ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් හි පදංචි මොසයික් කලා ශිල්පියෙකු වන හත් හැවිරිදි මුහම්මද් අශාර් චාස්ති ජාතික කියුබ් ශූරතාවයෙන්
රන් පදක්කමක් හිමි කර ගැනීමට සමත් විය.
ශ්‍රී නගර් දිස්ත්‍රික්කයේ කන්යාර් ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන ඔහු මුම්බායේ ඝාට්කෝපාර්වල පැවැත්වුනු 10 වැනි ජාතික කියුබ් තරඟාවලියේදී අයිසීඑස් 3*3*3 ප්‍රමාණයේ කියුබ්ස් භාවිතා කරමින් ඔහුගේ නිර්මාණය සිදු කළේය.
ඉන්දියානු කියුබ් සංගමය විසින් ලාබාලතම මොසයික් කලා ශිල්පියා ලෙස ඔහු ගෞරවයට පාත්‍ර කරන ලදී.
කාශ්මීර් යනු තරුණයන්ගේ කලා, අධ්‍යාපන, තාක්ෂණික ආදී හැකියාවන් සඟවාලන ස්ථානයක් වුවත් මුහම්මද් නොසැඟවී ඉදිරියට පැමිනීමට සමත් විය.
මෙතරම් ලාබාල වියේදී සිය පුතුට එවන් විසල් කාර්යයක් කරන්නට හැකි යැයි තමා නොසිතූ බව ඔහුගේ බව වෛද්‍ය රින්කි අශාර් චිස්ටි ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා තිබේ.