සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ට්‍රම්පව අන්දවා නෙතන්යාහූ ලෝකය ගිනි තැබූ ආකාරය ඇමරිකානු බුද්ධි ප්‍රධානියෙක් හෙළි කරන හැටි…

by editor
මාර්තු 25, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඇමරිකානු ජාතික ත්‍රස්ත මර්ධන මධ්‍යස්ථානයේ  (NCTC) අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජෝ කෙන්ට්, වර්තමානයේ ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදා දියත් කර ඇති දැවැන්ත යුද මෙහෙයුමට විරෝධය පළ කරමින් 2026 මාර්තු 17 වන දින සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

මැදපෙරදිග කලාපයේ වසර 20කට අධික කාලයක් සක්‍රීය යුද සේවයේ නිරත වූ, අතිශය ගෞරවයට පාත්‍ර වූ හමුදා නිලධාරියෙකු වන ජෝ කෙන්ට්, වත්මන් පරිපාලනයට   මෙලෙස ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කරමින් ඉල්ලා අස්වූ ඉහළම පෙළේ නිලධාරියා බවට පත්ව සිටී.

ඔහු අවධාරණය කරන්නේ මෙම යුද්ධය ඇමරිකානු අවශ්‍යතා මත නොව, බාහිර බලවේගවල මෙහෙයවීම මත සිදුවන්නක් බවය.

Joe-Kent
ජෝ කෙන්ට්

පසුබිම: ඊශ්‍රායලය සුදුසු මොහොත එනතුරු බලා සිටියේ ඇයි?

ඊශ්‍රායලය ඉරානය සමඟ සෘජු යුද්ධයකට එළඹීමට දශක ගණනාවක සිට සුදුසුම මොහොත එනතුරු සිය උපායමාර්ගික ඉවසීම (Strategic Patience) ප්‍රගුණ කරමින් සිටියේය. ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපෑවේය.

පළමුවැන්න, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන “ආපසු හැරවිය නොහැකි” මට්ටමට පැමිණීමය. 2025-2026 කාලය වන විට ඉරානය න්‍යෂ්ටික බලවතෙකු වීම වැළැක්වීමට ඇති අවසන් අවස්ථාව මෙය බව ඊශ්‍රායලය තීරණය කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

දෙවැන්න, ඇමරිකාවේ සෘජු යුද සහාය සහ “සම්පූර්ණ අනුමැතිය” ලබාගැනීමය. මීට පෙර සිටි ඇමරිකානු ජනාධිපතිවරුන් කලාපීය ස්ථාවරත්වය ගැන සිතා පසුබට වුවද, ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ ඔහු කෙරෙහි ඇති පෞද්ගලික බලපෑම භාවිතා කර ඇමරිකානු හමුදාව මෙම යුද්ධයට සෘජුවම සම්බන්ධ කර ගැනීමට ඊශ්‍රායලය මාන බලමින් සිටියේය.

එමෙන්ම, ඉරානයේ “ප්‍රොක්සි” කණ්ඩායම් (හෙස්බුල්ලා, හමාස්) යම් මට්ටමකට දුර්වල වන තෙක් සහ ඉරාන නායකත්වයේ සියලු දෙනා එකම ස්ථානයකට රැස්වන “සුවිශේෂී මොහොතක්” උදාවන තෙක් ඊශ්‍රායල බුද්ධි අංශ (Mossad) වසර ගණනාවක් තිස්සේ  සිටියේ ගණන් බලමිනි.

“මාගේ හෘද සාක්ෂියට එකඟව මට මෙයට සහාය දිය නොහැකියි”

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් කෙන්ට් මෙසේ සඳහන් කළේය:

“ඉරානය තුළ ක්‍රියාත්මක වන මෙම යුද්ධයට මාගේ හෘද සාක්ෂියට එකඟව සහාය දීමට මට නොහැකිය. ඉරානය අපේ දේශයට එරෙහිව කිසිදු ආසන්න තර්ජනයක් එල්ල කර තිබුණේ නැත. පැහැදිලිවම පෙනී යන්නේ අප මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලයේ සහ ඇමරිකාව තුළ සිටින එරට ප්‍රබල බලපෑම් සහගත කණ්ඩායමේ (Lobby)  බලපෑම මත බවය.”

ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ, ඊශ්‍රායලයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ඇමරිකානු මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින බලපෑම් සහගත පුද්ගලයන් එක්ව දියත් කරන ලද “වැරදි තොරතුරු ප්‍රචාරණය කිරීමේ ව්‍යාපාරයක්” (Misinformation Campaign) මගින් ජනාධිපති ට්‍රම්ප්ගේ “ඇමරිකාව ප්‍රථමයෙන්” (America First) යන ප්‍රතිපත්තිය මුළුමනින්ම පරාජයට පත් කර ඇති අයුරුය. මැදපෙරදිග නව යුද්ධවලින් වැළකී සිටින බවට ට්‍රම්ප් ලබා දී තිබූ මැතිවරණ පොරොන්දුව මෙම බලපෑම් හමුවේ බිඳ වැටී ඇති බව ඔහුගේ අදහසය.

ටකර් කාල්සන් සමග කළ සම්මුඛ සාකච්ඡාව

ඉන් අනතුරුව ප්‍රකට මාධ්‍යවේදී ටකර් කාල්සන් සමඟ පැවැති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී  ජෝ  කෙන්ට්  තවදුරටත් කරුණු හෙළි කළේය. එහිදී ඔහු කියා සිටියේ ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානය (NCTC) සතුව තිබූ බුද්ධි තොරතුරු පිරික්සීමේදී ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ආසන්නව සිටි බවට හෝ ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට කිසිදු සාක්ෂියක් නොතිබූ බවය.

පාලන තන්ත්‍රය විසින් පෙන්වා දුන් “ආසන්න තර්ජනය” යන්න ඊශ්‍රායලයේ සැලසුම් පිළිබඳ පූර්ව දැනුම මත පදනම් වූවක් බවත්, ඊශ්‍රායල නිලධාරීන් විසින් සාමාන්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ මාර්ගවලින් බැහැරව මෙම දත්ත ලබා දී ඇති බවත් ඔහු හෙළි කළේය.

ජෝ කෙන්ට්ගේ හෙළිදරව්වට අනුව, මෙම ඉරාන ආක්‍රමණය හුදු රාජ්‍යතාන්ත්‍රික තීන්දුවකට එහා ගිය, පුද්ගල මනෝභාවයන් මත පදනම් වූ භයානක මෙහෙයුමකි. මෙහිදී ඊශ්‍රායල අගමැති නෙතන්යාහු විසින් ජනාධිපති ට්‍රම්ප්ගේ සිත තුළ ඉරානය කෙරෙහි පවතින පෞද්ගලික වෛරය සහ මරණ බිය ඉතා සූක්ෂ්ම ලෙස කළමනාකරණය කර ඇති බව පෙනී ගොස් තිබිණි.

ඊශ්‍රායල ඉතිහාසයේ වසර 18කට වැඩි කාලයක් වැඩිම කලක් බලය හෙබවූ නායකයා ලෙස බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකටව සිටින්නේ ඕනෑම අර්බුදයක් හමුවේ නොසැලී සිටීමේ සූක්ෂම හැකියාව නිසාවෙනි. දේශපාලන විචාරකයන් ඔහුව “මායාකරුවා” (The Magician) ලෙස හඳුන්වන්නේ තමාට එල්ල වන දේශපාලන හෝ නීතිමය තර්ජන හමුවේ, මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා අතිශය සංවේදී “බාහිර සතුරෙකු” නිර්මාණය කිරීමට ඔහු සතු අසමසම දක්ෂතාවය නිසාය.

නෙතන්යාහු විසින් ට්‍රම්ප්ව මෙහෙයවනු ලැබුවේ මෙම සූක්ෂම උපායමාර්ගයේම දිගුවක් ලෙසිනි. ට්‍රම්ප් වැනි අභිමානය සහ පෞද්ගලික ප්‍රතිරූපය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන නායකයෙකුගේ මනෝභාවය හඳුනාගත් නෙතන්යාහු, ඉරාන තර්ජනය හුදු රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක සිට “ට්‍රම්ප්ගේ පෞද්ගලික පැවැත්මට ඇති තර්ජනයක්” දක්වා පරිවර්තනය කිරීමට සමත් විය.

ඔහු ට්‍රම්ප් තුළ “මරණ බිය” සහ “ඓතිහාසික වීරයෙකු වීමේ අභිලාෂය” යන ප්‍රතිවිරුද්ධ හැඟීම් දෙකම එකවර උද්දීපනය කළේය. එක් අතකින් ඉරානය විසින ඔහුව  ඝාතන කුමන්ත්‍රණ පිළිබඳ බිය වපුරමින්   ට්‍රම්ප්ව තැතිගැන්මට ලක් කළ ඔහු, අනෙක් අතින් කමේනි විනාශ කිරීම හරහා ට්‍රම්ප්ට “ලෝකය බේරාගත් මහා නායකයා” වීමේ සිහිනය පෙන්වා දුන්නේය.

මෙලෙස දශක ගණනාවක දේශපාලන අත්දැකීම් සහිත නෙතන්යාහු, ට්‍රම්ප්ගේ පෞද්ගලික දුර්වලතාවන් සිය අභිමතය පරිදි මෙහෙයවමින්, ඇමරිකානු ජනාධිපතිවරයාව තමන්ට අවශ්‍ය යුදමය ඉලක්කය වෙත ඉතා සූක්ෂම ලෙස ගෙන යාමට සමත් වී ඇති ආකාරය කෙන්ට් පෙන්වා දෙන්නේය. එක් මහලු මිනිසෙකුගේ පෞද්ගලික තැතිගැන්ම සහ වෛරයත් අනෙක් මහළු මිනිසාගේ බලය සම්බන්ධව ඇති උමතු ලෝභයත්  ලෝක ව්‍යසනයක් කරා මෙලෙස පාර කපා ඇති ආකාරය දැන් හෙළිදරවු වෙමින් තිබේ.

නෙතන්යාහු – ට්‍රම්ප් රහසිගත දුරකථන සංවාදය සහ රොයිටර් හෙළිදරව්ව

2026 මාර්තු 23 දින රොයිටර් පුවත් සේවය විසින් ප්‍රසිද්ධ කරන ලද ගවේෂණාත්මක වාර්තාවක් මගින් මෙම යුද තීරණය ගත් ආකාරය පිළිබඳව තීරණාත්මක තොරතුරු අනාවරණය කර ඇත.

2026 පෙබරවාරි 28 වන දින ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ආරම්භ වීමට පැය 48කටත් අඩු කාලයකදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

ලැබී ඇති බුද්ධි තොරතුරුවලට අනුව, ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ ප්‍රධාන සගයන් ටෙහෙරානයේ පිහිටි ආරක්ෂිත සංකීර්ණයකට රැස්වන බව දෙරටේම නායකයන් දැන සිට ඇත. නෙතන්යාහුගේ තර්කය වූයේ ඉරාන නායකත්වය විනාශ කිරීම සඳහා (Decapitation Strike) ලැබෙන හොඳම අවස්ථාව මෙය බවයි. මෙය ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමටත්, අතීතයේ ට්‍රම්ප්ට එරෙහිව ඉරානය කළ බව කියන කුමන්ත්‍රණවලට පිළිතුරු දීමටත් ලැබුණු අවස්ථාවක් ලෙස නෙතන්යාහු පෙන්වා දී ඇත.

රොයිටර් වාර්තාවට අනුව  අවසානයේ නෙතන්යාහුගේ මෙම “අවසන් තර්කය” (Closing Argument) හමුවේ ට්‍රම්ප් ප්‍රහාරයට අනුමැතිය ලබා දී ඇත.

පෙබරවාරි 28 වන දින එල්ල වූ එම ප්‍රහාරවලින් අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මියගිය බව පසුව තහවුරු විය.

ට්‍රම්ප්ගේ සමීපතමයා වූ චාලි කර්ක් ඝාතනයේ දේශපාලන කුමන්ත්‍රණය

ජෝ කෙන්ට් මෙම ඉල්ලා අස්වීමත් සමඟ සිදුකළ වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය වන්නේ, 2025 වසරේදී සිදුවූ ප්‍රකට දේශපාලන ක්‍රියාකාරික චාලි කර්ක්ගේ (Charlie Kirk) ඝාතනය පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට එල්ල වී ඇති බාධා පිළිබඳවයි. චාලි කර්ක් යනු හුදු දේශපාලන ක්‍රියාකාරිකයෙකු පමණක් නොව, ට්‍රම්ප්ගේ “ඇමරිකාව ප්‍රථමයෙන්” (America First) ප්‍රතිපත්තිය තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීමේ ප්‍රධානතම මෙහෙයවන්නා මෙන්ම ට්‍රම්ප්ගේ අතිශය සමීපතම උපදේශකයෙකු ද විය.

ඔහු ඝාතනය කිරීමට ප්‍රධානතම හේතුව ලෙස සැක කෙරෙන්නේ, ඇමරිකාව මැදපෙරදිග අනවශ්‍ය යුද්ධවලට මැදිහත් වීමට එරෙහිව ඔහු ගෙන ගිය ප්‍රබල මතවාදී සටනයි. විශේෂයෙන්ම, ඊශ්‍රායලයේ බලපෑම් මත ඇමරිකාව ඉරානය සමඟ යුද්ධයකට අවතීර්ණ වීමට එරෙහිව ඔහු ට්‍රම්ප් පරිපාලනය තුළ දැඩි ස්ථාවරයක සිටිමින් බලපෑම් කළ බව පැවසේ. කෙන්ට් ඉඟි කරන පරිදි, කර්ක්ගේ මෙම යුද විරෝධී ස්ථාවරය, යුද්ධයෙන් වාසි ලබන විදේශීය බලවේගවලට සහ ඔවුන්ගේ ප්‍රබල දේශපාලන අරමුදල් සපයන්නන්ට (Donors) විශාල බාධාවක්ව තිබුණි. එබැවින් මෙම ඝාතනය හුදු අපරාධයක් නොව, ට්‍රම්ප්ගේ සමීපතම විශ්වාසවන්තයා ඉවත් කිරීම මගින් ඔහු යුදමය තීරණ වෙත තල්ලු කිරීමේ මහා පරිමාණ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට බරපතල සැකයක් මතු වේ.

පාලන තන්ත්‍රයේ ඇතැම් පාර්ශවයන්ගෙන් මෙම පරීක්ෂණ සඳහා දැඩි බාධා එල්ල වී ඇති බවත්, ඉරාන යුද්ධය සඳහා පදනම සකස් කළ බලවේගයන්ම මෙම ඝාතන පරීක්ෂණයේ මාවත වෙනස් කිරීමට හෝ එහි සැබෑ සුලමුල වසන් කිරීමට උත්සාහ දරන බවත් කෙන්ට් පෙන්වා දෙයි.

කෙන්ට්ගේ ස්ථාවරය සහ පාලන තන්ත්‍රයේ ප්‍රතිචාරය

ජෝ කෙන්ට් මෙම තීරණයට එරෙහි වන්නේ ඔහු සතු පෞද්ගලික අත්දැකීම් ද පදනම් කරගනිමිනි. 2019 වසරේදී ඔහුගේ ප්‍රථම බිරිඳ අයිසිස් (ISIS) ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදිමින් සිටියදී මියගිය අතර, ඔහු පවසන්නේ තමන් කිසිසේත්ම “ඊශ්‍රායලය විසින් නිෂ්පාදනය කරන ලද යුද්ධයකට” සහාය නොදක්වන බවය. පාලන තන්ත්‍රය තුළ සිටින විසම්මුතිකයන්  බුද්ධි අංශ හඬවල් යටපත් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත්, සීඅයිඒ (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් ඇතුළු රජයේ ප්‍රධානීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් පවසන්නේ ඇමරිකාව මෙම ප්‍රහාර දියත් කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ මිසයිල තර්ජනය මර්දනය කිරීමට මිස ඊශ්‍රායලයේ බලපෑම මත නොවන බවය.

එමෙන්ම කෙන්ට් භාවිතා කළ “ප්‍රබල ඇමරිකානු ලොබිය හෙවත් බලපෑම් කණ්ඩායම ” යන වචන මාලාව යුදෙව් විරෝධී ස්වරූපයක් ගන්නා බවට ද විවේචන එල්ල වී තිබේ.

ලෝකය ඉදිරියේ හෙළි වූ නිරුවත

ජෝ කෙන්ට්ගේ ඉල්ලා අස්වීම සහ රොයිටර් පුවත් සේවයේ හෙළිදරව්ව මගින් ඇමරිකානු රජයේ ඉහළම මට්ටමේ තීරණ ගන්නා ආකාරය පිළිබඳව දුර්ලභ තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

තවමත් ඉරානයෙන් එල්ල වීමට තිබූ “ආසන්න තර්ජනය” පිළිබඳ බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කර නැත . 2003 ඉරාක යුද්ධය සඳහා “මහා විනාශකාරී ආයුධ” (WMD) පිළිබඳ බොරු සාක්ෂි ගොනු කළ ආකාරයටත් වඩා දරුණු සහ සූක්ෂ්ම ක්‍රියාවලියක් මෙවර සිදුව ඇති බව ස්වාධීන බුද්ධි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඉරාක යුද්ධයේදී බුද්ධි තොරතුරු පිරිමදිනු ලැබුවේ “ප්‍රතිපත්තිමය අවශ්‍යතාවක්” මත වුවද, මෙවර ඉරාන ආක්‍රමණයේදී සිදුව ඇත්තේ ඊශ්‍රායල බුද්ධි අංශ විසින් සපයන ලද, සත්‍යාපනය නොකළ තොරතුරු සෘජුවම ජනාධිපතිවරයාගේ පෞද්ගලික තීරණ පද්ධතියට කාන්දු කිරීමය. ජෝ කෙන්ට් අවධාරණය කරන පරිදි, සාමාන්‍යයෙන් බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරන NCTC වැනි ආයතන මගහැර, ඊශ්‍රායල නිලධාරීන් සෘජුවම ට්‍රම්ප්ගේ “මරණ බිය” සහ “පළිගැනීමේ චේතනාව” අවුස්සන ආකාරයේ දත්ත ඉදිරිපත් කර ඇත. මෙය ඉරාක ආක්‍රමණයට වඩා භයානක වන්නේ, මෙහිදී තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික පදනමක සිට නොව, නායකයෙකුගේ පෞද්ගලික දුර්වලතා සහ වෛරය දේශපාලන මෙවලමක් ලෙස අවභාවිත කරමිනි.

කෙන්ට් පෙන්වා දෙන්නේ ඉතිහාසය නැවතත් පුනරුච්ඡාරණය වන බවය.   මෙවරද එය ඇමරිකානු ජාතික ආරක්ෂාවට වඩා බාහිර අවශ්‍යතා මත පදනම් වූ “නිර්මාණය කළ යුද්ධයක්” (Manufactured War) බවත්ය. මේ ව්‍යසනයෙන් ඇමරිකානුවන් පමණක් නොව සමස්ථ ලෝකයම ගලවා ගැනීමේ ප්‍රවේශය සඳහා ඇමරිකාවට තවමත් කාලය ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

එහෙත් ගැටලුව වන්නේ මේ වියපත් මිනිසුන් ඊට සූදානම් ද යන්නය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය වාර්තාගත ලෙස පහත වැටෙයි: දෙවන වාරයේ දරුණුතම පසුබෑම රොයිටර් සමීක්ෂණයකින් හෙළි වෙයි!

Next Post

හය වසරකට පෙර අතුරුදන් වූ අඹුසැමි යුවළ ඝාතනය කර කැබලි කර ඇළක වළලා – සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.