බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

එදිනෙදා ජීවිතයට AI නැතිවම බැරි ඇයි? – ( AI තාක්ෂණය ගැන ලියැවෙන නවතම ලිපි පෙළ -01)

by LankasaraAI
සැප්තැම්බර් 12, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

කෘතිම බුද්ධිය (AI) විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් සැබෑ ජීවිතයට ගමන් කරමින්, අපගේ දිනපතා ජීවිතයේ අත් හළ නොහැකි කොටසක් වී ඇත. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව, AI නිරතුරුවම අපගේ දෛනික චර්යාවන්හි විවිධ පැතිවල තැන්පත් වී ඇති අතර, කාර්යයන් පහසු ලෙස, වේගවත්ව සහ ඊටත් වඩා විනෝදය වැඩි කිරීමට නිහඬව ක්‍රියා කරයි . මෙම ලිපියෙන් AI අපගේ ජීවිත වැඩිදියුණු කරන්නෙ කෙසේද යන්න ගවේෂණය කරයි, දෛනික ක්‍රියාකාරකම් විධිමත් කිරීමේ(streamlining daily activities) සිට වෘත්තීය කාර්ය ප්‍රවාහයන් (professional workflows) පරිවර්තනය කිරීම දක්වා, ඉතා සරලව තේරුම් ගත හැකි ආකාරගයන් විස්තර කරයි.

AI හා දිනපතා ජීවිතයේ අන්තර් – සම්බන්ධතාවය (Inter-connection)

අපි උදෑසන අවදි වූ මොහොතේ සිටම AI අප ජීවිත හා බද්ධ වී පවතී. උදෑසන අවදිවීමට සහය(digital assistant) වන ඔරලෝසුවේ(morning alarm) සිට සේවයට වාර්තා කිරීමට ගමන් කළ යුතු පහසුම මාර්ගය නිර්දේශ කරන(recommend) යෙදුවම(app) ලෙසද, AI අපගේ දිනය කාර්යක්ෂම කිරීමට දායක වෙයි. මෙම අනර්ඝ සම්බන්ධතාවය බොහෝ විට අවධානය ලක් නොවේ නමුත්, ඒ අපගේ තාක්ෂණය හා අවට ලෝකය සමඟ ඇති සම්බන්ධතාවය හොඳින් ගොඩනගන වැදගත් පාර්ශව කරුවෙකි. AI සාමාන්‍යයෙන් වර්ග දෙකකට වර්ග කළ හැක: මෘදුකාංග/ක්‍රමවේද තාක්ෂණය(software/methodology) සහ මූර්තිමත්(embodied) තාක්ෂණය වශයෙනි. පළමු කාණ්ඩය chatbots සහ හඬ සහකරුවන්(voice assistants) වැනි AI යෙදවුම්(apps) වලින් සමන්විත වන අතර, ඒවා භාවිතා කිරීම සඳහා අමතර දෘඩාංග(hardware) අවශ්‍ය නොවේ. දෙවැනි කාණ්ඩය AI භාවිතා කර නිර්මාණය කළ ස්වයං ධාවන මෝටර් රථ සහ ඩ්‍රෝන් වැනි උපාංගයන්ගෙන් සමන්විත වේ.

දෛනික ක්‍රියාකාරකම් විධිමත් කිරීම කුලී රථ වෙන් කිරීමේ යෙදවුම්

1.කුලී රථ වෙන් කිරීමේ යෙදවුම් (Taxi booking apps)
ඔබ Uber හෝ PickMe වැනි යෙදවුම්(apps) හරහා රිය (your ride) වෙන් කරන විට, AI පසුපසින් (behind) සිට ක්‍රියා කරමින් ඔබට ළඟම ඇති රියදුරෙකු (nearest driver) වෙත ඔබව යොමු කරයි. පෙර දත්ත(historical data) සහ වර්තමාන රථවාහන තදබදයන් පිළිබඳව විශ්ලේෂණය කරමින්, AI ඔබට ගමන් කිරීමට සුදුසු වේගවත්ම හා පහසුම මාර්ගය නිර්දේශ කරයි. එමඟින් ඔබට අවශ්‍ය ස්ථානයට ඉක්මනින් හා පහසුවෙන් ලගා වීමට අවස්ථාව AI විසින් සලසා දෙයි. තත්‍ය කාලීනව (real-time) සම්පත් ප්‍රශස්ත කිරීමට AI ට ඇති හැකියාව නිසා ඔබට ඉක්මනින් සහ කාර්යක්ෂමව යා යුතු ස්ථානයට ඔබව රැගෙන යයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

2. හඬ සහකරුවන්(Voice Assistants)

Siri, Google Assistant, සහ Alexa වැනි ඩිජිටල් සහකරුවන් (digital assistants) මේ වනවිට බොහෝ දෙනෙකුගේ දිනපතා ජීවිතයේ අත්‍යවශ්‍ය මෙවලම් බවට පත් වී තිබේ. මෙම AI බලගැන්වූ(AI-powered) සහකරුවන්ට සිහිකැඳවීම් සකස් කිරීම (set reminders), ඔගේ ප්‍රියතම සංගීතය වාදනය කිරීම හෝ හඬ විධානයකින් (voice command) පමණක් ඔබේ ස්මාර්ට් ගෘහ උපකරණ පාලනය කිරීම වැනි කාර්යයන් කළ හැකියි. ඔබේ ආවේනික භාෂාව(natural language) හදුනා ගැනීම සහ එය පරිවර්තනය කිරීමේ හැකියාවෙන් මෙම සහකරුවන් සන්නද්ධ වෙයි .එසේම මොවුන් , තනියම කාර්යයන් කළමනාකරණය සිදු කරමින් , වැඩි කාර්යක්ෂම හා සුවපහසු ජීවිතයක් ගොඩනැගීමට දායක වෙයි.

3. චැට්බෝට්ස් (Chatbots)

අද වන විට පවතින වඩාත්ම පරිණාමය වූ AI මෙවලම් අතරින් චැට්බෝට්ස් ඉදිරියෙන්ම සිටියි . OpenAI විසින් නිර්මාණය කළ ChatGPT වැනි චැට්බෝට්ස්, මිනිසුන්ගේ භාෂාවන් හඳුනාගෙන එයට අනුරූපව වාක්‍ය නිර්මාණය කිරීමේ හැකියාව ඇති ශක්තිමත් භාෂා ආකෘතියක්(language model) වේ. මෙම මෙවලම් විවිධ කාර්යයන් සඳහා උදව් සපයන අතර වෘත්තීයමය මෙන්ම පෞද්ගලික කාර්යයන් සඳහා ද අතිශය ප්‍රයෝජනවත්වේ. ශිෂ්‍යයන් සඳහා මෙම චැට්බෝට්ස් තොරතුරු සෙවීම, පර්යේෂණ පත්‍රිකා සාරාංශය කිරීම  සහ ව්‍යාපෘති සහ රචනා සඳහා අදහස් නිර්මාණය කිරීමට පවා උපකාර කළ හැක වෘත්තීයමය වශයෙන් ඊ-මේල්ස් ලිවීම , presentation content නිර්මාණය , සහ ප්‍රතිපෝෂණය (feedback) ලබා දීම වැනි කාර්යයන් මගින් කාලය ඉතිරි කර දෙන අතර එය ඵලදායිතාව ඉහළ නැංවීමට දායකවෙයි වෘත්තීය නොවන පරිශීලකයින් සඳහා පුද්ගලික ඊමේල් ලිවීම කළ යුතු දේ ලැයිස්තු නිර්මාණය කිරීම සහ උත්සව සැලසුම් කිරීම වැනි එදිනෙදා කාර්යයන් සඳහා චැට්බෝට්ස් හට සහාය විය හැක. නිර්මාණශීලී කටයුතු සඳහා, කතාවන්, කවි, හෝ වෙනත් නිර්මාණාත්මක කෘතීන් ලිවීමේදී අභිප්‍රේරණය(inspiration) සහ සහාය ලබාදෙමින් ලේඛන ක්‍රියාවලිය සාර්ථක කරයි.

4.පින්තූර හඳුනා ගැනීම (Image Recognition)

Google Lens වැනි AI තාක්ෂණ, පින්තූර හඳුනාගැනීමේ ක්‍රමවේදයන් සඳහා භාවිතා කර වස්තූන් හඳුනාගෙන ඒවා පිළිබඳ තොරතුරු සපයයි. ඔබ ශාකයක් හඳුනා ගැනීමට උත්සාහ කළද විදේශීය භාෂාවක පාඨයක් පරිවර්තනය කිරීමට උත්සාහ කළද , AI තාක්ෂණය ඒ හා සම්බන්ධ තොරතුරු පහසුවෙන් ඔබට ලබා දෙයි.

5. ඊමේල් හඳුනාගෙන ඒවා වෙන් කිරීම(Email Filtering)

විද්‍යුත් ලිපි, ප්‍රමාණය ඉක්මවා ලැබී ඇති විට ඒවා අවශ්‍ය ඒවාට සහ අනවශ්‍ය ඒවාට වෙන්කරමින් වෙන වෙනම ලිපිගොනුක් තුළ බහාලීමට AI කටයුතු කරයි. Gmail වැනි මෙවලම්වල ඇති ස්මාර්ට් ප්‍රතිචාර සහ ආයාචිත තැපැල් (spam) හඳුනා ගැනීමේ හැකියාවෙන් වැදගත් පණිවිඩ ප්‍රමුඛ කරමින් අනවශ්‍ය පණිවිඩ ඉවත් කර තැබීමට කටයුතු කරයි. මෙමගින් ඊමේල් කළමනාකරණය කර, අඩු කාලයකින් වැඩි කාර්යක්ෂම බවක් ලබා දෙන අතර එමඟින් පරිශීලකයින්ට සැබැවින්ම වැදගත් දේවල් සඳහා අවධානය යොමු කළ හැකියි.

වෘත්තීය ජීවිත පරිවර්තනය කිරීම (Transforming Professional Life)

AI අපගේ පෞද්ගලික ජීවිතය පහසු කිරීමට පමණක් නොව, වෘත්තීය ක්ෂේත්‍රයද විප්ලවීය වෙනසක්ද කරමින් නිෂ්පාදකත්වය සහ කාර්යක්ෂමතාව වැඩි කරයි.

1.බැංකු ක්ෂේත්‍රයේ වංචා හඳුනා ගැනීම(Frauds in Banking)

මූල්‍ය ගනුදෙනු ආරක්‍ෂා කිරීමට AI හි විශේෂ භූමිකාවක් තිබේ . බැංකු මගින් AI යාන්ත්‍රණ(AI algorithms) භාවිතා කරමින් ගනුදෙනු රටාවන් විශ්ලේෂණය කර ඒවායේ අසාමාන්‍ය හැසිරීම් හඳුනා ගනිමින් වංචාකාරී ක්‍රියාකාරකම් පිළිබඳ අනාවරණය කරයි. මෙම ක්‍රියාවලිය මගින් පරිශීලකයන්ගේ ගිණුම් අනවසර ප්‍රවේශයන්ගෙන් සහ වාංචාකාරී ගනුදෙනු වලින් ආරක්ෂා කරමින් මූල්‍ය ආයතනවල සුරක්ෂිතතාවය සහ විශ්වාසනීය භාවය වැඩි දියුණු කරයි.

2. සංචාරණ යෙදවුම් සහ සංචාරය(Navigation apps & Travelling)

AI මඟින් සාංචාරක අත්දැකීම් වැඩි දියුණු කරන අතර, සාංචාරන යෙදවූම් මඟින් මේ මොහොතේ පවතින මාර්ග තදබදයන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු සැපයීම, ගමන් කිරීමට සුදුසු මාර්ග පිළිබඳ දැනුවත් කිරීම, කාලයට උචිත තීරණ වලට එළැඹීම මගින් වඩා ආරක්ෂාකාරී මාර්ග යෝජනා කිරීම (recommend) වැනි කාර්යයන් සිදුකරයි. ඔබ ඔබේම වාහනය පදවන විට මෙන්ම පොදු වාහන සේවාවක් භාවිතා කරන විටද, AI වඩාත් කාර්යක්ෂම මාර්ගය සොයා දෙමින් ඔබේ කාලේ ඉතිරි කර දෙනු ලබයි.

3. ස්වයං ධාවන මෝටර් රථ(Self-driving Cars)

ස්වයං ධාවන මෝටර් රථ නිර්මාණය තාක්ෂණයේ වැදගත් සන්ධිස්ථානයකි. මෙම වාහන සංවේදක දත්ත (Sensor Data) විග්‍රහ කරමින් , ඒ මොහොතේ ගත හැකි සුදුසු තීරණ ගනිමින් ගමනේ ආරක්‍ෂාව තහවුරු කරයි. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ධාවන මෝටර් රථ තවමත් නිර්මාණය වෙමින් පවතින අතර තාක්ෂණය, ප්‍රවාහනගේ විප්ලවීය වෙනසක් සිදු කිරීමටත්, අනාගතයේදී ප්‍රවාහන සේවාව වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම කිරීමටත් බලාපොරොත්තු වේ.

4.මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණයන් (Facial Recognition Technologies)

AI මගින් ක්‍රියාත්මක වන මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය ආරක්‍ෂණ පද්ධති සහ පෞද්ගලික උපකරණවල සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් ඇත. එය ජංගම දුරකථන විවෘත කිරීමට (unlock phones) සහ අනන්‍යතාව තහවුරු කිරීමට (verify identities) උපකාරී වන අතර, රහසිගත සංවේදී තොරතුරු වෙත ප්‍රදේශවීමට ආරක්ෂිත සහ පහසු ක්‍රමවේදයන් සපයයි. මෙම තාක්ෂණය පොදු ස්ථානවලද ආරක්‍ෂාව සහ පාලනය වැඩි දියුණු කිරීම සඳහා භාවිතා වන අතර එමගින් අප සමාජයේ ආරක්‍ෂාව තීව්‍රකරයි.

5.නිෂ්පාදන මෙවලම් (Productivity Tools)

වෘත්තීය ක්ෂේත්‍රයේ දී , AI-සංවර්ධිත මෙවලම් (AI-driven tools) මගින් නිෂ්පාදනය සහ කාර්යයක්ෂමතාව වැඩි දියුණු කරයි . Clara සහ X.ai වැනි කාල කලමනාකරණ සහකරුවන් විසින් ඔබගේ රැස්වීම් කාලසටහන් සාංවිධානය කිරීම , ඊමේල් හුවමාරු කිරීම, වැනි සේවා සපයයි . Trello, Notion සහ Asana වැනි ව්‍යාපෘති කළමනාකරණ මෙවලම් (Project Management Tools) කාර්යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් ව්‍යාපෘති කාලසටහන් ඇස්තමේන්තු කරන(predict project timelines) අතර, ඔබගේ කටයුතු සවිස්තරාත්මකව ක්‍රියාවට නන්වයි. Zoom වැනි මාර්ගගත සාකච්ඡා වේදිකා (Virtual meeting platforms), AI විශේෂාංග භාවිතා කරමින් පසුබිම් ශබ්ද අඩු කරමින් සහ සජීවී අනුප්‍රතිචාර ( Real-time transcription) ලබා දීමේදී වැඩි කාර්යක්ෂමත්වයක් පෙන්වමින් , ඕනෑම සාකච්ඡාවක් වඩාත් සුමට හා ඵලදායි බවට පත් කරවයි .

සුවිශේෂිත ක්ෂේත්‍රවල AI

1. සෞඛ්‍ය ආරක්ෂණය සහ වෛද්‍ය විද්‍යාව(Healthcare and Medicine)

AI රෝග විනිශ්චය සඳහා සහාය වීමෙන් සෞඛ්‍ය ආරක්‍ෂණයේ විප්ලවීය වෙනසක් සිදුකරයි. AI මඟින් පුද්ගලයාට අදාලව රෝග හා ප්‍රතිකාර සැලසුම් කිරීම සහ රෝගී සත්කාර කළමනාකරණය කිරීම වැනි දෑ සිදුකරයි. ගණිතමය ක්‍රම භාවිතයෙන් වෛද්‍ය විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කරමින් පිළිකා වැනි තත්ත්වයන් කලින් හඳුනා ගැනීමට සහ අදාළ ප්‍රතිකාර යෝජනා කිරීම සිදුකරයි. AI මගින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය යෙදවුම් (apps) සහ පැළඳිය හැකි ශරීර උපාංග(wearable devices) මගින් රෝග ලක්ෂණ හඳුනා ගැනීම, සෞඛ්‍ය සහ යහ පැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ නිකුත් කිරීම වැනි දේ සිදුකරයි.

2. කෘෂිකර්මාන්තය සහ ගොවිතැන (Agriculture and Farming):

AI, බෝග කළමනාකරණය(crop management) ප්‍රශස්ත කිරීම (optimizing), කාලගුණ වෙනස් වීම් පුරෝකථනය කිරීම වැනි දේ මගින් කෘෂි කර්මාන්තය වඩාත් කාර්යක්ෂම සහ තිරසාර කරයි. AI බලයෙන් ක්‍රියාත්මක වන පද්ධධති මගින් දත්ත විශ්ලේෂණය කර අස්වැන්න වැඩි දියුණු කිරීමට සහ සම්පත් භාවිතය අඩු කිරීමට කටයුතු කල හැකිය. මේ මගින් ගොවිතැන් කටයුතු වඩාත් කාර්යක්ෂම සහ තිරසාර ආකාරයට පවත්වාගෙන යා හැකිය. එපමණක් නොවේ මෙමගින් වඩාත් ස්ථායි සහ සුරක්ෂිත ආහාර සැපයුමකට දායක වෙයි.

සෞඛ්‍ය සේවය සිට ප්‍රවාහනය ක්ෂේත්‍ර දක්වා විහිදුන විවිධ ක්ෂේත්‍රවල විශාල දියුණුවක් ඇති කිරීමට AI මූලික වී ඇත. එසේම AI හී සිදුවන වැඩිදියුණු වීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වන අතර එමගින් පුද්ගලිකත්වයට සිදුවන බලපෑම් හා සදාචාරාත්මක බලපෑම් ගැන ද දැනුවත් වීම ඉතා වැදගත් වේ.

අපගේ එදිනෙදා ජීවිතගේ අත්‍යවශ්‍ය අංගයක් බවට AI පත්ව ඇත. පහසුව ඵලදායිතාව සහ වින්දනාත්මක බව වැඩි දියුණු කිරීම විවිධාකාරයෙන් AI සිදු කරයි. ස්මාට් නිවාස උපාංග(smart home devices) සහ කාර්යක්ෂම සංචාරක යෙදවුමේ(efficient travel apps) සිට Chatbots සහ නිර්මාණාත්මක මෙවලම් නිර්මාණය දක්වා, AI අපගේ දෛනික චර්යාවන් වැඩිදියුණු කර ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දීමට සහය වී ඇත. මෙම තාක්ෂණයන් අවබෝධ කර ගැනීම සහ භාවිතා කිරීම මගින් අපට වඩාත් කාර්යක්ෂම ජීවන රටාවකට එළැඹිය හැක. අපි AI හා තවත් ඒකාබද්ධ වන තරමට අපගේ ජීවිතයේ විවිධ පැති සඳහා එහි බලපෑම වර්ධනය වනු ඇත. එය තාක්ෂණය බහුලව ඇති අනාගතයට මග පාදයි. එමෙන්ම අපගේ එදිනෙදා අත්දැකීම් සඳහා බාධාවකින් තොරව සහය වේ.

කතෘ: තිහන්සා අක්මීමන
සමාලෝචනය: රියාජි දෙවිඳු, දිනුක් පතිරාජ, සහස්වරී සේනානායක, චමෝදය කොඩිකාර


								
								
																	
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්ද එකතු කරගන්න ආගම දේශපාලන වේදිකාවට ගේන්න එපා… ආගම්වලට කරන ඊට වඩා නිගරුවක් නෑ… අනුර දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් ඉල්ලයි!

Next Post

සියලුම නීති සහ සදාචාර සීමා බිඳ දමා 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට තිලකරත්න ඩිල්ෂාන් සිය දියණියව රිංගවා ගනී… සංචිතය මෙන්න

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.