ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ භාරදෙන ලදී.
ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ලෙස ද කටයුතු කරයි.






