ඉරිදා, ජූනි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාත්තා මාරාන්තික උපවාසයක… ගම්මන්පිල කළ හෙළිදරව්ව සනාථ කරමින් සලේ ගේ පුතා මාධ්‍යයට කියයි!

by editor
ජූනි 7, 2026
in පුවත්
suresh-kushal

suresh-kushal

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය – 

සිය පියා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  ගේ පුත් කුෂාල් සලේ  අද මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය.

අද (2026 ජූනි 07  ඉරිදා) දින   කුෂාල් සලේ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  වෙත ගොස් සිය පියා  බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තම පියා දින 100කට වැඩි කාලයක් රඳවා තබාගෙන සිටින බවය.  පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට ඔහු කිසිදු ආහාරයක්, ජලය හෝ වෙනත් කිසිදු ආකාරයක කෑමක් ගැනීම ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයක නිරත වන බවත් හෙතෙම තහවුරු කළේය.

මෙම උපවාසයේ ප්‍රධානතම අරමුණ වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බල කිරීම සහ රහස් පොලිස් (CID) පරිශ්‍රය තුළ තම පියාට  “බල්ලෙකුට මෙන්” සැලකීම හේතුවෙන් විඳීමට සිදුවූ කුරිරු සහ අමානුෂික අත්දැකීම  පිළිබඳව ඔහු විසින් ලෝකයට  අවධාරණය කිරීම සඳහා කුෂාල් පැවසුවේය.

ජනාධිපති කොමිෂන් සභා වාර්තා, එෆ්.බී.අයි (FBI) වාර්තා සහ චැනල් 4 නාලිකාවට අදාළව සිදුකළ පරීක්ෂණ ඇතුළු අනෙකුත් විමර්ශන වාර්තා මෙන්ම ඉමාම්ගේ වාර්තාව ද ඇතුළුව බහුවිධ වාර්තා මඟින් තම පියාගේ නිර්දෝෂීභාවය පැහැදිලිවම තහවුරු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය සතියේ පැවැති අධිකරණ විභාගයේදී, විනිසුරුවරයාගේ ඉල්ලීම පරිදි  සුරේෂ් සලේ  ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කර තිබිණි. අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාව මඟින් සුරේෂ් සලේ මානසික වධහිංසාවලට ලක්ව ඇති බවත්, අතිශයින්ම අමානුෂික අයුරින් ඔහුට සලකා ඇති බවත් හෙළි කර ඇත.

RelatedPosts

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් ටිල්වින් සිල්වා සමාව ගනී!

මේ සතිය තුළදී විනිසුරුවරයා මෙම කරුණ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙනු ඇතැයි සුරේෂ් සලේ ගේ පුත් කුෂාල් සලේ  අපේක්ෂා කරයි. තම පියාව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ ලෙස වරදකරු කිරීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සියලු පාර්ශ්වයන්ට සාධාරණය ඉටු වන පරිදි නිසි සහ සාධාරණ අයුරින් සිදු කිරීම ප්‍රධාන ඉල්ලීම බව ඔහු අවධාරණය කළේය.

මේ සිද්ධිය සම්බන්ධව මුලින්ම රටට අනාවරණය කරනු ලැබුවේ  උදය ගම්මන්පිල විසිනි. සලේ ගේ පවුලේ අයගේ ඉල්ලීම පිට ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ගම්මන්පිල ප්‍රකාශ කළේ සුරේෂ් සලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී නින්දිත ලෙස සලකා ඇති බවය.  සිකුරාදා රාත්‍රියේ බත් හැන්දක් රාබු හොදි සමග පත්තර කඩදාසියකට එලා බිමට දමා කෑමට දුන් බව ද මෙවැනි නින්දිත අපහාසවලට එරෙහිව මරණය දක්වා උපවාසයක්  සලේ ආරම්භ කර ඇති බව ද ගම්මන්පිල කීවේය.  සලේ ඖෂධ ද ප්‍රතික්ෂේප කරමින් මරණය දක්වා උපවාසයට අරඹා ඇති බව ගම්මන්පිල කීවේය.

ඊට පිළිතුරු ලෙස පොලිසිය පැවසුවේ එය සම්පූර්ණ අසත්‍යයක් බවය. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කිවේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව කිසිම අමානුෂික ප්‍රතිචාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු වී නැති බවය. එය සම්පූර්ණයෙන්ම බොරුවක් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කීවේය.

අවසාන වශයෙන් අධිකරණය ඉදිරියේ ඇති කටයුත්තක් සම්බන්ධව මීට වඩා වගකීම් සහගතව කටයුතු කරන ලෙසද පොලිසිය ගම්මන්පිලට දැනුම් දුන්නේය. දැන් සුරේෂ් සලේ ගේ පුත් කුෂාල් සලේ ගම්මන්පිල හෙළි කළ කතාව තහවුරු කරමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් නිකුත් කර ඇත

මේ කතාවත් කියවන්න…

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

Related Posts

පුවත්

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

ජූනි 7, 2026
පුවත්

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජූනි 7, 2026
Niroshan_ D
පුවත්

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ජූනි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-kushal

තාත්තා මාරාන්තික උපවාසයක… ගම්මන්පිල කළ හෙළිදරව්ව සනාථ කරමින් සලේ ගේ පුතා මාධ්‍යයට කියයි!

ජූනි 7, 2026

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

ජූනි 7, 2026

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජූනි 7, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • ‘වෙලේ සුදා’ ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තාත්තා මාරාන්තික උපවාසයක… ගම්මන්පිල කළ හෙළිදරව්ව සනාථ කරමින් සලේ ගේ පුතා මාධ්‍යයට කියයි!
  • මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!
  • ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.