බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NPP මැරයො අපේ ගම්පහ කාර්යාලය බලහත්කාරයෙන් අල්ලා ගත්තා… මේ ළදරුවන්ට ඔවුන් ආණ්ඩු බලය අරන් ඉන්න බව කවුරුහරි මතක් කරන්න – පුබුදු ජයගොඩ

by editor
සැප්තැම්බර් 2, 2025
in පුවත්
PUBUDU
Share on FacebookShare on Twitter
  • ඔයාලගේ හෙළුව රටම දැක්කා… මේ කොල්ලය අපි ජාත්‍යාන්තරය දක්වා රැගෙන යනවා… පෙරටුගාමීන් ආණ්ඩුවට මතක් කරයි…

ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ  කාර්යාලය ජාතික ජන බලවේගය (NPP) විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත්  නීතිය අවභාවිතා කරමින් මැරබලය පාවිච්චි කරමින්, දේශපාලනික වශයෙන් පොලිසිය හසුරුවමින් හැසිරෙන මාළිමාවේ හෙළුව රටට පෙනුන බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද චෝදනා කළේය.

අද (2) උදෑසන මැර පිරිසක් තම කාර්යාලයට කඩා වැදී එහි සිටි අයට පහර දී කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කර ගත් බව කී පුබුදු ජයගොඩ පැවසුවේ දේශපාලන පක්ෂයක කාර්යාල කොල්ලකන මේ ළදරු මිනිස්සුන්ට කවුරුන් හෝ ගොස් ඔවුන් ආණ්ඩු    බලය ගත් බව මතක් කර දෙන ලෙසය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජයගොඩ කීවේ මේ ප්‍රශ්නය ජාතිකව මෙන්ම ජත්‍යාන්තරව ද සංවාදයට බඳුන් කිරීමට තමන් සූදානම් බවය. ,

අද උදේ ජනතා විමුක්ති පෙරමුණේ අපි දන්නා හඳුනන පිරිසක් සහ ආන්ඩුවෙ නායකයො… නියෝජ්‍ය ඇමතිවරු ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු, සම්බන්ධීකරණ ලේකම්වරු වගේ පිරිසක් බලහත්කාරයෙන් කඩන් පැනලා අපි අවුරුදු  13ක් තිස්සේ පාවිච්චි කරපු කාර්යාලයට කඩන් වැදිලා දැන් බලෙන් පදිංචි වෙලා ඉන්නවා.

එකක් දැන් අවුරුදු 13ක් තිස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලය විසිහට තමයි යක්කල කිරිඳිවැල පාරේ සල්මල්  පෙදෙසේ තියන මේ කාර්යාලය භාවිතා කළේ.  ඒ ගොල්ල දැන් කියනවා මේ අයට අයිති කාර්යාල මේක කියලා. ඒ අයට අයිතිනම් අවුරුදු 13ක් තිස්සෙ මොනවද කළේ.  මේක අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආණ්ඩු බලය ඉතාම තරශ්චීන ලෙස පාවිච්චි කිරීමක්.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ අය නව ලිබරල් පාරේ යන ගමන් ඒකේ ආකෘතිය විදිහට ජේ.ආර්. ගේ ආකෘතිය තෝරගෙනද දන්නේ නෑ. ජේ.ආර් විවෘත ආර්ථිකය ආපු මුල කාලෙදි  මේ වගේ තමයි වැඩ කළේ. හැබැයි ජේ.ආර්. පෙන්නපු සෙල්ලම් මේගොල්ලන්ට පෙන්නන්න වෙන්නේ නෑ. මොකද රට වැටිලා බංකොලොත් වෙලා ඉන්න අතරේ තමයි මේ සෙල්ලම් පෙන්වන්න යන්නේ. එතකොට මේ චන්ඩිකම් පෙන්වන්න එන්නේ අපිට.

හරිම පැහැදිලියි මේ ආණ්ඩුව හැසිරෙන්නේ හරිම ළදරු විදිහට. ඒ ගොල්ල ආණ්ඩුවක් ගත්තා කියලා කවුරුහරි මතක් කරලා දුන්නා නම් හරි. වෙන දේශපාලන පක්ෂයක කාර්යාලයක් අල්ලනවා කියන්නේ හරිම ළදරු වැඩනේ. හරියට වැඩක් කරගන්න මේ අයට තේරෙන්නේ නෑ කියන එකයි මේ පෙන්වන්නේ.

එ් අය අද උදේ ඉඳලා කිව්වේ රජයේ කාර්යාල සුද්ද කරනවා කියලා. පටන් ගත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයෙන්. මේ ගොල්ලන්ගේ සංවර්ධන වැඩ ඔක්කොම මෙතනින් හිතා ගන්න පුලුවන්.

ප්‍රශ්නෙ තියෙන්නේ මේ ගොල්ල නඩුවක් ගැන කියනවා. නඩුවක් ගැන කියනවා නම් එන්න ඕන අධිකරණ තීන්දුවක්. අධිකරණ තීන්දුව ප්‍රකාශ කරන්න ඕන පිස්කල් නිලධාරියෙක් ඇවිල්ලා. එහෙම නැතිව අධිකරණ ක්‍රියාත්මක කිරීමේ බලයක් විජිත හේරත්ටයි ටිල්වින් සිල්වටයි පැවරිලා තියෙනව ද?. අපි දන්නෙ නැතිව ජේ.වී.පී එකේ මධ්‍යම කාරක සභාව එහෙම තීරණයක් අරන් රටේ අයට කිව්වා නම් හරි අග විනිසුරු ලෙස වැඩ කරන්නේ ටිල්වින් සිල්වා, නීතිපති ලෙස කටයුතු කරන්නෙ විජිත හේරත් කියලා ටිකක් කිව්වා නම් හරි.

අධිකරණ තීන්දුවක් නම් අධිකරණ නිලධාරීන් මගින් ඒක නිරාකාරණය කරගන්නේ නැතිව ඉතාම තුච්ඡ විදිහට ඒකට මැරයො එවලා මැරකම් කරලා වැඩක් නෑ.

අපි සියලු ක්‍රියාමාර්ග ගන්නවා  ජාතික සහ ජාත්‍යාන්තර වශයෙන්. මෙතන පොලිසිය නීතිය නමන්න උඩ ඉඳලම, ආනන්ද විජේපාලගේ ඉඳලම මැදිහත් වෙන බවත් අපි හොඳට දන්නවා. කලින් කිව්වේ නීතියට ඇඟිලි ගහන්නේ නෑ. නීතිය ක්‍රියාවේ යෙදවෙන්න හරිනවා. පොලිසියට ඇඟිලි ගහන්නේ නෑ කියලා. මාලිමා ආණ්ඩුවේ හෙළුව හොඳටම පෙනුනා අද උදේ. මෙන්න මේ ගොල්ල නීතියට අදාලව වැඩ කරන විදිහ. මෙන්න මේ ගොල්ල පොලිසිය සම්බන්ධව වැඩ කරන විදිහ. මෙන්න පොලිසිය දේශපාලන වශයෙන් හසුරුවන විදිහ. මෙන්න නීතිය අවභාවිතා කරන විදිහ. මෙන්න මැර බලය පාවිච්චි කරන විදිහ.

ලංකාවේ විවෘත ආර්ථිකය පටන් ගන්න වෙලාවේ ජේ.ආර් කරපු සෙල්ලමේ දෙවැනි පියවර කරන්න ඒ අය හිතන් ඉන්නවා නම් ඒ ගොල්ලන්ට අබ සරණයි කියලා තමයි අපට කියන්න තියෙන්නෙ. “ පුබුදු ජයගොඩ කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ. යෙන් රට බේරාගන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ හිටපු නාවික හමුදාපති හිරේට යවා නාවික හමුදා බෝට්ටුවකින් ජනපති කච්චතිව් යනවා… නාමල් කියයි!

Next Post

කප්රුක 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.