බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘රැජිණියේ’ සිනමාපටය පවුලට හොරා රූගත කිරීම් අරඹයි – සමනලී ෆොන්සේකා ඇතුළු මාලනියගේ පවුලෙන් දැඩි විරෝධයක්!

by editor
ජූනි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘රැජිණියේ’ සිනමාපටයේ රූගත කිරීම්, ඇගේ පවුලේ සාමාජිකයන්ගේ කිසිදු එකඟතාවයකින් හෝ දැනුවත් කිරීමකින් තොරව අත්තනෝමතික සහ සදාචාර විරෝධී ලෙස ආරම්භ කර ඇති බව පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා සිය ෆේස් බුක් ගිනුමේ ප්‍රකාශයක්  නිකුත් කරමින් කියා සිටියි.

ඇය පෙන්වා දෙන්නේ මාලිනී ෆොන්සේකා වැනි ප්‍රබල සහ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ ජීවිතය, ඇගේ අභාවයෙන් වසරක් ගතවීමටත් මත්තෙන් මෙලෙස සුළු පිරිසකගේ පටු වාණිජ පරමාර්ථ උදෙසා අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්‍රයේම ආචාර ධර්මයන්ට පටහැනි බවය.

මෙම සිනමාපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ජයන්ත ධර්මදාස විසිනි. මාලිනී ෆොන්සේකා අසනීප වූ අවස්ථාවලදී සහ ඇගේ අවසාන කාලයේදී ඔහු දැක්වූ ආදරය හා කළ උපකාර පිළිබඳව පවුලේ කෘතඥතාව හිමිවන නමුත්, චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඊට හාත්පසින්ම වෙනස් වෘත්තීයමය කාරණාවක් බව සමනලී ෆොන්සේකා අවධාරණය කරයි.

ඇය සඳහන් කරන පරිදි, මෙම සිනමාපටය පිළිබඳව මුලින්ම දැනගන්නට ලැබීමෙන් පසු පවුලේ වැඩිහිටියෙකු වන දමයන්ති ෆොන්සේකා 2026 පෙබරවාරි 09 වන දින ජයන්ත ධර්මදාස හමුවී සාකච්ඡා කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත්, ඉදිරියේදී පවුලේ අය සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවත්ය. මාලිනී ෆොන්සේකාගේ කීර්තිනාමයට හානියක් නොවිය යුතු බැවින් ඊට පෙර එහි තිරපිටපත (Script) පවුලේ අයට ලබා දිය යුතු බව එහිදී දමයන්ති ෆොන්සේකා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, පවුලේ කිසිදු වැඩිමහල් සාමාජිකයෙකුට දැනුම් දීමකින් තොරව 2026 අප්‍රේල් 2 වන දින ‘රැජිණියේ’ චිත්‍රපටය නිල වශයෙන් ජනගත කර ඇති බව පවුලේ සාමාජිකයන් දැක ඇත්තේ ෆේස්බුක් මාධ්‍යය හරහාය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

පසුව මෙහි පිටපත් රචක සුනෙත් මාලිංග දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, මෙය දුරකථනයෙන් නිමකළ නොහැකි බැවින් පවුලේ සැම සමඟ නිල සාකච්ඡාවක් අවශ්‍ය බව සමනලී ෆොන්සේකා දන්වා ඇතත් ඉන්පසු කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

දමයන්ති ෆොන්සේකා විසින් යොමුකළ ලිපියකට අනුව මැයි 2 වන දින සුනෙත් මාලිංග ඇය හමුවී ඇති අතර, එහිදීද වාචික ප්‍රකාශ වෙනුවට ලිඛිත තිරපිටපත ඉල්ලා ඇත. එහිදී මැයි 20 වන දිනට පෙර තිරපිටපත ලබා දෙන බවට ජයන්ත ධර්මදාස සහ සුනෙත් මාලිංග පොරොන්දු වුවද, එම පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙතෙක් කිසිදු පිටපතක් ලබා දී නොමැති බව සමනලී ෆොන්සේකා පවසයි.

මැයි 23, ජූනි 6 යන දිනවල යොමුකළ වට්ස්ඇප් පණිවිඩවලට මෙන්ම ජූනි 23 වන දින ලියාපදිංචි තැපෑලෙන් යැවූ අවසාන ලිපියටද චිත්‍රපට කණ්ඩායමෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

මාලිනී ෆොන්සේකාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැම මුළුමනින්ම නොසලකා හරිමින්, මාලිනී ෆොන්සේකා යන නාමය ප්‍රචාරණ කටයුතු සඳහා බාල ලෙස භාවිත කරමින් අද දින අත්තනෝමතික ලෙස රූගත කිරීම් ආරම්භ කර ඇති බවත්, පවුලේ සාමාජිකයන් ලෙස මෙම වංචනික ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවත් සමනලී ෆොන්සේකා සිය ෆේස් බුක් සටහන මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

පහත දැක්වෙන්නේ සමනලී ගේ ෆේස් බුක් නිවේදනයයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

Next Post

IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.