බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 තමිල්නාඩුවේ ‘ද්‍රවිඩ දැවැන්තයින්’ බිම ඇද දමමින් තලපති විජේ ඓතිහාසික ජයකට සැරසෙයි!

by editor
මැයි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, සුපිරි නළු විජේගේ ‘තමිල්ග වෙට්‍රි කසාගම්’ (TVK) පක්ෂය එම්.කේ. ස්ටාලින්ගේ DMK සහ EPS ගේ AIADMK යන ප්‍රබල ද්‍රවිඩ පක්ෂ අභිබවා යමින් ඓතිහාසික ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටී.

මෙය පූර්ව මැතිවරණ තක්සේරු කණපිට හැරීමකි. බොහෝ විට විජේ  මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස මතුවනු ඇතැයි මැතිවරණ විචාරකයෝ ඊයේ වනතුරුත් සිය පුරෝකථනය පල කළහ. එහෙත්  දැනට නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 100කට අධික සංඛ්‍යාවක ඉදිරියෙන් සිටින TVK පක්ෂය, තනි පක්ෂයක් ලෙස තමිල්නාඩු සභාවේ බහුතරය වන ආසන 118 සීමාව කරා වේගයෙන් ළඟා වෙමින් පවතී.

දේශපාලන විචාරකයින් පවා මවිතයට පත් කරමින් විජේ ලබා ඇති මෙම ජයග්‍රහණය තමිල්නාඩුව තුළ විශාල දේශපාලන භූමිකම්පාවක් ඇති කිරීමට සමත්ව තිබේ. පක්ෂ කාර්යාල ඉදිරිපිට ජයග්‍රාහී හඬ දසත පැතිර ගියද, මෙම ජයග්‍රහණයේ නියමුවා වන විජේ තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම කාගේත් අවධානයට ලක්ව ඇති කරුණකි.

විජේ තවමත් නිහඬයි

තමිල් සිනමාවේ බොහෝ චිත්‍රපට පළමු අර්ධය සාර්ථක වුවද දෙවන අර්ධය අසාර්ථක වන ‘දෙවන අර්ධයේ සින්ඩ්‍රෝමය’ (Second Half Syndrome) දේශපාලනයේදී තමාට අදාළ කර නොගැනීමට විජේ ප්‍රවේශම් වන බවක් පෙනෙන්නට තිබේ. මැතිවරණ කොමිසමේ නිල සහතිකය ලැබෙන තෙක් ඔහු සිය සුපුරුදු ‘නිහඬ ප්‍රතිපත්තිය’ රකිමින් සිටින බව පෙනේ.

මෙම තීරණාත්මක මොහොතේ විජේගේ සමීපතමයින් සහ පවුලේ සාමාජිකයින් ආගමික වතාවත්වල නිරත වෙමින් සිටිති. ඔහුගේ පියා වන ප්‍රවීණ සිනමාකරු එස්.ඒ. චන්ද්‍රසේකර් තිරුත්තනි මුරුගන් කෝවිලේ ආශිර්වාද ලබා ගත් අතර, අද දින උපන්දිනය සමරන විජේගේ සමීපතම මිතුරියක වන නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් තිරුපති කෝවිලේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු විජේගේ නීලංකරායි නිවසට පැමිණීම මාධ්‍ය අවධානයට ලක් විය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කලඑලි බහින්න සුබ නැකතක් එන තුරු සිටිනවා ද?

විජේගේ නිවස තුළ පවතින්නේ උත්සව සිරියකි. පක්ෂයේ සංකේතය වන ‘විස්ල්’ නාදය නිවස පුරා රැව් දෙන අතර, එය සිනමා ශාලාවක ප්‍රථම දර්ශනයක් (FDFS) නරඹන උද්‍යෝගිමත් වාතාවරණයකට සමාන බව දිස්වෙමින් ඇත. එහෙත් විජේ තවමත් නිහඬය. ඔහුගේ කළමනාකරු ජගදීෂ් සහ ජ්‍යොතිෂවේදියෙකු නිවසට පැමිණෙනු දක්නට ලැබුණු අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජයග්‍රාහී ගමන ආරම්භ කිරීමට සුබ මොහොතක් එනතෙක් ඔහු රැඳී සිටින බවය.

2024 පෙබරවාරි මාසයේදී පක්ෂය පිහිටුවූ දා සිට විජේ මාධ්‍ය මගහැරීමේ උපායමාර්ගයක් අනුගමනය කළේය. ඔහු සාම්ප්‍රදායික මාධ්‍ය සාකච්ඡා වෙනුවට දැවැන්ත ජන රැලි හරහා සෘජුවම ජනතාව ඇමතීමට ප්‍රමුඛතාව ලබා දුන්නේය.

ජනප්‍රිය නළු එම්.ජී.ආර්. පවා මෙවැනි දේශපාලන පෙරළියක් කිරීමට වසර ගණනාවක් මහජන සබඳතා පැවැත්වූ නමුත්, විජේ සිය නිහඬ විප්ලවය හරහා ඉතා කෙටි කලකින් තමිල්නාඩු රාජ්‍යයම මවිතයට පත් කර තිබේ.

දැන් මුළු ඉන්දියාවම බලා සිටින්නේ විජේ සිය නිහඬතාව බිඳ දමමින් ජයග්‍රාහී කතාව පවත්වන්නේ කවදාද යන්න පිළිබඳවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් හෝමුස්වල සිරවී ඇති නෞකා බේරාගන්න “මානුෂීය මෙහෙයුමක්” අරඹයි… හෝමුස්වල දැන් වෙන දේ කියවන්න…

Next Post

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු උත්කර්ෂවත් රාජ්‍ය ගෞරව මැද උණුසුම්ව පිළිගනී!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.