සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හය වසරකට පෙර අතුරුදන් වූ අඹුසැමි යුවළ ඝාතනය කර කැබලි කර ඇළක වළලා – සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට!

by editor
මාර්තු 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් සමයේදී එනම් මීට වසර හයකට පෙර අතුරුදන් වූ බවට වාර්තා වූ විවාහක අඹුසැමි යුවළකගේ මළ සිරුරු කොටස් ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළක තිබී ඊයේ (24) සොයාගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවූ සුනිල් කුමාරසිංහ සහ කමන්දා  සිල්වා නැමැති අඹුසැමි යුවළකි. මොවුන් 2020 වසරේ සිට අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.

මුල් අවධියේදී සිදුකළ විමර්ශනවලින් කිසිදු තොරතුරක් අනාවරණය නොවූ හෙයින්, වින්දිතයන්ගේ පවුලේ සාමාජිකයන් විසින් මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහය ඉල්ලා සිටින ලදී. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත මෙම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලෝකුහෙට්ටිගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මියගිය යුවළ පදිංචිව සිටි නිවස අසලම පදිංචිව සිටි තවත් අඹුසැමි යුවළකගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පාපොච්චාරණය කර ඇත්තේ අදාළ යුවළ ඝාතනය කර, සිරුරු කැබලිවලට කපා අසල ඇති ඇළක වළ දැමූ බවය. මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකාර අඹුසැමි යුවළ සහ තවත් සහායකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට ද තොරතුරු හෙළි වී තිබේ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත්, මියගිය කාන්තාව සතු රන් මාලය සොරාගෙන සිරුරු කැබලි කර වළ දමා ඇති බවත්ය. විවිධ අවස්ථාවලදී සිරුරු කොටස් මතු වූ විට ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත නැවතත් එම ස්ථානයේම වළ දමා සඟවා ඇති බවද හෙළි වී ඇත.

සැකකරුවන් අපරාධය සිදුකළ ස්ථානයට රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, සොයාගත් සිරුරු කොටස් පිළිබඳව අධිකරණයට වාර්තා කර ඇත. මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

ට්‍රම්පව අන්දවා නෙතන්යාහූ ලෝකය ගිනි තැබූ ආකාරය ඇමරිකානු බුද්ධි ප්‍රධානියෙක් හෙළි කරන හැටි…

Next Post

ගාල්ලේ නිවසක සැඟවී අන්තර්ජාල වංචා කළ වියට්නාම ජාතිකයින් 09ක් කොටු වෙයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.