අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප නැවතත් අනතුරක ද?… ගිනි පෙනෙල්ලෙන් බැට කෑ උන් කණාමැදිරි එළියටත් බය ය !

by editor
මැයි 11, 2026
in පුවත්
rain
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) අලුයම 5:30 ට නිකුත් කළ   නිවේදනය මගින්  ප්‍රකාශ කළේ ඒ  වන විට දිවයිනට ආසන්නව පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇති  බවය. මෙම තත්ත්වය ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) දත්තයන් සමඟ ද සැසඳුනේය.

නිවේදනය නිකුත් කර පැය 08ක් ගතවුනේ  නැත.  අද පස්වරු 2:00 ට නිකුත් කරන ලද නවතම නිල කාලගුණ අනාවැකිය එම දෙපාර්තමේන්තුව විසින් සනාථ කළේය.  මේ වනවිට  ශ්‍රී ලංකාවට ආසන්නව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය දැන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම වායුගෝලීය පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි දින කිහිපය සඳහා වන කාලගුණ අනාවැකිය:

  • දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
  • බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.
  • විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාතමේන්තුව  අද උදේ වාර්තා කළේ    ඉන්දීය සම්මත වේලාවෙන් අලුයම 5:30 වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ඔබ්බෙන් අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවය. මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ වඩාත් පැහැදිලිව වර්ධනය විය හැකි වුවද, එය වහාම පීඩන අවපාතයක් හෝ සුළි කුණාටුවක් දක්වා වේගයෙන් තීව්‍ර වීමේ සෘජු ලකුණු දැනට පෙන්නුම් නොකරන බව ඉන්දියාව පැවසුවේය. .

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට අවධාරණය කෙරේ. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු ප්‍රදේශ සඳහා මෙතෙක් විශේෂ නිවේදනයක් නිකුත් කර නැතත්, කලාපීය විශ්ලේෂණ අනුව බෙංගාල බොක්ක සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 35-55 දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං සහ රළු මුහුදු ස්වභාවයක් පැවතිය හැකිය. එබැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු අතර ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අප නැවතත් අනතුරකද?

අද  සවස 2ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන මත පදනම්ව නම්  මෙය මීට පෙර සිදු වූ මහා පරිමාණ සුළි කුණාටු හෝ දරුණු ව්‍යසනකාරී තත්ත්වයන් වැනි ක්ෂණික අනතුරක් ලෙස සලකා බිය විය යුතු නැත. වර්තමාන පද්ධතිය පීඩන අවපාතයක් හෝ කුණාටුවක් නොවේ. එය  වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයක් ලෙස පමණක් කාලගුණ විද්‍යාඥයින් විසින්  වර්ග කර ඇත.

එමෙන්ම විද්‍යාත්මක දත්ත  අනුව  ඉදිරි පැය 48 තුළ මෙය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ (Cyclogenesis) සෘජු ලකුණු නොමැත.   , පුරෝකථනයන් පෙන්වා දෙන්නේ රට පුරා සිදුවන මහා පරිමාණ ගංවතුරකට වඩා පවතින මෝසම් වැසි තත්ත්වය තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවය.

කෙසේ වෙතත්, ප්‍රාදේශීයව ඇති විය හැකි තද වැසි, තද සුළං සහ රළු මුහුද හේතුවෙන් වෙරළබඩ, පහත්බිම් සහ ධීවර ප්‍රජාවට යම් මධ්‍යස්ථ අවදානමක් පවතී. මෙය මෝසම් කාලයට පෙර මෙම කලාපයේ සිදුවන සාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් වන අතර බලධාරීන් මේ පිළිබඳව නිරන්තර නිරීක්ෂණයෙන් පසුවේ.

මේ විශ්ලේෂණය තවන මොහොතේ තත්ත්වයන්ට අදාලය. මක්නිසාද යත්  කාලගුණ තත්ත්වයන් ඕනෑම මොහොතක වෙනස් විය හැකි බැවිනි.  නිල පුවත් නාලිකා ඔස්සේ නිකුත් කරන නවතම තොරතුරු පිළිබඳව අවධානයෙන් සිටින්න්.   ආරක්ෂිතව සහ සූදානමින් මෙන්ම අවදියෙන් පසුවන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැඳවන ඕන වෙලාවක පරීක්ෂණවලට එනවා… නිර්දෝෂී භාවය ඔප්පු කළ හැක්කේ පරීක්ෂණවලට මුහුණ දීමෙන් පමණයි… නාමල් කියයි!

Next Post

දෙණියායම බිය කර බුරුතු පිටින් පොඩි උන් ලෙඩ කළ වෛරස් රෝගයේ කතාව….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.