බ්‍රික්ස් (BRICS) සමුළුවට ජනාධිපතිවරයා සහභාගී වූයේ නම්, රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මීට වඩා යහපත් ප්‍රතිචාරයක් මීට පෙර ලබා ගැනීමට හැකියාව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඊයේ (28) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන්, නුවරඑළිය දිස්ත්‍රික් වතු ශ්‍රමික ප්‍රජා සම්බන්ධීකාරකවරුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි හා සාම විනිසුරු සංවිධානයේ කැඳවුම්කරුවන් පත්කිරීම වෙනුවෙන් මෙම හමුව සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසීය.
“බ්‍රික්ස් සමුළුවට ආරාධනා කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා එය මගහැරියා. එදා ජනාධිපතිවරයා එම සමුළුවට ගියා නම් රුසියාවෙන් තෙල් ලබාගැනීම පිළිබඳව මීට වඩා හොඳ ප්‍රතිචාරයක් කලින්ම ලබාගන්න තිබුණා. එහෙනම් රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවට එනකන් සාකච්ඡා කරන්න බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදීම බලශක්ති ක්ෂේත්‍රය ගැන සාකච්ඡා කරන්න ඉඩ තිබුණා. කොහොම වුණත් ප්‍රමාද වී හෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ගැන සතුටු වෙනවා.”







