බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ටෙනීගේ අපි නොදැක්ක භූමිකාව

ප්‍රවීන කලාකරු ගිවන්ත අර්ථසාද්ගේ ඇසින්

by Lanka Sara Editor
ඔක්තෝබර් 1, 2020
in කලා
Share on FacebookShare on Twitter

මම ගිවන්ත අර්ථසාද්.

මගේ හිත මිත්‍ර ටෙනී ගැන…

වෘත්තීයමය රංගන ශිල්පියකු ලෙස, ශ්‍රී ලාංකිකයන් ඔහු හඳුනා ගැනීමට මත්තෙන්, මේ වන තෙක් විකාශය කරන, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කිතුනු ළමා හමුව ආරම්භ කරමින්,
කිතුනු කලා කෙත අස්වැද්දූ ටෙනිසන් ගේ කිතුනු භූමිකාව ගැන, අපි දෙවි පියාණන් වහන්සේ ට බෙහෙවින් ප්‍රශංසා කරමු.
පසු ගිය (2019) නත්තල් දින උදෑසන, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ, සජීව නත්තල් විකාශය ට මම ඔහු කැඳැවීමි.

බොහෝ දෙනෙකු ඔහුගේ යයි නොදන්නා ගීතිකාවක්, එම වැඩසටහන්‍ෙ දී විසුරුවා හැරීමි.
‘හිමි පාද වෙත ආවා’ නම් එම ගීතිකාව, වසර පනහ (50) ක ට අධික කාලයක් පුරා ගායකයින් හා ගායිකාවන් කිහිප දෙනෙකුන් ම,
තම කැසට් හා සංයුක්ත තැටි වල සටහන් කළත්, ඒ කිසිවක, එහි පද රචනය ටෙනිසන් කුරේ ගේ ය යනුවෙන් සඳහන් නොකෙළේ මන්දැ යි මට විමතියකි.
තම දකුණ’ත කළ දේ, සිය වමතට වත් නොදැනෙන සේ, ටෙනී විසින් කළ ඒ පරිත්‍යාගය, දෙවිඳාණන ට කරන ලද උතුම් පූජාවකි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අදටත් විකාශය කරන ‘කිතුනු ළමා හමුව’, 1974 වසරේ දී, ටෙනිසන් විසින් ආරම්භ කරන ලද්දකි.
ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ශ්‍රව්‍ය දෘශ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ / ලේකම් ධුරය ඔහු හොබවන ලද්දේ, 1974 – 1976 යන වසර වලදී ය.
1972 වසරේ දී ඔහු තැනූ ‘හද ඇඳි සිත්තම්’ කෙටි චිත්‍රපටයේ ඔහු සමග, සෝනියා දිසා, දොන් සිරිසේන සහ ඩී. ආර්. නානායක්කාර රඟපෑමෙන් දායක වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු රඟපෑ පළමු වැනි වෘත්තාන්තයේ චිත්‍රපටය, කිංග්ස්ලි රාජපක්ෂ ගේ, ‘කළණ මිතුරෝ’ ය. දෙවැන්න, හේමසිරි සෙල්ලප්පෙරුම ගේ, ‘ජීවන්ති’ ය.
1980 වසරේ දී, රාජ් රණසිංහ විසින්, චිත්‍රපටයක් අඅධ්‍යක්ෂණය කිරීමට, මට භාර කරන ලද්දේ ය.
1982 වසරේ ආරම්භ කිරීමට යෝජිත ව තිබුණු ජාතික රූපවාහිනීයේ සජීවකරණ කටයුතු සඳහා, රජය මා පත් කර ගත් බැවින්,
මම එම චිත්‍රපටයේ කටයුතු මගේ එකම මල්ලී, දිනේෂ් ප්‍රියසාද් ට හා ටෙනිසන් කුරේ ට පැවරීමි.
‘නොම්මර එක’ ⁣යන නමින් ඔවුන් හදන චිත්‍රපටයේ රූප ගතකිරීම් බලන්නට, රාජ් ගේ මිත්‍ර තිලක් අතපත්තු පැමිණියේ ය.
චිත්‍රපට කර්මාන්තය ට තිලක් ගේ හිත ගිය නිසාවෙන්, චිත්‍රපටයක් තනන්නට ඔහුත් කැමැති විය.
‘නොම්මර එක’ තාවකාලිකව නතර කර, ‘පෙරළිකාරයෝ’ නමින්, විජය කුමාරණතුංග හා ඉන්දියාවේ තනුජා යොදා හැදූ චිත්‍රපටය පළමුවෙන් ආයේය.
එහි අධ්‍යක්ෂණය දිනේෂ් ප්‍රියසාද් ගේ ය; දෙබස් ටෙනිසන්ගේ ය.
පෙරළිකාර සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සහ හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ සුසංයෝගය බිහි වන්නේ මෙකියන චිත්‍රපට ද්විත්වයෙනි.
අප රටේ ගැමි සංස්කෘතියේ එන සොකරි හා ගැමි නාට්‍යයන්හි භාවිත කෙරෙන ද්විත්වාර්ථීය වදන් බඳු සංවාද, ටෙනිසන් ගේ මුවින් නික්මෙන්නේ නිතැතිනි.
ඒ සංවාද සංස්කෘතිය වේදිකාවට ත්, සිනමාවට ත් ආදේ්ශ කළේ ටෙනිසන් ය කියා මම සිතමි.
ඒ ඔහු එළිමහනේ වෙිදිකා ගත කළ අපායේ තත්පර 1800 නාට්‍යයෙනි.
එහි අංග රචන ශිල්පියා වූයේ මම ය.
මොරටුමුල්ල මෙතොදිස්ත උසස් විදුහලෙන් සිප් සතර හැදෑරූ ටෙනිසන් ගේ පළමුවන රැකියාව වූයේ, මාතර, මැදගොඩ මල් ශාලාවේ, මිනී පෙට්ටි තැනීමත්, එහි ම, අවමංගල්‍ය රථයේ රියැදුරු ලෙස ට කටයුතු කිරීමත් ය.
ඉන් පසු ඔහු නෞකා කාර්මිකයකු ලෙස නැවක ට බැඳු⁣ණේ, ලෝකය බලන්න ට තිබුණු ආසාව නිසා ය.
අනතුරුව ‘හාර්මොනික්ස්’ සමාගමේ කළ රැකියාව, ටෙනිසන් පියානෝ කාර්මිකයකු බව ට පත් කෙ⁣ළේය.
ඉතා වේගයෙන් වාහන පැදවීම ට සමත් රියැදුරකු වූ ටෙනී, මේ දක්වා භාජනය වී ඇති රිය අනතුරු සංඛ්‍යාව එකක් පමණි.
1979 වසරේදී, හදිසියක ට මගේ මෝටර් බයිසිකලය ඉල්ලාගෙන ගිය ටෙනී, ආපසු ආවේ අත පය තුවාල කර ගෙන, ලේ හලමිනි.
ඒ ඔහුගේ වරදක් නිසා නොවේ.
මගේ අලුත්ම මෝටර් සයිකලයේ ඇක්සලේටර කේබලය හිර වීම නිසා වේගය පාලනය කර ගැනුමට ඉඩක්නොමැති වීමෙනි.
මම ඔහුට බයිසිකලය නොදුන්නා නම්, ඒ සන්තෑසිය සිද්ධ වෙන්නේ මට ය.
මට මෝටර් බයිසිකල් පදින්නට ඉගැන්වූ ගුරා ට මෝටර් බයිසිකලය නොදී සිටින්නේ කොහොමද ?

‘හාර්මොනික්ස්’ ආයතනයේ ආලෙවිකරන ‘කෙම්බල්’ පියානෝ නිපදවන සමාගමේ හිමිකරු ගේ පුත්, කෙම්බල් මහතා, 1966 දී පමණ මෙරට ට පැමිණියේ ය.
ඔහු ගේ කාරිය නිමවා යාම ට මත්තෙන්, රට තොට බැලීමට වුවමනා බව ඔහු පැවසීය.
ඉතිරිව තිබුණේ එක දවසක් පමණි.
කාරිය බාර කෙරුණේ ටෙනිසන් ට ය.
උදෑසන හය (06.00) ට මොරිස් මයිනර් වැගන් රථය ට ‘සුද්දාා’ නංවා ගත් ටෙනී, උදේ දහය (10.00) වන විට සිටියේ පොළොන්නරුවේ ය.

එ දවස මහා මාර්ග අබලන් ය.

පොළොන්නරුව සුද්දා ට පෙන්වූ ටෙනී, දහවල් දෙක (02.00) ට සිටියේ සීගිරිය මුඳුනේ ය.
අනතුරුව අනුරාධපුරය බලා යන විට, හොඳටම බඩගිනි ව සිටි ටෙනී, පාර අයිනේ වූ තේ කඩයක් ළඟ මයිනරය නැවැත්වීය.
ප්ලේන් ටී එකක් ඉල්ලා ගත් ටෙනී, වඩේ එකක් ද අතැතිව බංකුවේ වාඩි විය.
කෙම්බල් සුද්දා ද, ඒවාම ඉල්ලා ගෙන, බංකුවේ වාඩි විය.
තේ බීම හමාර කළ ටෙනී සාක්කුවට අත දමන විට, කෝටිපති සුද්දා එය වැළැක්වීම ට තැත් කෙළේය.
සුද්දා නැවැත්වූ ටෙනී, වඩේ ⁣දෙක ට හා ප්ලෙන් ටී දෙක ට සල්ලි ගෙවීය.
සුද්දා ට අනුරාධපුරය ද පෙන්වා, කොළඹට එන විට, රාත්‍රි (09.00) විය.
මෙම ගමනේ කතාව අතිශයෝක්තියක් නොවේ.

පසුවදා ටෙනිසන් ගැන ‘හාර්මොනික්ස්’ අධිපති ෆ්‍රෑන්ක් විලියම්ස් මහතා ට හොඳ රෙකමදාරුවක් කළ කෙම්බල් මහතා නික්ම ගියේ ය.
‘හාර්මොනික්ස්’ හි සගයෝ, කෙම්බල් සමඟ ගිය ගමනේ විස්තර අසනු රිසිව, දහවල් කෑම පැයේ දී ටෙනී වටා රොක් වූ හ.
විස්තර පත්‍රිකාව අවසානයේ දී, ටෙනිසන් මෙසේ පැවසී ය;
“මචං, ඔය කෙම්බල් කාරයා ඉන්නව නේ . . . මිනිහා කෝටිපතියෙක් නේ . . . ඒත් මිනිහගෙ පුතා, අර මෙහෙ ආවෙ . . . මිනිහා මගෙන් ප්ලේන් ටී එක ගහපු එකා නේ . . .”

ටෙනී . . . උඹෙි පුරසාරං මතක් වෙලා මට හිනා . . . ඒත් උඹ මෙිවා මුකුත්ම නො ඇසෙන්න අපෙන් වෙන්වෙලා ගිහිං.
උඹ ට මතකද ? මට කියලා උඹෙයි මල්සිරි ගෙයි මඟුල ට කියන්න සිංදුවක් ලියවා ගත්තා.

සිතුවිලි සයුරේ
ආසාවේ මුතු
කිමිදෙන්න ට හැරලා
රන් අසු පිට නැඟ
රන් දේදුනු මත
රන් විමනට යනවා.

ටෙනිසන් කළ කිතුනු මෙහෙවර පිළිබඳ ව සලකා, ඔහු ට මෙ වර (2020 නොවැම්බර් ) ජාතික කිතුනු සම්මාන උලෙ⁣ළේ දී, ‘ධර්මප්‍රභාෂ්වර’ සම්මානය පිරිනමන ලෙස ම විසින් ඉල්ලීම ක් කරන ලදී.

1946 වසරේ අප්‍රේල් 30 වැනිදා උපන් මෙරඤේඤගේ එඩ්වර්ඩ් ටෙනිසන් කුරේ ට මේ පිරෙමින් පැවතියේ, ප්ලැටිනම් වල වටිනාකම ඇතැයි සැලැකෙන, 75 වැනි අවුරුද්ද ය.

යම් හෙයකින් යට කී සම්මානය හිමි කර ගැනුමට ඔහු ජීවත් ව සිටියේ වී නම්, ඒ ඔහු ගේ 75 වැනි අවුරුද්ද වෙනුවෙන් ලැබෙන තෑග්ගක් සේ සලකන්න ට ඉඩ තිබිණි.

කොහොම වෙතත් ටෙනී, උඹ අප ව දාලා ගියත්,
උඹේ කතා බතා මතක් වෙනකොට තවමත් හිනා.

මගේ අලුත්ම කාටූන් චිත්‍රපටයේ, ‘යුරේකා’ හි ලෙනාර්ඩෝ ඩාවින්චි ට දෙබස් කැවුවෙත් උඹ නේ.

මේ උඹේ හිත මිත්‍ර සහෝදර ගිවා –

ගිවන්ත අර්ථසාද්

විස්සයි විස්සේ බිනර විසිනමය.

ප්‍රවීන කලාකරු ගිවන්ත අර්ථසාද් මහතා
Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මිලියන වංචා කරලා

Next Post

කල්ගන්න ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර RDA වෙත පවරා ගැනේ

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.