සංචාරක වීසා මත මෙරටට පැමිණ අන්තර්ජාලය හරහා විවිධ මූල්‍ය වංචාවල නිරත වූ වියට්නාම ජාතිකයන් නව දෙනෙකු (09) අඟහරුවාදා (24) අත්අඩංගුවට ගෙන තිබේ.
බූස්ස යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ගාල්ල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ පොද්දල පොලිස් බලප්‍රදේශයට අයත් ගොඩකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසකදීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබූ එක් පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන 84ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන සඳහා පොද්දල පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් අද (25) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.







