බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අහිංසක දරු කැකුළු 165ක් පණ පිටින් වළ දැමමින්   ඉරානයේ  මිනාබ් පාසලට එල්ල වුන ම්ලේච්ඡ  ඇමරිකානු ප්‍රහාරයේ   කතාව…  

by editor
මාර්තු 3, 2026
in ජීවිතය
ගලවා ගැනිමේ මෙහෙයුම අතර...

ගලවා ගැනිමේ මෙහෙයුම අතර...

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

අපට මානව හිමිකම් ඇතුළු මානුෂික ධර්මතා ගැන කියාදෙන බටහිර කඳවුරේ අර්ධ මනුෂ්‍ය පිශාච ස්වරූපය දකිමින් ඉන්නේ කම්පනයෙනි.  මනුෂ්‍යත්වයේ අවසාන  අංශුවත් බෝම්බ දමා කුඩුකළ විට ඒ පිරිවැය දරාගන්නට ලෝකය නිහඬවම සූදානම් විය යුතුව ඇතැයි මුන් කල්පනා කරනවා නම් එය එහෙම හිතන උන්ට බරපතල ලෙස වැරදී ඇති බව කිව යුතුය.

ඉරානය මතට ඊශ්‍රයාල ප්‍රහාර ආරම්භ කරන්නේ අශිෂ්ඨ අමානුෂිකත්වයේ නිරුවත සහ රුධිර පිපාසිත පිශාච ස්වරූපයක ම්ලේච්ඡකම සහතික කරමිනි. මුන් පටන් ගත්තේ යුද්ධයක් නම්  අල් කමේනි ඝාතනය දේශපාලනිකය.  ඔහුගේ ඉහළ හමුදා නිලධාරීන් ඝාතනය ද දේශපාලනිකය. එහෙත් ජීවිතේ හයක් හතරක් නොදන්නා පොඩි උන් 165ක් එක තැන එක රොත්තට බෝම්බ ගසා මරා දැමීමේ සහ ගහන අපරාධයට ඇමරිකාව හෝ ඊශ්‍රයාලය සපයන අර්ථකථනය කුමක්දැයි අපට වැටහෙන්නේ නැත.  උන් හා එක පෙළට හිටගන්නා බටහිර ශිෂ්ඨාචාරවත් ලෝකයේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන ආකාරය මැදහත් ලෝකය බලා සිටින්නේ දරාගත නොහැකි පිළිකුළකිනි.

කුඩු පට්ටම් වූ පාසල් භූමියේ බුන්බත් ගොඩනැගිලි අතර ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වු අයුරු…

2026 පෙබරවාරි 28 වන දින දකුණු ඉරානයේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ‘ෂජාරේ තයියෙබේ’ (Shajareh Tayebeh) බාලිකා ප්‍රාථමික විද්‍යාලයට ඊශ්‍රයාලය බෝම්බ දැම්මේය. ඉරාන බලධාරීන් වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන්   165 දෙනෙකු මියගියහ. ඒ මිය ගිය අසරණයින්ගෙන් සාතිශය බහුතරය    වයස අවුරුදු 7ත් 12ත් අතර පසුවන කුඩා පාසල් දැරියන්ය. පාසල තුළ අධ්‍යාපන හදාරමින් සිටි නොදරුවන්ය. උන් සමග පාසල්   කාර්ය මණ්ඩල සාමාජික පිරිස් ද දිවි හැර ගියහ.  උදෑසන පාසල් කාලය පාසලට එල්ලවන මෙම ප්‍රහාරයෙන් පසු  ලෝකය දුටුවේ සුන් බුන් අතර ජීවිතය ඉල්ලා යදින නොදරුවන්ය. කුඩු පට්ටම් වූ සිරුරුවලින් වැගිරෙන රුධිය සහිත පොඩි උන්ය.  සමහර පැටව් සුන් බුන් අතර පණ පිටින් වැළලී ගියහ.

හෝර්මොස්ගන් (Hormozgan) පළාතේ  ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) කඳවුරක්ට තරමක් ආසන්නව මෙම පාසල පිහිටියේය.   පාසල් භූමියේ ගොඩනැගිලි මතට  මිසයිල තුනක් ඇද වැටී තිබිණි.   ඉරාන හමුදා වෙත ඉලක්ක කළ බව කී මිසයිල නන්නත්තාරේ යවා තිබිනේ මනුෂ්‍ය ජීවිතවල අල්ප වටිනාකමක් පිළිබඳ තක්සේරුවක් රහිතව බව පෙනුණි.

IRNA සහ Tasnim ඇතුළු ඉරාන රාජ්‍ය මාධ්‍ය මෙම ස්ථානය විස්තර කළේ මුළුමනින්ම විනාශ වී ගිය බිමක් ලෙසය. කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර පාසල් බෑග්, පොත්පත් විසිරී තිබූ අයුරු එහි දැකගත හැකි විය. දිවි ගලවා ගත්තවුන් සහ මුදාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි මේ බොහෝ දැරියන් තම පාසල් ජීවිතය ආරම්භ කර සතියක්වත් ගත කර නැත.  සුන් බුන් අතරින් මේ පොඩි වී ගිය දරු කැකුළුවල බුන්බත් සිරුරු ගොඩගැනීමට ගත් උත්සාහය ලෝකයක් හැඬවූ    අතිශය සංවේදී මෙන්ම බියකරු දැකුමක් වූයේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

සමුහ මරණය පිළිබඳ ශෝක වූ ජනතාව…

ප්‍රහාරයෙන් පසු තත්ත්වය සහ ජාත්‍යන්තර ප්‍රතිචාර

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයට පූර්ණ වගකීම පැවරුවේ අතිශය බිහිසුණු චෝදනා එල්ලකරමිනි. මෙය ශිෂ්ඨාරය පුරාම මනුෂ්‍යත්වයට එරෙහිව කළ බිහිසුණු අපරාධ අතලොස්සට මේ අපරාධයත් වැටෙන බව ඊශ්‍රයාලය කීවේය.

මේ දරු පැටවු වෙනුවෙන් අලුතින් කපන ලද සොහොන් වළවළ් පේළි සහිත දුටුවන් හඬවන ඡායාරූප පෙළක් ඉරානය ලෝකයට මුදා හැරියේය.  මිසයිල ප්‍රහාරයන්    විනාශ වූ පාසල් ගොඩනැඟිල්ලේ සුන්බුන් ඇතුළත් ඡායාරූප ද ඒ අරත විය.

ටෙහෙරාන් නිල ප්‍රකාශයන්ට අනුව මියගිය සංඛ්‍යාව 165ක් වන අතර, තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය තවමත් බරපතල ය. එක් වාර්තාවක නගරයේ නීති නිලධාරියා විසින්  මියගිය සිසුන් සංඛ්‍යාව 168ක් ලෙස තහවුරු කර තිබේ.  අනෙකුත් මූලාශ්‍ර පවසන්නේ එම සංඛ්‍යාව 153 සිට 180 දක්වා විය හැකි බවය.

විපතට පත් වූවන් වෙනුවෙන් සොහොන් බිම් සකස් කරන ආකාරය දැක්වෙන ගුවන් ඡායාරූප ඉරානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි. ඒ ඡායාරූපවලින් කියැවුනේ වචනයට නැගිය නොහැකි බිහිසුණු ඛේදවාචකයක මරණීය වේදනාවය.

සමූහ මිනී වගේ ගුවන් ඡායා රූපයක්…

එක්සත් ජනපදය කියන්නේ කුමක් ද?

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරීන් ඉතා පරීක්ෂාකාරී ලෙස ප්‍රතිචාර දක්වා ඇත. රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ප්‍රකාශ කළේ ඇමරිකානු හමුදා “කිසිවිටෙකත් හිතාමතා පාසලක් ඉලක්ක නොකරන” බවය. එමෙන්ම  ඔවුන් මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන බවය.

පෙන්ටගනය (The Pentagon) එම කලාපයට ප්‍රහාර එල්ල කළ බව පිළිගත්තද, තමන් ඉලක්ක කළේ හමුදා ස්ථාන පමණක් බව අවධාරණය කළේය. පාසල IRGC කඳවුරට ඉතා සමීපව පිහිටා තිබීම හේතුවෙන් මෙය අත්වැරදීමකින් සිදු වූ හානියක් (Collateral damage) විය හැකි බවට ඔවුන් ඉඟි  කෙළේය. එය උන්ට සිදුවන්නේ උන්ගේ අම්මලාගේ අත් වැරදීම්ය.

අවසන් ගමන් යෑමට සැරසුන දරු පැටවු…

ඊශ්‍රායලය ද සිවිල් ස්ථානවලට හිතාමතා පහර දීම ප්‍රතික්ෂේප කර තිබේ.  නමුත් මේ නින්දිත අපරධය ගැන  දෙරටම මේ දක්වා   සවිස්තරාත්මක තහවුරු කිරීමක් ලබා දී නොමැත. පවතින යුදමය වාතාවරණය සහ අදාළ ප්‍රදේශයට ප්‍රවේශ වීමට ඇති බාධා හේතුවෙන්, ස්වාධීන පාර්ශවයකින් මෙම තොරතුරු තහවුරු කර ගැනීම තවමත් අසීරු වී ඇත.

අපට කියන්නට ඇත්තේ එකම කතාවකි.  ලෝක ධර්මතාවයන් තිබේ.   බිහිසුණු ලෙස ලෝකය ව්‍යසනයට රැගෙන  යන මුග්ධයින්ගේ ඉරණමෙහි  තාවකාලික ස්වරූපය අපි අපේ  අපේ ජීවිත කාලය තුළදීම අත් විඳ ඇත්තෙමු.  ඉතිහාසයේ  සිදුවූයේත් එය ය. මේ වනවිට ලෝකයේ බලය හසුරුවන හැත්තෑ විය පසුවූ මහල්ලන් පිරිස නිර්මාණය කරන්නට යන නිරය තුළ මනුෂ්‍ය සමාජයක්  දැවී යනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. උපේක්ෂාවෙන් බලා සිටීම පමණක් කළ යුතුව තිබේ. මේ ගමන මහා දුරක් යන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මල්වතු හිරිපිටියෙන් ඩීසල් ලීටර 400ක් සමග තොග රැස් කරන්නෙක් අත් අඩංගුවට… දිවයින පුරා නීති විරෝධී  ඉන්ධන තොග එකතු කරන්නන් සොයා මෙහෙයුම්….

Next Post

ඉරානයට නව උත්තරීතර නායකයෙක්… අලුතින් පත්වුන උත්තරීතර නායක මොජ්තාබා කමේනි ගැන කතාවක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.