බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

by editor
ජූලි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්තව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරිවල නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය (Sri Lanka Aviation Unit), අතිශය අවදානම් සහගත සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) සාර්ථකව නිම කර තිබේ.

2026 ජුනි මස 30 වන දින ක්‍රියාත්මක වූ මෙම  මෙහෙයුම මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් සතු විශිෂ්ඨ වෘත්තීය නිපුනත්වය සහ නිර්භීතභාවය ලෝකය හමුවේ යළිත් වරක් ප්‍රදර්ශනය විය.

සිදධිය පෙළ ගැසනේනේ මෙසේය. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ‘අම් ඩැෆොක්’ (Am Dafok) ප්‍රදේශයේ සාමසාධක රාජකාරි මුරසංචාරයක නිරතව සිටි සැම්බියානු බලඇණියේ සෙබළුන් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. මෙම ප්‍රහාරය හේතුවෙන් සැම්බියානු සෙබළුන්, සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් බරපතළ ලෙස තුවාල ලැබූහ.

තත්ත්වය දරුණු වෙද්දී, තුවාල ලැබූවන් මුදාගැනීම සඳහා ප්‍රථමයෙන් පකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක විය. ඒ අනුව, සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා (Force Commander) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම භයානක ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය වෙත පවරනු ලැබීය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ගුවනේ දී ප්‍රතිකාර කරමින්….

තත්ත්වයේ බරපතළකම වටහාගත් ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන්  ආසිරි පතිරගේ ඇතුළු කාර්ය මණ්ඩලය, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ද නොතකා වහාම ක්‍රියාත්මක විය. ගෲප් කපිතාන් ආසිරි පතිරගේ ප්‍රධානත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තුගේ සහය නියමු දායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානය එදින පෙරවරු 07:30 ට බ්‍රියා (Bria) ගුවන් තොටුපොළෙන් ගුවන්ගත කෙරිණි.

මෙම කණ්ඩායමට ගුවන් ඉංජිනේරු ලෙස බලපංති සැරයන් හෙට්ටිආරච්චි ටී.එස්, ලෝඩ් මාස්ටර් ලෙස බලපංති සැරයන් මනෝජ් ඒ.ජී.ජී සහ ගුවන් අවිකරුවන් ලෙස කෝප්‍රල් විජේතුංග ඩබ්.එම්.පී.පී සහ නායක ගුවන් භට අබේසිංහ ජී.ඩී කටයුතු කළහ. යානය තුළ සිටි ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායමට (AMET) ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යාදීෂ රත්නසිරි, බලලත් නිලධාරි ඩී.එම් සුමතිපාල සහ බලපංති සැරයන් කේ.පී.ඩී රුවන්කුමාර යන නිලධාරීහු ඇතුළත් වූහ.

මුලින් අතිරේක සෙබළුන් පිරිසක් රැගෙන යාමට සැලසුම් කර තිබුණද, සටන් පවතින කලාපයේ තත්ත්වය වේගයෙන් දරුණු අතට හැරීම හේතුවෙන්, ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නියෝගය පරිදි සෘජුවම සටන් බිම වෙත යානය පියාසර කරවීමට නියමුවෝ තීරණය කළහ.

ගුවනේ දී ප්‍රතිකාර කරමින්…

ඒ අනුව, පැය දෙකයි විනාඩි දහයක අඛණ්ඩ පියාසර කාලයකින් පසු, යානය සතුරු ප්‍රහාර එල්ල වන අතිශය අනතුරුදායක සටන් කලාපයට ළඟා විය. හෙලිකොප්ටර් යානය ගොඩබැස්වීම පවා අතිශයින් අනාරක්ෂිත වූ අතර, සතුරන් කුමන ස්ථානයක සිට ප්‍රහාර එල්ල කරන්නේද යන්න අවිනිශ්චිතව පැවතිණි. කරුණු එසේ වුවත් තම ජීවිත අවදානම පසෙකලා ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්, යානයේ එන්ජිම පණගන්වා තිබියදීම (With engines running) ඉතා කෙටි කාලයක් තුළ තුවාල ලැබූවන් 14 දෙනෙකු යානයට නංවාගෙන වහාම එම ප්‍රදේශයෙන් නික්මීමට සමත් වූහ. ගුවන් ගමන පුරාම යානය තුළ සිටි ශ්‍රී ලාංකික ගුවන් වෛද්‍ය කණ්ඩායම (AMET), සීමිත ඉඩකඩ සහ වෛද්‍ය පහසුකම් මධ්‍යයේ වුවද, තුවාලකරුවන්ගේ ජීවිත ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට  සටනක නිරත වූහ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හදිසි මෙහෙයුමකදී තුවාලකරුවන් 14 දෙනෙකු සාර්ථකව මුදාගත් පළමු අවස්ථාව ලෙස මෙය එක්සත් ජාතීන්ගේ වාර්තා පොත් අතරට එක්වේ.

ස්වකීය ජීවිත ආරක්ෂාවට වඩා මානුෂීය මෙහෙයුමට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් දැක්වූ මෙම විශිෂ්ඨ නිර්භීතභාවය සහ වෘත්තීය නිපුනත්වය එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ (Force Commander) ඉහළම ඇගයීමට ලක්ව ඇත. මෙමඟින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායන් සතු විශ්වසනීයත්වය සහ කීර්ති නාමය නැවත වරක් ඉහළින්ම තහවුරු වී තිබේ.

Share69Tweet43
Previous Post

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

Next Post

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.