බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

RMV ඉහළම නිලධාරීනුත් සම්බන්ධවී සල්ලිවලට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරමක… ඇතැම් ඉහළ නිලධාරීන්ගේ සතියක ආදායම ලක්ෂ 25ක්…. දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි!

by editor
නොවැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නම් කර ඇති අති විශේෂ අවස්ථාවලදී හැරුණු විට  QR ඛේතය සහිත  කාර්ඩ්පවල රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු නොකර තිබෙද්දී  තැරැව් කරුවන් පිරිසක් හසුරුවමින් ඔවුන් හරහා පැමිනෙන පුද්ගලයන්ගෙන් මුදල්  ලබාගෙන   රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරමක් පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙලිදරව් කරයි.

දෙපාර්තමේන්තුවේ ඉහළම තැන්වල දැනුවත්  සැලසුම් මත අභ්‍යන්තර නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන මෙම ජවාරමේ දී රියදුරු බලපත්‍රයක් කාර්ඩ්පතක මුද්‍රණය කරගැනීම සඳහා රුපියල් 3000 -5000 මුදලක් එක් පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා බවත් එම ආරංචි මාර්ග පවසයි.

මේ ජාවාරම වෙනුවෙන්ම දෙපාර්තමේන්තුවේ එක්තරා කාන්තාවක් සියලුම වගකීම්වලින් නිදහස් කර අංක 16 දරන කවුළුවේ රාජකාරිය සඳහා යොදවා ඇති බව ද වාර්තා වේ.

ඇය විසින් සිදුකරන්නේ තැරැව්කරුවන්, රියදුරු පුහුණු පාසල්වල හිමිකරුවන්   දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර සේවකයින් විසින්    රියදුරු බලපත්‍ර මුද්‍රණය කරගැනීම සඳහා මුදල් ලබාගෙන  ගෙන එන ගැනුම්කරුවන්ගේ  නාම ලේඛණය ලයිස්තුගත කර අදාල මුදල්  ගනුදෙනු  විධිමත් කිරීම බවත් දැනගන්නට ඇත.

දිනකට මේ ආකාරයෙන් හොරපාරෙන් මුද්‍රණයවන  රියදුරු බපලත්‍ර හත්සියයක් පමණ ප්‍රමාණයක් වන බවත්  ජාවාරම් කරුවන් මේ හරහා  දිනකට එකතුකරගන්නා  සමස්ථ මුදල රුපියල් ලක්ෂ 20 සිට ලක්ෂ 30 දක්වා අගයක්  තුළ දෝලනය වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණ  ජාවාරම සිද්ධ වන්නේ ගැනුම්කරුවෙකුගෙන් අය කරගන්නා මුදලින් තුනෙන් එකක් තැරැව්කරුවෙකුට  යන ආකාරයට  බවත් මේ පසුපස සිටින දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත සෑම ගැනුම්කරුවෙකුගෙන්ම ලැබෙන මුදලින් තුනෙන්  දෙකක්  පමණ ලැබෙන බවද එම ආරංචි මාර්ග කියයි.

රියදුරු බලපත්‍ර QR කේතය සහිත කාර්ඩ්වල මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවේ එම කාර්ඩ්පත් ආනයනය කිරීමට ප්‍රමාණවත් විනිමය රට තුළ  නොමැති අවස්ථාවකය.

එහෙත් විදේශගතවීම් වැනි අවස්ථාවල දී  අත්‍යාවශ්‍ය රියදුරු බලපත්‍ර නියමිත ක්‍රමවේදයක් තුළ මුද්‍රණය ලබා දීම සඳහා ඒ වනවිට ඉතිරවී තිබූ ලක්ෂ පහක පමණ කාර්ඩ්පත් ප්‍රමාණය කළමනාකරණය කිරීමට රජය තීරණය කර තිබිණි.

මේ වනවිට විදේශගතවන පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අවශ්‍යතාවය මත රියදුරු බලපත්‍ර මුද්‍රණය කරමින් ඇති අතර එම ප්‍රමාණය දිනකට උපරිම 300ක සීමාවේ පැවතිනි.

මේ තත්ත්වය තුළ ඇතිවූ පාලනය හේතුවෙන්   රියදුරු බලපත්‍ර කාර්ඩ්පත් ලබා ගැනීම සඳහා ලක්ෂ 09ක පමණ පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටිති.

මේ මොහොතේ රියදුරු බපලත්‍ර මුද්‍රණය කර ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවය මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින් පිරිසක් සංවිධානය කර ඇත කල්ලියක් විසින් එය මහා ධනෝපායන මාර්ගයක් බවට පත් කරගෙන ඇති ආකාරය අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් හෙලි කරයි.

මේ ජාවාරම හරහා දෙපාර්තමේන්තුවෙ සමහර ඉහළ නිලධාරීන් සතියකට ලක්ෂ 25ක පමණ මුදලක් උපයා ගන්නා බවත් වාර්තා වේ.

එමෙන්ම මෙම ජාවාරම පසුපස සිටින ඇතැම් නිලධාරීන් තමන්ට ලැබෙන ස්ථාන මාරුවීම්වලට එරෙහිව නඩු කියමින් ආයතනය තුළම රැඳි සිටීමට බරපතල උත්සාහයක් දරන බවද  දැනගන්නට ඇත.

මේ සම්බන්ධව මුල් අවස්ථාවේ මාධ්‍යවලින් හෙළිදරව් වීමත් සමග යම් පමණකට පාලනය වී තිබුණ ද යළිත් ජාවාරම පෙරටත් වඩා සංවිධානාත්මකව ආරම්භ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කිළිනොච්චියේ දී පොලිසියට වෙන වැඩේ… පැමිණිල්ලක් විභාග කරන්නට ගියවිට අපරාධකරු පොලිස් නිලධාරියගේ යතුරුපැදියට ගිනි තියලා!

Next Post

සාලිය පීරිස්ගෙන් ජනපතිට උත්තරයක්! මා ඔබ වගේ නොවෙයි… මා කවදාවත් ප්‍රතිපත්ති පුද්ගලික වාසියට තනතුරු කෑදරකමට පාවා දී නෑ…. 

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.