අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ඔන්ලයින් අධ්‍යාපනය ඇතුළේ සැඟවුණු ළමා මොළ කන වයිරස

by Lanka Sara Editor
ඔක්තෝබර් 16, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter
  • කොවිඩ් නිසා ගෙදර ඉන්න ළමයින්ට ඔන්ලයින් හරහා “වෛරස අවදානමක්“
  • සයිබර් හිරිහැරවලට ලක්වීමේ වැඩිම අවදානම අවුරුදු 8-12 අතර දරුවන්ට
  • ඔන්ලයින් ඉගෙනුම් අතර දරුවන් නොදැනීම ගොදුරු වන කරදර
  • දෙමාපියන්ට වඩා දරුවන් තාක්ෂණයෙන් ඉස්සර වීමත් ප්‍රශ්නයක්

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා රටවල් 158 ක පමණ නිවාසවල රැඳී සිටින දරුවන් කොපමණ වෙත්ද? යුනෙස්කෝ සංවිධානයට අනුව නම් එම දරුවන් ගණන කෝටි සියයකි. පාසල් වසා දැමීම හේතුවෙන් මේ දිනවල දරුවන්ගේ අධ්‍යාපනය වැඩි වශයෙන් සිදු වන්නේ අන්තර්ජාලයෙනි. එසේ නැතිනම් ඔන්ලයින් මඟිනි. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ යහපත් පැති ගණනාවක් තිබුණද එහි අවදානමක්ද ඇති බව දැන් දැන් පෙනී ගොස් තිබේ. මේ අවදානම බොහෝ විට නොසලකා හැරෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ඊට වඩා අවධානය යොමු කරන බැවිනි.

මේ පිළිබඳව සොයන බලන විශේෂඥයන්ට අනුව අවුරුදු 8ත් 12ත් අතර දරුවන්ගෙන් සියයට 60ක් සයිබර් අවකාශය තුළ අනාරක්ෂිතතාවට නිරාවරණය වී සිටිති. මේ බව අනාවරණය වන්නේ දරුවන්ගේ මාර්ගගත (online) ආරක්ෂණය ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණයකට අනුවයි.

සෑම දරුවෙකුම ඩිජිටල් බුද්ධිය අතින් සවිබල ගැන්වීමේ ගෝලීය ව්‍යාපාරයේ නිරත සිංගප්පූරුවේ DQ අධ්‍යයන ආයතනය විසින් ඔබේ දරුවා සයිබර් අවකාශය තුළ ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කරයි.
එම ආයතනය පවසන පරිදි රටවල් 30 ක 60%ක් පමණ වන දරුවන් එකදු සයිබර් අවදානමකට හෝ මුහුණ මුහුණ පා ඇත. විශේෂයෙන් වයස අවුරුද 08ත් 12ත් අතර ළමයි මේ අවදානමට වැඩි වශයෙන් මුහුණ දෙන බව සමීක්ෂණයේදී හෙළි වී ඇත. මේ අවදානම් ඇතැම් විට හානිකරය. එවැනි හානියක් ඇති නොකරන්නක්ද විය හැකිය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

විශේෂයෙන් ඔවුහු සයිබර් අවකාශය තුළ අතවරයන්ට ලක් වීම (cyberbulling), වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම්, ඔන්ලයින් ලිංගික හැසිරීම්, කීර්ති නාමය පිළිබඳ අවදානම්, අසත්‍ය ප්‍රවෘත්ති ආදී දේට නිරාවරණය වෙති. මෙම තත්ත්වවල දී සිදුවන ඇතැම් දේ පිටතින් පෙනෙන පරිදි බොහෝ හානිකර නොවූවත් ගණන් කළ නොහැකි තරමක් දරුවෝ මෙම අවදානම්වලට මුහුණ දීමෙන් මානසික පීඩනයන්ට ලක්වෙති. ඔවුන් මේ ගණන් හිලව් කියන්නේ කොවිඩ් වසංගතය එන්නට පෙර සිදු කළ අධ්‍යයනයන්ට අනුවය. කොවිඩ් නිසා පාසල් වැසීමෙන් පසුව දැඩි වශයෙන් පරිගණක සහ ජංගම දුරකථනවලට ඔවුන් නිරාවරණය වී ඇති බැවින් මෙම අවදානම තවත් කිහිප ගුණයකින් වැඩිව ඇතිවාට සැකයක් නැත. අදටත් කොරෝනා හේතුවෙන් පාසල් යන්නට නොහැකිව සිටින දරුවන් අතරින් ඩිජිටල් පහසුකම් ලබන්නේ සියයට 50ක් පමණයි. කෙසේ වුවද ඔවුහු මෙම අන්තර්ජාල අවදානමට ලක්වෙති.

අන්තර්ජාල අධ්‍යාපනය පිළිබඳ සිංගප්පූරුව විශේෂ වැඩපිළිවෙළක් රජයේ අනුග්‍රහයෙන් යුතුව කරගෙන යයි. එමගින් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමෙන් සෑම දරුවකුටම සමාන පහසුකම් ලබා දෙමින් ඔවුන් තුළ අසමතුලිතතාව බිඳිමින් සියල්ලන්ටම එක හා සමාන පහසුකම් සැලසීම සිදු කරයි. නමුත් ඒ හැකියාව සෑම රටකම නැත.

අද දරුවෝ තම දෙමාපියන්ට වඩා මෙම පරිගණක තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටිති. මාපියන්ට වඩා තාක්ෂණික ඥානයෙන් බෙහෙවින්ම සන්නද්ධ දරුවන් සිටින මෙවන් යුගයක එම වැඩසටහන තුළ දරුවන් අනාරක්ෂිතතාවට නිරාවරණය වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් ද සිංගප්පූරුවේදී ක්‍රියාත්මක වෙයි. එය මාපියන්ට මහත් සහනයකි. මේ තුළින් දරුවන්ට ඩිජිටල් බුද්ධිය වඩවා ගැනීමේ අවස්ථාව ද හිමි වන අතර අනාරක්ෂිත තත්ත්වයන්ට ගොදුරු නොවී සිටීමේ හැකියාවද ලැබේ.
අප කළ යුත්තේ කුමක්ද?

මේ පිළිබඳව විමර්ශෂණය කර ඇති විශේෂඥයන් පවසන්නේ දරුවන්ට මුලින්ම මෙම සයිබර් අවකාශයේ අවදානම් පිළිබඳව මනා අවබෝධයක් ලබා දිය යුතුය. ඕනෑවට වඩා අන්තර්ජාලය තුළ සැරිසැරීමේදී ඔවුන් විවිධ ව්‍යසනයන්ට ලක්විය හැකි බව අවබෝධ කර දිය යුතුය.

ඉහත පෙන්වා දුන් සමීක්ෂණයට අනුව අන්තර්ජාලය තුල cyberbulling නැතහොත් සයිබර් හිරිහැර කිරීම්වලට ලක්වන දරුවන් සියදිවි නසා ගැනීම් ආදී පිළිබඳ සිතීමේ ප්‍රතිශතය ඉතා ඉහළ බවට සොයා ගෙන තිබේ. සයිබර් හිරිහැර කිරීම්වලට සීමාවක් නොමැති අතර එය ඕනෑම ආකාරයකින් සිදුවිය හැකි අතර ඊට ඕනෑ තරම් හානියක් කළ හැකිය. එය ඔබේ දරුවා ඔබ අසල සිටින වියදී ස්මාර්ට් දුරකථනය හෝ online අධ්‍යාපනය ලබන අතරතුර වුවද සිදුවිය හැක්කකි.

නමුත් සතියේ දින හත පුරාම 24 පැයේම දරුවන්ගේ ඩිජිටල් ලෝකය පාලනය කිරීමට මාපියන්ට නොහැකි බවට පිළිගත යුතුය. මාපියන්ට කළ හැකි වන්නේ එවැනි දේ සිදු වීම වැළැක්වීම සඳහා සයිබර් අවකාශය තුල බාධා යෙදීමයි. සමීක්ෂණයට අනුව වාර්තා වූ පරිදි අවුරුදු 10ක් අපි වීමටත් පෙර දරුවන්ට වර්තමානය තුළ ස්මාර්ට් සන්නිවේදන උපකරණයක අයිතිය හිමි වේ. එය හරියට වාහනයක් නිවැරදිව මහමග පදවාගෙන යා නොහැකිව බලපත්‍රය දුන්නා වැනිය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් lockdown දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීමත් සමඟ ඔවුන් ඩිජිටල් තිර මත ගතකරන කාලය දෙගුණයකින් පමණ වැඩි වී ඇත. ඉස්සර ඔවුන් පරිගණක, රූපවාහිනිය හෝ ජංගම දුරකථන වීඩියෝ ක්‍රිඩා වැනි දේ සඳහා ඩිජිටල් තිර ළඟට ආවේ පාසල් වේලාවෙන් පසුවය. බොහෝ විට අමතර පන්ති, ක්‍රීඩා පුහුණුවීම් අදි බාහිර වැඩවලින්ද අනතුරුවය. දැන් ඔවුන්ට පාසල් අධ්‍යාපනය ද බොහෝ විට ඔන්ලයින් හරහා ලැබෙන නිසාත් ඔවුන් තම විනෝදාස්වාද වැඩත් අධ්‍යාපන වැඩත් දෙකම ඩිජිටල් තිරය ඉදිරියේ සිට කරන තත්ත්වයක් ඇත.

කෙසේ වුවද සයිබර් අවකාශය තුළ කටයුතු කිරීමේදී ඇතිවෙන ආතතීන් දුරලීමට විවිධ ව්‍යායාම් ආදිය සිදු කළ යුතු බව අද පෙනී ගොස් තිබේ. ව්‍යායාම පමණක් නොව ඔවුන්ගේ මෙම ඩිජිටල් ආශ්‍රිත චර්යා පාලනය කිරීමට ඔවුන් තිර ඉදිරියේ ගත කරන කාලය අඩු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුව තිබේ. ඒ සඳහා අනුගමනය කෙරෙන උපක්‍රම රටින් රටකට මෙන්ම සමාජයෙන් සමාජයටද වෙනස් වියහැකිය. දරුවන් වෙනුවෙන් සැකසූ සයිබර් අධ්‍යාපන ක්‍රමවේද තුළ මෙම මානසික ව්‍යායාම සඳහා අවකාශ ලබා දේ.එහෙත් මෙවැනි ක්‍රමවේද පිළිබඳව තවමත් ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනඥයින් සහ ගුරුවරුන්ට දැනුමක් නැත. මෙය වඩාත් දියුණු මට්ටමකට පත්වුවහොත් දරුවන්ට තම සයිබර් අවකාශය තුළ හැසිරීමේදී ස්වයං පාලනයකට නතු කර ගැනීමට ද උපකාරී වේ.

අපට අවශ්‍ය වන්නේ ආචාරශීලී, සදාචාර සම්පන්න සයිබර් අවකාශයකි. ඒ තුළ අපගේ දරුවන් ආරක්ෂිත වනු ඇත. එහෙත් අවාසනාවකට අපට ඇත්තේ එවැනි සයිබර් අවකාශයක් නොවෙයි. කිසිදු පාලනයකට යටත් නොවන මෙම සයිබර් අවකාශය තුල ඔබේ දරුවා ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම පියවරක්ම අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම තුළ ඔබේ දරුවා සයිබර් ලෝකය තුළ අතරමං වීම වළක්වා ගත හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කොවිඩ් සමාජගත වුණා යයි සලකා ඉදිරි පියවර ගන්න”

Next Post

20 ගැන විවාදය ලබන 21 සහ 22 වන දිනවල දී

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.