සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ ඕමානයේ සිට අද (30) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය. විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු මෙරටට රැගෙන එනු ලැබුවේ ඕමානයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
මිනීමැරුම්, මංකොල්ලකෑම්, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතළ ගණයේ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම නඩු පවරා ඇති අයෙකි. මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට ආරක්ෂක අංශ මගින් මීට පෙර ජාත්‍යන්තර රතු නිවේදන (Red Notice) ද නිකුත් කර තිබුණි.
ඕමානයේ සුපිරි හෝටලයක සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට ගත් මොහු මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මස්කට් නුවර බලා පිටත්ව ගොස් තිබුණි. ඒ අනුව අද අලුයම 04.27 ට සලාම් එයාර් ගුවන් සේවයට අයත් ඕ.වී. 437 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.
ගුවන්තොටුපොළේදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා ඔහුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.
මේ ලිපියත් කියවන්න…
ඕමානයේදී කොටු වූ ප්‍රභාත් මදුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ අද දිවයිනට!







