බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ විවාදය නියමයි… මෙතෙක් රටට ගෙනා ගල් අඟුරු නැව් 426ක් ගැනම විමර්ශනයක් කරනවා – නඩු පවරන්නත් පියවර: ඇමති නලින්ද ජයතිස්ස!

by editor
අප්‍රේල් 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂය විසින් මතු කරන ගල් අඟුරු නැව් 13 පිළිබඳව පමණක් නොව, 2010 ජූලි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ගෙන්වූ ගල් අඟුරු නැව් 426 පිළිබඳවම විධිමත් විමර්ශනයක් කිරීමට  මේ විවාදයෙන් අනතුරුව  පරීක්ෂණ කමිටුවක් පත් කරන බවත්, අනාගතයේදී මෙවැනි විෂමතා මතු වීම වැළැක්වීමට අමතරව අතීතයේ සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීමට රජයක් ලෙස කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් දූෂණ සහ අක්‍රමිකතා මතු වී ඇති බවට ආණ්ඩුව විවේචනය කළ විපක්ෂයේ කථිකයන්ට දීර්ඝ පිළිතුරක් ලබා දෙමින් ඇමතිවරයා මෙසේ සිය අදහස් දැක්වීය.

වසර 15ක් තුළ සිදුවූ දේ

“ගල් අඟුරු ගෙන්වීම ආරම්භ කළේ අපේ ආණ්ඩුවෙන් නෙමෙයි. එය වසර 15ක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක්. විගණකාධිපති වාර්තාවේ දැක්වෙන ආකාරයටම 2010 ජූලි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා ගල් අඟුරු නැව් 462ක් පැමිණ තිබෙනවා. සාමාන්‍යයෙන් ගල් අඟුරු නැවක ධාරිතාව මෙට්‍රික් ටොන් 60,000ක්. දළ වශයෙන් ගත් කල එවැනි නැවක වටිනාකම ඩොලර් මිලියන 4 සිට 6 දක්වා පරාසයක පවතිනවා. ඉතිහාසය පුරා අවම වශයෙන් ඩොලර් බිලියන දෙකහමාරක පමණ මුදලක් ගල් අඟුරු සඳහා අප ගෙවා තිබෙනවා.

ගල් අඟුරු සැපයුම් වෙනුවෙන් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට අප දැන් පියවර ගෙන තිබෙනවා. පසුගිය වසර 15 පුරාම සිදුවූයේ කුමක්ද? අද මෙම විශ්වාසභංගය ගෙන එන කණ්ඩායම ආණ්ඩු කළ කාලය තුළත් ගල් අඟුරු සැපයීම සිදුවුණා. ලෝකයේ මෙම ටෙන්ඩර් ක්‍රියාවලීන් සහ තත්ත්ව පරීක්ෂණ පැවති නමුත්, වසර 15ක් ගිය පසු අපට සිදු වී ඇත්තේ එම ක්‍රියාවලිය අලුතින් ස්ථාපිත කිරීමටයි.

ඊට හේතුව 2010 සිට 2015 දක්වා කාලය තුළ කිසිදු විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් නොතිබීමයි. සමහර ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වී අතරමග නතර කර, කැබිනට් මණ්ඩල තීන්දු මගින් ටෙන්ඩර් ලබා දුන් අවස්ථා තිබෙනවා. ටෙන්ඩර් කැඳවා ඒවා අවසන් කළ පසු කැබිනට් මණ්ඩලය මැදිහත් වී ටෙන්ඩර් ලබා දුන් ක්‍රමවේදයක් තමයි පළමු වසර පහේ ක්‍රියාත්මක වුණේ. එවැනි තත්ත්වයක් තුළ අද අප කතා කරන ලෝඩ් පෝර්ට් රිපෝට් (Load Port Report) හෝ ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් (Discharge Port Report) ගැන කතා කිරීමෙන් පලක් නැහැ. ප්‍රසම්පාදනය කැබිනට් එකෙන් නතර කර තමන්ට අවශ්‍ය කෙනෙකුට ලබා දිය හැකි නම්, එම වාර්තාවලින් ඇති වැඩක් නැහැ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අධිකරණ තීන්දුව 

මෙම ක්‍රියාවලිය කෙතරම් බරපතළද යත්, 2010-11 සිට 2014-15 දක්වා ප්‍රසම්පාදනයෙන් තොරව කැබිනට් තීන්දු මත සිදු කළ සැපයුම් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වුණා. එහිදී 2015 වසරේ ලබා දුන් SCFR/2015 තීන්දුවේ දැක්වුණේ මෙය ‘අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත් කරන මට්ටමේ ගනුදෙනුවක්’ බවයි. ඒ අනුව එම ටෙන්ඩරය ශූන්‍ය සහ බලරහිත කරන ලදී. පළමු වසර පහ ගතවුණේ ඒ ආකාරයටයි.

ඉන්පසු කාලයේ ස්පොට් ටෙන්ඩර් (Spot Tender) සහ ටර්ම් ටෙන්ඩර් (Term Tender) ක්‍රියාත්මක වුණා. එහිදී සිදුවූ අක්‍රමිකතා සහ දූෂණ ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කරුණු සහිතව ඉදිරිපත් කරනු ඇති. ඩොලර් මිලියන 1.5ක වංචාවක් සම්බන්ධයෙන් තවමත් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා.

විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය

අපේ රජය යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක කළා. ඒ නිසයි ගල් අඟුරු සැපයුම්කරුවන් 26 දෙනෙකු ලියාපදිංචි වී ඉන් 11 දෙනෙකු ටෙන්ඩරයට ඉදිරිපත් වුණේ. මේ සඳහා දින 28ක කාලයක් ලබා දුන්නේ ජාතික ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ඇතිවයි. මෙය මෙට්‍රික් ටොන් මිලියන 1.5ක සැපයුමක්. මීට පෙර මෙට්‍රික් ටොන් මිලියන 4.5ක සැපයුමක් සඳහා වසර 3ක ටෙන්ඩරයක් ලබා දීමට ලබා දී තිබුණේ දින 35ක් පමණයි.

මරික්කාර් මන්ත්‍රීවරයා පිරිවිතරයන් වෙනස් කළ බවට පවසන්නේ අමූලික බොරුවක්. 2023 ජූනි 23 වන දින සංශෝධිත කොන්දේසි අනුව, සැපයුම්කරුවෙකු අවසාන මාස හය සඳහා තිබිය යුතු මෙට්‍රික් ටොන් දස ලක්ෂයක (මිලියනයක) ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ පහ දක්වා වෙනස් කළේ අපේ ආණ්ඩුවෙන් නොවෙයි; එය 2023 දී සිදුවූවක්. එම ලක්ෂ පහෙන් ලක්ෂයක් GCB 5900ට වඩා වැඩි විය යුතු බවට වූ කොන්දේසිය වෙනස් කළේද 2023 වසරේදියි. අප කළේ එම පවතින කොන්දේසි මත ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පමණයි.

කාටවත් අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට චෝදනා කළ නොහැකියි. ඇමතිවරයා මැදිහත් වී සමාගමක් ගෙන ආ බව ඔප්පු කළ හැකි නම් එසේ කරන ලෙස මම අභියෝග කරනවා. යම් ප්‍රශ්නයක් තිබුණා නම් ටෙන්ඩරය අවසන් වී දින 10ක් ඇතුළත අභියාචනා කමිටුවට යාමට සැපයුම්කරුවන්ට අවස්ථාව තිබුණා. මන්ද මෙය ඩොලර් මිලියන පහක පමණ විශාල ගනුදෙනුවක්. කලින් සිදුවූයේ කැබිනට් මණ්ඩලය හෝ ඇමතිවරු මැදිහත් වී තමන් කැමති කෙනාට ටෙන්ඩරය නොලැබුණහොත් එය අවලංගු කිරීමයි. නමුත් අප එසේ කළේ නැහැ. අප ප්‍රසම්පාදනය නිවැරදිව කර අඩුම මිල ඉදිරිපත් කළ පාර්ශවය තෝරා ගත්තා.

ඊළඟ ප්‍රශ්නය තත්ත්ව පරීක්ෂණයයි. ලෝඩ් පෝර්ට් රිපෝට් සහ ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් ලබා ගැනීම මෙහි ක්‍රමවේදයයි. 2015-20 කාලයේ ආණ්ඩුව පැවතියේ නම් මෙම ප්‍රශ්නය පැන නගින්නේ නැහැ. මන්ද විපක්ෂ නායකවරයාගේ එම ආණ්ඩුව මුදල් ගෙව්වේ ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් එකට නොව ලෝඩ් පෝර්ට් රිපෝට් එකට පමණයි. 2015-18 කාලයේදී ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් එකක් බලා මුදල් ගෙවූ අවස්ථාවක් පෙන්වන ලෙස මම අභියෝග කරනවා. එවකට සැපයුම්කරු විසින්ම තෝරාගත් ලැබ් එකකින් ලබාදෙන වාර්තාවට පමණක් ගෙවීම් සිදු කළා. ඒ අනුව නම්, දැනට පැමිණ ඇති නැව් 13ටම කිසිදු ප්‍රශ්නයක් නැතිව මුදල් ගෙවිය හැකියි. මන්ද එම නැව් 13ම ලෝඩ් පෝර්ට් රිපෝට් සමත් වී ඇති නිසායි.

ඉදිරි ක්‍රියාමාර්ග 

අතීතයේ ඇමතිකම් කළ අය ගල් අඟුරු බලාගාරයේ දහනය ගැනවත් සැලකුවේ නැහැ. 2019න් පසු එය යම් තරමකට වෙනස් වුවත්, ඩිස්චාර්ජ් රිපෝට් එක සැලකිල්ලට ගැනීමේදී විවිධ අක්‍රමිකතා සිදුවූ බව විගණන වාර්තාවල සඳහන් වෙනවා. අප දැන් ප්‍රතීතනය ලත් පරීක්ෂණාගාර  මගින් ලබාගන්නා වාර්තා දෙකම පරීක්ෂා කරනවා. ලෝඩ් පෝර්ට් රිපෝට් එකේ කිලෝ කැලරි 6250ක් පෙන්වන විට ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් එකේ 5600-5700ක් වාර්තා වන්නේ කෙසේද යන්න අප සොයා බැලිය යුතුයි. ඒ සඳහා අප පිළිතුරු සොයමින් සිටිනවා.

අපට අවශ්‍ය වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තහවුරු කිරීම, තත්ත්ව පරීක්ෂාව සහ සැපයුම සහතික කිරීමයි. මැයි මාසයේ පමණක් නොව, ජූනි ජූලි කාලවලදීත් නැව් පැමිණි අවස්ථා තිබෙනවා. ගල් අඟුරු පිරිවිතරයන්ගේ වෙනස්කම් (Deviation) පවතී නම්, ඒ සඳහා කොන්දේසිවලට අනුකූලව දඩ පැනවීමක් සිදු කරනවා. මේ වන විට ඩොලර් මිලියන 17ක දඩ මුදලක් අය කර ගැනීමට අප කටයුතු කර තිබෙනවා. ඒ හරහා සිදුවන පාඩුව මඟහරවා ගන්නවා.

මේ නිසා ජනතාව මත විදුලි බිල වැඩි වීමක් කිසිසේත්ම සිදු වන්නේ නැහැ. දඩ අය කිරීමේ ක්‍රමවේදය හරහා එම පාඩුව අදාළ සමාගමෙන් අය කර ගැනීමට අප කටයුතු කරනවා. අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන හෝ එය සිදු කරනවා මිස භාණ්ඩාගාර මුදල් ඒ සඳහා වැය කරන්නේ නැහැ. වසර 15ක් පුරා වැරදි කරමින්, දූෂණයට ඉඩ දුන් ක්‍රමවේදය අප නිවැරදි කරමින් සිටිනවා. තරඟකාරී ලංසු කැඳවීම් හරහා වංචාවට ඇති ඉඩකඩ අප අහුරා තිබෙනවා. ජලය අඩු වුවත්, තෙල් මිල ඉහළ ගියත් අප විදුලිය කපන්නේ නැහැ.

හඳට ගිහින් එන්න

ඇමතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කිරීමට ඇතැමුන් උත්සාහ කළත් ඒවා සාර්ථක වන්නේ නැහැ. පසුගිය කාලයේ කන්ටේනර් 323ක් ගැන කළ ප්‍රකාශ දැන් නිහඬයි. ඒවා නිදහස් කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කළේ ජනාධිපතිවරයායි. කෝප් කමිටුවේදී මේවා විගණනය කරන්නැයි ඉල්ලා සිටියේ අපේම මන්ත්‍රීවරුයි.

මෙම විවාදය අවසානයේදී අප වැදගත් තීරණයකට එනවා. එනම් මෙම නැව් 13 පමණක් නොව, 2010 සිට පැමිණි නැව් 462 පිළිබඳවම සෙවීමට බලයලත් පරීක්ෂණ කමිටුවක් පත් කිරීමයි. පරණ වැරදි සොයා නඩු පැවරීමට අප කටයුතු කරනවා. වැරදිකරුවන් ආරක්ෂා කිරීමට අපට අවශ්‍ය නැහැ. අපට ජනවරමක් ලැබී තිබෙන්නේ මේවා නිවැරදි කිරීමටයි. අප එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු දිවයින කර්තෘ අනුර සොලමන්ස් දිවි සැරියෙන් සමුගනී!

Next Post

බාල ගල් අඟුරු නිසා විදුලි බිලෙන් 57%ක් වැඩි වෙන්නේ කොහොමද? – ආචාර්ය හර්ෂ ද සිල්වා ගණන් හිලව් සහිතව හෙළි කරයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.