සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන වරායක සිටි පැමිණ චීන තෙල් නැවක් ඇමරිකානු නාවිකය හමුදා යළි හරවා යවයි!…

by editor
අප්‍රේල් 15, 2026
in පුවත්
RICH STARRY නෞකාව...

RICH STARRY නෞකාව...

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා දෙවැනි අවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තු දැල්වෙමින් තිබියදී  චීනයට සම්බන්ධතා ඇති Rich Starry තෙල් ප්‍රවාහන නෞකාව පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටවීමට ගත් උත්සාහය ඇමරිකානු නාවික හමුදාව විසින් අද(15) ව්‍යර්ථ කර ඇත.

චීනය සමඟ සබඳතා පවතින ‘රිච් ස්ටැරී’ (Rich Starry) නම් තෙල් ප්‍රවාහන නෞකාව ඇමරිකානු සම්බාධකවලට යටත් වූවක් බව ජත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි.  එම නෞකාව ඉරාන වරායක සිට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණ  පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටවීමට උත්සාහ කළද, අමෙරිකානු නාවික අවහිරය බිඳ දැමීමට නොහැකි වීම නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට යළිත් හරවා යවා ඇති බව  රොයිටර් පුවත් සේවය සහ නාවික දත්ත  හරහා තහවුරු කර තිබේ.

රිච් ස්ටාරි (Rich Starry) නෞකාවේ ඉතිහාසය සහ පසුගිය පැය 24 තුළ එහි හැසිරීම

RICH STARRY
RICH STARRY නෞකාව යළි හැරී ගිය ආකාරය දක්වන දත්ත සටහන…

රිච් ස්ටාරි නෞකාව සිය ගමනාන්තය චීනය ලෙස සටහන් කර තිබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් භාණ්ඩ පටවා ගත් බව ද පෙන්වා දී තිබුණි. කෙසේ වෙතත්  අමෙරිකානු සම්බාධකවලට යටත්ව ඇති ‘රිච් ස්ටාරි’ (Rich Starry) නෞකාව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරය හමුවේ දැඩි අවධානයට ලක් වූ ප්‍රධානතම නෞකාවකි. අනෙක් නෞකාව එල්පිස්’ (Elpis) ය. එම නෞකා දෙකම මේ වනවිට බාධා කිරීම්වලට යටත්ව ඇත.

මලාවි (Malawi) රාජ්‍යයට අයත් ධජය ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කරමින් යාත්‍රා කරන මෙම නෞකාව, අරාබි මුහුද දෙසට යාත්‍රා කරනවා වෙනුවට හදිසියේම උතුරු දෙසට හැරී නැවතත් හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කර ඇති බව Pole Star Global ආයතනයේ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධති (AIS) දත්ත මඟින් තහවුරු වී ඇත. මෙම හැසිරීම මඟින් පෙන්නුම් කරන්නේ අරාබි ගල්ෆ් කලාපයෙන් පිටත ස්ථාපිත කර ඇති අමෙරිකානු නාවික අවහිරය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන බව යැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම නෞකාවේ ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙය දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවය. 2023 වසරේ මුල් භාගයේදී ‘ෆුල් ස්ටාර්’ (Full Star) යන පැරණි නාමයෙන් හඳුන්වනු ලැබූ මෙම නෞකාව, අමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලයේ (OFAC) විශේෂිත සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කරන ලදී. ඊට හේතු වූයේ ෂැංහයි සුවාන්රුන් ෂිපින් (Shanghai Xuanrun Shipping Co.) සමාගම සමඟ පවතින සබඳතා සහ ඉරානයේ සිට පෙට්‍රොකෙමිකල් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට ලබා දුන් සහාය බව වාර්තා වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

එමෙන්ම මෙම නෞකාව සිය ගමන් මඟ සැඟවීම සඳහා AIS දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු සැපයීමේ ඉතිහාසයකට ද හිමිකම් කියන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

ඇමරිකානු මධ්‍යම විධානයේ මෙහෙයුම

අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) තහවුරු  කරන්නේ ඉරානයට එරෙහිව  පසුගිය අප්‍රේල් 13 වැනි සඳුදා සිට ක්‍රියාත්මක වූ අමෙරිකානු නාවික අවහිරය (Naval Blockade)  මේ වනවිට සම්පූර්ණයෙන්ම බලාත්මක කර ඇති බවය.

අමෙරිකානු මධ්‍යම විධානයේ ආඥාපති අද්මිරාල් බ්‍රැඩ් කූපර් (Admiral Brad Cooper) ඊයේ (14)  රාත්‍රියේ ප්‍රකාශයක් කරමින්   පැය 36කට අඩු කාලයකදී ඉරානය වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන සියලුම සාගර වෙළඳ කටයුතු නතර කිරීමට අමෙරිකානු හමුදාවන්ට හැකි වී ඇතැයි කීවේය. අද්මිරාල් කූපර් පෙන්වා දෙන්නේ ඉරාන ආර්ථිකයෙන් 90%ක් පමණ රඳා පවතින්නේ තෙල් සහ ඉන්ධන අපනයනය ප්‍රමුඛ කරගත් මෙම මුහුදු මාර්ග වෙළඳාම මත බවය.

මේ දක්වා අමෙරිකානු නාවික හමුදාව ගුවන් විදුලි පණිවුඩ (Radio Instructions) මඟින් නෞකාවලට උපදෙස් ලබා දී ඇති අතර, නෞකා පරීක්ෂා කිරීමක් හෝ කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී නොමැත. නෞකා අමෙරිකානු නාවික හමුදාවේ නියෝග පිළිපදිමින් යළිත් ඉරාන වරායන් වෙත හැරී ගොස් ඇති බව වාර්තා වේ.

 නෞකා 08ක් හරවා යැවීම: “වෝල් ස්ට්‍රීට් ජර්නල්” පුවත්පතට අනුව, සඳුදා දිනයේ සිට මේ දක්වා Rich Starry නෞකාව ඇතුළු ඉරානයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා 8ක් අමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් නැවත පැමිණි වරාය වෙතම හරවා යවා ඇත. මෙම සියලු නෞකා ගුවන් විදුලි උපදෙස් මත පදනම්ව සිය ගමන් මඟ වෙනස් කර  තිබේ.

මෙම නාවික අවහිරය බලපාන්නේ ඉරාන වරායන් වෙත යන හෝ ඉන් පිටවන නෞකා සඳහා පමණි. අනෙකුත් රටවලට අයත් නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කිරීමට තවදුරටත් අවසර පවතී. අමෙරිකානු මධ්‍යම විධානය සහ ප්‍රධාන ජාත්‍යන්තර පුවත් සේවා තහවුරු කරන පරිදි කලාපයේ නාවික බලය මේ වන විට අමෙරිකාව සතුව පවතින අතර තත්ත්වය ඉතා සංකීර්ණ වෙමින් පවතී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීන රාජ්‍ය තාන්ත්‍රික බලපෑම නේටෝවේ සම්මුතික එකඟා සහ  ප්‍රජාතන්ත්‍රවාදී  මහජන විරෝධය ට්‍රම්ප් වියරුව යටපත්   කරන හැටි…

Next Post

රාජ්‍ය හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය ජනපති සහභාගීත්වයෙන් මහනුවරදී!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.