බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්ථානයට දරුණු ගුවන් ප්‍රහාරයක්… 400ක් මරුට!

by editor
මාර්තු 17, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපෙක්ෂා උඩුවැරැල්ල- 

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400 දෙනෙකු මියගොස් තවත් 250 දෙනෙකු තුවාල ලබා ඇති බව තලේබාන් රජය පවසයි.

දෙරට අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මෙලෙස දරුණු ලෙස උත්සන්න වී ඇත්තේ චීනය මැදිහත් වී සාම සාකච්ඡා සඳහා කළ ඉල්ලීමෙන් පැය කිහිපයකට පසුවය.

කෙසේ වෙතත්, පාකිස්ථානය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ සඳුදා රාත්‍රියේ තමන් ඉලක්ක කළේ ත්‍රස්තවාදීන්ගේ හමුදා මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් පමණක් බවයි.

විනාශ වී ගිය රෝහල

විනාශ වූ රෝහල සහ ඇසින් දුටු සාක්ෂි

තලේබාන් රජයේ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රාත් පවසන පරිදි, සඳුදා රාත්‍රී 9.00ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රජය මගින් පාලනය වන ‘ඔමිඩ්’ (Omid) රෝහලටය. ඇඳන් 2,000කින් සමන්විත මෙම මධ්‍යස්ථානය 2016 වසරේ සිට ක්‍රියාත්මක වූවකි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමට අමතරව, ඔවුන් නැවත සමාජගත කිරීම සඳහා වඩු කර්මාන්තය සහ ඇඳුම් මැසීම වැනි වෘත්තීය පුහුණුවීම් ද මෙහි ලබා දී තිබුණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ප්‍රහාරයෙන් රෝහලේ විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගොඩනැගිලි සුන්බුන් බවට පත්ව තිබේ. ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ සුන්බුන් අතර රෝගීන් භාවිත කළ ඇඳන්, ඇතිරිලි සහ පෞද්ගලික ද්‍රව්‍ය විසිරී තිබූ බවත්, පසුදා උදෑසන වනතුරුත් මළ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවත්ය.

“මම එතනට යනකොටත් හැමතැනම ගිනි ගන්නවා, මිනිස්සු පිච්චෙනවා මම දැක්කා. සුන්බුන් අස්සේ තවත් මළ සිරුරු තියෙනවා කියලා මට පණිවිඩයක් ලැබුණා” යැයි ගිලන්රථ රියදුරෙකු වූ හාජි ෆහීම් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

පාකිස්ථානයේ ස්ථාවරය

කෙසේ වෙතත්, පාකිස්ථාන තොරතුරු හා ප්‍රචාරක අමාත්‍යාංශය මෙම මරණ සංඛ්‍යාව සහ රෝහල් ප්‍රහාරය පිළිබඳ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ ඇෆ්ගන් තලේබාන්වරුන් ප කරුණු විකෘති කරන බවයි. තමන් ඉලක්ක කළේ පාකිස්ථානයට එරෙහිව ත්‍රස්ත ක්‍රියා මෙහෙයවන තලේබාන් සටන්කාමීන්ගේ අවි ගබඩා සහ සන්නිවේදන මධ්‍යස්ථාන පමණක් බව පාකිස්ථානය අවධාරණය කරයි. සිවිල් වැසියන්ට හානි නොවන පරිදි ඉතා නිවැරදි ඉලක්ක වෙත මෙම ප්‍රහාරය එල්ල කළ බව ඔවුන්ගේ ස්ථාවරයයි. 

ඇෆ්ගන් ක්‍රිකට් තරු විරෝධය පල කරයි

මෙම දරුණු ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සිය දැඩි පිළිකුල සහ විරෝධය පළ කර ඇත. රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබි වැනි ලොව සුපතල ක්‍රීඩකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, අසරණ රෝගීන් සිටින රෝහලක් ඉලක්ක කර මෙවැනි ප්‍රහාර එල්ල කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි මානුෂීය ඛේදවාචකයක් බවයි. අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත බිලිගන්නා මෙවැනි ක්‍රියා වහාම නතර කරන ලෙසත්, ලෝක ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කලාපීය අර්බුදය

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු ආසියානු ඉස්ලාමීය රටවල් දෙක අතර පවතින ගැටුම සමනය කිරීමට මැදිහත් වීමට සූදානම් බව චීනය ප්‍රකාශ කර පැය කිහිපයකට පසුවය. කිලෝමීටර් 2,600ක දේශසීමාවක් බෙදා ගන්නා මෙම අසල්වැසියන් අතර පසුගිය මාසයේ සිට ආරම්භ වූ ගැටුම, ඉතිහාසයේ දරුණුතම යුදමය වාතාවරණය දක්වා වර්ධනය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත රිචඩ් බෙනට් ද මෙම ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ ජාත්‍යන්තර නීතිවලට ගරු කරමින් රෝහල් සහ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට දෙපාර්ශවයම වගබලා ගත යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහාය නොදෙන මිතුරන්ට ට්‍රම්ප්ගෙන් සැර ප්‍රහාරයක්: “අපට කාගේවත් උදව් ඕනෑ නැහැ”

Next Post

ඉන්ධන සංචිත පවතින දින වකවානු ඇමති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.