බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්අඟුරු වංචා සෙවීමට ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්!

ආරම්භයේ සිට 2026 අප්‍රේල් 16 දක්වා සියලු ගනුදෙනු පරීක්ෂාවට!

by editor
අප්‍රේල් 17, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පූර්ණ බලැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබේ.

1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම පියවර ගෙන ඇත. රජයට අයත් සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

කොමිසමේ සංයුතිය

මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පත් කර තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරති. කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පී.වී. බන්දුලසේන පත් කර ඇත.

විමර්ශනයට ලක්වන ප්‍රධාන කරුණු

මෙම කොමිෂන් සභාව වෙත පැවරී ඇති වගකීම් සහ විමර්ශන පරාසය මෙසේය:

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

  • ප්‍රසම්පාදන සහ මූල්‍ය හානිය: ගල්අඟුරු ආනයනයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි සොයා බැලීම සහ එමඟින් රජයට සිදුව ඇති මූල්‍ය හානිය තක්සේරු කිරීම.
  • ප්‍රමිතිය සහ ක්‍රියාවලිය: අදාළ කාලය තුළ නිසි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සහ ප්‍රසම්පාදන, සැපයුම්, තත්ත්ව පරීක්ෂණ, මෙහෙයුම් සහ උපයෝගීතා ඇතුළු සමස්ත ක්‍රියාවලියම විමර්ශනය කිරීම.
  • ඵලදායීතාව: ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් විදුලි ජනනය කිරීමේදී අපේක්ෂිත ඵලදායී මට්ටමින් එය සිදු වී ඇත්දැයි සොයා බැලීම.
  • නීතිමය සහ ගෙවීම් ගැටලු: ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේදී නෛතික සහ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත්දැයි බැලීම. එමෙන්ම ගිවිසුම්ගත කොන්දේසි කඩවීම් හමුවේ ගෙවීම් අත්හිටුවීම හෝ හානි පූර්ණ ක්‍රියාමාර්ග ගෙන ඇත්දැයි විමසා බැලීම.
  • වගකිවයුත්තන් හඳුනා ගැනීම: අක්‍රමිකතා සිදුවී ඇත්නම් ඒ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරීන්, ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන්, සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීම.
  • අනාගත නිර්දේශ: මෙවැනි අකටයුතුකම් අනාගතයේදී වැළැක්වීම සඳහා අවශ්‍ය සුපිළිපන්න භාවය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කිරීම සහ වාර්තා කිරීම.

මීට අමතරව ගල්අඟුරු ආනයනය සහ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් වාර්තා විය හැකි වෙනත් ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමේ බලයද මෙම කොමිසමට පවරා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණු මුහුදෙන් අද ඇල්ලූ  රුපියල් කෝටි 400ක හෙරොයින් සමඟ මේ වසරේ මේ දක්වා මුහුදින් ඇල්ලූ මත්ද්‍රව්‍යවල වටිනාක කෝටි 29000 පනී…

Next Post

අපක්ෂපාතී විමර්ශනයකට ඉඩ සලසා බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වෙති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.