දෙනකොට, දරුවන්ව සත්තුන්ගෙන් ආක්ෂා කරගන්න ගහ උඩ රඳවගෙන ඉන්නකොට ශිල්පියා එම සිතුවම හරහා මැවූ  රසය, කුතහල, භීතිය සියල්ල අපි පුංචි දරුවො ලෙස දකිනන් ගත්තා. මේ පැතලි බිත්ති තලය ඇතුළෙ චිත්‍ර නිර්මාණය කර තිබුණු විදිහ,  ගඟක් ගලාගෙන යන විදිහ අපි ඇහෙන් දකිනවට වඩා වෙනස් විදිහට කතන්දර තිබුණු විදිහ, ඒ හැම දෙයින්ම ලොකු සංකල්පයක් දීලා තිබුණා.

Shantha-k-Herath
ශාන්ත කේ. හේරත් ගේ සිතුවම්

ඒව රස විඳින්න  රස විඳින්න  අපට   යම් තියුණු ආත්මාවබෝධයක්, දැනුමක් ලැබුණා. මේ තියන දේ ඇහින් දැකලා,  වැඩිහිටියො විමසලා, පන්සලේ හාමුදුරුවො එක්ක සංවාද ඇති කරගන්න අපි පෙළඹෙන්නෙ අපේ කුඩා අවධියෙම තමයි.  ඒ අය ඒ අය එක්ක සංවාදය ඇති වෙනකොට අප තුළ ඇතිවෙන්න ගත්තා විතර්ක. ඒව එහෙම නොවෙයි, මේ ආකාරයට විය හැකියි ආදී වශයෙන්. ඒ ආභාසය තමයි මගේ කලාවට වගේම මගේ චින්තනයටත් ශක්තිමත් පදනමක් දැම්මේ.

ශාන්ත කේ. හේරත්   නූතන චිත්‍ර  කලාවෙ පරිචයක් සහිත ශිල්පියෙක් වෙන්නෙ කොහොම ද?

එය විචිත්‍ර කතාවක්.  මේ සංකල්ප එක්ක ගොඩ නැගෙන චින්තනය යම් අවස්ථාවලදි ගැටෙන්න ගත්තා. ගතානුගතික සම්ප්‍රදායික දේවල් සම්න්ධව තර්ක කරන්න පෙළඹුනා.  පන්තිය ගුරුවරු කියන දේවල්වල විතරක් මතු වුණා.  ගණන් පාඩම් වල මා අකමැතියි. චිත්‍ර අඳිනන කැමතියි. ආර්ථික විද්‍යාව අකමැතියි. අකමැති දේ බලෙන් උගන්වන් හදනකොට මට  ගුරුවරයා පේන්නෙ ජූජක බමුණ  වගේ. ඉතින් මාව පන්තියනේ එළවනවා.

එතකොට මට ආරංචි වෙනවා හේවුඩ් කියලා ආයතනයක් තියනවා කියලා. මගේ කැමැත්ත එනවා හේවුඩ් එකට යන්න.  මට ඕන වෙනවා සාමාන්‍යපෙළට චිත්‍ර ඉගනගන්න. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ  තියන බරපතල ආරවුල තමයි අපේ දක්ෂතාවයන්  වැඩි වර්ධනය කරගෙන ඉදිරියට යන්න පසුබිමක් නැතිකම. අපොස සාමාන්‍යෙපළ  විභාගයෙ දි පන්තියෙ චිත්‍ර ඉගෙන ගන්න අවස්ථාවක් මට ලැබුණෙ නෑ. වාසනාවකට පාසලේ හිටිය වටිනා චිත්‍ර ගුරුවරයෙක්.  එයා පාසලේ කොතැන හරි චිත්‍ර විෂයය උගන්වනකොට සම්මත නීති රීති කඩලා ඔහු මට ඉගැන්නවා.

උසස්පෙළ දීත් තනි ළමයෙකුට ගුරුවරයෙක් හිලව් කරන්න බෑ කියලා මට අවශ්‍ය අදාල මගේ ලේ වල පැතිරී ඇති විෂය ඉගෙන ගන්න අවස්ථාව ලබලා දුන්නෙ නෑ.

මම තනියෙන් මගේ උවමනාවෙන් හේවුඩ් එකට අතුළුවෙන්න ඒ වෙලාවෙ තිබුණු සුදුසුකම්වලට සූදානම් වුණා. ඒත් රටේ  විශ්ව විද්‍යාල පද්ධතිය වැඩි දියුණු වෙලා පනවන නීති රීති හේතුවෙන් මට හේවුඩ් එකට ඇතුළු වෙන්න අවස්ථාව ලැබෙන්නෙත් නෑ. මේ කාලෙදි තමයි  මට දිවයින පත්තරේ රැකියාව ලැබෙන්නෙ.

Shantha-k-Herath
ශාන්ත කේ. හේරත් ගේ සිතුවමක්

ඔබගෙ පුවත් පත් කලා ජීවිතයෙ ආරම්භක අත්දැකීම් මොනවගේ ද?

ඒ පත්තර කන්තොරු ඇතුළෙ කටයුතු වුනේ විශාල හිර ගෙවල්, විශාල කූඩු හදාගෙන. මට තිබුණු වාසනාව තමයි හැම වෙලේම ලෝකෙ දකින අනාගතය දකින ගුරුවරයෙක් මට හිටියා.    මම සේවය කරන්න ගත්ත පත්තරය ඇතුළෙ උන්නා දයාසේන ගුණසිංහ කියලා මනුස්සයෙක්. එඩ්මන් රණසිංහ කියලා මනුස්සයෙක්. ලෙස්ලි ධර්මරත්න කියලා ඉතාම හොඳ පරිපාලකයෙක්. මා ඔවුන් ඇසුරට   පත් වුනා.

මේ පිරිස එක්ක පුංචි කාලෙ මගේ පන්සලේ හාමුදුරුවො එක්ක තර්ක කලා වගේ අත්තම්ම එක්ක අර රූප ගැන තර්ක කළා වගේ තර්ක කරන්න අවස්ථාවක් ලැබුණා.  පත්තරේ ඉන්න සංස්කාරකවරයා අහවල් දේ අඳිනන් කියලා නියෝග කළාම කියන දේ නොඇඳ ඒ ලිපිය ඉල්ලගෙන ලිපියෙ තියෙන්නෙ මොනවද කියලා කියවලා, රස විඳලා ලිපිය තියෙන දේ අඳින්නෙ කොහොමද කියන අභියෝගයට මං මුහුණ දුන්නා.

ඊට අවශ්‍ය කරන නිදහස අහම්බෙන් හම්බවෙච්ච අනාගතය දකින්න පුලුවන් මිනිස්සු මට ලබා දුන්නා. ඒත් එක්කම ඉතාම වැදගත් දෙයක් වුණා.   මට අවස්ථාව නොලැබුණු දැනුම හොයාගෙන යන පිපාසාව සංසිඳුවාගන්න පත්තරයට සම්බන්ධ වීමත්  සමග ඉඩක් ලැබුණා.    දැන් තියෙනවා වගේ ඇඟිල්ලක් තියලා ඇතුළු වෙලා, ඇඟිල්ල තියලා වැඩ ඉවර කරලා යනවා වගේ කොටුවක් ඇතුළෙ මාව තියන්න දයාසේන ගුණසිංහ, එඩ්මන් රණසිංහ,  තද පරුෂ පරිපාලන නිලධාරී  ලෙස්ලි ධර්මරත්න මහත්තුරු මාව  තිබ්බෙ නෑ.   ඔවුන් මට ඉඩ දුන්නා දැනුම සොයා ගැනීම සඳහා විවිධ සම්මන්ත්‍රණ වලට යන්න. ගුරුවරුන් හම්බ වෙන්න යන්න.      මා ලංකාවෙ ඉන්න ඉහළම නිර්මාණ ශිල්පියා විදිහට කටයුතු කරන, දැනටත් නිර්මාණ කරමින් සැඳෑ සුවය විඳිමින් ඉන්න එච්.ඒ කරුණාරත්න ගුරුතුමා, අද ජීවතුන් අතර නැති ලංකාවෙ හිටපු විශිෂ්ටම බටහිර චිත්‍ර කලා ගුරුවරයෙක් වුණු   ස්ටැන්ලි අබේසිංහ ගුරුතුමා, මගේ පාසල් අවධියෙත් ගුරුවරයෙක් වුණු තිස්ස ගුණවර්ධන ගුරුතුමා,  වගේ අය ඇසුරු කරන්න ගත්තා.  ඔවුන්ගෙන් දැනුම අභ්‍යාස ලබා ගත්තා. ඔවුන්ට කරදරයක් වෙනකම් අභ්‍යාස කළා. ඔවුන් එළවා ගන්නකම් ඔවුන්ගේ දැනුම ලබා ගන්න මට උවමනා උනා. මම හික්මුණු සාම්ප්‍රදායික ආසියානු ආගමික චිත්‍ර කලාවට මම එකතු කරගත්තා බටහිර ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවේ ගුණාංග.

මේ සියලු හැදෑරීම් කරමින්  ඔබ එහි වැදගත්ම ඵලය ලබා දෙන්නෙ පුවත්පතට. ඔබ පුවත්පත් චිත්‍ර සම්ප්‍රදායක් නිර්මාණය කළ කෙනෙක් ලෙසයි සහෘදයන් විසින් හඳුනා ගන්නෙ. ඒ අතීත අත්දැකීම කොයිවගේ එකක් ද?

මම පත්තරයෙ රාජකාරි කරද්දි පත්තර ඇතුළෙ හදාගෙන  තිබුණු පොඩි පොඩි කූඩු වලින් ඉවතට ආවා. පත්තරයෙ හිටපු ගතානුගතික, සම්ප්‍රදායික, නිද්‍රාශීලී පණ්ඩිතයන් එක්ක වාද විවාද කරමින් ඔවුන්ගේ සිතිවිලි වලට අභියෝග කරමින් නිර්මාණශීලීව පත්තරය තුළ කටයුතු කරන්න උත්සාය කළා. ඒ සඳහා මට යම් කිසි අවස්ථාවක් ලැබුණා.

ඔබ ඔය කියන දකින වෙනස  කරන්න ලැබුණෙ කවුරුත් එලපු පාවඩයක් පිට ගිහිල්ලා නෙමෙයි. තර්ක කරලා කැපිලා ගුටි කාලා උසාවි ගිහිල්ලා  තමයි ඒ නිර්මාණ ශීලී කටයුතු ජනතාව අතරට ගෙනියන් ලෑස්ති කළේ. ඒක කළේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්මත් නෙමෙයි. අපට හෙවන දුන්න, අපේ කටයුතු වලට සවියක් වෙච්චි  පුවත්පත අනිකුත් පුවත්පත් වලින් ඉහළ තැනකට ගෙනියන්න අවශ්‍ය නිසා.

ඒ කාලයේ 80 දශකයේ, 90 දශකයේ පත්තරයේ අප කළ යම් යම් වෙනස්කම්  අනෙක් පත්තර කොපි කළා. ඒ කාලෙ ඉන්ටර්නෙට් එක එහෙම තිබුණෙ නෑ. අප කරන නිර්මාණශීලී වෙනස්කම්  දැකීමට තරම් පරිචයක් තද පරිපාලන නිලධාරියෙක් වූ ලෙස්ලි ධර්මරත්නට තිබුණා.  එඩ්මන් රණසිංහ මහත්තයට තිබුණා. දයාසේන ගුණසිංහ මහත්තයට තිබුණා. ඔවුන් ඒ වෙනස්කම් නිහඬව පිළිගත්තා විතරක් නොවෙයි, ඒවට ගැටලු ඇති නොවන ආකාරයෙන් පවත්වාගන්න ඉඩ දුන්නා.

මට මහනුවර යුගයේ පහතරට චිත්‍ර කලාව හදාරලා ඒ හැදෑරීම ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා පඩි සහිත මාස හයක නිවාඩුවක් ලබා දුන්නා ලෙස්ලි ධර්මරත්න හා එඩ්මන් රණසිංහ මහත්තුරු.  ඒ නිසා කතළුව පූර්වාරමයට ගිහින් විශාල පර්යේෂණයක් කරලා එම චිත්‍ර කලාව හදාරමින් ඒ ශිල්පයේ නිපුනතාවය ලබා ගැනීම සඳහා මට අවස්ථාව ලැබුණා.

මේ දැනුම පුවත් පත සඳහා නිර්මාණ ශීලී දෙයක් කරන්න හැකි විශාල පදනමක් නිර්මාණය වුනා. එතෙක් පුවත් පත සඳහා චිත්‍ර ශිල්පියාගෙ කාර්ය භාර්ය වෙනස් කරන්නට හැකි වුනා. චිත්‍ර ශිල්පියා කියන වහලා නිර්මාණ ශිල්පියෙක් කරන්න හැකි වුනා. කොළම් සෙන්ටි මීටරයට අඩුවට මොනවා හරි අඳින්න, රවුම් අකුරක් අඳින්න එහෙම නැතිනම් උප කර්තෘවරයෙක් හෝ කර්තෘවරයෙක් කියන දේ කරන්න නොගිහින් චිත්‍ර ශිල්පියෙක් කළ යුතු නිර්මාණශීලි වගකීම ඉටු කරන්න මා උත්සාහ කළා.

ලිපිය කියවලා ලිපියේ අන්තර්ගතය තෝරගෙන දෘෂ්‍ය මාධ්‍යය හරහා එය තියුණු කරන     රූපමය අර්ථයක් දෙන්නෙ කොහොම ද කියලා අත්හදා බැලුවා.    රූපමය මායාවක් උපක්‍රමිකව හඳුනා ගනිමින් බුද්ධියට අමතමින් මේ කාර්යය කරන්නෙ කොහොමද කියන දේ ගැන  හෙව්වා.  ඒ උපක්‍රම හෙව්වෙ ගුරුකුලයකට හෝ සම්ප්‍රදායකට කොටු වෙලා නෙමෙයි.  සමහර වෙලාවට ලැබෙන කාලය අපට අභියෝගයක්. සමහර වෙලාවට කළු සුදු වර්ණය අභියෝගයක්. ඔෆ් සෙට් තාක්ෂණයෙදි කලු සුදු වර්ණය ඇති   අනෙකුත් වර්ණ ප්‍රභේද  හොයන්න අප උත්සාහ කළා.  ඒ හෙවීමේ ප්‍රතිඵලයක් විදිහට අපට විවිධ නිර්මාණත්මක ප්‍රවේශ හමුවුණා.

ඒ කාලයේ අප තමයි ඕෆ්සෙට් තාක්ෂණය  මුලින්ම අභ්‍යාස කරපු  මිනිස්සු. මේකත් අමතක කරන්න හොඳ නෑ. ඒ සඳහා විශාල සහයෝගයක් ලැබුණා ඒ කාලයෙ හිටපු අපේ තරුණ තාක්ෂණික ශිල්පීන්ගෙන්. තරුණ මාධ්‍යවේදීන්ගෙන්. ඒ වගේම අපට වැඩිය මුහුකුරා ගිය  රසය තියන අලුත් විදිහට දැක්ක සමහර අල්පයක් වූ මාධ්‍යවේදීන්ගෙන්.    ඒ ලැබුණු නිසා එතෙක් ලංකාවෙ දක්නට නොලැබුණු චිත්‍ර සම්ප්‍රදායක් දිවයින පත්තරය ඇතුළෙ බිහි වුණා.

මේ සම්ප්‍රදායන් කියවීම් අද නෑ. ඔබ සමකාලීනව ඇසුරු කරන් ආපු පුද්ගලයින් මේ මාධ්‍යය හසුරුවන්න ගත්තට පස්සේ ඇයි මේ වටිනාකම්  නැතිවුනේ.

අපි පුවත්පත් කලාවේදියො. අපි පුවත්පත් කලාවේදියො විදිහට පොදුවෙ ගත්තොත් අපි ඔක්කොම අතිශයින්ම අසාර්ථකයි. මේක කියන්න ලැජ්ජා වෙන්න අවශ්‍ය නෑ. අපි අසාර්ථක වෙන්න හේතුව අපි සේවය කළ ආයතන දියුණු වෙලා නෑ. අපි සේවය කළ ආයතනවල ප්‍රධානීන් පරිපාලකයන් කියන්නෙ මේක දැන් මල මාධ්‍යයක්. මල ව්‍යාපාරයක්. අන්තිමට මේ ව්‍යාපාරයම මල කෙළියක්.  හැබැයි ඒ අය මේකට නායකත්වයත් දෙනවා. ඒ දෙන්නෙ මේ මාධ්‍ය කලාව මැරිලා කියන ආකල්පය එක්ක.

මේක දියුණු කරගැනීම සඳහා නිර්මාණාත්මකව හිතන්නෙ නෑ. මේක විකුණාගෙන මේක තුළින් ප්‍රායෝගිකව ගොඩ එන්න එයාලට දැක්මක් නෑ.  මේ අය තවමත් පත්තරෙන් විකුණන්න හදන්නෙ සෙක්ස් ඇන්ඩ් ක්‍රයිම් නම් ඇත්තටම ඒ අයට වැරදිලා. ලිංගික දේවල් සහ අපරාධ ක්‍රියාකාරකම් අද ඕනෑම කෙනෙකුගෙ ෆෝන් එක ඇතුළෙ තියනවා සජීවීව. ඒක මුද්‍රිත මාධ්‍යයක්  ඇතුලෙ නැවත ලියන්නෙ මොකට ද?. අපරාධ සහ ලිංගිකත්වය  මුද්‍රිත මාධ්‍ය ඇතුළෙ විකුණන්න ගියාම එතන ඇතිවෙන්නෙ ආරවුලක්. මේ තරමට  අපේ අයගේ නිර්මාණාත්මක තර්කනය, දැක්ම, ඥානය මොට වෙලා ගිහින්. ඉතාම බාල බලයක් එක්ක ගනුදෙණු කරන විකාර රූපී විකෘති මනුෂ්‍යන් පිරිසක් එක්ක   පහත් දේශපාලනික පරිපාලන රටාවකට තමයි පත්තර වැටිලා තියෙන්නෙ. බලය ඇති එකාගෙ පස්සෙන් යන, බලය ඇති එකාට නැමිලා ඌත්   කාගෙන තමනුත් විනාශ වෙන මඩගොහොරුවක් අපි හදාගෙන තියනවා. සෞන්දර්ය හෝ ඒ හා බැඳුණු රසිකත්වයක් නැති, තර්ක ඥානයක් නැති, තියන තර්ක ඥානය  අනෙකා විනාශ කරන්න පමණක් පාවිච්චි කරන ඉතා පහත් තැනක බොහෝ දෙනෙක්   හිඳීම තමයි අපේ ක්ෂේත්‍රය බිඳ වැටෙන්නට ඇති ප්‍රධානම හේතුව.

මුද්‍රිත මාධ්‍ය කොහොම ද දියුණු කරන්නෙ කියන එක අපි කවුරුත් කල්පනා කරලා නෑ. අපි අද උදේ ටී.වී. එකෙන් බලන ප්‍රවෘත්තිය පහුවෙනිදා උදේට බලන්න පත්තරේ ගන්න කෙනෙක් නෑ. මේ තත්වය වෙනස් විය යුතුයි කියන යෝජනාව මා තුළ තිබෙනවා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමේ සුළං විදුලියෙන් මෙගා වොට් 30ක් ජාතික විදුලි බල පද්ධතියට…

Next Post

ගුරුවරයා දස හැවිරිදි සිසුවාගේ කට මිරිකා අතට පෑනෙන් ඇනලා

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

Comments 3

  1. Shantha k herath says:
    වසර 6ක් ago

    ස්තුතියි. යහපත් සාකච්ඡාවක් සදහා ඉඩකඩ සැලසුවාට.

    පිළිතුරු සැපයීම
  2. Shantha k herath says:
    වසර 6ක් ago

    ස්තුතියි අදහස් පැවසීමට ඉඩලබාදුන්නාට.

    පිළිතුරු සැපයීම
  3. Shantha k herath says:
    වසර 6ක් ago

    ස්තුතියි LANKASARA.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.